මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/24/11

චූ දැමීමට ගිය කෙල්ලෝ

එදා සිකුරාදා දවසක්... මතක හැටියට හොඳටම වැස්ස..වැස්ස ට සමානුපාතිකව මුත්‍රා පිටවීම වැඩියි කියන එක බොහෝ දෙනෙක් දන්න කරුණක් නෙ... මගෙ ඉස්කෝලෙ මොකද්ද කියලාත් අපේ කට්ටිය දන්නවානෙ..ඔව් ඔව් ඔබ හිතුවා හරි මේ අපේ ඉස්කෝලෙදි සිදුවුණ පුංචි සිද්ධියක් තමයි..

අපිට හිටියා කෙල්ලො ගැන්සියක්.. එකෙක්ට එකෙක් දෙවෙනි නැති කටවල්...සහ චණ්ඩි කම් කරපු. (සියලු දෙනාම පස්සෙ අවුරුද්දෙ කථික සංගමේ මුල් පුටු ) අනික් සංගම් ඔක්කොම රන් කළෙත් මේ කට්ටිය මාරු වෙලාම තමයි...පොඩි පොඩි වෙනස් කම් තිබ්බෙ.. ඒ කියන්නෙ.. ඒකේ කැටේ ..මේකේ සභාපති.. එකේ සභාපති මේකේ රයිටර්.. වගේ තමා...ශිෂ්‍ය නායිකාවොද? අහ් ඒ අයම තමයි... ඒ පුරාජේරුව පොඩ්ඩක් පැත්තක තියමුකො..

ඔන්න අපි හැමෝම දැන් 11 පන්තියෙ.. අනික් උන් ඔක්කොටම 16 පිරිලා තිබ්බා.. මට 15 යි..(අයිඩින්ට්ය නැති නිසා “බාල වයස්කාරයා“ කියන විරුධාවලියෙන් මම පිදුම් ලබලා හිටිය කාලෙ...ෂික්... චාටර් නේද? ) මම තැපැල් අයි.ඩි එකෙන් සා .පෙළ  ලිව්ව වග දන්නෙ ඔයාලා විතරයි හොඳඳ? කාටවත් කියන්න එපා.. ආයෙත් පුරා ජේරුව..

ඔන්න දැන් තමා කතාව...  වැස්ස නිසා නිතරම කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ  ටොයිලට් යනවා.. හැබැයි යන උන් එන්න ටිකක් පරක්කුයි..එක්කො මුන් කැන්ටිම ගාව නතර වෙනවා. එහෙමත් නැත්තම් දෙළුං,පිනි ජම්බු කඩනවා..(වැස්ස කියලා ගාණක් නැහැ.ඉතින් .කොල්ලො වගේ නෙවීනෙ..කෙල්ලෝ කොතෙනට ගියත්  මල් මල් කුඩ ගේනවානෙ)

හරි ආයෙත් පිට ගියා..දැන් නැවත කතාව

අපේ පන්තිය බාර වෙලා තිබුණෙ අපේ ඉංග්‍රීසි මිස්ට.. අල්ලපු පන්තියට සමාජ අධ්‍යනය කරපු මිස් ට තමා ඒ පන්තිය බාර..  අපි 11 වසර එෆ්  කියමුකො.. එතකොට අල්ලපුවො 11 වසර  ජී... අපේ මේ අල්ලපු පන්තිය බාර මිස් ගෙ නම ...නන්දා...  අපේ පන්තියට කිසි දවසක උගන්වන්නෙ නැතත්..නිතරම අපේ පන්තියෙ වැරදිමයි හොයන්නෙ.. විශේෂයෙන්ම අර උඩ කිව්ව කෙල්ලො සෙට් එකේ වැරදි...ඒ නිසාම අපි ඇයට කීවෙ “නැන්දා “ කියලා...ආදරේට

ඔන්න දැන් පන්තියෙ ළමයි බොහෝ දෙනා  වැහි වෙලාවෙ නැහැ... පන්තියෙ මොනා නැතත් කාලෙකට පස්සෙ අපි ටික හිටියා..සංගම් වැඩ නැති නිසා ඒ දවස් වල..

