3/7/12
දල්වාලමු අපි එක ඉටි පහනක්
අම්මාගේ ආදරය නැති ලෝකයක්, සොයුරියකගේ දඟකාර කම් වලින් තොර සැහැල්ලුවක්, බිරිඳකගේ පෙම්වතියකගේ අගයකිරීම් වලින් තොර අනාගතයක්, දියණියකගේ සුරතල් වදන් නැති නිවසක් හා අත්තම්මා නොකියූ කතන්දරයක් තුළ මිහිරක් තිබේදැයි,සිතිය නොහැක. මැවුම්කරුවා ගේ සොඳුරුතම නිර්මාණය ගැහැණිය වන්නේ ඒ නිසා නොවේද? කාන්තාවක් මේ කුමන භූමිකාවක සිටියද,ඇය සතුව ඇති මව්වත් තම් ලෝකයට ප්‍රදානය කරන්නේ බොහෝවිට කඳුලම පමණක් උරුම කරගනිමිනි.
Wedu mavatath by Neranji Ekanayake
නීලා වික්‍රමසිංහ මහත්මිය
ඔබ ඉදිරියේ සිනාසෙන බොහෝ කාන්තා චරිත හදවත යටින් හඬා වැටෙයි. සමහරු එළිපිට හඬා තම කඳුල් ලාබ කර ගන්නා උන්ය. පිරිමියාට වඩා සමස්තයක් ලෙස ශරීරයෙන් දුර්වල ගැහැණිය, සැබවින්ම පිරිමියාට වඩා මානසික ශක්තියෙන් පොළව සේ දරා හිඳින්නීය. මම අද ගැහැණු ගැන කතා කරන්නේ මට තිබෙන්නේ ස්ත්‍රි ලිංගයක් නිසාම නොව මාර්තු 8 ලෝක කාන්තා දිනය යැයි නම් කර ඇති හෙයිනි.
එක්සත් ජාතීන් විසින් යම් කිසි වර්ගීකරණයක් උදෙසා දිනයක් නම් කරන්නේ එම කොට්ඨාසය යම් ගැටළුවක් සඳහා හෝ යම් අසාධාරණයක් සඳහා මුහුණ පා ඇත්නම් පමණි. ලෝක කාන්තා දිනය මාර්තු 8 ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ ගැහැණියට යම් අසාධාරණයක් සිදුවන වගය. රැකියා අතින් ,සමාජමය අතින්, සංස්කෘතිය අතින් ,පවුල අතින් තවමත් ඇයට යම් අසාධාරණයක් සිදුවේ.
Dalvalamu api by Neranji Ekanayake
පුෂ්පා රම්ලනී මහත්මිය රචිත සමූහ ගායනයකි. (කාන්තා ගීතය)
බසයක ගමන් කරද්දී පිරිමියෙක් ගේ ජැක් ගැසීමකට හසු නොවූ තරුණියක් මේ රටේ ඇතැයි මම නොසිතමි. සිරුරෙන් පමණක් නොව මානසිකවද අද වන විට සිදුවන ලිංගික හිංසන අති බහුලයි. ගැහැණු දරුවෙක් වීම නිසාම විනාස වන කලල කොතරම් ද කියා ඔබ නොදන්නවා ඇත.
මිශ්‍ර පාසලකදි ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණි පසු ගුරුවරුන්ගේ සොයා නොබලා කරන සමහර හැසිරීම් නිසා ඒ දරුවන් නැවත පාසලට යන්නෙ අධික ලැජ්ජාවෙන් ය. පාසල ඇතුළත දී ම ඇයව සුදු රෙදි වලින් වහගෙන, අමුතු සතෙක් වගේ එක්කරන් ගිහින් මේ කරන මනස්ගාත ගැහැණු දරුවෙක් ගෙ හදවතට මහ හුඟක් බලපානවා. පූජා භාණ්ඩ වගේ එන එන නෑයන්ව පිළි අරගන්නට ,අපේ කෙල්ලට දරුවෙක් වදන්න පුළුවන් කිය කියා ලෝකෙට අඬබෙර ගහන අරක්කු පාටි ඒ ගැහැණු දරුවාට ගෙන ආ හැඟීම ඔබට හිතන්නවත් පුළුවන්ද?
මුස්ලිම් ආගම් වල කාන්තාවන්ට වන හිංසන කොයිතරම්ද? ගෙයක් ඇතුළත බොහෝ ගැහැණු කොයි තරම් දුක් විඳීනවාද? ඇයට මිය යනතුරුම නිවනක් නෑ.
