3/10/12
හදිසියෙන් පුංචි ලියුමක්- රසිකයන්ට පමණයි.
තාරක අයියා මට ලැප්ටොප් එක පරිත්‍යාග කළාට පස්සෙ මම වත් පොතට යන එක හුඟක් ම අඩු වුණා. ඒකත් එක්කම අනික් එක තමා එයා ගෙනත් නිවසේ හයි කළ අලුත්ම අලුත් වයර් නැති රවුටරේ. මම ලැප්ටොප් එක ගෙදර කොතන දැම්මාත් දැන් ඒකට ඉන්ටනෙට් එනවා.ඩෙස්ක්ටොප් එකයි ලැප්ටොප් එකයි දෙකම දැන් එකම කනෙක්ෂන් එකෙන් වැඩ කළත් ඉන්නෙ මම විතරක් නිසා වැඩි ප්‍රමාද වීමක් නෑ. දැන් මම නිතරම බ්ලොග් ලියනවා කියලා මට හිතෙනවා. ඉස්සරට වඩා ආසාවෙන් ලියනවා කියලාත් හිතෙනවා.
ඔයාලා දන්නවානෙ මම ලියන වග ගෙදර අය දන්නෙ නෑ. ලියන ලියන හැමදේම ඒ අයට පෙන්වන්න මම ටිකක් ලැජ්ජයි. ඒ අය හැම දේටම හේතු අහනවා. මම බ්ලොග් එක පෙන්වන්න වැඩියෙන්ම කැමති තාරක ට. එයා කවදාවත් මගෙන් හේතු අහන්නෙ නෑ. මොකද හැම දේකට ම හේතු නැති වග එයා දන්නවා. දැන් මගෙ හීන වලට එයත් ටිකක් පුරුදු වෙලා. ඒ ගැන මට හරි සතුටුයි. ඉතින් කොහොම හරි මට කියන්න ඕනෙ වුණේ එයාගෙ ආදරෙයි, අනික් කරුණුයි එක්ක බ්ලොග් ලිවීම වැඩි වුණා.
අනික දැන් මට ඉස්සරට වඩා ලියන්න බොහෝ දේ තියෙනවා. මට තිබ්බ සහෝදර හීනය දැන් නැත්තටම නැති වෙලා. නැති දෙයක් ගැන ආසා නොකර තියෙන දේවල් වලට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනෙ. මම ඒක ඇත්තටම ඉගෙන ගත්ත දෙයක්.
ඇත්තටම ජීවිතේට තව දුරටත් මට අත්දැකීම් නම් ඕන කරන්නෙ නෑ. අත්දැකීම් කියන්නෙ ජීවිතේ වරදගත්ත තැන් වලට. අපි පාස් වුණ විභාග වලට කවදාවත් කියන්නෙ නැහැනෙ ඒක හොඳ අත්දැකීමක් කියලා. කොටින්ම අපි යමක් කරන්න ගිහින් ෆේල් වුණාම අනික් අයට අපි ට රිදුණෙ නැහැ කියලා පෙන්වන්න කරන තකතීරු කතාවක් තමයි ඒක.
අද මම මේ ලිපිය ලියන්න උත්සාහ කළේ ඇත්තටම මේ දේවල් ගැන ම ලියන්න නෙවී. අනාගතේ මම මොන මොන දේ ලියයිද කියලා මගේ සීමිත බ්ලොග් රසිකයන්ට දැනුම් දෙන්න. දහයක පහළවක ලොකු කියවන්නන් පිරිසක් ඉන්න නිසා ඇත්තටම මම ඉන්නෙ සතුටින්.
මම කමෙන්ට් සීය දෙසීය කවදාවත් හිතුවෙ නැති ඉලක්ක. ඒ ඉලක්ක වලට යන්න ඇත්තටම මට ඕනෙත් නෑ. මම කියන්නෙ නෑත ඒ ඉලක්ක වලට ගිය අය එහෙම උවමනාවෙන් ගියා කියලාත්. ඒ අයට එහෙම කමෙන්ට් ලැබෙන්නෙ තම තමන්ගෙ හැකියාව මත. මට කොයින්ද එාහම එකක්. මම ලියන විදිහ හා මගේ හැකියාව අනුව මට මේ ඉහටත් උඩින්.
වට පිට නොගිහින් මම ආයෙ කතාවට එන්නම්කො. මම සිංහල ගැන ලිව්ව ලිපි හෝඩියෙන් මඳකට නතර කළත්, ඉස්සරහට සිංහල ගැන වැඩි දුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කවියෙන් ඉතිහාසෙ ලියන්න ගත්ත උත්සාහයත් දිගටම ගෙනියන්න ඕනෙ.
ඇත්තටම මට මේ දවස් වල මුහුණු පොතේ දකින්නට ලැබුණා, පුදුම ජාත්‍යාලයක්. දේශානුරාගයක්. මේක මෙහෙම වුණේ මැච් එක නිසාද? ගිය මාසෙ නිදහස නිසාද? හදිසියෙ බරපතල ලෙස මේ වකවානුවෙ නැගී එන මුස්ලිම් විරෝධය නිසාද කියන්න ඇත්තටම තවමත් ටිකක් අමාරුයි. මම සතුටුයි මේ රට ගැන තියෙන හැඟීම අඩුම තරමේ වත් පොතේ වත් තියෙන එක.
