මම එතකොට 6 වසරෙ.... හරිම දඟ....කාටවත් ඒ හැටි හිතට අල්ලන්නෙ නැති ( කලුයි.. කෙට්ටු) පොඩි කෙල්ලෙක් ..... අපේ පන්ති වල ඒ කාලේ කොණ්ඩ දෙක ලස්සනට කරල දෙකට ගොතපු ළමයි හිටියා... මම දැම්මෙ පුංචි කුරිච්චි දෙකක්...කර කපපු සුදු ගවුමෙ වටේටම දාඩිය ගෑවෙනවා.... ඒ කාලෙ මම දාන්නෙ ඕඩි කොලොන්...ඒ නිසා පොඩි එකෙක් වගේ... ඉස්කෝලෙ හයෙන් ඉහළ විතරක් තියෙන නිසා... කට්ටියම දන්නවා වුණත් වයස එකොළහ වග නැත්තම් සයිස් එකෙන් ඇබිත්තං...
හයවසරෙ දි හැමෝම සංගීතෙට එක එක පන්ති යන්න පටන් ගත්තා... අපේ සංගීත මිස් මට කතා කරන්නෙ “අටපට්ටං” කියලා.. මම ලියන විදිහ අටපට්ටමට හොඳයි කියලා ළමයි එක්ක හිනා වෙනවා. ඉතින් මම ඒ මිස්ගෙ ප්‍රයිවට් පන්තියට යන්න අකමැති වුණා...
ඒ නිසාම අම්මා මාව බුලත්සිංහල මිස් ළඟට එක්ක ගියා....ඒත් එදා ඒ මිස් හිටියෙ නැහැ.. රට ගිහින්... ගිහින් ආවෙත් ප්‍රාණවත්ව නෙවීනෙ....ඒ නිසා අන්තිමට මාව නන්දා මිස්ගෙ ආශ්‍රමයට තමා දැම්මෙ...
නන්දා මිස් ගෙ ආශ්‍රමය තියෙන්නෙ 176 පාරෙ යද්දි කැම්පස් එකට පස්සෙ හෝල්ට් එක කිට්ටුව. ඇතුළට යන්න තියෙන පාරෙ .... මම සංගීත පංති ගියෙ හරි කැමැත්තෙන්... හේතු දෙකක් තිබ්බා....
පළවෙනි කාරණාව අපේ පන්තිය පටන් ගන්නෙ හතරට.. තුනට තියෙන පන්තියෙ ඉන්නෙ අයියලා අක්කලා.... ඒ අය පන්තියට ගියාම එළියෙ බංකු හිස් වෙනවා.... ක්‍රිස්ටි අංකල් අපේ කාඩ් එක බලන්නෙ අපේ පන්තිය පටන් ගන්න විනාඩි දහයක් තියෙද්දි... ඉතින් මට පැයකට කිට්ටු කාලයක් බංකු උඩ නැගලා බලාගෙන ඉන්න අයට කතා කරත හැකි... මගේ යාළුවො..එක එක ඉස්කෝල වල අය... මම එයාලාට එක එක චරිත කරලා පෙන්වනවා.. කතන්දර කියනවා....සංගීතය ඉගන ගන්නවාට වඩා මම ඒ වැඩේට ආසයි..
දෙවෙනි හේතුව.. මාසෙට දවස් දෙකක් මිස් උගන්වද්දි තව දවස් දෙකක් ඉගැන්නුවෙ කාලිංඝ සර්... ඒ සර් අමුතු සටන් ක්‍රම දන්නවා.... සර්පිනාවෙන් පොල්ලෙන් රිදෙන්නෙ නැතිවෙන්න සද්දෙ ඇහෙන්න පිටට ගහලා පෙන්වනවා.... කලින් ගියොත් ඒවා බලන්න පුළුවන්... ඒක තමා දෙවන හේතුව...
