11/4/11

අඳුරුය | ඉර පායා ඇත ( කෙටි කතාව)


ජනේලය ඇරියාම උදේ පාන්දරම එන හීතල සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට බෝඩිං කාමරයටම තිබුණෙ එකම එක දොර පලූවක් විතරයි. හරහට වැටිච්ච රීප්ප හිල් අස්සෙන් හිරු එළිය ඇවිත් ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ හීන් ඉරි කෑලි වගේ..

ඊයෙ රෑ බත් කද්දි සිමෙන්ති කුහර අස්සට වැටුණු බත් ඇට තුන, හතරක්, නිදි මතේ කොස්සට මඟ ඇරිලා..
දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට..

මම දැන් තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එකත් නැති වෙන්න, ජීවිතේම මහා පාලූවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා අවුරුදු දෙකක්... ඇත්ත නම ශ‍්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සමනළී කියලා.. මේ දවස් වල ජනප‍්‍රියම නමක් නිසා රික්වෙස්ට් කෝටියයි..

වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැනෙ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසා මඟුල් යෝජනා තුනක්ම ආවා....

අක්කටත් ගමේ ගියාම කියන්න  ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....
ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ.....අනික හරියට කාව හරි අල්ලගත්තොත් පරම්පරාවම ගොඩ... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො

අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලූවා. මාව දකින්න ආසලු . කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවරයි. මම ඒ හින්දාම ලයිබ්‍රියට එන්න කිව්වා..අද නම් තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න වෙයි.. හිතයි මම තාම ඉගෙන ගන්නවා කියලා.. හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලූනෙ...පෙනුමට බර අත්තක්


මම නැගිට්ටා. දොර අගුල පැන්නුවා.. පයිප්පෙ ළඟ පෝළිමට ටින් බෙලෙක්, තීන්ත බාල්දි, කෑන්..

කපුටො රංචුවක්  ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?

අර හවසට එනවා කීව කෙනා හාඞ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත‍්‍රීවිල් ඩ‍්‍රයිවර් කෙනෙක් වෙනවා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...

ඒ හිතිවිල්ලත් එක්කම විසාකා ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ  නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා උදේ කෑමත් නැතිව ගාටපු  ඒකීගෙ ඇස් ආවේ සිංගල් ඇඳ බදාගෙනමයි.

”අන්න ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. සුපයිසරය කිව්වා.. අද උඹට හත වෙනකන් වැඩ කියලා.. අපේ වැඩ තමා පහට ඉවර”

ඇගේ මුහුණෙ තිබ්බෙ අනුකම්පාවක්ද, ඉරිසියාවක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, අද මට හිතපු ගමන යන්න වෙන්නෙ නැති වග විතරක් තේරුම් ගියා.සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා.

මම ආයෙත් උලූවස්සෙන් එපිට බැලූවා.. ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක‍්‍රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.



--------------------------------------------------------------------------------------------

ප.ලි

සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)

28 comments:

  1. හික්ස්.... ඔයා එදා කිව්වෙ නේද ඔයා තමා සාෂා කියලා. ලස්සන කතාව නංගි..

    ReplyDelete
  2. ස්තූතියි නිසූ අක්කෙ...ඔව් කිව්වා.....එදා ප්‍රදර්ශණේදි හම්බුණාම

    ReplyDelete
  3. හම්....කතාව ඉවර නැ නේද?ඉතිරියත් ඉක්හණටම දාන්න

    ReplyDelete
  4. යථාර්ථය හරි අපූරුවට කතා කරලා තියෙනවා........

    ReplyDelete
  5. ඔබේ සටහන් වලින් මම කැමතිම එක...
    ෆෙස් බුක් එකෙ ඉන්නෙ 'චරිත' .. අපේ කාල්පනික ලෝකෙ අපිව දකින්න ආස වීර චරිතය... ඒක තමයි ඇත්ත...

