පත්තර වල නොයෙක් නොයෙක් කලා කරුවන්ගෙ, දේශපාලනඥයන්ගෙ , විද්වතුන්ගෙ සිහින වලින් පිරිලා..මට ඒ නිසා හිතුනා මම හිතන මගේ හීනය ලියන්න..
මම පොඩිකාලෙ ආස කළා කොල්ලෙක් වෙන්න.ඒකට හේතුව ඉස්කෝලෙ යද්දි සුදු ගවුමට වඩා නිල් කලිසමයි සුදුෂර්ට් එකයි පහසු යි කියලා මට හිතුණ එක.ඒත් හය වසරින් පස්සෙ ආනන්දෙ , නාලන්දෙ ළමයි නිතර දකිද්දි මට ඒ හීනය එපා වුණා! මොකද ඒ ළමයි ඇන්දෙ සුදු කලිසම්.. හවස් වෙද්දි ඒවා හරිම කිලිටියි..මම ගැහැණු ළමයෙක් වීම වාසනාවක් කියලා ඉතින් මට හිතුණා.
පස්සෙ මට ආයෙ ආස හිතුණා කොල්ලෙක් වෙන්න.. පිරිමි ළමයින්ට වඩා පැය ගණනක් කලින් ගැහැණු ළමයින්ට රෑ බෝ වෙන නිසා! අම්මා මාව එක්ක එන්න හැම වෙලේම එන නිසා.. කොල්ලෙක් වුණා නම් මට තනිවම ඉන්න තිබුණා කියලා. කාටවත් යටත් වෙන්න ඕනෙ නැහැ කියලා වගේ හැඟීමක් මට හිතුණා. ඒත් පිට පිට ඇහෙන ස්ත්‍රී අවහිර අතවර වලට වග කිව යුතු බොහෝ අය පිරිමින් වග හැඟෙද්දි මට මහ තරහක් ආවා. මම කවදත් පීඩක පන්තිය ට නාමිකව වත් නියෝජනයක් දෙන්න අකමැති නිසා.මම කෙල්ලෙක් වුණ එක හොඳයි කියලා හිතුණා.
පස්සෙ උසස් අධ්‍යාපනයෙදි හා විශ්ව විද්‍යාලෙදි මට අදටත් විටින් විට හිතෙනවා. මම කොල්ලෙක් වුණා නම් කියලා.. හිතවත් ගුරුවරයෙක් එක්ක කතා කරන්න කොල්ලෙකුට ඕනෙ තරම් අවස්ථා තියෙනවා.උපරිම කියන්නෙත් තරහම එක්කෙනෙක් වුණත් සර් සහ ගෝලයා එකට බිව්වා කියලා විතරනෙ.. ඒවා ඒ හැටි අවුලක් නැහැ. කෙල්ලෙක් පොඩ්ඩක් කතා කළොත් කතා සීයක් හදනවා.. ඇයි එහෙම වෙන්නෙ? කාටවත් කවුරු ගැනවත් පූර්ව නිගමනයකින් කතා කරන්න ඇති අයිතිය මම අදටත් ප්‍රශ්න කරනවා. රාත්‍රියෙත් නිදහසේ වැඩ කිරීමේ හැකියාව කොල්ලෙකුට තියෙනවා..කෙල්ලෙක්ට ඒකවත් නැහැ. 6 වෙද්දි ගෙදරින් එක්ක යන්න එනවා. අපි කී අතකට තැලෙනවාද? වැඩ කීයක් මග නවත්තනවාද?ඒත් මට ආයෙත් හිතෙනවා මම කෙල්ලෙක් වුණ එක හොඳයි කියලා.. මොකද අම්මා කෙනෙක් වෙන්න පුලුවන් කාන්තාවකට විතරනෙ..