මෙන්න එතන වුණු දෙබස -

මේනකා - මචං.........නැන්දා නැන්දා.... නදී.. බහනවා යකෝ මේසෙන්...

ඔන්න දැන් කට්ටියම හරිම උපශාන්තයි.. නන්දා මිස්ට සතුටු හිතෙන්න ඇති... අයියෝ නෑ.. මේ පැන්නෙ ඇඟට..

නන්දා මිස්- කෝ මේ පන්තියෙ ළමයි..

අපි හමෝම බැලුවෙ කලු ලෑලි බිත්තිය දිහා... ළමයි තිහක්ම බැහැර ගිහින්...

නන්දා මිස්- ළමයි 30කට වඩා බැහැර ගිහින්.. මේ කොයි බෑරක්ද අපි දන්නෙ කොහොමද?.. පැහැදිලිව ගිය තැන ගිය හේතුව ලියන්න...අනික මෙහෙ ඉන්නෙ ළමයි නෙවීනෙ.ළමයි කියන්නෙ දෙගොල්ලෝ.මෙතන ඉන්නෙ ස්ත්‍රී පාර්ශවය විතරයි...ඒ විදිහට වැඩ කරන්න.ස්ත්‍රීන් විදිහට..මම ඊළඟ පාර එනකොට මේක පිළිවෙළක් කරනවල්ලා...

අපිත් ඔළුව නවාගෙන හිටියා... මිස් ගිය ගමන් නදීරා ක්‍රියාත්මක වුණා... අයෙ වහාම “බැහැර ගිය ළමයි “ කියන මතෘකාව සැණින් මකා දැම්මා..ඒ වෙනුවට “ චූ දැමීමට ගිය කෙල්ලෝ“ කියලා වෙනස් කළා... ස්ත්‍රී පාර්ශවය කියන එකත් හැඟවෙනවානෙ දැන්... ඔන්න ටිකකින් නන්දා මිස් නැවතත් එනවා..

නන්දා මිස්- ෂික්.. මෙහෙමත් ළමයි..මීට වඩා සභ්‍ය වචනයක් තිබ්බෙම නැද්ද? ඉන්නවකො මම  මේ පන්තිය මිස් හම්බුණාම කියන්න.. වෙනස් කරනවල්ලා ඕක..ලැජ්ජා නැති හැටි... ඔයිට වඩා හොඳයි“ චූ කෙල්ලෝ“ කළා නම්..

මුහුණෙ තරහකුත් මවා ගෙන මිස් ගියා...ඉන් පස්සෙ ක්‍රියාක්මක වුණෙ ධෂිකා....ධෂි කොහොමත් පඬියා...ධෂිගේ ඉඳිකට්ට අරුණි.. කෙවිනි,ධෂී,අරුණි,මම,මල්ෂා,මේනූ එකට කන්නෙ...හරි ඉතින් ධෂී මෙහෙම කීවා..

ධෂිකා- ඇත්තනෙ බං..මේක සභ්‍ය නැහැනෙ ..අපි මෙහෙම ලියමු “ මුත්‍රා කිරීම පිණිස වැසිකිලියට ගිය ගැහැණු ළමයි“ දැන් කොහොමද? එළ නේ...උඹලාටත් මමම ඉන්න ඕනේ...

දැන් මාතෘකාව එලෙස වෙනස් විය . ඔය අතර අනෙක් ළමයින් වැසිකිලියෙන් පන්තියට නැවත පැමිණීම්ද , තවත් අය වැසිකිලිය වෙත පිටවීම්ද සිදු විය.. නැවතත් නන්දා මිස් පන්තියට පැමිණියාය.. අගේ මුහුණ මෙවර පෙරට වඩා දරුණු වූයේ ධෂීගේ මුහුණේ දුකක් ද ,පරාජයද  සටහන් කරමිනි..

