11/8/11
බිලියන හතේ හීන
පුවත් පත් වාර්තාවක්
අද රාත‍්‍රි දොළහට ලෝක ජනගහනය බිලියන හත ඉක්මවයි.
එබැවින් අද මධ්‍යම රාත‍්‍රියේ ඉපදෙන දරුවා හෝ දැරිය
බිලියන හතේ දරුවා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්
ප‍්‍රකාශයට පත් කර ඇත. ප‍්‍රබල රටවල් රැසක්
තම රටට බිලියන හතේ පළමු පුරවැසියා ලැබීමේ කීර්තිය
අත්කර ගැනීමට සීරුවෙන් සිටින අතර.....
විද්‍යුත් නාලිකාවක්
Voice -
බිලියන හතේ බබා ඇත්තටම කවුද?
පිලිපීනෙ කියන්නෙ බබා ලැබුණෙ ඒ ගොල්ලන්ටලූ ,
ඉන්දියාව කියනවා බිලියන හයේ බබා වගේම හතේ බබත් එයාලාගෙලූ .
ලංකාවෙ අපිටත් ලැබුණා බිලියන හතේ බබෙක්..
අම්මාගෙයි බබාගෙයි දෙන්නගෙම සුව දුක් බලන්න
අපේ අති ගරු ජනපති තුමාගේ ආර්යව ආවෙ මෙන්න මෙහෙම...
VTR
රෝහලේ ඒ මොහොතේ සිටි,
තවම තම දරුවා මෙලොව එළිය නොදුටු ගැබිණි කාන්තාවක්
තම සැමියාට
අපරාදෙ.. තව ටිකක් ඉක්මන් වුණා නම්, දරුවාගෙ වාසනාව තමයි.
තෑගි කන්දක්නෙ ..
අනික හොඳ ඉස්කෝලයක් වුණත් ලේසියෙන් ම අරගන්න තිබ්බා.
ඉස්සරහට ඕවනෙ අනේ ප‍්‍රශ්න..
අපි මේක කලින් දන්නෙ නැහැනෙ.නේද?..
කලින් දන්නවානම් මෙහෙම වෙන්නෙ නැහැනෙ.
පැයක් වයසැති බිළිඳියකගේ අප‍්‍රකාශිත ප‍්‍රකාශයක්
අම්මේ මම තමයි බිලියන හත්වෙන්නා.
ඒත් මාව කවුරුවත් දකින්නෙ නැහැනෙ.
මට තෑගිත් නැහැනෙ.
ඒ මෙතන ගොඩක් කලූවර හින්දාද අම්මෙ..
ඇයි අම්මෙ මෙතන මේ තරම් ගඳ..
හුස්ම පපුවට වැටෙද්දිම හිර වෙනවා වගේ මට දැනෙනවා අම්මෙ..
මොනා කරන්නද අම්මෙ ලෝක ජනගහණය ආයෙ එකකින් පහළ බහිනවා..
එක දවසක් පාර්ටි දාන්න ඔක්කොම කට්ටිය ආවට.
බඩගින්න හැමදාම එන එකක් නිසා අම්මා කළ දේ හරි ..
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල
ලෝක ජන ගහණය බිලියන හත අභිබවා ඇති බව
මේ වන විට ප‍්‍රකාශයට පත් වී ඇති වුවද,
ලෝක ජනගහනය
බිලියන හත ඉක්මවන්නේ 2012 වසරේ මාර්තු මාසයේ බව
මේ වන විට එක්සත් ජාතින්ගේ ජන සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.
දැනට ලොක ජනගහනය බිලියන 6.9 රැඳී තිබෙන අතර
එය බිලියන හත දක්වා වර්ධනය වීමට
ඉදිරි මස කීපය ගත වන බව එම සංවිධානය වැඩි දුරටත් පවසයි.
Subscribe to:
Post Comments (Atom)
හ්ම්.... ඇත්තටම වෙලා තියෙන්නෙ බිලියන හතක් වෙන්න කොච්චර කල් යයිද කියලා උපකල්පනය කරලා ඒ වෙලාවට ඉපදුන බබාව බිලියන හතේ බබා කරපු එකලු.
ReplyDeleteජනගහනය වැඩි වෙන ප්‍රශ්නෙට අනාගතේදී අපිත් වගකියන්න එපැයි...
ReplyDeleteහ්ම්ම්. :(
ReplyDeleteඅනේ මන්ද. ලෝක ජනගහණෙ බිලියන හත උනා කියල මොන ඉටිගෙඩියකටද ඔච්චර උඩ පනින්නෙ???
හිතන්න ඕනෙ, ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන්නෙ කොහොමද කියල. :)
ඕකත් හරියට ටෙලිෆොන් කොම්පැනි කාරයො තම ග්‍රාහකයො ගනන්කලා වගෙ වැඩක් නෙ
ReplyDeleteයථාර්තය -: එක දවසක් පාර්ටි දාන්න ඔක්කොම කට්ටිය ආවට.
ReplyDeleteබඩගින්න හැමදාම එන එකක් නිසා අම්මා කළ දේ හරි ..
ස්තූතියි නිසුපා.....
ReplyDeleteවග කියන්න අයේෂා
ReplyDeleteමාධව හම්...හම්....
ReplyDeleteහෙ හෙ ලොකු ජෝන්
ReplyDeleteAD ට විතරද මන්දා තේරුණේ
ReplyDeleteඅම්මෝ මේක පුදුම තරඟයක් නෙ.
ReplyDeleteඒක නෙමේ බිලියන අට වෙන්නේ කොයි අවුරුද්දේ කියලද කියන්නේ ??? ඒක දැනගෙන තියාගන්න එක කොයිකටත් හොදයි. හික්ස් :)
ඒක නම් ඇත්ත මධුරංග
ReplyDeleteපහුගිය ටිකේ ඕක පුදුමම කතාබහම් උනානේ... බ්ලියන හතට බැරි උන එකේ බිලියන අටටවත් දායක වෙන්න ඕන.. :)
ReplyDeleteහෙ හෙ කමෝන් දිනේෂ්
ReplyDelete"පැයක් වයසැති බිළිඳියකගේ අප‍්‍රකාශිත ප‍්‍රකාශය"
ReplyDeleteහරිම සැරයි ....
ඒක ලීවෙ වයස 22 ක කෙනෙක් ....ඒකයි
ReplyDelete