ඒත් මට තියන මට ලස්සන හීනය කෙල්ලෙකුට ගැළපෙනවාද? කියලා කල්පනා කරලා බලන්න කියලා මම කියවන අයගෙන් ඉල්ලා හිටිනවා.. ගැළපෙන්නෙ නැත්තම් ඇයි නොගැළපෙන්නෙ කියලා විතරක් කියන්න.ගොඩක් අය කියන්නෙ මගේ හීනෙ කෙල්ලෙකුට ගැලපෙන්නෙ නැහැ කියලා. ඇයි මට ඒ හීනෙට ඉඩක් නැත්තෙ?
මට කරේ පිටිපස්සෙ ගෙනියන ලොකු බැක් පැක් එකක් තියෙන්න ඕනෙ.. (අම්මා මට එහෙම එකක් ගන්න දෙන්නෙ නැහැ..කොල්ලෙක් වගේ කියලා..) ඒ බෑග් එකේ තියෙන්න ඕනෙ .. කැමරාවක්, ලැප්ටොප් එකක්, ඩොන්ගල් එකක්, පොඩි රේඩියෝවක්, එම් පී ත්‍රී ප්ලේයර් එකක් හෝ අයි පොඩ් එකක්,බැටරි චාජර් ටික, මල්ටි ප්ලග් එක, ඇඳුම් හතරක් පහක්, (දැන් අහන්න එපා අරවා මේවා ගැන.. ඒවා ඔක්කොම අයිති ඇඳුම් ගොඩට) ,මගෙ ක්‍රීම් වර්ග ටික,මේක් අප් නම් එහෙම කරන්නෙ නැහැ..
ඒත් මට කණ්ණාඩියක් ඕනේ.. (මට නිතරම මගේ මුහුණ කොහොමද කියලා බලන පොඩි ලෙඩක් තියෙනවා) මගෙ අව් කණ්ණාඩියත් ඕනේ අත්‍යාවශ්‍ය වුණොත් දමන්න. (ඇත්තටම මට ඒක ඕනෙත් නැහැ.. මගෙ ඇස් දැන් ඉර එළියෙ සැරට ,නපුරට හරිම හුරුයි.)බිස්කට් පැකට් කීපයක් ම දාගන්න ඕනෙ.( චීස් බිට්ස්, චොක්ලට් බිස්කට්, ක්‍රීම් කැකර්, ක්‍රිස්කො, තව ෆ්‍රඩ් සිටියෙ තියෙනවා මම ආස බිස්කට් ජාති) බීම වර්ග නම් . ජින්ජර් බියර්,වතුර නෙක්ටො,කෝක්,.. අර ලොකු වතුර බෝතලයක් එක්ක ප්ලාස්ක් එකක් ගන්න ඕනෙ.. උණු වතුර දා ගන්න.. (මම තේ නොබොන නිසා තේ සඳහා මුකුත් වුවමනා නැහැ. නමුත් ඉඟුරුයි ,තේකොලයි, සීනියි කොහොමත් ගෙනියනවා.. සමහර වෙලාට ඕනෙ වෙනවා.. කෝපි අරන් යන්න ඕනෙ..) තව මම චිලි පේම්ට් එකයි.මගෙ මික්ස්චර් එකයි හදා ගන්න ඕනෙ...( බැදපු ලූණු,රටකජු,මැගී නූඩ්ල්ස්,සුදුලූණු, සෝයා, මිරිස්,කරපිංචා දමා හදන එකක්) එතකොට කොහෙන් හරි පාන් කෑල්ලක් ගත්තත් ඇති..
