ඇස් දෙක ඉස්සරහ මහ දරුණු සීතලක් දැනෙන්න පටන් ගත්තා. පපුවෙ හිර වෙලා ඉන්න දඟලපු අන්තිම හුස්ම ගුලිය බීම බටයක් දිගේ ක්ෂණිකව උඩට ආවා වගේ මට තේරුණා. ඔව් .. මගේ ආත්මය දැන් මම ඉස්සරහ . මගෙ දිහා බලාගෙන ඉන්නවා..
"වරෙන් මගෙ ඇඟ ඇතුළට" මම හයියෙන් කෑ ගැහුවා.
"මම උඹ ළඟ තවත් ඉන්නෙ නැහැ" ඇය ගේ ප්‍රකාශය හරිම දරුණුයි. එහෙත් අව්‍යාජයි. මට ඒක දැනුණෙ ඇගේ ඇස් වලින්. ඇය මා එක්ක හිටියෙ පුදුම තරහකින්...
"ඇයි උඹ ඩිංගක්වත් මං ගැන නොහිතන්නෙ?" මම ආයාචනා කළේ, කිසිම බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා නැහැ. ඒ අතින් ගත්තම මේතරම් කල් ඇය මගෙ ළග හිටිය එක ම ලොකු දෙයක්...
පුංචි කාලදි ඇයට ඕනේ වුණා සහෝදරයෙක්.. මම ඇයට කිව්වෙ හිතෙන් එහෙම එකෙක් මවා ගනින් කියලා...
ඇයට ඕනේ වුණා පොඩි කාලෙ යාලුවො එක්ක විනෝද වෙන්න. මම ඇයට කිව්වෙ තනියම විනෝද වීමක් ගැන හිතීම සුන්දරයි කියලා...
ඒ ඔක්කොම එහෙම විය යුතුයි කියලා තීරණය කළේ මම නෙවෙයි. මගේ වටේ හිටි අය.. මම කළේ ඇයට ඒ බව තේරුම් කරපු එක විතරයි කළේ.. අද වනතුරුම.
මම නිසා ඇයට කාලෙන් කාලෙට විවිධ දේවල් කරන්න සිද්ධ වුණා..
හුඟක් දුක් විඳින්නත් වෙන්න ඇති. හදවතින් විඳවන්නත් වුණා.
අවුරුදු බින්දුවෙ ඉඳන් විස්ස වෙනකන් ම ඇය බෝනික්කෙක්....ඇගේ ගෙදරට.
අවුරුදු හයේ ඉඳන් අවුරුදු විසි හතර වෙනකන් ම ඇය රොබෝවරියක් වුණා. ඇගේ ගුරුවරුන් සහ සම වයසෙ ඇයගේම යාලුවො කියලා ලෝකය විසින් නියම කර තිබූ අයට.
විසි එකේ ඉඳන් මේ වෙනකන් ඇය මෘදුකාංගයක්. (ඒ ඇ ගේ පෙම්වතාට හෙවත් පසු කාලීනව ඇගේ සැමියාට..සැමියාගෙ අඩිපාරෙ ගිය දරුවන්ට.
මම මගේ ආත්මය ඇතුළෙ ගුලිවෙලා දුක් විඳපු අහිංසක ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ නොදුන්න "පාපී ගැහැණියක්“ කියලා මට හිතුණා. ඒත් එහෙම වුණා නම්,
මම අවිනීත දැරියක්. අකීකරු සිසුවියක්.චපල පෙම්වතියක්! පති වෘත්තාව කෙළසු ගැහැණියක්, නින්දිත මවක්.. කොටින්ම ගණිකාවක්...
මම මේ ඔක්කොම ඇයට කියා ගෙන කියා ගෙන ගියා.
ඒත් මගේ ආත්මය මට සවන් දුන්නෙම නැහැ...තුට්ටුවකටවත්..
මම වේදනාව උහුළගෙනම ඇයට කෑ ගැහුවා.
"පලයන් තවත් කලලයක් ඇතුළට. කොහොමත් මම හාට් ඇටැක් එකකින් මැරුණා කියන එක සෑහෙන්න ආඩම්බරයි..
මහත්තයාගෙ තත්වෙට හොඳයි. දරුවන්ගෙ අනාගතේටත් හොඳයි. වහ බිව්වා. එල්ලිලා මැරුණා කිව්වොත් ඒ අයට නරකයි. අනික හැමොම කියයි මේ වාසනාවන්ත මරණයක් කියලා. දුක් නොවිඳපු මරණයක් කියලා..
එක අතකට ඔවුන් හරි.
"මරණය ජීවත් වීමට වඩා පහසුයි".ඇයට මම පහදන්නට පෙර ඇය මගෙන් සමුගෙන ගිහින්. යන්නම ගිහින්.
