නැවත බ්ලොග් ලිවීම ආරම්භ කළ යුතුයැයි හැඟුණේ මින් බොහෝ කලකට පෙර වුවද නොයක් හේතු මත ඇත්තටම බ්ලොග් ලියන්න බැරි වුණා.. ඔන්න ඔහෙ බ්ලොග් ලිවීම අතහැරලා දමනවා කියලා හිතුණෙත්, එන්න එන්න මේ කෙරුවාව එපා වෙද්දි...ඇයි මට එපා වුණේ කියලා පසු විපරමක් කර බලද්දි... එක හැටියට කාර්ය බහුල වීම.. නිදහසක් නැතිවීම.. පෙර මේ සඳහා යොදාගත් වේලාවෙන් මගේ පෙම්වතා සමඟ මල් කැඩීම සඳහා යොදාගැනීම ආදිය සැලකිය හැක. තවද බ්ලොග් බොහෝමයක් පැමිණිම නිසා.. ලියනවාට වඩා ඉතිරි වන සුලු වේලාවෙන් හෝ යමෙක් ලියූවක් කියවීමට හැකි වීම ප්‍රිය කළෙමි... තවද මට මුහුණු පොත බොහෝ මිතුරු වීම නිසාම මම එහි නිතර ගැවසීමි.. කවි ලීමි...බොහෝ විට සමාජ ජාල ක්‍රියා වන බස් පැදීම, පස් ඇදීම, බුකි සැරීම යන ඒවායෙන්ද මම ඈත් වීමි.. ස්ටේටස් දැමීම, කවියක් දැමීම... කමෙන්ට් කිරීම හැරෙන්නට වෙනත් දෙයක් නොකළෙමි... දැන් ලිවීමේ බස මල කම්මැලි හෙයින් එය අතහැර සුපුරුදු නීනුවා ,නෙරා ,නෙරංජි බවට පත්වෙමි..
බුකියෙ මම ටිකක් හරි ක්‍රියාකාරි වුණා නම් ඒ අර බුකු බස් පැදිල්ලට .. ඒත් දැන් ඒකෙත් ලොකූ දෙයක් නැහැ... ඕනෙම දෙයක් මට ඉක්මනින්ම ඕනෙ වෙනවා වගේම ඉක්මනින් එපා වෙනවා!.. ඒ බව හොඳටම ඔයාලාට තේරුම් ගන්න ඇහැකි මගේ ටෙම්ප්ලේට් මාරු කිරිල්ලෙන්... මගේ දැන් ටෙම්ප්ලේට් එක පවා අලුත්... ඒ වගේ ම පරණ රෝස වලාකුළු නමත් මම විසික් කළා... ඒ වෙනුවට ... රෝස වලාකුළු පායන්න හේතුව හොයාගත්තා...
අද ඉඳන් මම මගේ බ්ලොග් එකට අලුත් නමක් දෙනවා! “ඒ ඉර ඇහැරෙන ඉසව්ව“ ....
මම ඉස්සර ඉරට ආසම නැහැ... ඒත් දැන් මගේ ජීවිතේ ලොකුම බලපෑම් සාධකයත් ඉර... මම එදා ඉරට වෛර කළා. එහෙත් අද මම ඉරට ගරු කරනවා..ඒත් මම ඉරට ආදරේ නැහැ.. මම ඉරට හරි බයයි..නමුත් කැමතියි!
මම අද ඉඳන් මට හිතෙන, මම දකින,මම විඳින,මට දැනෙන, මම පතන සහ මට සිදුවන බොහෝ දේ මෙහි ලියන්න උත්සාහ කරනවා!!! අද ඉඳන් ලබන වසර පුරා තව ලිපි සියයක්වත් ලියන්නයි මම උත්සාහ කරන්නෙ..
මම තීරණය කළා සෑහෙන්න කාලයක් බ්ලොග් ලියන්න.. මට කමෙන්ට් වලින් නම් කවදාටත් මහා හිඟයක් තිබුණෙ නැහැ... නමුත් ගොඩක් තිබ්බෙත් නැහැ.. කමෙන්ට් වලට කොයිතරම් ආස වුණත්, කමෙන්ටු බලන් ලිවිල්ල නතර කළේ මැද දවස් වල.. දැනට මම ලියා තියෙන පෝස්ට් ගණනකට අනුව 111 යි.. ලුහුබඳින්නන් 186යි... ඒ අතින් බැලුවොත් වැරදිලා හරි මේකට 186 ක් ඇවිත් තියෙනවා... හිට්ස් වුණත් 10000 ක් පැනලා තියෙන්නෙ.. මම ගියපුවා ඉවත් තළොත් 2000ක් ඇවිත් තියනවා කියලා හිතමු... මට නම් ඒත් ඇති..
තව දුරටත් කල්පනා කරලා බැලුවොත්, මම සින්ඩි කියකට බැඳුණාද, කීයක් මාව පිළිගත්තාද, දැනට මම කීයක ඉන්නවාද කියලා මම දන්නෙ නැහැ.. මම නම් එහෙම මාරු කළ නිසා සමහර විට අද ඉඳන් මම ආගන්තුකයෙක් වෙයිද දන්නෙත් නැහැ...