තව මට ඕනේ මම නිතර බොන බෙහෙත් වර්ග ටික.. ඊට අමතරව ( වෙන්ටලීන්,පෙරිටන්, පැරසිටෝල්, මීතයිල් ඔයිල්,ඩෙල්බිටෝල්,බෙතලින්)... ටෝච් එක , අමතර බැටරි, නෝට් පොත , පෑන් කිහිපයක් සහිත මගේ පැන්සල් පෙට්ටිය ( එහි හැමවෙලේම - පාට පෑන්, කතුරු, ගම්,මකන,අඩිරූල්,තවත් බොහෝ දේ තියෙනවා) මගේ ලියකියවිලි පර්ස් එක ( ඔක්කොම කාර්ඩ් ටික ඒකේ තියනවා..- ID Card, Bank Card, ... තව හැම දේම එහි තියෙනවා..) සල්ලි ටිකක්... කොට්ටය, බ්ලැන්කට් සහ, නිදාගන්න සහ ඉඳගන්න අවශ්‍ය අනෙකුත් පෝර්ටබල් දේ... පෝර්ටල් කිව්වාම මතක් වුණේ... පෝර්ටබල් ඩිස්ක් එක ගන්නත් ඕනේ... දැන් අහන්න එපා සිතියම කෝ කියලා... ලැප්ටොප් එකයි ..ඩොංගල් එකයි තියනවා නම් සිතියම් ඕනේ තරම්..
ඔන්න මම ලැහැස්තියි... දැන් මගෙ බෑග් එක හරි.. සතුටුයි!!
ඔන්න මම යනවා රට වටේම ඇවිදින්න... මම පටන් ගන්නෙ පිට කොටුවෙන්.... ඉස්සෙල්ලාම කොළඹ... ඉන් පස්සෙ රට පුරාම යනවා.. ඇවිදින්න.. මට නොයෙක් මිනිස්සු හමුවෙනවා.. මම ඒ අය එක්ක කතා කරනවා.. මට පුලුවන් මිනිස්සුන්ගෙ හිතිවිලි වල වෙනස හොයා ගන්න.. ඒකට බයිසිකලයක් තිබ්බා නම් හොඳයි. (පාපැදියක්) [තෙල් ඕනෙත් නැහැ] මම හැමතැනම ඇවිදලා ඉවර කරන්නෙ ආයෙ කොළඹටම ඇවිත්.. මට අවුරුද්දක් වත් යයි... අනේ මටත් ඇල්බර්ටෝ ගෙනාඩෝස් වගේ යාලුවෙක් හිටියා නම්... එක්කො මම ඇල්බර්ටෝ වුණා නම් කියලා මට හිතෙනවා!!!
මගෙ එකම හීනෙ ඇවිදින එක...ජීව්තේ හොයන එක..අනෙක් අයගෙ ජීවිත වලට එබෙන එක... ඒත් ඉතින් මාව ගෙයින් පැය පහක් එළියෙ ඉන්න කොට අපේ අම්මා දහපාරක් විතර කතා කරලානෙ.. ඒ වෙලාට මට හිතෙනවා මම කොල්ලෙක් වුණානම් කියලා.... ඒත් ආයෙමත් මට හිතෙයි මම කෙල්ලෙක් වුණානම් කියලා.. කොයිම වෙලාවක හරි!
මටත් මේ වගේම දෙවල් හිතිලා තියනවා. ඒත් මම කැමති කෙල්ලෙක් විදිහට ඉඳගෙනම ඒ දේවල් කරන්න තියනවානම්.. ඒත් එතකොට මේ සමාජයෙ හැමෝම කියාවි ඒ නැහැදිච්ච කෙල්ලෙක් කියලා. කවදාක හරි අපිටත් අපේ හීන ලෝකෙ ඇත්තක්ම කරගන්න දවසක් එනවානම් හොඳයි.
ReplyDeleteහොඳ කොල්ලෙක් හොයාගෙන කසාද බැන්දම ආදරය සෙනෙහස රැකවරනය තුන් වේලටම කෑම බීම ඇඳුම් ඔක්කොම හම්බෙනවා..අපිවගේ හම්බකරන්න,පවුල් නඩත්තු කරන එක ගැන හිත හිත ඉන්න, සල්ලි හොයන්න මැරි මැරිම වයසට යන්න ඕන නෑ!ඒවා ගැන හිතද්දි තමා කෙල්ලෙක් උනා නම්.... කියල මට හිතෙන්නේ :)
ReplyDeleteස්තූතියි හංසි කමෙන්ටුවට.... අපි බලමු නේද?