ආදරය නිසා දුක් විඳින්නෙත් ගැහැණු, පිරිමියා දාලා ගියත්,දික්කසාද කළත්,දරුවෙක් නොලැබුණත් දුක් විඳින්නෙ ගැහැණිය. පවුලට මුලින්ම දුවෙක් ඉපදෙන්නෙ වාසනාවට කියලා කීවාට, ඒක බොහෝ විට ඇගේ අවාසනාවට.මේවා ගැන ගොඩක් දුර විග්‍රහ කරන්න පුළුවන්.
ඒත් අපේ රටේ අනික් රට වලට සාපේක්ෂව ගැහැණියට ගරු කරන රටක්.හුඟක් ගරු කරන රටක්. ඒ ගැන මඟක් ආඩම්බර වෙමින් අපි ගැහැණියට තවත් ආදරය කරමු.ගැහැණු නිසා දුකට පත් පිරිමි අයත් ලෝකයේ කොතෙකුත් සිටින වගද අමතක කළ යුතු නොවේ. කෙසේ නමුත් කාන්තාව යනු ලොවටම පහනකි.
Kele mal pipi by Neranji Ekanayake
සුනිල් එදිරිසිංහ මහතා ගයන ලදි
Subscribe to:
Post Comments (Atom)
perfect workkk
ReplyDeleteස්තූතියි
Deleteමම මේ දවස් වල කියවන්නේ Forbidden love .
ReplyDeleteඔය මුස්ලිම් සමාජය ගැන ඔයා කියලා තියන දේවල් ගැන උදාහරණ එක්කම පොතේ තියනවා..කියවලා බලන්න
මම කියෙව්වා ඩීප්ස්.. ඒවා විග්‍රහයට නම් සෑහෙන්න වෙලා යයි.
Deletence
Deleteගොඩක් ස්තූතියි
Deleteඇත්ත.ඕන් සඳකිඳුරත් මනාපයි මේ කියපු දේවල් වලට.ගැහැනුන් නිසා අඬන පිරිමින් සිටී.නමුත් ඊට වඩා පිරිමින් නිසා අඬන ගැහැනුන් ඇත.නමුත් බොහෝමයක් වැරදි වන්නේ දෙපසෙම කරුණු කාරනා නිසා.ජැක් ගැහිල්ලත් ඒ වගේ.මං කවදාවත් හිතල කරල නැති වුවත් බලෙන් එසේ වනවා නම් එය නැවතීමට උත්සහ ගත්තද තව තවත් අනිත් පාර්ෂවය ඒ සඳහාම පෙළඹී තිබෙන වාර අනන්තව මම අත්විඳ ඇත.ගැහැණියෙක් වරදක් වන තැන කෑගැසුවද පිරිමියෙක්ට එසේ කල නොහැක.හයියෙන් බැන්නොත් එයද ස්ත්‍රී හිංසනයක් යැයි අපිට නොමිලේම අසා ගැනීමට වනු ඇත.ස්ත්‍රී වුවත් පුරුෂ වුවත් දරුවෙකුගේ ඉපදීමේ අයිතිය නැතිකිරීම නම් හෙලා දැකිය යුතුමය.පිරිමි පාසලක හිටපු නිසා වැඩිවියට පත්වීම් ගැන නම් දන්නෙ පොත්පත් වල කියවපු තරමින් සහ ගැහැනු ලමුන්ගෙන්ම අසා දැනගත් තරමින් පමනයි.ඇත්තටම කවුරු කොයිවිදිහට බැන්නත් තාමත් මේ රට රත්තරං.අවසානයේ මගේ මතය නම් පිරිමින්ද හිංසනයට ලක්වේ.නමුත් ගැහැනුන් ඊට වඩා අතිෂය වැඩි ප්‍රතිශතයකින් හිංසනයට පත්වේ.මේ දෙකම හැකි පමනින් නැවතුනහොත් හුදෙක් මිනිස් පරපුරටම හොඳයි.පෘථක්ජන බව හැබෑය.නමුත් මිනිසා ශිෂ්ඨ සම්පන්නද වියයුතුය යන්නයි
ReplyDeleteඅනිවාර්යයෙන් ම සඳා
Deleteඅද කාන්තා දිනය නේද?
ReplyDeleteමං ඒත් බැලුවා මොකෝ මෙ කියලා..
--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ගොඩක් ස්තූතියි..මම බලන්නම්
Deleteමම ඔබ තුමියගේ අදහසක් මගේ fb page එකේ source සඳහන් කරමින් පළ කරා. අහිතක් නෑ නේද?
