ඔයාලා දන්නවාද? කොරියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී සිංහල හෝඩිය ලෝකෙ නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්වුණා.කියලා... රන්දිකගෙ බ්ලොග් එකේ වැඩි විස්තර මේ තියෙන්නෙ! ඒ නිසාම මම හිතුවා අපි අපේ හෝඩිය ගැන කතා කරන්න ඕනෙ කියලා.
මම ඉස්සල්ලා ම ඔබට ගීයක් අහන්න දෙන්නම්....ඒ ගීය එක්ක ඔබට ඇති වේවි ඇත්තටම සිංහල ගැන ආඩම්බරයක්! මම මේ කියන්නෙ සිංහල වුවමනාවෙන් වරද්දන... ගණන් නොගන්න අයට විතරයි... අනික් අයත් මේ ගීය අහන්න... ඇත්තටම හරිම ලස්සනයි.
රටකට වෙනින් යත හැක අන් රට දියත
ඔවුනට වෙනත් පිරිසක් වෙනතක සිටිත
අප හට අපම මිස වෙන කිසිවෙකුත් නැත
මෙම රට හැර යතොත් ඒ පරලොවම වෙත
හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?
අමාවතුර කළ බස යුතු රුවිනි
කව්සිළුමිණ කළ බස ගුණ ගිහිනි
ජාතක පොත කළ බස නොම පැරණී
සැලළිහිණය කළ බස ඔබ රමණී
හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?
මුළු ලොව කැටි කර හඬවන වෙණ තත
නව විදුනැණ වුව වගුරන තුඩ පත
හෙල බස හෙල බස ඔබ මගෙ හදවත
මට මගෙ උරුමය පෙන්වන කැඩපත
හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?
මෙතනින් ගීය ඒ රස විඳින්න පුළුවන්.
සිංහල අපිට මේ ලෝකේ වෙනත් කවුරුත් නැහැ.සිංහල යැයි කිව හැකි.එහෙම නේද? ඒ රටවල් වල සිටින සිංහල අයගෙත් පරම්පරාගත නිජ බිම මේ පුංචි රට.. අපේ රටේ අප විසින් හදාගත්ත මේ භාෂාව කොයි තරම් නම් ලස්සනද?
අද වන විට අපේ බස කොයිතරම් නව මානයන් හරහා ගිහින් තියෙනවාද? මේ හැම දෙයක් ම මේ ගීතයෙන් ලස්සනට සිහි කරනවා....ඒ නව මාන ගැන ඉදිරියට අපි කතා කරමු.
සිංහල භාෂාව ගැන කතා කරන පෝස්ට් වලින් ඉස්සෙල්ලාම ඔබට මතක් වෙන පෝසට් එක මොකද්ද? ඇත්තටම මට නම් සිංහල කියපු ගමන් මතක් වෙන්නෙ සඳරුගෙ පෝස්ට් එක.
සිංහල කියන්නෙ අපේ මව් බස.ඒත් මම හිතන විදිහට අපි කාටවත් හරියට සිංහල බැහැ. ඇයි මම එහෙම කියන්නෙ?
සිංහල හෝඩියට අකුරු කීයද ? කියන ප්‍රශ්නය ගිහින් ඔබ සිංහල කාගෙන් හරි අහන්න. 80%ක් අවිනිශ්විත භාවයට පත්වෙලා. ඔබට 56 සිට 60 හෝ 61 අතර පිළිතුරු ලබා දේවී. 15% ක් එය නොදන්නා අතර ම තව 5%ක් ඔබට නිබයව කියාවි නිවැරදි පිළිතුර …...ඒත් ඒක නිවැරදිමද? නමුත් ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් සහිත බව අපි බය නැතිව 100%ක් ම කියනවා. ඒක හරිම පුදුමයක්.
මෙහෙම වෙන්නෙ අපේ භාෂා ප්‍රාඥයන්ගෙ ගැටලු නිසා සහ භාෂාව ඉගැන්වීමේ ඇති විවාධිත බව නිසා. ඇත්තටම සිංහල හෝඩියෙ අකුරු කීයක් තියෙනවාද? මේක ටිකක් සංකීර්ණයි.. හෙමින් හෙමින් යමු.