ReplyDeleteස්තූතියි සබිත්...ඔයා හිතනවාද කෙල්ලෙක් වීම හොඳයි කියලා
ReplyDeleteඅක්කගේ හීනම තියෙන සහකරුවෙක් හොයාගන්න තියෙන්නේ.. එතකොට අක්කගේ හීනවලටත් යන්න පුළුවන්..... අපි කවුරු උනත් දවසක අපිට ජීවිතේ ගැන ගැඹුරින් බලන්න සිද්ද වෙනවා...
ReplyDeleteඑහෙනම් ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ. කෑම තොගයක් දාගෙන තියෙන්නේ. අර දිනේශ් මල්ලි කිව්වා වගේ ඔයාගේ එක්කෙනත් එක්ක ඇවිදින්න බැරුව යෑ.
ReplyDeleteමගේ සහකරුවා....... හම්.. අනේ මන්දා දිනේෂ් මල්ලි.. සිහින වලට යථාර්ථය පාවා දෙන්න බැහැනෙ නේද?
ReplyDeleteආ මධුරංග නම් මගේ නිතරම එන යාළුවානෙ ..ස්තූතියි
ReplyDeleteනිතරම යන එන අයට ස්තුති කරන්න කවුදෑ කියලා දුන්නේ !!!
ReplyDeleteපුඃ ඔයාගේ මැනර්ස් !!!!
එහෙම ස්තූතියි කළාම ආයෙ එනවා කියලා.. මම පත සයිස් පොතක දැක්කා.... මධුරංගයෝ
ReplyDeleteඅම්මේ මාර හීනනේ නෙරංජිටත් තියෙන්නේ.කොහොමහරි හීන සැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා පතනවා ......:D
ReplyDeleteඒ උනාට නිනූ නංගි මම් නම් එන්නේ නෑ නෑ නෑමයි.
ReplyDeleteපොතේ නම මොකද්ද නංගි ??? :)
බැක්පැක් එකක් නෙමෙයි ඔය කිව්ව ලිස්ට් එක ගෙනියන්න කුබෝටා අත්ට්‍රැක්ටරයකුයි ට්‍රෙලර් එකක්යි ඕනේ වෙයි නේ... අනිත් එක ඔයා තනිකරම ජංගම පාර්මසියක්නේ... අනිත් එක කෑම... මාර කෑමක්නේ... මොනා උනත් ඔයාගේ ඔය හීනේට මං කැමතියි....
ReplyDeleteමමත් ඔය රස්තියාදුකාර කාලයක හිටියා... හැබැයි මට නං ඉස්සර ඕනවුනේ බාටා දෙකයි... පර්ස් එකට සල්ලියි විතරයි... අපිට ඒ කාලේ දුරගමන් සේවා දුම්රිය නොමිලේ තමයි යන්න දුන්නේ... මාර කාලයක්...
ජය !!!
හිනේනම් හොදයි හැබැයි පොඩි කොස්සකට තියෙන්න අර "බස්සා" කියපු විදියට කුබෝටා අත්ට්‍රැක්ටරයකුයි ට්‍රෙලර් එකක්යි ඕනේ වෙන එක තමයි.කොහොම නමුත් හීන සැබෑ වෙන්න කියල ප්‍රර්ථනා කරනව
ReplyDelete"අනෙක් අයගෙ ජීවිත වලට එබෙන එක" මේ වැඩේ නම් ඉතින් පොඩි අවදානමක් තියන වැඩක්
ස්තූතියි ලයන්.... මට හිතන්නෙ බැරිවෙයි!!
ReplyDeleteමට නම මතක නැහැ අනේ... මොකක් නමුත් එන් ලයින් පොතක් මධුරුවො
ReplyDeleteනැහැ නැහැ... බෑග් දෙකකට මැනේජ් කරගන්න නම් පුළුවං... මම දන්නවානෙ....
ReplyDeleteඅනිවාර්යයෙන්ම ඒක භයානකයි... නමුත් මම ආසයි.. ඒ අය එක්ක කතා කරන්න.. ඒ අය ජන ජීවිතය ගත කරන හැටි බලන්න ආසයි. ජන විවිධත්වය බලන්න ආසයි!.. ඇත්තමයි. ස්තූතියි මං සලකුණු..
