10/10/11

ආදරණීය චේ සීයා සහ වෙනත් අත්‍යවශ්‍ය කතාවක් !






ලියාගෙන ලියාගෙන යද්දි ඒ දේට නිකන්ම ඇතිවෙන්නෙ පුදුමාකාර ආසාවක්... ඉස්සර තරම්ම දැන් මම මුහුණු පොතට කිට්ටු නැහැ. මුහුණු පොත කියන්නෙ මහ නපුරු දෙයක් කියලා වෙලාවට හිතෙනවා... මුහුණු පොතේ වසීලිස්සා වගේම බාබයිගා යකිණ්ණියොත් ඉන්නවා....හැබැයි අපිට හොයාගන්න බැහැ... ඒ අය ඉන්න තැන..මොකද ඒ අය ඉන්නෙ කුකුල් කකුල් උඩ තියෙන පිදුරු මඩුවක නෙවීනෙ...
සාමාන්‍ය සමාජය වගේම විසෙන් පිරි ගිය තැනක් අද මුහුණු පොත... හොඳ අය ගොඩක් දෙනා මැද්දෙ නරක අය ඉන්නවානෙ.. කොහොමත් මගේ යාළුවො නම් ඔක්කොම වගේ හොඳයි... මම කියන්නෙ බ්ලොග් කියවන ලියන අය ගැන .... ඒ යාලුවන්ගෙ ශක්තිය නිසා තමයි මම දිගටම ලියන්න හිතුවෙත්... ඉතින් ඔයාලාට කියන්න ඕනෙ මගේ බ්ලොග් එකේ පදිංචියට ආපු ගාන මේ වෙන කොට 200 පැනලා... පෝස්ට් 120කට ආසන්න ගණනකට මේ තරම් සංඛ්‍යාවක් සිටීම කොයි තරම් නම් සතුටක්ද?.. කමෙන්ට් දමන අයට වගේම ඇවිත් කියවන අයටත් ගොඩක් ස්තූතියි.. මේ කමෙන්ට් දමන පිළිවෙළ සමහර අයට තේරුම් මදි වගේම හදිස්සියට කාර්යක්ෂම මදි.. ඉතින් මුහුණු පොතට මේ වෙනුවෙන් කමෙන්ට් දමන අයටත් ස්තූතියි...
කාටවත් නොපෙනෙන්න දිරි ගන්වන පිරිසටත්... නිහඬව ආශිර්වාද කරන සියල්ලන්ටමත් ස්තූතියි.... ( ඒ කට්ටිය දන්නවා එහෙම කිව්වාම ඒ තමන් වග)
තාක්ෂණයේ මහා පෙරළියක් කළ ස්ටීව් ජොබ්ස් මහත්මයාට මුලින්ම නිවන් සුව හෝ එතුමා බලාපොරොත්තු වන ස්වර්ගයකට යන්න ලැබේවා කියලා මම පතනවා... ඒ පුද්ගලයාට කළගුණ දැක්වීමෙන් අපේ මිය ගිය කලා කරුවන්, විද්වතුන් කිසිම අවතක්සේරු කිරීමකට ලක් වෙන්නෙ නැහැ...
කිසිම දෙයක් තව දෙයක් සමඟ සසඳන්න ඕනෙ නැහැනෙ... මම කියනවා මේ ලෝකය නිරපේකෂයි කියලා.. අඩුම තරමෙ මේ මොහොතෙ සිටින “මම “ ඊළඟ මොහොතේ “මම “ නොවන විට “මම“ හා සැසඳිය හැකි කිසියම් යමක් මේ විශ්වයේ තිබිය හැකිද? කිසියම් කෙනෙක් මෙම විශ්වයේ සිටිය හැකිද? දුක, සතුට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේද?... සමීප බව, දැනුම, හැඟීම,අධ්‍යාපන මට්ටම එකිනෙකාට අනුව වෙනස් වෙනවා.... එකම විෂයකට “ඒ “ සාමාර්ථ ගත්ත ළමයි දෙදෙනෙකු අතර වුණත් එම විෂයටම ඇති දක්ෂතාවය හරිම වෙනස්....
ඒ නිසා කවදාවත් කිසිවෙක් තවත් කිසිවෙක් සමඟ සැසඳීම මම නම් කරන්න යන්නෙ නැහැ... කේ ජයතිලක මහත්තයා වගේම , ජෝ අබේවික්‍රම මහත්තයා වගේම, ස්ටීව් ජෝබ් මහත්තයා වුණත් රටට ලෝකෙට වැදගත් කෙනෙක්....
“ස්ටීව් ජෝබ්ස් සර්කිට් කෑල්ලක් අටවලා ... ෆෝන් කෑලී විකුණුවා“ කියලා කේ ජයතිලකට මහත්මයාට කැමති “අපි “ කියනකොට... ස්ටීව් ජෝබ්ස් මහතාට කැමති අය කියාවි “කේ ජයතිලක පත්තර පොත් කුරුටු ගෑවා විතරයි“ කියලා...ඒ නිසා මිය ගිය විද්වතුන් එකිනෙකා සාපේකෂව නොහිතා සියලු දෙනාගේම ආත්මයන්ට සුගතියක් පතන්න පුළුවන් නම් හොඳයි... මේක පුංචි ඉල්ලීමක්.... ( මෙයට එකඟ නොවන අය නාමිකව සංවාදයට එනවා නම් තමා මම කැමති... නිර්නාමික හා වටෙන් ගැහිලි නම් එපා වෙලා...)