මම දැන් ටිකෙන් ටික පැහැදිළි කරන්නම්.(මම දන්න විදිහට.. දැනට ඉගෙන ගන්න විදිහට හා මම හොයං යන විදිහට) දන්න අය මටති කියා දෙන්න.
අපේ සිංහල හෝඩිය හැදුණෙ කොහොමද?
ලෝකයේ භාෂා වර්ග දෙකක් තියෙනවා.එකක් ජීව භාෂා අනෙක මල භාෂා .. වචනයෙන්ම තේරෙනවානෙ. අප්‍රභංශ වගේ භාෂා අයිති වෙන්නෙ මල බස් ගොඩට ඒ කිසිම භාවිතයක් නැති නිසා..ඇත්තටම ලෝකෙ පවතින...මිනිස්සු කතා කරන සහ ලියන භාෂා වර්ග කීයක් තියෙනවා කියලා ඔබ හිතනවාද? 100 ක් 200ක් 500 ක් 1000 ක්..... ඇත්තටම සමහර විට ඔබ පුදුම වෙයි. අපේ ගොඩක් අය ඉංග්‍රීසි විතරක් ඔලු උඩ තියන් හිටියට ලෝකෙ භාෂා 3000ක් ජීවි මට්ටමේ තියෙනවා. අකුරු (සංකේත) අඩුම සංඛ්‍යාවක් පෙන්නුම් කරන හෝඩිය සංකේත 12 කට සීමා වෙනවා. වැඩිම සංකේත සංඛ්‍යාවක් ඇති හෝඩිය සංකේත 72 කට හිමිකම් කියනවා. මෙලෙස අක්ෂර 12 කින් යුක්ත වන්නේ හවායි අක්ෂර මාලාව .... අක්ෂර 72 කින් සමන්විත වන්නේ අයිබරියෝ කෝකේසික ගණයේ භාෂාවක් වන අබිබාසියන් භාෂාව බව ගොඩක් අය දන්නවා ඇති කියලා මම හිතනවා. දැන් ඉතින් රට තොට ගැන කීවා ඇති... මේ කරුණු ඇසුර්න් ඔබට වැටහෙනවා ඇති අපේ භාෂාව අයිති වෙන්නෙත් අක්ෂර වැඩි භාෂා ගොඩට කියන එක.
සිංහල භාෂාවේ සම්භවය (ඉපදීම ) කෙරෙහි නොමඳ බලපෑම් හා ආභාසයන් මෙන්ම උපකාර ද ලබාදුන් නෙ පාලි, සංස්කෘත හා ප‍්‍රාකෘත භාෂාවන් නිසා සිංහල භාෂාව මේතරම් පුළුල් වර්ණ (අකුරු) මාලාවකින් සමන්විත වූ බව ඉතිහාසය තුළින් අපට ඔප්පු කරන්න බැරි කමක් නැහැ. සිංහල හෝඩිය පිළිබඳ විමසීමේදී එය අතීතයේ ඉඳන් ක‍්‍රමිකව විකාශනය වෙලා නූතන යුගය වෙද්දි කවර මට්ටමකින් තියෙනවාද කියලා ඔබ දැන ගන්න කැමතිද? ඒක අතිශයින් වැදගත් ය. අපි ඉගැනීමේ පහසුව සඳහා ඓතිහාසික සාධක අනුව සලකා බලලා යුග කිහිපයක් ඔස්සේ අක්‍ෂර මාලාව සංවර්ධනය වූ ආකාරය මේ විදිහට කොටස් කරනවා.
- ප‍්‍රාථමික සිංහල හෝඩිය
- ද්විතීයික සිංහල හෝඩිය
- සිදත් සඟරා හෝඩිය
- ශුද්ධ සිංහල හෝඩිය
- මිශ‍්‍ර සිංහල හෝඩිය
- ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය
- සමකාලීන සිංහල හෝඩිය
- ජාත්‍යන්තර සිංහල හෝඩිය
- නව සිංහල හෝඩිය
දැන් මම මේ එක එකක් ගැන ඔබට සරලව කියන්නම්.. දන්න අය ඇති !! ඒත් මේ නොදන්න අයට!