ReplyDeleteඅනේ බස්සා අර උඩ කමෙන්ට් එක ඔයාට.. ස්තූතියි!!
අවශ්යතාවය තියේනම් කරන්න බැරිකමක් නෑ..ඕකට කියන්නෙ ලින්ගික හුවමාරුව කියලා ;)
ReplyDeleteඅපෝ ඒ තරම් දරුණු දෙයක් ගැන මම හිතුවෙ නැහැ... මම කියන්නෙ.. හිතිවිල්ලක් විතරයි!!!
ReplyDeleteමට හිතන්නේ මේ නෙරන්ජිට තියෙන්නේ කොලු හිතක්.. වැරැද්ද ඔයාගේ නෙවෙයි.. හිතේ....
ReplyDeleteජය...
නිනුවාගේ අවශ්‍යතාවයන් වැඩී..ඔහොම කවදාවත් ගමන් යන්න බැහැ පලවෙනි හැතැම්මම ඔයාව වට්ටනවා... ඔහොම ගමනක් යන්න ඔය හැටි දේවල් මොනවටද..? මතක තියා ගන්න කොල්ලෙක් උනානං ඔය හැටි සියුමැලි විදියට ජීවත් වෙන්න ඕන නැහැ... බස් ස්ටෑන්ඩ් එහෙක බංකුවක හරි..පන්සලක බණ මඩුවක හරි වැටිලා නිදා ගතෑකි... පාරේ ටැප් එහෙකින්..එහෙමත් නැත්තං ගෙදරකින්..කඩේකින් වතුර ටිකක් බීහැකි. අනික ගමන් යන්නයි ලැප්ටොප්වල එල්ලි එල්ලි ඉන්නයි..ඕවා චාර්ජ් කරන්නයි ගියහම මොන වදයක්ද..? පොඩි බෑග් එහෙකුයි..තුවායයි සරමයි..කොට කලිසමයි ඇදන් ඉන්න ඇදුමට අමතරව තව එක ඇදුමකුයි තිබ්බනං ඇති... ඕනනං දත් බුරුසුවයි ටූත් පේස්ට් එහෙකුයි ගෙනිච්චෑකි..ඒ නැත්තං කෝටු කෑල්ලක් හපලා තලලා බ්‍රශ් එකක් හදා ගතෑකි... රැවුල කපන අයටනං ඔය රේසරයක් ඕන වෙයි..ඒත් ගමන් යන්නයි රැවුල් කපන්නයි මොන වදයක්ද.. ඔය විකාර ඕන නැහැ... මංනං බෙහෙතක් හැටියට ගෙනියන්නේ පෙනඩොල් පෙති ටිකකුයි පිරිටනුයි විතරයි... මං ඔය කිව්ව ටිකට අමතරව රබර් සෙරෙප්පු කුට්ටමක් ගෙනියනවා... දැනටත් ඔය ටික පැක් කරපු ගමන් මගේ වෙනම පොඩි බෑග් එකක් කාමරේ මුල්ලක තියෙනවා.. දැන් කතා කලානං කොහේ හරි යන්න මට තියෙන්නේ ඒකත් අරං පාරට බහින්න විතරයි...තව සරල වෙන්න උත්සහ කරන්න...
ReplyDeleteකොහොම උනත් ලස්සන හීනේ...
තම්බ්ස් අප් මාරයා අයියා... 100%ක ඇත්ත..
ReplyDeleteජය..
මටත් හිතෙනවා.... ගයාන් අයියෙ
ReplyDeleteඅනේ මාරයා අයියාගෙ කමෙන්ටුවෙ දිග... මාරයා අයියා හරිම යථාර්ත වාදී... මම කවදත් ආදරේ කරන ගරු කරන කෙනෙක්... අයියා හරි ඇති... මේවා ඉතින් හීනම විතරයි අයියෙ....