කොහොම නමුත් මට පහවසරෙ ඉඳන්ම වගේ අපෙ රටේ ඉතිහාසෙ යම් අවුලක් ගැන තේරුණා. අපේ ලොකු අප්පච්චි කියන්නෙ දැනුම ආකරයක්.මට ඉතිහාසය ගැන සාහිත්‍ය ගැන ආදරයක් ඇති කළේ අපේ ලොකු අප්පච්චි.ඉතින් මට හිතුණා මහාවංශය මට දැනෙන විදියට විග්‍රහ කරන්න. මම මහ ලොකු උගතෙක් නොවුණත් මම හිතන්නෙ ඒක තමා දැන් සිදුවිය යුතුම දෙය.
තව මට සාහිත්‍ය ගැන හිතෙන දේ. කවිය, නවකතාව ගැන ගීතය ගැන, කෙටි කතාව ගැන හිතෙන දේත් ඉඩ තියෙන විදිහට ලියන්න බලාපොරොත්තු වෙනවා. ඇයි මට මම ගැන හිතෙන දේ. මගේ ඉස්කෝලෙ පහු ගිය විත්තිත් ලියන්න ඕනේ. හෙමින් නවකතාවක් ලියන්නත් ඕනෙ.
මගෙ විශ්ව විද්‍යාල තීසීස් එකටත් තාම නිර්මාණයක් හිතනවා. මම හිතුවා ඒකට ෂෝර්ට් ෆිල්ම් එකක් නොකරන්න. මොකද බහුතරයක් කොල්ලෝ ආයතන මට්ටමින් හදපු ඩොකියුමන්ටරි දෙනකොට හැන්ඩි කැම් එකකින් කරලා කොලිටි නැති වුණොත් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් නිසා ඒක සාර්ථක කර ගන්ඩ බැරි වුණොත් ඒක ටිකක් ලොකු අවුලක් වෙනවානෙ. කරන්න කලින් බය වෙලා කියලා හිතන අයට කියන්නෙ, ඒ මම හිතන විදිහට කියන් නෙ නිවට කම නොවේ ප්‍රායෝගිකත්වය.
ඔයාලාට කියන්ඩ බැරි වුණා. ඉර ඇහැරෙන ඉසව්වෙ හෙඩර් එක, සුනිල් ආරියරත්න මහත්මයා මුලු බලගල්ල ශාලාවටම ඇහෙන්න කියෙව්වානෙ. ඒක වුණේ මෙහෙමයි. අපට ලෙක්චර්ස් අතරමැද්දෙ සෙමෙස්ටරයකට වැඩමුලුවක් දෙකක් තියෙනවා. සංගීත වැඩමුළුවක් තියෙන වග කලින්ම දැනං උන්නත්, මට ඒකට කලින්දා යන්ඩ අසනීප වුණා. වැඩමුළුව දවසෙ තමා කෙළින්ම ගියෙ. යාළුවන්ගෙන් අවශ්‍ය දේවල් මොනවාද ආදිය ඇහුවත් මේ එළදෙන්නු මුකුත් කීවෙ නෑ. අන්තිම මොහොතෙ තමා දැන ගත්තෙ ලියපු ගීත ගෙනාවොත් හොඳම එක තෝරලා එදාම මෙලඩි දානවා කියලා.
අනේ ළමයි පුදුම ගීත තොගයක් ගෙනාවෙ. කොහොම කොහොමහරි එකකට සංගීතෙ දැම්මා. මට හරිම දුකයි. මට නිකමට වත් මගේ අවස්ථාව උරගා බලන්ඩ නොහැකි වීම ගැන. අන්තිමට ම මම කළේ. මට ඒ වෙලේ මතක් වුණු මේ හෙඩර් කවිය. නිකං කොළ කෑල්ලක ලියලා චිට් එකක් වගේ ඉස්සරහට යැව්වා. සාමාන්‍යයෙන් ප්‍රොෆෙසර් ආරියරත්න තමා චිට් එක ගත්තෙ. සිංදු වලට ඒ මොහොතෙත් බැන බැන උන්නෙ. වචන නෙවී අර්ථය බර කරන්න කියලා කිය කිය උන්නෙ. මගෙ චිට් එක අරන්, අතේ උණ්ඩි කරපු මේ පද ටික හරිම ලස්සනයි කියලා මයික් එකෙන්ම කීවා. පොර ටෝකක් නෙවී. මට හරි සතුටක් දැණුනා. කොහොම වුණත් ඒක ලීවෙ මම බව දැන ගත්ත අපේ උන්ට දුක හිතුණා. මට ආරංචිය නොකීවාට.