දැන් ඔන්න මම පන්ති යන කාල පරාසෙ තමා මේ සිදුවීම වුණේ.... 176 ට අපි නගින්නෙ අර ඉස්කෝලෙ ළඟින්..අපි කිව්වෙ අම්මයි.. මමයි... අම්මා මා බස් එකට නග්ගපු ගමන් මම හොයන්නෙ ජනේලෙ ළඟ සීට්..ඒකෙ ඉන්න පතබරියන් කොල්ලො එක්ක සීට් හොයනවා කියන්නෙ හරිම අමාරු වැඩක්....
දවසක් මම බස් එකට නැග්ග ගමන් බස් එක ඇද්දුවා.. බස් එකේ රියදුරු අංකල් ගාව තියෙන ලොකු පෙට්ටියෙ වැදිලා..මාව ඇතුළට විසි වුණා... එතකොට හාමුදුරුවො ඉඳගන්න සීට් එකේ මෙහා පැත්තෙ ඉඳන් හිටියෙ...අර ඉස්කෝලෙම පපුව මැද්දෙ බැජ් එකක් ගහපු අයියා කෙනෙක්.... ඒ අයියා මාව ටග්ගාලා අල්ලගෙන ...ඒ අයියා නැගිටලා මාව ඉන්දුවා....
අපේ අම්මා බස් එකට නැග්ගෙ මේ සිදුවීමට පස්සෙ... බස් එක ඒ වෙද්දි ඕවර් ටේක් කරන්න ගිය වරදට පොලීසියෙන් අල්ලලා...( වෙලාවට පොලීසියෙන් ඇල්ලුවෙ...නැත්තම් අම්මා මරදානෙ.. මම නුගේගොඩ) ඔන්න ඩ්‍රැයිවර් අංකල් එක්ක වලියක් දාපූ පොලීසිය... ඉන් පස්සෙ බස් එකට උන්දෑව එව්වා... දැන් බස් එක යනවා... අම්මා ගිහින් පිටි පස්සෙ ඉඳගත්තා....
බොරැල්ලෙන් සෙනඟ අඩු වුණා.... හාමුදුරු සීට් එකේ හිටපු අනෙක් ඇන්ටිත් බැස්සා...මම ටග්ගාලා ජනේලෙ අයිනට ගියා... අර අයියා හිනා වෙලා නැවත මගේ ළඟින් ඉඳගෙන... “අයියෝ ඔයා හරි චූටිනේ... එක තමා වැටෙන්නෙ.... ගෝතමියෙ කැන්ටිමක් නැහැ නේද? “
ඔන්න දැන් මට තද වුණා... මම වැඩ්ඩා වගේ..... “ මම හයේ....අපිට හොඳ කැන්ටිමක් තියෙනවා“ කියලා අහක බලා ගත්තා.... පපුව මැද්දෙ බැජ් තියෙන අයියාට හරි හිනා.... ඔන්න දැන් බස් එක යනවා.... ඉන් පස්සෙ මට මතක අම්මා මගෙ ළඟ ඉන්නවා විතරයි... මට හොඳටම නින්ද ගිහින්....ඒ ටිකට....අර අයියාත් නැහැ...
අම්මා කියපු විස්තර අනුව තමා මේ ටික..... අම්මා.... පිටිපස්සට ගිහින් ඉඳගත්තානේ... මට එහෙම්ම නින්ද ගිහින්.... ටික වෙලාවක් බලද්දි මම ජනේල්ලෙටම වැටිලා නිදිලු....හොඳටම නිදිලු...මගෙ ඔලුව ජනේලෙ වදින නිසා අර අයියා මාව අරන් ඒ අයියාගෙ බෑග් එක තියලා හේත්තු කරලා.... අපේ අම්මා එතකොටම ටග්ගාලා මගෙ ළඟට ඇවිත්... අයියා නැගිටලා අම්මා ට ඉඩ දීලා... එතකොට අම්මා මාව කූද්දන්න හදද්දී....
“එපා ඇන්ටි... නංගියාට ඇහැරෙයි..... පව්“ කිව්වාලු..... බහිනකොට තමා අම්මා මාව කූද්දලා ඒ අයියාට අයියාගෙ බෑග් එක අරන් දීලා තියෙන්නෙ....