ReplyDeleteඅලේ මටත් හරි ආසා හිතුනා අප්පා.කොහෙද ඉතිං අපිට ඕවා කරන්න දෙන එකක් යෑ මේ සාමාජෙ...:((
ReplyDeleteඔයා හරි නිසුපා ... අපිට මේවා හරිම දුරයි!!
ReplyDeleteසිහින අපිව ජීවත් කරවනවා..සිහින අපේ ජීවිත අමුතුම සුන්දරත්වයක් කරා ගෙන යනවා..අපි විශ්වාස කලොත් සිහින කියන්නෙ..මේ ජීවිතයේ කවදාහරි අපිව හැබහින්ම හොයා ගෙන එන ඉසව්වන් තමයි! ඔබට කොල්ලෙක් වෙන්න බැරි උනත් ඔබේ ඔය සිහිනය යථාර්තයක් කරන්න පුළුවන් සහකරුවෙක් ලැබේවි.. අන්න එදාට ඔය සිහිනය තවදුරටත් සිහිනයක් නම් නෙවෙයි !
ReplyDeleteස්තූතියි වෙනී.... ගොඩක් ස්තූතියි!!
ReplyDeleteබ්ලොග් සෙට් එක මේ වගේ සැහැල්ලු ට්‍රිප් එකක් යන්න කෑම්පින් කරන්න,අව්රුද්දක් හිටියොත් මමත් සෙට් වෙන්නම්//
ReplyDeleteහොඳයි... ඒත් ගෙවල් වලින් අවසර නැහැනෙ
ReplyDeleteමගේත් හීනය ලොකේ පුරා ඇවිදින්න... මම ඒකට හැමදේම සූදානම් කරනවා මට පුලුවන් විදිහට.. කවදා හරි මම මගේ හීනය සැබැ කරගන්නවා.. ඔයාට ජය..
ReplyDeleteඔබටත් ජය කපිතාන්
ReplyDeleteකතාවේ පටන් ගැන්ම හොඳයි. සාධාරනයි. සමබරයි. වගේම සාර්ථකයි. ඒත් මට දැනෙන විදිහට හීනේ අවුල් යන්නේ ගෙනියන්න ඕන කරන ටිකෙන්. අවශ්‍යතාවය ඇවිදීම හෝ සැරිසැරීම නම් මතකයන් ඉතිරි කර ගැනීමට කැමරාවක් තිබුනනම් ඇති. බෙහෙත්, කෑම ඕන තමයි. ඒත් ප්‍රධාන නෑ වගේම මගින් සපයා ගන්න පුලුවන්. ලස්සන ආරම්භය එහෙම්පිටින්ම කැවිලා. කතාව මීට වඩා දිග කරන්න තිබුනා. පටන් ගැන්ම හෝ අවසානේ නැතුව ඔයාගේ ගමනේ කූඨප්‍රාප්තිය ගැන කතාවට ගේන්න තිබ්බා. අවසානේ ආපහු ගේනාඩෝස්ගෙ පිහිටෙන් ගොඩයන්න හැදුවත්, ගොඩ යෑම කොටයි. අනික ප්‍රධානම දේ කොල්ලෙක් හෝ කෙල්ලෙක් වීමට ආවැඩීම නෙමෙයි. මනුෂ්‍යයෙක් ලෙස ඉපදීම සහ සියලු සත්වයන්ට පොදු සිස්ටම් එක කඩාගෙන යෑමේ හැකියාව මනුෂ්‍යාට උපරිමයෙන් පිහිටීම[ඒකෙන් අදහස් කරන්නේ හෙළුවෙන් පාරේ ඇවිදින්න කියන එක නෙමෙයි]. ජය!
ReplyDeleteස්තූතියි මුචලින්ද ඔබේ අදහස මම අගය කරනවා... මේ වෙනුවෙන් කාලය මිඩංගු කළාට ස්තූතියි.... හුඟක්...