කොහොම නමුත් අදට කියන්න තියෙන් ඔච්චරයි. මේක ඇත්තටම ලිව්වෙ මම විසින්ම මටම කියා ගන්ඩ ඕනෙ දේවල් ටික ඔබටත් කියලා දාන්න. එතකොට ඔබට පුළුවන් ඉස්සරහට ඉර ඇහැරෙන ඉසව්ව බලනවාද නැද්ද කියලා තීරණය කරන්න.
Subscribe to:
Post Comments (Atom)
මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
ReplyDeletehttp://wehimandarama.blogspot.com/
-වර්ෂා..
අනිවාර්යයෙන්ම
Deleteෆලෝස්වරු දෙසිය ගානක් ඉදලත් කියවන්න ඉන්නේ දහයද?.මං නම් අදමයි මේ පැත්තේ ආවේ.දිගටම ලියන්න එතකොට අපිට ඔයාව නිතර මතක් වෙනවා ජය වේවා
ReplyDeleteහෙ හෙ.......එහෙම කියන්නෙ ජනප්‍රිය වෙන්න. :p
Deleteඅක්කා මොනවා ලියුවත් මම නම් එනවා හොඳේ කියවන්න. අනාගතේට සුභ පැතුම් :)
ReplyDeleteතැන්කූ වර්ණා........
Deleteහරිම ලස්සනයි! කමෙන්ට් නොකලට පෝස්ට් දෙක තුනක්ම කියෙව්වා.
ReplyDeleteඅනේ ඒ හොඳටම ඇති
Deleteමං ආසයි අක්ක ලියන විදියට.. අර අගය කිරීම ගැනත් සතුටුයි..
ReplyDeleteදිගටම ලියන්න අක්කට සුබ පැතුම්! :D
අනේ...තැන්ක්ස් අයිස්
Deleteහොදම නැහැ. ඔයා මට කීවෙ නැහැනේ මේකට හෙඩර් එක පංතියෙ කියෙව්ව කියලා.. කොහොම උනත් දිගටම ලියන්න උදව්වක් උණු එක ගැන නම් සතුටුයි..
ReplyDeleteකිව්වා අනේ...ඔයයිට මතක නෑ.ඔය වගේ ඒවා කීවාට
Deleteලියන්න!වැදගත් කියලා හිතෙන ඕන දෙයක්!හොඳද නැද්ද කියලා බලන අය තීරනය කරයි!
ReplyDeleteබලන් ගියාම ඒකත් ඇත්ත
Deleteආහ්... සොරි !!!
ReplyDeleteමම් රසික නම් නෙමෙයි. ඒ උනාට කියෙව්වා !!!
නංගි ලියව එවුවා කියවන එක ගැන නම් කියන්ඩ දෙයක් නෑ. ඔයා තමීරත් එක්ක වලි දාගන්න කාලේ ඉදන්ම මම් කියෝනවා.
දැනුත් තමීරයියා එක්ක ලද අවස්ථාවක වලියක් දානවා.ඒත් පබ්ලික් කරන්නෙ නෑ.
Deleteඔන්න ඒ දහය පහලොවට මාත් ඉන්නවා හරී
ReplyDeleteඑහෙමද? ජිංජි ඉන්නවා නං එචිචරයි
Delete10, 15 වෙන්න බෑ! මේ මමත් රසිකයෙක් තමයි
ReplyDeleteවිසිතුරු ඉන්නෙත් 10 තමා
Deleteනීනු අක්කගේ බොලොක්කේ මම නම් ඉඩ ලැබෙන හැම වෙලේම කියවනවා....අනාගතේට සුභපැතුම් අක්කේ...
ReplyDeleteස්තූතියි මකුළුවො
Deleteමමත් ඉතින් නිතරම වගේ මේ පැත්තට එනවනේ.. ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න දේවල් ගැන අහුවම නම් ඇත්තටම සතුටු හිතුනා.. මොකද ලොකු වෙනසක් ඒ දේවල් වල දකින්න පුළුවන් කියලා හිතෙන නිසා..
ReplyDeleteඅපරාදේ එදා ලියපු සිංදුවක් අරන් යන්න තිබුනනම් අද අපිට නෙරංජි ලියපු සිංදුවක් අහන්නත් තිබුනා.. දැන් ඉතින් ගිය දේවල් ගැන හිතලා වැඩක් නෑනේ..
ඒකත් ඇත්ත දිනේෂ්
Deleteඔන්න මමත් මේ පැත්තෙ ආවා.... ගිහින් එන්නම්...ජය!!
ReplyDeleteඅහ්...දොදොල්
Deleteමාත් මේ පැත්තෙ එනවා.10 15 ට වඩානම් කියවනවා ඔයාගෙ බ්ලොග් එක මෙතනම කීයක් ඉන්නවාද බලන්නකෝ... :)
ReplyDeleteසුභ පැතුම් නංගි....
බොරුවට ජනප්‍රියයි කියනවාට වඩා.නෑ කීවාම ලේසී අක්කා
Deleteලස්සන දෙවල් වලට කවදාකහරි අගය කිරීමක් ලැබෙනවාමයි...
ReplyDeleteඒක නම් යා
Delete