එදා එදා දවසෙ වැදගත් කම් හුඟක් දේ මතකයට නැගෙන එක පුංචි කාල ඉඳන්ම මට පුරුද්දක්.. ඒ නිසාම මම අද නැගිට්ටෙ ලෝක ළමා දිනය වෙනුවෙන් මටම සුබ පතාගෙනයි... ළමා කාලයක් කියලා සුන්දර කාලයක් මම ගෙව්වාද කියලා මම අදටත් මගෙන්ම ප්‍රශ්න කරනවා... ඔව් මම සුන්දර ළමාකාලයක් ගෙව්වා..හරිම ලස්සන ළමා කාලයක්..
පෙරපාසල් ගියා..අකුරු ලිව්වා...අම්මා මාව සෙල්ලම් කරන්නවත් එළියට යැව්වෙ නැහැ මට තියෙන ආදරේට...මගෙ අම්මා ගුරුවරියක් නිසා මගෙ ප්‍රාථමික අධ්‍යාපනය අති සාර්ථකයි සෙල්ලම් කරන්න නොගියාට අනික් ළමයිගෙන් මම ඒ සෙල්ලම් අහලා ඉගෙන ගන්නවා!! ඉන් පස්සෙ මම තනියම හිතෙන් සෙල්ලම් කරනවා.. ඒ නිසාම මට හොඳට හිතන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.. මම තනියම හිතේ මවා ගත් මගේ ලොකු අයියා සමඟ හිතෙන් සෙල්ලම් කළා... ඒක හරි අපූරුයි
දෙක වසරෙදි දවසක් මම වැසිකිලියට යන්න ඕනෙ කියලා එළියට ගියෙ..ඒ අය කරන සෙල්ලම් ඇත්තටම බලන්න ආසාවෙ..විවේක කාලය පන්තියෙ තනිවම ඉඳලා මම හරි පීඩාවට පත්වෙලා හිටියා. මම එළියෙ වග ටීචර් දැකලා අපෙ අම්මා කියලා.. මම කියන දේ නාහන ළමයෙක් කියලා අම්මා හොඳටම ඇඬුවා.. මම ආයෙ කවදාවත් සෙල්ලම් කරන්න ගියෙ නැහැ..මම තීරණය කළා සෙල්ලම් නොකරන්න..අම්මාට තවදුරටත් දුක් නොදෙන්න..
පහේ දී ශිෂ්‍යත්වෙට අම්මා මාව පන්ති එක්ක ගියා.. ඉංග්‍රීසි පන්තියෙ අම්මාගෙ යෙහෙළියන්ගෙ දරුවො මට සෙල්ලම් කරන්න කතා කළා.. මට ඒ අය එක්ක සෙල්ලම් කරන්න අමාරුයි.පුරුද්දක් නැති කම නිසා. ඉතින් මම ගිහින් සෙල්ලම් කරන තැන පුදුමෙන් වගේ නතර වෙලා බලා හිටියා.. ළමයෙක්ගෙ ඇඟේ වැදිලා මම වැටුණා... මගෙ කකුල සදාකාලිකව ආබාධිත වුණා.. අදටත් සමහර දාට ඒ කකුල ආබාධය උත්සන්න වෙනවා..(බර වැඩි වුණොත් ඉවරයි.. තව කෙට්ටු වෙන්න කියලා දොස්තර අංකලුත් කීවා) මම ශිෂ්‍යත්වය ලිව්වෙත් ඒ අමාරුව සමඟයි..කොහොම නමුත් මම පාස්.. ඉස්කොලෙන් 18ක් ගොඩ.. මම පළවෙනියා වුණා..ලකුණු 161ක්. ළමා කාලෙ සුන්දරයි!! ටිකක් දුර හිතලා බැලුවාම!
පස්සෙන් පහු මම ආවෙ කොළඹ ඉස්කෝලෙට..අම්මාගෙ ඇල්ම බැල්මෙන් ටිකක් මිදුණත්,සදාකාලික කකුල අපහසුව ඉදිරියට ආවායෙන් මම ක්‍රීඩා වලට කවදාවත් ගියෙ නැහැ...අම්මාලා කැමති වුණෙත් නැහැ මම වැඩිය දඟලනවාට .. නැටුම් කළෙත් නැහැ....ගුරුවරු අකමැති වුණා..මගේ අල්ල ටිකක් ඇදයි..ඒ නිසා..
ඒත් අවසන් කාල පරාසය තුළ මම අපේ සරඹ සංදර්ශනය නංගිලා පුහුණු කළා..පොඩි එවුන් මට හරි එකතු නිසා වෙන්න ඇති මට ඒ අවස්ථාව ලැබුණෙ..කොහොම නමුත් මම හිතෙන් නම් හැම සෙල්ලමක්ම කළා.. මම දඟලන්නට නොවෙන කුීඩාවක් හැටියට චෙස් කරන්න පටන්ගත්තත් එදාට විද්‍යා පන්ති වැටුණා.. ඒකත් නැති වුණා.
මට ගමක් තිබ්බාත් අප්පච්චිට නිවාඩු නැති නිසා මම එහෙ යන්නෙම නැති තරම්.. ගෙවල් පැත්තෙ ළමයි එක්ක එකතුවෙලා සෙල්ලම් කරනවාට කිරි අම්මා ( අම්මාගේ මව්) කවදත් අකමැතියි.. මම ඒ ළමයින්ට හරි ආසයි.එයාලා හොඳයි... අඩුම තරමෙ මාව ගමේ පන්සලේ දහම්පාසලටවත් ඇරියෙ නැහැ..මාව ඇරියෙ කොළඹ ලොකු දහම් පාසලකට ..එක අවුරුද්දට විභාග පහයි.. VMB නැතිව එකතු කරලා බැලුවත්..