අලුත් නමකින් පටන් ගත්තත් ලියන්නෙ නෙරංජිමයි.. සමහරක් වට ලියන දේවල් වෙනස් වෙන්නත් ඉඩ කඩ තියෙනවා... මම මගේ නමින් නොවන වෙනත් බ්ලොග් එකක් කළා... ඔබ දන්නවාත් ඇති “ සාෂාගේ සටහන් “
මට ඒ බ්ලොග් දෙකම කරගෙන යන්න ආස වුණත්, දෙකම බදාගත්තොත් එකක්වත් නොකරන එකියක් මම!! ඒ නිසා මම ඒ ලිපි දෙකත් නැවත තව ටිකක් සංවර්ධනය කරලා මේකටම එක් කරනවා... ඒ බ්ලොග් එක විනාස මුඛයට යවනවා... නෙරංජි නමින් මිසක් මට වෙන කිසිම නමකින් කරන කිසිවක් කොයිතරම් ආසාවෙන් කරන්න උත්සාහ කළත් කරන්න අමාරුයි..පුරුදු මැට්ටි එළියට පනිනවා..
ඔයාලා මට බ්ලොග් ලියන්න කිව්වත්, එපා කිව්වත් මට ඕනෙ වෙලාවට මට ඕනෙ විදිහට මම ලියාවි. දවසකට එකක් බැරි වේවි සමහර විට.. නමුත් කොහොම හරි මොනාම හරි ලියන්න ට්‍රයි කරනවා.. හිතේ තියෙන ඒකාකාරි බව විසික් වෙන්න..
රෝස වලාකුළට වසර දෙකක් පිරෙන මේ වෙලාවේ.. ඉර ඇහැරෙන ඉසව්වට පිවිසෙමින්.. ඔබ සමඟ තවදුරටත් සිටීමට බලාපොරොත්තු වෙනවා!!
මම ඔබේම නීනුවා! නෙරංජියා
අලුත් පෙනුමක් එක්ක ආයෙන් ඇවිත්,දිගටම ලියන්න.අපිත් එනව කියවන්න.
ReplyDeleteස්තූතියි!! නදී... මේ පාර නවතින්නෙ නැහැ
ReplyDeleteවෙල්කම් වේවා !!
ReplyDeleteඅළුත් වෙනස හොදයි... අපි ඉතින් කවදත් මේ පැත්තේ ඇවිත් ගියානේ.. පුළුවන් හැම වෙලාවකම ලියන්න..
ReplyDeleteWelcome!
ReplyDeleteනැවත ආගමනයට මගෙනුත් සුබ පැතුම්. ඔයා තේරගත්තේ අපි තෝරලා දීපු නමක් නේද. නම ලස්සනයි.
ReplyDeleteඑහෙනම් ඉතින් අක්කා (නංගි) ආපහු ලියන්න ගන්න. ඉස්සර වගේම කියවන්න අපි ඉන්නවා.
සාෂා විදියට ලියපු ලිපි නම් අපූරුයි...
ReplyDeleteවෙනස නම් ගොඩක් ලස්සනයි.. කාලෙකින් දැක්කෙ.
ReplyDeleteලියාගෙන ලියාගෙන යන්න හොඳදේ....
ReplyDeleteජීවිතේට බාදාවක් නොකර ගෙන :)
අලුත් වෙනසට ප්‍රියයි මම :)
හොඳ ළමයා. ආයෙත් ඇවිත්.
ReplyDeleteඅයෙ නෝටි වෙන්න එපා
ස්තූතියි සඳරු දැන් ඉතින් දිගටම ලියනවා
ReplyDeleteඅනේ ස්තූතියි දිනේෂ්.. මම ඒ බව දන්නවා!
ReplyDeleteස්තූතියි දර්ශන සහ විසිතුරු ඔබ දෙදෙනා මා පිළිගත්තාට
ReplyDeleteමදුරංග මේ වගේ නම් තිබ්බාට මේ නම මම දාගත්තෙ මීට හුඟක් කලින්... මේ නම සාෂාගෙ සටහන් ලියන කාලෙත් මතකයෙ තිබුණා..
ReplyDeleteගොඩක් ලිපි ඉදිරියේදි සාෂාගෙ ලිපි වලට සමාන වෙන්නත් ඉඩ තියෙනවා!! නොවෙන්නත් ඉඩ තියෙනවා!
ReplyDeleteඔව් හංසි ... මම කාලෙකින් ආවේ... ස්තූතියි!!
ReplyDeleteස්තූතියි දිල් අක්කෙ ඔයා මගෙ බ්ලොග් එක බැලුවා කියන එකත් මට කළ ගෞරවයක්.. මම හරිම ආස කරන චරිතයක් ඔයා!! කමෙන්ට් වැඩිපුර ඔබට නොදමන්නෙ... මම තරම් නැහැ වගේ හැඟීමක් තියෙන නිසා
ReplyDeleteආයෙ යන්නෙ නැහැ.... දිගටම ඉන්නවා ස්තූතියි සහෝ
ReplyDelete