නන්දා මිස්- ෂිකේ මේ ළමයි ට නම් කිසිම රහක් නැහැ... ඔක්කොම මෙතන ලියලානෙ...

පන්තිය වෙනුවෙන් මම ඉදිරිපත් වීමි..

මම- මිස් ම නෙ මිස් හේතු ඇතුව ලියන්න කියුවෙ..ඒකනෙ අපි මෙහෙම කළේ..? 

කවදාවත් මම ආදරේ කෙනෙකුට මම ඉස්සරහ බනින්න මගෙන් ඉඩක් නැහැ..ඒ නිසාම මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා..ධෂිකාට බනින්න දෙන්න බැහැනෙ..ඒකී මගෙ ෆිට් එක...

නන්දා මිස් එවර ආවේගශීලී බව මඳක් බැහැර කළාය..

නන්දා මිස්- මෙහෙමම ලියන්න එපා..පොඩ්ඩක් ව්‍යංගය භාවිතා කරන්නවකො...සිංහල සාහිත්‍ය සංගමේ ලබන අවුරුද්දෙ බාර ගන්න නේද කට්ටිය දැන් බලා ඉන්නෙ.. හනේ මන්දා...මෙහෙම ගියොත්.

ඇය යන්න ගියාය...  දැන් මොකද කරන්නෙ කට්ටියටම බර හර  පැනයකි....
මේ අතර පොඩි කළණි වහාම.. “අනේ මට නම් තවත් මේ බර උහුලං ඉන්න බෑ“ කියා වැසිකිලියට ගියාය...

ඇගේ වචනය නිසාම ව්‍යංගයෙන් උපන්..උත්ප්‍රේක්ෂයක් මට හදිසියේම පහළ විය..

මම මේනකා අත තිබූ හුණු කූර උදුරා ගතිමි.. කලු බිත්තිය වේගයෙන් මැකිණි... “බාර ඔප්පු කිරීමට ගිය ළඳුන්“ ලෙස එහි මගේ අතින් සටහන් විය..

අප සියලු දෙනා සිනාසුනෙමු..උඩ පැන පැන හිනා වුණෙමු..කඳුලු එනතුරු හිනා වුණෙමු...දැන් වැස්ස පායා ඇත..කළණි හැරෙන්න සියලු දෙනා පන්තියේය..නම් බොහෝමයක් කලු ලෑල්ලෙන් මැකී ඇත....අපේ සිනාවේ සැර මැකී යන්න ප්‍රථම කළණි හැරුණු විට එළියට ගිය අන්තිමයාද පැමිණෙන ලදි..

අපේ සද්ද ඇසී නැවතත්...

හම්.. හිතුවා නේද? නන්දා මිස් ම එයි කියලා.. නෑ ආවෙ අනුලා මිස්...අනුලා මිස් කියන්නෙ බෞද්ධ සංගමේ අනුශාසක මිස්..

අනුලා මිස්-  ළමයි අපේ සංගමේ ඔයාලාගෙ පන්ති නියෝජිත කළණි නේද? කෝ මේ කළණි..

අපි උත්තර දෙන්නත් ප්‍රථම ඇයට කලු බිත්ති ලෑල්ල ක්ෂණිකවම ඇස ගැටිණි..

අනුලා මිස්- මොකක්? බාරයක්? බාර ඔප්පු කරන්න ගියා... මොන බාරද මේ මහ වැස්සෙ..අනික කොයි දෙයියන්ට වුණ බාරද?

මෙසේ කියමින් අපෙන් පිළිතුරක් හිතා ගන්නත් මත්තෙන් අනුලා මිස්  තමන්ටම මුමුණමින් පන්තියෙන් නික්ම ගියාය..