වෙනත් වෙසකින් ඇය නැවත උත්පත්තිය ලබයි. ශක්ති සංස්ථිති නියමය ට අනුව ඒක එහෙමයි...
මම ජීවිත කාලයක් අඬපු මහන්සිය සදහටම අමතක කරන මොහොතට දැන් ඇවිත් ඉවරයි..සියලුම හැඟීම් අමතක කරන සුන්දරම මොහොත.මම රික්තයක්..
_________________________________________________________________________________
ප.ලි
සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා... අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)
මමයි අද පලවෙනියා !!!
ReplyDeleteදැන් කියවමු පෝස්ට් එක.
බලාගෙන ගියාම ගැහැනු කට්ටිය හරියට ලූණු ගෙඩියක් වගේ නේ.ලූණු ගෙඩියටත් පොතු ගොඩක් තියෙනවා. ඒ වගේම ගෑනු අයට ස්වරූප ගොඩක් තියෙනවා. මෙහෙම කිව්වේ මම නෙමෙයි ශ්‍රෙක් !!!!
ReplyDeleteඅනේ අනේ මධුරංග............ඔයා නම් මහ පුදුම කොල්ලෙක් අයියෙ.
ReplyDeleteහැමෝම රික්තයක් තමයි. ඒක තේරුම් නොගන්න එක තමා අවුල...
ReplyDeleteසිතිවිලි පුදුමයි.එත් මටත් මෙහෙම හිතෙනවා. ඔයාටත් හිතුනද ?
ReplyDeleteගොඩක් ස්තූතියි මගේ සිතිවිල්ල
ReplyDeleteකුමාරයටත් ස්තූතියි අදහස් වලට
දෙපාරක් කියවලයි කතාව ගැන අදහසක් හිතට ගත්තේ...
ReplyDeleteකතා තේමාව හොඳ සිතුවිල්ලක්......
ReplyDeleteඅදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ...... ආයෙත් දිගට ම එනවා..... :))))
මම මගේ ආත්මය ඇතුළෙ ගුලිවෙලා දුක් විඳපු අහිංසක ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ දුන්නනම්..!
ReplyDeleteවිවිධ සංදිස්ථාන තුලින් ලස්සන අරුතක කතාවක්..
ඔන්න අද ඉඳන් මමත් මේ පැත්තෙ දිගටම.. :)
අනේ......ගොඩක් ස්තූතියි දිනේෂ් දෙපාරක් කියෙව්වාට
ReplyDeleteනන්දු.... මහී සාදරයෙන් පිළිගන්නවා.... ඉර ඇහැරෙන ඉසව්වට
ReplyDeleteඔන්න මමත් ආවා..මමත් අද ඉදන් මෙහෙ පදිංචි වෙනවා..
ReplyDeleteහ්ම්ම් රික්තයක්.. ඔව් මමත් රික්තයක්. ගැහැණු අපි හැමෝම රික්ත. අපිව රික්ත කරලා මේ සමාජේ.
හ්ම්ම්... ඇත්ත,. අපේ ඇතුලේ ඉන්න ආත්මය එළියට ආවොත් ඇත්තටම කෑ ගහවි ඔය විදියටම,.
ReplyDeleteස්තූතියි වර්ණා ....!!
ReplyDeleteස්තූතියි ප්‍රාර්තනා........ අපි රික්ත තමා
ReplyDeleteඇත්ත නේන්නම්.....
ReplyDeleteස්තූතියි නිසුපා
ReplyDeleteඕක හැම ගැහැනියක් තුලම විතරක් නෙමේ මන් හිතන්නේ පිරිමියෙක් තුලත් තියනවා...අසාවන්, බලාපොරොත්තු තිබුනත් ඉන්න වටපිටාව එක්ක ඒ දේ ඉටුකරගන්න බැරුව හිතින් තැවෙන විඳවන ජිවිත තමා අපි හැමෝටම තියෙන්නේ
ReplyDeleteස්තූතියි සීනී
ReplyDeleteමුලින්ම රික්තය කියන එකේ තේරුම අමතක වෙලා හිටියේ... කියවද්දි මතක් උනා එකත්... hiks
ReplyDeleteඒකත් ලොකු දෙයක්නෙ
ReplyDeleteගන්දබ්බ කියන්නේ මේකටද ....
ReplyDeleteතැන් දෙකක් අතර අවධියක්!!!
ReplyDeleteමගේ ආත්මයත් මට දවසක මෙහෙම කරාවිද කියලයි..මං මේ හිතුවෙ... :O
ReplyDeleteසමහර විට
Deleteනියමයි...!!! වෙන කියන්න දෙයක් නෑ.
ReplyDeleteස්තූතියි
ReplyDelete