ප‍්‍රාථමික සිංහල හෝඩිය
මේ හෝඩියෙ අකුරු 26 ක් තියෙනවා.
ස්වර - අ, ඉ, උ, එ, ඔ
ව්‍යඤ්ජන - ක, ග, ච, ජ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම, ය, ර, ල, ව,ශ, ස, හ, ළ
මෙම යුගය අනුරාධපුර යුගයේ අවසාන භාගය. මෙම යුගයෙ කතාව හා ලිවීම අතර තිබුණු සමානකම් මේ හෝඩිය හැදෙන්න බලපාලා තියෙනවා.ඒ යුගය ලිවීම ඒ තරම් හොඳින් තිබුණ යුගයකුත් නෙවී. ගල් ගුහාවල,කටාරම් වල, සෙල් ලිපි වල ඔය විස්තරයක් ලියලා තියන්න මිසක් ඒක කාලෙ කවුරුත් නවකතා ලිව්ව එකක් යෑ... ව්ශේෂ ලක්ෂණ 3ක් අපට මේ සිංහල හෝඩියෙ දකින්න පුළුවන්. මහප්‍රාණ නෑ. දීර්ඝ අකුරු නෑ. බින්දුව (අනුස්වාරය) නෑ .
ද්විතීයික සිංහල හෝඩිය
මෙම යුගය කි‍්‍ර.ව. 8 සියවසේ ඉඳන් කි‍්‍ර.ව. 13 සිය වස දක්වා විහිදිලා යනවා. එකල ලකාවෙ ලියවුණු ලිපි ලේඛනවල භාෂාව මගින් තමයි අපි මේ ද්වතියික හෝඩිය ගොඩ නගන්නෙ. සීගිරි ගී, මුවදෙව්දාවත, සසඳාවත හා කව් සිළුමිණ සියබස්ලකර මේ කාලේ වැඩ. සෙල් ලිපියකින් දත්ත කොටන්න පටන් ගත්ත අනුරාධපුර යුගයේ ඉඳන් අපේ කිරි අත්තප්පලා ගෙ සාහිත්‍ය තුසලතා වර්ධනය වීම එක්ක ගද්‍ය, පද්‍ය හා සාහිත්‍යයික අවශ්‍යතා සපුරාගන්නට පටන් ගත්ත යුගය තමයි මේ.. මේ අනුව අනුරාධපුර යුගයේ අග භාගයේ ඉඳන් පොළොන්නරු යුගය වෙනතුරු ගද්‍ය සාහිත්‍ය වර්ධනය වුණා. අපේ සාමාන්‍ය ජන වහර සරල ස්වරූපයකින් පවතිනවා වගේම ටිකෙන් ටික ලියන කතා කරන විධි විදිහෙ වෙනස් කම පේන විදිහට භාෂාව ද්වීරූපික වුණේ මේ කාලෙ. ටිකෙන් ටික කවිය ට අදාල බස කට වහරට කිට්ටුවෙන් යන්න පටන් ගන්නෙත් මේ කාලෙ. ඒත් හැම වෙලේම භාෂාව භාවිතා කරලා තියෙන්නෙ යම් වියත් බවකින් කියලා පේන්න තියෙනවා.
ස්වර 18 යි.අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ, ඔ, ඕ, ඖ...
ව්‍යංජන 36 යි
ක, ඛ, ග, ඝ ඩ
ච, ඡ, ජ, ඣ, ඤ ,
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ,න
ප, ඵ, බ, භ, ම
ය, ර, ල,ව
ශ, ෂ, ස, හ, ළ
අං, අඃ
මේ හෝඩියෙ විශේෂ ලක්ෂණ අතර ලියන හා කතාකරන භාෂා ද්වීරූපිකත්වය විශේෂ ලක්ෂණයක් ලෙස අපිට කියන්න පුළුවන්. පාලි,සංස්කෘත අභාසය මේ තලා වෙද්දි අපේ හෝඩියට ලැබිලා.ඒකාලෙ අනුරාධපුරේ සෙල්ලිපි වල නැති “ඈ “ අකුරු වගේ අකුරු කිහිපයක්ම දැන් පේන්න තියෙනවා.
තවත් ගොඩක් විස්තර තියෙනවා.ටික ටික කියන්නම්....