ඉන් පැය භාගෙකින් පමණ පසු කළණි නැවතත් පන්තියට මාරාවේශයෙන් එනුද, අපි ඇගේ දරුණු යකඩ ෆයිල් කවරයේ මාරාන්තික පහරින්  බේරීමට මේස උඩින් පුටු උඩින් පනිමින් සිටිනුද  ..ඉන්පසු ආරක්ෂාව පතා සදාකාලික අපගේ අධි ආරක්ෂක බංකරය වූ මාධ්‍ය ඒකකයේ කාමරය වෙත පලා යනුද ඒ අවස්ථාවේ පන්තිය අසලින් ගමන් ගත් සියල්ලෝම දුටු වග පසුව තැන් තැන් වලදී ප්‍රකාශයට පත්විය.




51 comments:

  1. නියමයි අක්කි... මරු... එහෙම තමයි කෙල්ලෝ උනාම ඉන්න ඕනේ.. :D :D

    ReplyDelete
  2. හික් යක්කු ටිකක් නොවැ.. හැබෑටම මොකක්ද ඉස්කෝලේ/// මම හිත න එක හරි නම ඔතනින් දෙතුන් දෙනෙක් මම අදුනනවා..

    ජය..

    ReplyDelete
  3. @ gayan - ඉස්කෝලෙ මොකද්ද කියලා කියන්න නම් බැරි කමක් නැහැ.. මුහුණුපොතට ගියා නම් දැන ගන්න පුළුවන්..!!

    ReplyDelete
  4. @ice -අනේ...මන්දා නියමද කියලා... දවස් දෙකතුනක් යනකං..හීරිච්ච පාරවල් අත ගගා උන්නෙ..

    ReplyDelete
  5. අම්මෝ මේ මිස්ලා එලෝ එලෝ පහර දෙන කට්ටිය නේ. ඔයාලා ලියපු ක්‍රමේත් හරි. හේතු සහිතව ලියලා. අනිත් පාර ලියන්න තිබ්බේ "බඩ සැහැල්ලු කරගන්න ගිය ගෑල්ලමයි" කියලා. කෝමද වැඩේ !!!

    ReplyDelete
  6. එතොකොට පූජා වට්ටි...? :D

    ReplyDelete
  7. @මධුරංග -ආයෙත් අහලා... ඒක නම් ලේසි නැහැ තමා... ඒක ලියන්න ඕනෙ වුණේ නැහැ...මට මතක විදිහට

    ReplyDelete
  8. @නිකමා - ලොල් නෙවී.. ලොලේ ලොල් එදා නම්..

    ReplyDelete
  9. තාරක- පූජා වට්ටි බලන්න වල ඉහින්න වෙයි නේද?

    ReplyDelete
  10. හික්ස් . කෙල්ලෝ වුනත් හරිම විනෝදයෙන් දැහැමෙන් සෙමෙන් ඉඳලා තියෙනවා නේද පන්ති වල..

    ReplyDelete
  11. @roshan - අනේ ඔව්.. දැහැමි කියන්නෙ........ හරිම දැහැමි..

    ReplyDelete
  12. බඩ සැහැල්ලු වෙනවා කියන්නෙ ළමයි හම්බ වෙන එකට නෙ.... එහෙම ලිව්ව නම් නැන්දා සකෘදාගාමී වෙයි.....හොඳ වෙලාවට එහෙම ලිව්වෙ නැත්තෙ

    ReplyDelete
  13. @harshana- අහ්.......ඒක අපි දැනගෙන හිටියෙ නැහැ.. එහෙමනං මම ලියනවා.. සොඛ්‍ය මිස් ගෙනත් තේරුම් ගන්ට හැකි වෙන්න..

    ReplyDelete
  14. සික්.... කිසි ලැජ්ජාවක් නැති කෙල්ලෝ! :D

    ReplyDelete
  15. @පූසා - හම්... හම්... කිසි ලැජ්ජාවක් නැහැ...

    ReplyDelete
  16. හයියෝ............ බී.පේ.සී........... හහ් හහ් හා..... මොනව නැතත් මරු සෙට් එකක් වගේ :D

    ReplyDelete
  17. @j.D නැතිව නැතිව... අපි කොතන හිටියත් එතන ජොලි තමා... ලොක්කා...