අදටත් ඒ විස්තරය මතක් වෙද්දි මට හරි පුදුමයි.... ඇත්තටම කවුරු නමුත් ඒ මගේ සහෝදරයෙක් වෙන්න ඇති ගිය ආත්මෙක හරි.... නැත්තම් එක දවසක දුටුව... කිසිම ගතියක් නැති පොඩි දරුවෙකුට තරුණ වයසෙ ළමයෙක් සෙනෙහසින් සලකයිද? මම ඉන්පසු හැමදාම 176 බස් වලදි මොහොතකට මගේ සහෝදරයා වුණ ඔහුව සොයනවා... තවමත් මම ඔහුව ඉන්පසු දැකලා නැහැ.....
අපේ අම්මා කියන්නෙ....ඒ අයියාට මම වගේ නංගි කෙනෙක් ඉඳලා මැරෙන්න ඇති කියලා... නැහැ... මම නම් හිතන්නෙ ඒ අයියාට හුඟක් ලස්සන නංගියෙක් ඇති....ඒ නිසා කලු කෙට්ටු පොඩි එකා දැකලා අනුකම්පාවක් ඉපදෙන්න ඇති....එහෙම අනුකම්පාව ඇතිවෙන අය ලෝකෙ ඉන්නවා...
මොනා වුණත් එක දවසකට මට අයියා කෙනෙක් ලැබුණා...ම් ම්... පැය බාගෙකට විතර.....ඒත් ඇති .....හොඳටම ඇති... නන්නාඳුනන සොහොයුරා.... ලබන ආත්මයේ හුමුවන තුරු.... සුබ ගමන්..!!!
Something is Better than Nothing
හ්ම්!
ReplyDeleteහ්ම්...නංගිට සතුටු හිතිලා වගේ...
ReplyDeleteහෙහේ.... ඒකත් හොඳා...........
ReplyDeleteආ කෝච්චි අයියා ............ මේක 6 වසරෙ සිදුවීමක්....
ReplyDeleteමොන සතුටුද? දුකයි.... පොඩි කාලෙ ඉඳන්
ඔජායේ......... හොඳයි තමා..
අය්යල හොයනවා ඉවරයක් නැහැ...නේද ?
ReplyDeleteඅනේ මන්දා මේක කොහෙන් ඉවරවෙයිද කියලා..අපුරැ සිදුවීමක්....
ReplyDeleteපොඩි කාලෙ වුණ සිදුවීමක්..... රසවත් සිද්ධියක්..... මම තව දුරටත් අයියලා හොයන්නෙ නැහැ.... මට දැන් ඒක එපා වෙලා
ReplyDeleteමෙතනින් ඒ සිතිවිල්ල සෑහෙන්න කාලෙකට ඉවරයි බස්සෝ.... ආයෙත් පස්සෙ කාලෙක ලියනවා....
ReplyDeleteලබන ආත්මෙදි ඕන් නෑ නංගි. මේ ආත්මෙදි හරි හම්බ වෙයි. මේ රට ගොඩක් පොඩියි. ඒ නිසා එකපාරක් හම්බ උනු දෙන්නෙක් ආයෙම හම්බ නොවී ඉන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි.
ReplyDeleteහැක් හැක්.. හැබට ඔය ගෝතේ කැන්මක් නැද්ද අහ්...? :P
ReplyDeleteස්තූතියි මධුරංග
ReplyDeleteකැන්මක් තියේ සුළා
ReplyDeleteලස්සන කතාවක්. කරුණාවන්ත අය්ය කෙනෙක්. :)
ReplyDeleteආපහු මුණගැහෙයි.
මේ ලෝකේ අපි හිතනවට වඩා හරි පොඩියි.. ඒ නිසා ඒ අයියා අනිවාර්යෙන් ඔයාට 176කදි මුණගැහේවී...
ReplyDeleteකියන්න බැහැ හබරෙ.... මම ඉන්පස්සෙත් අවුරුදු 8ක් 13 වසරට වෙනකම් ඒ බස් වල ගියා... අයියා ආවෙ නැහැ.... සමහර විට ...ඒ අයියාගෙ අවසන් වසර වෙන්න ඇති... පපුව මැද්දෙ බැජ් ගහන්නෙ ප්‍රිෆෙට්ලා... අල්ලපු ඉස්නෝලෙ අයියලා පිටදිත් ගහනවා....ඔය බැජ් එක
ReplyDeleteමටත් හිතෙනවා... ඒත් දැක්කාට අඳුනන එකක් නැහැ මාව
ReplyDeleteඅනේ මට මුහුණු පොතෙන් කමෙන්ට කරන අයටත් ගොඩක් ස්තූතියි!