ReplyDeleteගෑණු ගෑණු කමට තියන ආදරේ මහ විසාලයි,
ReplyDeleteඔයාට ඒක අන්තිමට තේරිලා,
" ඒත් ආයෙමත් මට හිතෙයි මම කෙල්ලෙක් වුණානම් කියලා.. කොයිම වෙලාවක හරි!"
හොඳ සිහිනයක්,
මාරයා අයියාගෙ කතාව අමූලික ඇත්ත.
ස්තූතියි... ගොර්ඩෝනියා .... ඒක නෙවී.. කොහෙන්ද ඔය නම!!
ReplyDeleteඋඹ යන්න හදන්නේ ලක්ෂරි ටුවර් එකක්නේ බං :D
ReplyDeleteහෙ හෙ දන්නවනෙ නෙරංජි කියන කෙල්ලට හීනියට අවුලක් තියෙන වග...
ReplyDeleteහප්පා අර තාරක අයියාවත් කැන්ද ගත්තා නම් ඔය බර ටිකෙන් ටිකක් කර ගහන්න එයාව උපයෝගී කර ගන්න තිව්නා
ReplyDeleteඑයාව එක්ක යන්න ඕනේ... ඒක මරු වැඩක් වෙයි.. එයාට මගදි එපා වෙයි..
ReplyDeleteඉස්සර ලංකාවේ දියමන්තියක් අතේ තියන් ලංකාවේ එහා කෙරවල ඉඳල මෙහා කෙරවලට කෙල්ලෙකුට තනියෙන් යන්න පුලුවන් කාලයක් තිබලු... අන්න ඒ කලේ අද තිබ්බනම් ඔය හීනේ හැබැ කර ගන්න තිබ්බ....
ReplyDeleteකොහොම උනත් හීනේ හැබෑ වේවා!!!!!
ඔයා හරි නිමේෂ්...
ReplyDeleteමොනවා වුනත් ඔයාට තියෙන්නේ අහිංසක හීනයක් කියල කියන්න ඕනේ....
ReplyDeleteමගෙත් ප්‍රධාන විනෝදාංශය රට වටේ රවුන් ගහන ඒක තමයි, හැබැයි මම බෑග් දෙකක් අරගෙන යනවා...
එක බෑග් එකක් මාරයා කිව්වා වගේ උපරිම සරල විදිහට ඇසුරූ ඇඳුම් බෑග් එකක් (පුංචි එකක්)
ඉතුරු ලොකු බැක් පැක් වර්ගයේ බෑග් එකේ තියෙන්නේ කැමරාව සහ එයට අදාළ උපාංග, චාර්ජර් වගේ ආම්පන්න
මේ බෑග් දෙක එල්ලගෙන මට ඕනේ දුරක් යන්න පුළුවන් වෙන්න ඕනේ, ඒ මගේ තියරි එක
හැබැයි දැන් මටත් ආසයි කොහේ හරි ගිහින් පාරක් අයිනේ නිස්කලංක තැනකට වෙලා කෑම්ප් එකක් ගහගෙන ඉන්න
ඒත් කෙල්ලෙකුට විතරක් නෙමෙයි කොල්ලෙකුටත් එහෙම ඉන්න අමාරුයි දැන් අපේ රටේ, හොර හතුරෝ නිසා....
එක දවසක් මම සෙරෙප්පු දෙක ගලවල තියල බස් හෝල්ට් එකක නිදා ගත්තා යාලුවෙක් එක්ක, යන්න තැනක් නැති නිසා
එළි වෙද්දී කවුදෝ මගේ සෙරෙප්පු දෙක හොරකන් කරලා...
නංගො ඔයා තාමත් වෙන්ටලීන් බොනවද?එකනම් නවත්තන්න ඔනි.ඒක එක දිගටම ගන්න හොඳ වේදනානාශකයක් නෙවේ
ReplyDeleteගොඩාක් දුර නැතත් අපි කොලඹ වටේ පොඩි රවුම් දෙක තුනක්නම් ඇවිද්දානේද නංගො
ReplyDelete