    ReplyDelete
  18. අප්පේ එහෙමත් කෙල්ලෝ කොටසක් . අපේ පන්තියේ හිටපු කොල්ලෝ කට්ටිය හරියට මල් වගේ ! ‍අපි කලවං ඉස්කෝලෙකට ගියේ

    සුලු දිය පහ කිරීමට ගියා කීවා නම් ඉවරයිනේ කෙටියෙන්ම වැඩේ ගොඩ

    එල කෙල්ලෝ සෙට් එකක් හැබැයි ..

    ReplyDelete
  19. අනේ ඇත්තටම මෙහෙමත් කෙල්ලෝ.. මම ගියේ මිශ්‍ර පාසලකට.. අපේ කෙල්ලොත් ඔය වගේම තමයි.. අපිට කේස් එකක් ආවත් ඉස්සෙලා කතා කරන්නේ උන්..

    ReplyDelete
  20. @ සඳරු - ඔව් යාළවෙ... ඔයාලාගෙ මල් මල් කොල්ලොන්ගෙ අපූරුව ඔයාගෙ අතේ තියෙන පච්චයෙන් මොනවට පැහැදිළි වෙනවා... නේද? හක හක ....ස්තූතියි ඇවිත් ගියාට

    ReplyDelete
  21. @දිනේෂ්- අපිත් ටියුෂන් පන්ති වලදි නම් කොල්ලන්ගෙ පැත්තට කතා කළා... හික්

    ReplyDelete
  22. හික්ස්...කෙල්ලන්ගෙ ටොයිලට් යෑම ගැන අහන්නත් දෙයක්ද??
    මාත් ඉස්සර පීරියඩ් දෙකෙන් දෙකට ගියා..වැස්ස තිබ්බත් නැතත්.:))

    ReplyDelete
    Replies
    1. බස් එකේදි චූ බර වෙලා තියෙනවද?

      Delete
  23. එහෙමද?...........නිසූ අක්කෙ.. මම නම් ටොයිලට් මුවාවෙන් වෙන වැඩ වලට ගියත්, ටොයිලට් යන්නෙම නැති තරම්...

    ReplyDelete
  24. හික් හික් හික්....අපිත් ඔය වගේ තමා නංගා....

    ආයේ ඉස්කෝලේ කාලේට අරංගියා වගේ

    ReplyDelete
  25. අප්පා මේ අර අපේ අල්ලපු වැටේ ඉස්කොලේ චූ කෙල්ලෙක් නේද..?

    @නිසුපා...

    දිය වැඩියාවද මංදා..?හික්

    ReplyDelete
  26. @ සීනී - එහෙම තමයි අක්කෙ.. මේකට කියන්නෙ ඇන්න යාමේ කලාව කියලා....

    ReplyDelete
  27. මාරයා අයියා- ඈ අයියෙ.. ඔයා ඉස්කෝලෙ ගියෙ කොහෙද? ඇත්තට?

    ReplyDelete
  28. මාරයා ඉස්කොලේට ගිහින් තියෙන්නෙ වැස්සට.. :D :D
    එක්කො කෙල්ලෙක්ට පැණි හලන්න ඉස්කොලේ ගෙට්ටුව ලගට.. මිනිස්සු හිතන්නෙ ආ මේ 5 වසරේ පොඩි එකෙක්ගෙ තාත්තා කෙනෙක් කියලානේ :D :D

    ReplyDelete
  29. @ බනී - මාරයා නාලන්දෙ කොල්ලෙක්....අපේ අල්ලපු ඉස්කෝලෙ උන්ට එක එක ඒවා නොකියා කට වහන් ඉන්න...මැට්ටා

    ReplyDelete
  30. puduma wada thamayi kattiya karala thiyenne..........

    ReplyDelete
  31. @ඔක්කොම එකේ- ඔයාට කියන්න ඔක්කොම එකේ.........තව ඒවා තියෙනවා හෙමින් ලියන්න ඕනේ!!