    කාල්පනික චරිතය සහ ඇත්ත , රියෑලිස්ටිc උනොත් නම් හොඳයි.මොකද ඒක පසුපස්සෙ ගිහින් යම් දුරක් හරි අපි රීච් කරාවි නිසා . ඒත් කාල්පනික චරිතෙයි අපියි නිකම් ඉරයි හඳයි වගෙ නම්, ඉතින් සොරි ඩොට් කොම්... හඳට නම් ඉර එලිය පොඩ්ඩ්ක වැටෙයි. ඒත් ?

    හොඳ කතාවක්....
    ෆේස් බුක් එකෙ දෝලාවෙන්... අනික් බුක් වල ගමන පයින් :-)

    ReplyDelete
  6. මේ යෙදුම් වල ගැඹුරට මන් බෝම කැමති

    ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක‍්‍රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා

    දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට

    මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො

    කපුටො රංචුවක් ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?

    සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා

    +++++++++++++++++++++++++
    නියමයි !

    ReplyDelete
  7. @ සීනි - මේ කතා කවදාවත් ඉවර වෙන්නෙ නැහැ... සීනි අක්කෙ...
    හැබැයි කෙටි කතාවක් නිසා මේක ආයෙ ලියන්නෙ නැහැ.

    ReplyDelete
  8. ස්තූතියි හසිත අගය කිරීමට

    ReplyDelete
  9. දිග කමෙන්ට් දෙකක්ම දාලා....සම්පූර්ණයෙන්ම මේක කියෙව්වාට මුලින්ම ස්තූති කරනවා දිල් අක්කාට දිල් අක්කා හරි
    ෆේස් බුක් එකෙ දෝලාවෙන්... අනික් බුක් වල ගමන පයින් :-)
    ගොඩක් අය.... කලාතුරකින් දාක මේවගේ දේත් ලියන්න ඕනෙ කියලා හිතෙනවා.....බලන්ගියාම හිනිකිත්තර හැකියවක් තියෙනවා වගේද? අනේ මන්දා ඕව්වා...

    ReplyDelete
  10. හිනිකිත්තර කියල නුඹ හිතුව හැකියාව බෝම ඊට වඩා හරබර වග හොඳින්ම මට දැනුනෙ අද කතාව කියෙව්වම .....

    ජය! මේ ශෛලියෙන් මේ වගෙ කතා තවත් ලියවේවා !

    ReplyDelete
  11. ෆේස් බුකියෙ ඉන්නෙ සමනලීල තමයි වැඩිහරියක්. සමනලයොත් ඉන්නවා.

    ReplyDelete
  12. ගොඩක් ස්තූතියි දිල් අක්කෙ....දිගටම ලියනවා....හොඳ දෙයක් නම් කට්ටිය කියවන්නෙ නැතැයි!

    ReplyDelete
  13. සමනළීලා නමින් පෙනී ඉන්න සමනල්ලු තමා රාජ් වැඩිමනත් භයානක

    ReplyDelete
  14. මා යැයි නොදැන පෙරදා කමෙන්ට් කළ අය...
    http://saashaa-blogs.blogspot.com/2011/08/blog-post_08.html#comments

    13 comments:

    අකූ said...

    අන්තිම ඉහලයි.ඉරිසියා හිතෙනව ලියවිලා තියෙන අපූරුව දැක්කම.ඔබේ පෑනට ජයෙන් ජය.
    August 8, 2011 9:54 AM
    සාෂා | Remidiyas said...

    ස්තූතියි අකූ...ඔබත් අනිවාර්යයයෙන්ම දක්ෂයෙක් වියයුතුමයි.
    August 8, 2011 9:58 AM
    පූසා said...

    අන්න නියම ලියවිල්ලක්! සමහර ගාමන්ට් කෙල්ලන්ගේ ජීවිතේ ඇත්තම ඇත්ත කතාවත් මේකම වෙන්න ඇති.
    August 8, 2011 10:12 AM
    deeps said...

    දිගටම ලියන්න :) කියවන් යනකොට මොකක්දෝ අමුතු හැගීමක් ආවා. කියන්න තේරෙන්නේ නැහැ
    August 8, 2011 10:21 AM
    deeps said...

    ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එකක් උඩට මවුස් ඒක ගෙනිච්චම ලින්ක් ඒක කළු පාටට පෙන්නේ. ඒක හදන්න...නැත්තම් ක්ලික් කරන්න ලින්ක් එක පෙන්නේ නැතිව යනවා
    August 8, 2011 10:23 AM
    සාෂා | Remidiyas said...

    මම හදන්නම් ඩීප්ස් ඒක...ස්තූතියි...හමෝටම ස්තූතියි අදහස් වලට
    පූසාටත්
    August 8, 2011 10:27 AM
    Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

    නියමයි! දිගටම ලියමු :) අදයි මම මේ ‍බ්ලොගය දැක්කේ..
    August 8, 2011 12:52 PM
    නදී said...

    ඔයා ලියනව ලස්සනයි
    August 8, 2011 7:40 PM
    හිතුවක්කාරි said...

    මාරම ලස්සනයි... මොකක්දෝ අමුතුම ගතියක් තියනව ඔය ලියන විදියෙ... නියමයි..!!! තව දිගටම ලියන්න...:)
    August 8, 2011 9:05 PM
    ප්‍රාර්ථනා said...

    මාරයි, හරිම ලස්සනයි ලියන විදිය.. :)
    August 9, 2011 4:46 AM
    Bindi said...

    ලස්සනයි ..අපිත් ඔන්න දොර ලෑල්ලේ හිල් අස්සෙන් එබුන
    August 9, 2011 5:12 AM
    මධුරංග said...

    ලිවිල්ල නම් ගින්දරය !!!!
    සුපිරි ලිවිල්ලක්. දිගටම ඔයවගේ ලියන්න සහෝදරි.
    August 9, 2011 6:34 AM
    සාෂා | Remidiyas said...

    ස්තූතියි...ඔයාලාට මට දක්වන දිරිගැන්වීමට
    August 9, 2011 7:42 AM

    ReplyDelete
  15. කතාව නම් ඇත්තටම ලස්සනයි වගේම තාත්ත්විකයි අක්කේ.

    "...කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ...."

    ඕව ඉතින් කෙල්ලන්ගේ පිටට නොපෙන්නන ආසාවල් වෙන්න ඇති නේද?

    ReplyDelete
  16. හම් හම්..... ඒක හරි ;)

    ReplyDelete
  17. කතාවේ අමුතුම තාත්වික බවක් දැනෙනවා.. ලස්සනයි.. දිගටම ලියන්න...

    ReplyDelete
  18. ස්තූතියි දිනේෂ්.....තව කතාවක් ලියන්නම්කො

    ReplyDelete
  19. neenuge wenasma widihe liyawillak ..mama mekata kamathi ...Fatta

    ReplyDelete
  20. මම මේ ලිපිය කියවන්නේ අදමද කොහෙද... ඒත් කලින් කමෙන්ටුවකුත් දාලා නේ. එහෙම වෙන්නේ කොහොමද ??

    ReplyDelete
  21. ස්තූතියි.... අන්තිමයා කාලෙකින් එලි බැස්සෙ

    ReplyDelete
  22. ඔයා තමයි මධුරංග..... ඔයා ඔයා කියලා නොදැන දමාපු එකක්!

    ReplyDelete
  23. කාලෙකින් හොඳ ඇඟට දැනෙන කෙටි කතාවක් කියෙව්ව. නියමයි!

    ReplyDelete
  24. තමීරයයියාගෙ ඇගටද දැනුනෙ... එතකොට හිතට... :o

    ReplyDelete
  25. ඔය ඉන්නේ තමීරයියා. දන් ඉතින් තමීරත් එක්ක වාද කරන්න බැරුව යෑ.
    ඒක නෙමේ නඟා. මට දාපු රිප්ලයි එක කියවලා කොයිල් උනා. මොකද්ද ඒකේ තේරුම ??

    ReplyDelete
  26. ඉතින් ඔයා කමෙන්ට් දාලාත් කීවෙ....දමලා නැහැ කියලා

    ReplyDelete
  27. මාතෘකාවේ හැටියට එලිය තිබ්බට අඳුරුයි.

    ---
    ආඩම්බරයි.

    ReplyDelete
  28. මං ගැනද? ......... නැත්තම් මම ලිව්ව කෙටි කතාව ගැනද?

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.