ඇත්තටම අද දවසෙ මේ ලිපිය ලියන්න ඕනෙ වුණේ, මට මේ සහෝදර හීන නිසා මඟහැරුණු ලොකු වරදක් නිවැරදි කරන්න... විශ්වයේ සදාකාලික සොහොයුරා මිය ගියෙ...ඊයෙ වගේ දවසක.... ඔහු පුදුමාකාර මිනිසෙක්..
සමහර දේශපාලන පක්ෂ ඔහුව තමන්ගෙ තනි අයිතියට ගන්න හැදුවාට ඔහුගෙ න්‍යායට ළං වන්නට නම් ඔවුන්ට තව බොහෝ වෙහෙස වන්නට සිදුවේවි....ඔහු වගේ තව අයෙක් නැවත බිහි වන්නෙ නැහැ.. ඔහු නිරපේක්ෂයි...
ආදරණීය චේ ග්වාරා සීයාට නිවන් සුව අත් වේවා.... ( දැන් හිටියා නම් කොයි තරම් වයස කෙනෙක් ද? .... හරියට 83ක් වයස සීයා කෙනෙක් වගේනේ.... මටත් ඒ වගේ සීයා කෙනෙක් හිටියා නම් මෝට බයිසිකලේ නැගලා සීයා එක්ක රවුම් ගහනවා....ඇත්තමයි!!!..)
මම මේ පුංචි වැඩසටහන ලෑස්ති කළේ වේ ග්වාරා නැමති සියවසේ පරිපූර්ණ මිනිසා සිහි කරන්න.... තවත් පර්පූර්ණ අය ඇති... ඒත් මම චේ සීයාට හරීම ආදරෙයි.... හැබැයි චේ සීයාව විකුණලා.. සමාජවාදෙත් විකුණන අයව නම් මට පෙන්නන්න බැහැ... මට පෙන්නන්න බැරි වුණා කියලා ලෝකෙට කමක් නැහැ.... මොකද මම කියන දේ නෙවී වෙන්න පුළුවන් වෙනත් කෙනෙකුට ඇත්ත..



8 comments:

  1. ඔන්න මගෙනුත් සුබ පැතුම් !!!
    කෝ මම් ඉස්සර බ්ලොග් එන කාලේ තිබ්බ තමීර අයියගෙයි ඔයාගෙයි වලිය ??? තමීර අයියව දක්කෙම නෑ.

    ReplyDelete
  2. තමීර අයියාගෙයි මගෙයි වලිය..... නේද? මේ දවස්වල අපි වලි දමන්නෙ නැහැ අනේ..විභාගනෙ

    ReplyDelete
  3. චේගුවේරා.. මමත් ආසම කරන චරිතයක්.. මම එතුමන් ගැන ලිය උන පොත් කියවලා තියෙනවා.. එතුමන්ගේ සමහර චරිත ලක්ෂන මම ජීවිතේ සමහර වෙලාවට එකතු කර ගන්නවා.. එතුමා සුවිශේෂියි.. ඇත්ත කවුරුවත් එක වගේ නෑ.. මොන තරම් දක්ශයෝ උනත් වෙනස් කම් තියෙනවා.. ඒකෙන් තමයි අළුත් දේ බිහි වෙන්නේ....

    යාළුවෝ 200ට මගෙනුත් සුභ පැතුම්... මේ මම කී වෙනියද? :)

    ReplyDelete
  4. මාත් ආවේ ගොඩාක් පරක්කු වෙලා වගේ (මේ බ්ලොග් එකට) චේ සියාට නිවන්සුව පතමු එකතු වෙලා.. එකගයි 100% ක් ඔයා එක්ක අර විකුනනගෙන කන අය ගැන ඔයාගේ මතයට..

    ReplyDelete
  5. ස්තූතියි!!!!.... දිනේෂ්.... ඔයාගෙ නොම්බරේ කොහොමද මම දන්නෙ? :)

    ReplyDelete
  6. ස්තූතී දේවා 203 වුණාට.... පරක්කු ඔයාලා නෙවී.. මම මම දැන් මේ බ්ලොග් එක ලියන්න අරන් වසර දෙකක් වෙනවා.... එහෙත් හරියට ලියන්න පටන් ගත්තෙ සැපතැම්බර් 30... දැන් තමා හරියට ලියන්නෙ

    ReplyDelete
  7. සුභ පැතුම් නංගා 200යට

    ReplyDelete
  8. ස්තූතියි!!!! නිසූ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.