මම මේ ලිපිය ලියන්නෙ අද ලෝක ළමා දිනය වෙනුවෙන් යන ළමා වැඩසටහනක් ආසාවෙන් බලා ඉන්න අම්මාව දැකලා.. ඒ ළමයින්ගෙ ලස්සන පෙන්වන්න.. උන් නටන ගයන දඟලන හැටි පෙන්වන්න..අම්මා මට කතා කරනවා.. කිරි අම්මා කට ඇරන් ඒ දිහා බලා ඉන්නවා..අනේ අමමේ මම ඔය කාලෙ ඔයතරම්ම හුරතල්..ඒත් මගෙ ඉස්සරහ තිබ්බ පොත් කන්දට ඒවා පෙනුණෙ නැහැ..මගේ හිර කරපු හිතිවිලි එදා කවුරුත් දැක්කෙත් නැහැ.. .තව පොඩි ළමයි ගණනාවක් රූපවාහිනිය ඉදිරිපිට අද දවසට විතරක් ළමා දිනය සමරනවා ඇති....අද දවසට ඉස්කෝලෙ රැස්වීම් තියලා මහ ලොකු දේවල් කෙරෙයි. අනේ ඉස්කෝල මහත්වරුනි නෝනාවරුනි.. ඔබලා ගුරුවර ගුරුවරියන් නම්.. පාසල් කාලයෙන් මසකට පැය දෙකක් දරුවන්ට නිවනක් දෙන්න.. ටියුෂන් යවන්න එපා කියලා බැනුම් අහනවාට වඩා ඒක හොඳයි මම හිතන විදිහට...
වීදි දරුවො ගැනත්, මුදල් හිඟකම් ඇති දරුවො ගැනත්, මව්පිය ආදරය සෙනෙහස අහිමි දරුවො ගැනත්.. එකී මෙකී නොකී අසාධාරණයන්ට මුහුණ පෑ කතා කළ යුතුම අය ගැන මා කතා නොකළා නම් මට සමාවෙන්න.. මේ ලෝකයට පෙනෙන්නට සිනාසලන බහුතරයක් දරුවන්ගේ තුන් කල් කඳුලු කතාවයි.. අඩු වැඩි වශයෙන් මෙය ඔබේ කතාවද විය හැකියි!
ඔයාට සුන්දර ළමා කාලයක් තිබිලා තියෙනවා. මොකෑ අක්කා හිතෙන් සෙල්ලම් කලැයි කියන්නේ.
ReplyDeleteඋඹ සුන්දරයි කියනවා නම් පිළි ගන්නම් මල්ලියෙ
ReplyDeletehard work may help for success
ReplyDeletethanks for the comment
ReplyDeleteළමයෙක්ගෙ ඇඟේ වැදිලා මම වැටුණා."
ReplyDeleteකිව්වේ.., දරුණුවටම වැටුනද?
ඇත්තටන සුන්දර ළමා කාලයක් තිබිලා තිනවා
අපේ ළමා කාලෙත් මතක් උනා... ඇත්තටම අපිට ලබපු තරම් වත් ළමා කාලයක් කවද හරි දවසක අපේ අනාගත පරම්පරාවට නම් ලැබෙන්නේ නෑ කියල මට නම් දැනුත් හිතෙනව...
ReplyDeleteදුකයි අක්ක,
ReplyDeleteඔයාගෙ කාලෙත් මෙහෙම වුනා කීවම,
මට පට්ටම දුකයි.
මගෙ බ්ලොගය බලන්න.
ඇත්තටම මේ සටහන හැම දෙමාපියෙක්ම ඒ වගේම දෙමාපියන් වීමට පෙරුම් පුරන්නන් ද කියවිය යුතුම අතිශ්‍යයින් වැදගත් ප්‍රායෝගික ලිපියක් බව කියන්නට කැමතියි .මේ ඇත්ත සමාජගත වනදාක අපේ දරුවන්ට නැවත ලමා කාළය හිමිවේවි ...
ReplyDeleteදුක්වෙන්න එපා හැමොටම ළමාකාලය එකවිදිහට ගතකරන්න බෑ මීට වඩා දුක්බර ළමා වියපසුකලවුන් ගැන සිතලා සතුටුවෙන්න
ReplyDeleteනදුන් තියන කතාව හරි...මමත් එහෙම හිතනවා
ReplyDeleteස්තූතියි මල්ලි... අනිවාර්යයෙන් බලන්නම්කො
ReplyDeleteඔව් දරුණුවටම වැටුණා...
ReplyDeleteස්තූතියි මහේෂ් ඔබේ අදහසට.... ගොඩක්ම ස්තූතියි
ReplyDeleteමට මේ ලිපිය කියෙව්වම ඇත්තටම දුක හිතුනා අක්කේ... ඇත්තටම දැන් ඔය සිස්සත්තෙට පොඩි එවුන් දක්කන් යනවා දැක්කම් 2-3 පන්තිවල ඉදලා හිතට හරිම දුකයි..
ReplyDeleteඅනිත් අය සෙල්ලම් කරනවා බලන් මම හිතින් සෙල්ලම් කලා කිව්වම ඇස් වලට කදුලක් ආවේ නොදැනිම...
ගොඩක් ස්තූතියි යාලුවෙ
ReplyDeleteස්තූ.ියි ලොකු ජෝන්
ReplyDelete