ReplyDeleteබොහොම සුන්දර මතක සමුදායක්නේ..සහෝදර කමක මහත..පහුගිය දවසක මම වාඩවෙලා යද්දි බස් එකක ගාල්ලට මාතර ඉඳන් අන්කල් කෙනෙක් එක්ක ආපු අවුරුද්දක විතර පොඩි මල්ලෙක් මගේ උකුලට ගත්තා.පස්සෙ පොර මාත් එකක් පිට්වුනා..මම ගාල්ලෙන් බහින්න හදද්දි පොර අඩන්න ගත්තා..යන්තම මම කොමඩියක් වෙලා මිනිහා හිනස්සවලා පරක්කරලා තමයි බැස්සේ...
ReplyDeleteඔහොම මිනිස්සු හම්බු වෙනවා.... ඔය කිව්වම මතක් උනේ කතාවක්. අපි ස්කූල් බස් එකේ යන කාලේ පොඩි නංගියෙක් එක්ක මාර ෆිට්.. මතක හැටියට 6 - 7 විතර ඒ කාලේ... දුටු තැන හිනා වෙලා.. හුරතල් වෙන කෙල්ල... ඊට අවුරුදු 3 - 4 කින් දැක්කම මූනවත් නොබල යන්නෙ... ගයන් නම් කියන්නේ ඒකි නලලට අරන්ලු... නංගි කමට හිනා වුනාම... අනේ මන්ද
ReplyDeleteස්තූතියි ජනරඟ ඔබේ අදහසට
ReplyDeleteඑහෙම අයත් ඉන්නවා පලා
ReplyDeleteඔයා මුහුණ දීපු වගේ සිදුවීම් වලට ඕනේ තරම් මමත් මුහුණ දීල තියෙනවා...
ReplyDeleteඅපි ඉස්සර ඉස්කෝලේ යන බස් වල පුදුම විදිහට සෙනග, ඉතින් අපිට කොහොමටත් බස් වල ඉන්න පුංචි ළමයින් ගැන බලාකියාගෙන යන්න වෙලා තියෙනවා
මොකද එයාලව ගෙනිහින් දාන්න එයාලගේ අම්මල එන එකෙන් වෙන්නේ බස් එකේ සෙනග දෙගුණ වෙන එකනේ...
ඉතින් අපි කරන්නේ පොඩි උන්ව අරගෙන සීට් දෙකක් අතරට වගේ යවලා හිර වෙන්න නොදී තියන එක...
ඊට පස්සේ බෑග් එක එහෙමත් අරගෙන කොහෙන් හරි තියලා බැස්සට පස්සේ ඒක ජනේලෙකින් දෙනවා...
ඒ කාලේ එහෙම බලාකියාගත්තු පුංචි කෙල්ලෝ ලොකු උනාම අපිව දන්නේ නැහැ වගේ යනවා තමයි බොහෝ දුරට
හැබැයි මගෙනම් හිතේ දුකක් නැහැ, මොකද මම උදව් කලේ උන්ගේ තිබුණු පුංචි කමට.....
මටත් ඉස්සර ඉඳල හිතිලා තියෙන දෙයක් තමයි මටත් නංගියෙක් හිටියනම් හොඳයි කියලා....
ඒත් සමහර විට හිටියනම් අගයක් නැති වෙන්නත් ඉඩ තිබුනා...
මොන උනත් මරදාන high school ගැන කිව්ව එකනම් ඇත්ත ;)
ReplyDeleteදැන් නම් වැඩිය පිටදීගහන්නේ නැ :D
(මටත් හිතිලා තියනවා මට නංගියෙක් හිටියනම් කියල, හ්ම්ම්ම්ම්ම්ම්ම්)
ස්තූතියි!!!
ReplyDelete