මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/8/11

බිලියන හතේ හීන


පුවත් පත් වාර්තාවක්
අද රාත‍්‍රි දොළහට ලෝක ජනගහනය බිලියන හත ඉක්මවයි.
එබැවින් අද මධ්‍යම රාත‍්‍රියේ ඉපදෙන දරුවා හෝ දැරිය
බිලියන හතේ දරුවා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්
ප‍්‍රකාශයට පත් කර ඇත. ප‍්‍රබල  රටවල් රැසක්
තම රටට බිලියන හතේ පළමු පුරවැසියා ලැබීමේ කීර්තිය
අත්කර ගැනීමට සීරුවෙන් සිටින අතර.....

විද්‍යුත් නාලිකාවක් 
Voice -
බිලියන හතේ බබා ඇත්තටම කවුද?
පිලිපීනෙ කියන්නෙ බබා ලැබුණෙ ඒ ගොල්ලන්ටලූ ,
ඉන්දියාව කියනවා බිලියන හයේ බබා වගේම හතේ බබත් එයාලාගෙලූ .
ලංකාවෙ අපිටත් ලැබුණා බිලියන හතේ බබෙක්..
අම්මාගෙයි බබාගෙයි දෙන්නගෙම සුව දුක් බලන්න
අපේ අති ගරු ජනපති තුමාගේ ආර්යව ආවෙ මෙන්න මෙහෙම...
VTR

රෝහලේ ඒ මොහොතේ සිටි, 
තවම තම දරුවා මෙලොව එළිය නොදුටු ගැබිණි කාන්තාවක් 
තම සැමියාට

අපරාදෙ.. තව ටිකක් ඉක්මන් වුණා නම්, දරුවාගෙ වාසනාව තමයි.
තෑගි කන්දක්නෙ ..
අනික හොඳ ඉස්කෝලයක් වුණත් ලේසියෙන් ම අරගන්න තිබ්බා.
ඉස්සරහට  ඕවනෙ අනේ ප‍්‍රශ්න..
අපි මේක කලින් දන්නෙ නැහැනෙ.නේද?..
කලින් දන්නවානම් මෙහෙම වෙන්නෙ නැහැනෙ.

පැයක් වයසැති බිළිඳියකගේ අප‍්‍රකාශිත ප‍්‍රකාශයක්

අම්මේ මම තමයි බිලියන හත්වෙන්නා.
ඒත් මාව කවුරුවත් දකින්නෙ නැහැනෙ.
මට තෑගිත් නැහැනෙ.
ඒ මෙතන ගොඩක් කලූවර හින්දාද අම්මෙ..
ඇයි අම්මෙ මෙතන මේ තරම් ගඳ..
හුස්ම පපුවට වැටෙද්දිම හිර වෙනවා වගේ මට දැනෙනවා අම්මෙ..
මොනා කරන්නද අම්මෙ ලෝක ජනගහණය ආයෙ එකකින් පහළ බහිනවා..
එක දවසක් පාර්ටි දාන්න ඔක්කොම කට්ටිය ආවට.
බඩගින්න හැමදාම එන එකක් නිසා අම්මා කළ දේ හරි ..

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල

ලෝක ජන ගහණය බිලියන හත  අභිබවා ඇති බව
මේ වන විට ප‍්‍රකාශයට පත් වී ඇති වුවද,
ලෝක ජනගහනය
බිලියන හත ඉක්මවන්නේ 2012 වසරේ මාර්තු මාසයේ බව
මේ වන විට එක්සත් ජාතින්ගේ ජන සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.
දැනට ලොක ජනගහනය බිලියන 6.9 රැඳී තිබෙන අතර
එය බිලියන හත දක්වා වර්ධනය වීමට
ඉදිරි මස කීපය ගත වන බව එම සංවිධානය වැඩි දුරටත් පවසයි.

16 comments:

  1. හ්ම්.... ඇත්තටම වෙලා තියෙන්නෙ බිලියන හතක් වෙන්න කොච්චර කල් යයිද කියලා උපකල්පනය කරලා ඒ වෙලාවට ඉපදුන බබාව බිලියන හතේ බබා කරපු එකලු.

    ReplyDelete
  2. ජනගහනය වැඩි වෙන ප්‍රශ්නෙට අනාගතේදී අපිත් වගකියන්න එපැයි...

    ReplyDelete
  3. හ්ම්ම්. :(
    අනේ මන්ද. ලෝක ජනගහණෙ බිලියන හත උනා කියල මොන ඉටිගෙඩියකටද ඔච්චර උඩ පනින්නෙ???
    හිතන්න ඕනෙ, ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන්නෙ කොහොමද කියල. :)

    ReplyDelete
  4. ඕකත් හරියට ටෙලිෆොන් කොම්පැනි කාරයො තම ග්‍රාහකයො ගනන්කලා වගෙ වැඩක් නෙ

    ReplyDelete
  5. යථාර්තය -: එක දවසක් පාර්ටි දාන්න ඔක්කොම කට්ටිය ආවට.
    බඩගින්න හැමදාම එන එකක් නිසා අම්මා කළ දේ හරි ..

    ReplyDelete
  6. ස්තූතියි නිසුපා.....

    ReplyDelete
  7. වග කියන්න අයේෂා

    ReplyDelete
  8. මාධව හම්...හම්....

    ReplyDelete
  9. හෙ හෙ ලොකු ජෝන්

    ReplyDelete
  10. AD ට විතරද මන්දා තේරුණේ

    ReplyDelete
  11. අම්මෝ මේක පුදුම තරඟයක් නෙ.
    ඒක නෙමේ බිලියන අට වෙන්නේ කොයි අවුරුද්දේ කියලද කියන්නේ ??? ඒක දැනගෙන තියාගන්න එක කොයිකටත් හොදයි. හික්ස් :)

    ReplyDelete
  12. ඒක නම් ඇත්ත මධුරංග

    ReplyDelete
  13. පහුගිය ටිකේ ඕක පුදුමම කතාබහම් උනානේ... බ්ලියන හතට බැරි උන එකේ බිලියන අටටවත් දායක වෙන්න ඕන.. :)

    ReplyDelete
  14. හෙ හෙ කමෝන් දිනේෂ්

    ReplyDelete
  15. "පැයක් වයසැති බිළිඳියකගේ අප‍්‍රකාශිත ප‍්‍රකාශය"
    හරිම සැරයි ....

    ReplyDelete
  16. ඒක ලීවෙ වයස 22 ක කෙනෙක් ....ඒකයි

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.