භාෂාවක් කියන්නේ දවසින් දවස වරධනය වෙන දෙයක් නිසා මෙහෙම අකුරු ගාන වෙනස් වීමත් එක අතකින් අරුමයක් නෑ නංගි.
ReplyDeleteඒ උනාට සිංහල තරම් හදවතට කතා කරන භාෂාවක් තියෙනවා යෑ. අපේ සිංහල අපට හොදා.
😉
Deleteඅගෙයි අපූරුයි.. දිගටම කරගෙන යන්න. ජයවේවා!
Deleteනියමයි
ReplyDeleteස්තූතියි ඔබ දෙන්නාට.........මම ඉදිරියට තව දන්න දේ බෙදා ගන්නම්කො... පුදුම සතුටුයි.. මෙහෙම ප්‍රතිචාර එද්දි
ReplyDeleteසිංහල උගන්වන්න වගේ කම්පනාව. ඔහොමම ලියාගෙන යමුකො බලන්න.
ReplyDeleteස්තූතියි අයියෙ!
ReplyDeleteසිංහලද කොහෙද අමාරුම භාෂාව .ගොඩක් දේවල් අදයි දැනගත්තේ
ReplyDeleteසැබෑවටම අගය කළ යුත්තක්.....
ReplyDeleteලැජ්ජාවෙන් උනත් කියන්න වෙනවා අර 16ට අපේ භාෂාව ඇතුලත් උනා කියලා මං දැනගත්තේ දැන්නේ...
ReplyDeleteසිංහල කතාකරන අය මුලු ලෝකෙන්ම ඉන්නේ ලංකාවේ විතරයි කියලා මං කවුදෝ කියනවා අහලා තියෙනවා.. ඒ නිසාම මේ භාෂාව රැකගන්න එක අපේ යුතු කමක් වෙනවා...
අම්මා තරම් උතුම් වෙනත් වචනයක් අපට නැහැ.
ReplyDeleteඅප උපන් බිම මව්බිමයි, අපේ භාෂාව මව්බසයි.
සිංහල තරම් ගැඹුරුවුත් මනරම්වූත් භාෂාවක් ලොව කොතනකවත් නැහැ.
උපතින් සිංහලයකු වුවත් සිංහල ලිවිම,කතාකිරීම හැකිවුවත් අපේ බස ගොඩනැගී ඇති අයුරු කොතරම් අපූරුද කියා හිතෙන්නේ මෙවැනි ලිපි මගිනි.
ReplyDeleteමෙය අගය කලයුතු අගනා කටයුත්තක්.
ඉදිරිපත් කල ඔබට බොහොම පින්.
බොහෝමත්ම වැදගත් නංගි මම කොපි කලා
ReplyDeleteස්තූතියි
ගොඩක් ස්තූතියි.... මම මේවා ලබාගන්න මූලාශු වල පිළිවෙලත් ට්කෙන් ටික ඉදිරිපත් කරන්නම්..ඒත් මේවා ඒ විදිහටම ඉදිරිපත් කළොත් බහුතරයකට නොතේරේවී.. මොකද තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ අයට සිංහල පාර්භාෂික වදන් වල තේරුම ටිකක් අමාරුයි වගේනෙ!...ඒ නිසා මේ විදිහට ඉදිරිපත් කිරීම කාටත් හොඳයි නේද?
ReplyDeleteඅසරණයා- තව ගොඩක් දේ තියෙනවා...ටික ටික කියන්නම්
ReplyDeleteචන්දන- ස්තූතියි ඔබතුමාගෙ අගය කිරීමට
ඇනෝ - ඔබ හරි...ඔබ ආවෙ බනින්න නේද? වැඩේ වැරදුණාවත් ද?
මහින්ද - මම ඉදිරියටත් මේ ගැන ලියන්නම් මහත්මයා. මේ දේ දැන ගන්න වුවමනා එක් අයකුටද ඒ අය වෙනුවෙන් හරි මම ලියනවා.
අරුණ අයියා - කොපි කරා කීවේ.. බොහොම ස්තූතියි!