    ReplyDelete
  32. අඩේ මම දනේ නෑනේ මේ කෙල්ලෝ අපිටත් වඩා දගයි කියලා...
    අපෝ මමනම් ආයෙත් පාරෙ යන කිසිම කෙල්ලෙක්ට විහිලුවක් නම් කරන්නේ නෑ..

    ReplyDelete
  33. අපි එහෙම තමයි මල්ලි........බලාගෙන කෙල්ලන්ට විහිලු කරන්නෙ

    ReplyDelete
  34. නියමයි කතාව නම්... අද දවසටම ඇති වෙන්න හිනා උනා.. මගේ යාලුවො දෙන්නගෙනුත් මේ වගේම කතා ටිකක් අහගන්න ලැබෙයි එහෙනම්. ඉඩක් ලැබුණාම අහන්න ඕන.

    ReplyDelete
  35. ස්තූතියි හංසි.....මා ළඟ තව කතා තියෙනවා... මේ මාසෙ ලියන්න ඕනේ!!!

    ReplyDelete
  36. උදයංග ලක්මාල්11/3/11, 12:42 PM

    නියම කතාව... ඇති වෙන්න හිනා උනා... එහෙම තමයි කෙල්ලෝ උනාම ඉන්න ඕනේ :)....

    ReplyDelete
  37. ස්තූතියි උදයංග....කමෙන්ට් කළාට

    ReplyDelete
  38. අන්තර් සමාජ සංස්කෘතික වාතාවරණය තුල පතිවෘතාවේ සීග්‍රතා අගය ඉක්මවා ගිය,සාන්ද්‍රිය ලෙස සභ්‍යත්වයට ලක්ව අසභ්‍යත්වය කෙලෙසා ගත්,ෆන් ගැනීමේ උපරිම අගය කරා ළඟා වීමට වෙර දරන,අපේ එළ කොල්ලන්ට දෙවෙනි නොවන,නපුංසකයන්ට ආදර්ශයක් වන,පට්ටම පට්ට සත් පත්තිනි කෙල්ලො ටිකක්නෙ අෆ්ෆා...................
    අම්මපා ෆට්ට ඈ......ඇඩෙනවා ඇස් දෙකටම.................

    ReplyDelete
  39. hey... thanks neranji. hondatama hinaha una. a kale gana thawa liyanna. thawa sahenna katha ithuruine.. dashi

    ReplyDelete
  40. හොඳ වෙලාවට මුං කෙල්ලො උනෙ. කොල්ලො උනානම් ඒ පන්තියට ගුරුභවතෙක් නෑ සදා කාලිකවම (මොකද අපිට K mist Tree නැතිව හිටියා අවුරුද්දක් ඔයවගෙ හපන්කමක් කොරලා )

    ReplyDelete
  41. ස්තූතියි මෝඩ කොල්ලා...ගොඩක් හිර වෙලා

    ReplyDelete
  42. මලා උඹ මේක කියෙව්වාද දෂී.... කොහොමත් හැම කතාවෙම එක්කො උඹ හොඳම නිළිය නැත්තම් සහය නිළිය.....

    ReplyDelete
  43. පිස්සු.......හිටු අරක ලියන්න...රටටම පේන්න

    ReplyDelete
  44. අපි කෙල්ලො වුණත්... කොල්ලො වගේ තමා...දැම්මෙ කලු සපත්තු

    ReplyDelete
  45. අදයි මුලින්ම ඔයාගේ බ්ලොග් එකට අවේ. චු කතාවක් නේ තියෙන්නේ.එල ජයවේව!!

    ReplyDelete
  46. හිකිස්‌ අපි හොදනේ

    ReplyDelete
  47. අපොයි මෙහෙමත් කෙල්ල්ලෝ.එත් මාරු කතාව ආ.හබි අපි ගන්න ආතල් කෙල්ලෝ දන්නේ නැනේ ;)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.