ReplyDeleteදිනේෂ්(Admin of ලොවෙත් නෑ)
Link►
http://www.facebook.com/photo.php?fbid=309062192490152&set=a.228141770582195.58780.228131663916539&type=1&ref=nf
කමක් නෑ....හොඳ වැඩක්
Deleteමමත් හරිම ආස ගීතයක් දල්වාලමු ගීතය.කාලයක් හෙව්වත් හම්බ වුනේ නෑ.ස්තූතියි නෙරංජි.
ReplyDeleteසුභ කාන්තා දිනයක් වේවා.. :D
මම හොයාගත්තානෙ
Deleteනියම සටහනක් අක්කෝ
ReplyDeleteසුබ කාන්තා දිනයක් වේවා!
එහෙමද? ඔබටත් එසේම වේවා
Deleteගොඩක් ඇත්ත කතාවක් ලියල තියෙන්නෙ.. ඒත් ඉතින් එක කණගාටුවකට තියෙන්නෙ ඔය දේවල් හැමෝටම මතක් වෙන්නෙ අවුරුද්දෙ දවස් 365න්ම එක දවසක් විතරක් වීමයි.. (මම කීවෙ කාන්තා දිනයම විතරක් නෙවෙ. වැඩිහිටි දින,ගුරු දින, ළමා දින, ලේ දන්දෙන දින හැම එකම) අනිත් දවස් වලට ඒ සමරණ අය මතකවත් නෑ.
ReplyDeleteසතුටු වෙන්නත් තියෙන්නෙ ඉතින් ඒකම තමා.. මොකද ඉතින් 365න් එක දවසක් හරි මතක් වීම..
කොහොම උනත් හොඳ දෙයක් ලියල තියෙන්නෙ...
සුබ කාන්තා දිනයක්
සුබ කාන්තා දිනයක්
Deleteකියෙව්වෙත් නෑ කමෙන්ට් කලෙත් නෑ. දැක්කෙත් නෑ ! මේ පැත්තේ ආවෙත් නෑ.
ReplyDeleteමොකක්?
Deleteඅපේ දිනේ කවදද? අපේ දිනය තාමයි........ මේ දිනේ හැර අනෙක් හැම දිනයක්ම
ReplyDeleteමේ දිනෙත් දැන් ඔයාලාගෙම වෙලා
Deleteමම මගෙ අම්මටයි තාත්තටයි පින් දෙනවා..මොකද "පූජා භාණ්ඩ වගේ එන එන නෑයන්ව පිළි අරගන්නට " මට සිද්ද උනේ නැහැ..මොකද මගේ අම්මයි තාත්තයි මෝඩ උනේ නැහැ "අපේ කෙල්ලට දරුවෙක් වදන්න පුළුවන් කිය කියා ලෝකෙට අඬබෙර ගහන අරක්කු පාටි" දාන්ඩ තරම්.ඈත අතීතයේ කොටහලු මංගල්ලයක් පැවැත්තුවෙ දීග යන්න සුදුසු ගෑනු ළමයෙක් ගෙදර ඉන්නවා කියන එක පළාතටම කියන්න තමයි.මොකද ඒ කාළෙ දෙමව්පියන්ට ඕනෙ උනේ තමන්ගෙ දුවව ඉක්මනට විවාහ කරලා දෙන්න.බොහෝ දුරට කොටහලු මංගල්ලයක් පැවැත්තුවට පස්සෙ එන මංගල යෝජනා වලින් තමයි ඈත අතීතයේ ගැහැණු ළමයිව විවාහ කරලා දුන්නෙ.ඒත් ඉතින් අද කාළෙ දෙමව්පියො කරන මේ ගොන් වැඩ වලින් සිද්ද වෙන්නෙ තමන්ගෙ දූවරු තමන්ම අමාරුවෙ දැමීමක් තමයි කියල මට හිතෙන්නෙ.
ReplyDeleteඒක ඇත්ත.අද වෙන කොට කොළඹ ඒක ගොඩක් අඩුයි.මමත් හැඳුණෙ කොළඹ නිසා ඒ අවුල ආවෙ නෑ.නමුත් මේක මගේ යෙහෙළියො බහුතරයකගෙ වගේම,අපේ අල්ලපු ගෙදර නංගි පවා වින්ද අත්දැකීමක්.මේ සිරිත් දැන් සමාජයෙන් නැතිවෙන්න ඕනෙ
Deleteඇත්ත තමයි. ඒත් මේ දේවල් එක දවසකට සීමා නොවී හැමදාමත් මතකයේ තියාගන්න පුළුවන් නම් ලෝකය ලස්සන තැනක් වේවි!
ReplyDeleteඅනිවාර්යයයෙන්ම ලහිරු
Delete