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කේ, ගොඩාක් හොද ලිපියක්. සිංහල භාෂාව තමයිලු ඉගෙන ගන්න අමාරුම භාෂාව,
ReplyDeleteස්තූතියි නංගි තව ලියන්නම්කො
ReplyDeleteඇත්ටටම අපි (මම ඇතුලු බහුතරයක්) භාෂාව ගැන දන්නෙ මොනවද ? බොහොම වටිනා කාර්යායක්, ඉතුරු ටිකත් ඉගෙනගෙනම තව කථාකරමු
ReplyDeleteහොද වැඩක්, නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. දිගටම ලියන්න සුභපැතුම්....
ReplyDeleteඋසස් පෙළ පංති වලදි ඉගන ගත්ත දේවල් ටිකක් මතක් උනා. අපේ කියලා දෙයක් තියන බව දැනෙන ලිපියක්. ගොඩක් වටිනවා නීනු.
ReplyDeleteරවිනුමල්- ස්තූතියි.ගොඩක්
ReplyDeleteහංසි -චමී....- ස්තූතියි ගොඩක්
අදයි මුලින්ම මේ පැත්තට අවේ!වචනයක් කියන්න ඕන කියල හිතුන!
ReplyDeleteඇත්තටම අපේ භාෂාව යම්තාක් දුරකට අභාවයට යනවනම් එකට මුලික හේතුව විදියට මම දකින්නේ අපේ භාෂාව පිලිබඳ විද්වතුන් නොමැති කම.
ඔය හෝඩියේ ගැටලුවත් එක නිසාම පන නැගුනු එකක් කියලය් මට හිතෙන්නේ.
භාෂාවක් අලුත් වෙද්දී එකට වචන අලුතෙන් එකතු වෙනවා.අපේ භාෂාව ගැන කතා කරොත් ගොඩක් ඉංග්‍රීසි වචන නොයෙක් ක්ෂේත්‍ර වල දියුණුවත් එක්ක එකතු වෙනව.ඒ කාලෙට භාෂා ප්‍රවීණයෝ ඒවාට සුදූ වචන නිර්මාණය කරලා භාෂාවට එකතු කරන්න ඕන! නැත්නම් අපි වෙනත් භාෂාවක වචන වලින් අපේ භාෂාව පුරවනවා.උදාහරණයක් විදියට spanner කියන වචනය ගත්තොත්. එකට ගැලපෙන සිංහල වචනයක් අපිට නෑ.එනිසා අපි ඒ වචනයම භාවිතයේදී යොදා ගන්නවා.එක දිගටම සිද්ද උනොත් අපේ භාෂාව මල භාෂාවක් වෙනව.අපේ භාෂාවේ තියෙන නැමියාව වෙන කිසිම භාෂාවක තුයෙනවද කියල මම දන්නේ නෑ.බලන්න music කියන වචනයට මියැසිය කියල වචනය හදපු හැටි.සුද්දගේ භාෂාව වැදගත් අපි එකට ගරු කරමු. එත් නොවැඳ ඉමු !
(අදාල නැත්ද මන්ද.එත් හිතට අල්ලපු ලිපියක් නිසා ලියවුනා)
දිගටම කියවන්න...දිගටම ලියන්න. උගත්තු ලියනතුරු අපි බලා ඉන්න ඕනෙ නැහැ. ඒ අය පොතෙන් පිට පනින්නෙ නැහැ. ජාත්‍යන්තරේට භාසාව ගෙනියන්න ටික ටික දන්න අපි එක්වෙන්න ඕනෙ!
ReplyDeleteසිංහලේ ගැන ඉතින් කවර කතාද . ඉංග්‍රීසියට බැරි ගොඩාක් දේවල් සිංහලෙන් කල හැකියි
ReplyDeleteආයෙත් අහලා.... සඳරු.. කාලෙකින් දැක්කෙ
ReplyDeleteඅදයි මේ පැත්තට අවේ. ඇත්තටම ගොඩක් වටින ලිපියක්. මමත් දන් නැතුව හිටපු දෙවල් ටිකක් මගේ මතක පොතේ තැම්පත් කර ගත්තා. ගොඩක් ස්තුතියි.
ReplyDeleteස්තූතියි නැවත එන්න...
ReplyDeleteස්තුතියි! නොදන්න කරුණු රාශියක් දැනගත්තා...
ReplyDelete