මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/25/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 01)



ඇත්තටම ඕනෙම පොතකට පෙරවදනක් තියෙන්න පුළුවන්. හැබැයි හැම කතාවකටම පෙර වදනක් ඕනෙමයි කියලා කෙනෙක්ට තර්ක කරන්න හිතෙනවා නම් ඒක ඇත්තටම ලොකු මෝඩ කමක් . ඒත් නවකතාවකට පෙර වදනක් තියෙන්න ඕනෙ කියලා කෙනෙක්ට තර්ක කරන්න ඕනෙ වුණත් හැම කතාවක්ම නව කතාවක් කියලා කියන ඒක ඊට වඩා මෝඩකමක්. මේක නවකතාවක් නෙවෙයි. මම මේ කියන්නෙ මගේ කතාව. මගේ චරිතය ගැන කියන හින්දා මේක චරිත කතාවක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් මම ඒකට කැමති නැහැ. මේකට නමක් නොකියනවා නම් තමයි හොඳ. මේක ටිකක් දිගයි. ඒ නිසා මට ටිකක් ලියන්න වෙයි.

මගේ නම ෂේන්යා. එහෙම මේ කතාව පටන් ගත්තොත් ටිකක් අමු වැඩියි වගේ. හුඟක් කතා එහෙම පටන් අරගන්නවා. මේ කතාව පටන්ගන්න ඕනෙ මුලින් නම්, මම කන්දෙ ලෑලි ගෙදර ඉඳන් පල්ලෙහාට දුවගෙන එන තැනින් පටන් ගන්න ඇත්තටම පුළුවන්. ඒත් මම වැඩිවිය පැමිණි විත්තිය මට කලින් කන්‍යා සොයුරියක් දැනගත්ත වග කියලා පටන් ගත්තොත් මේ කතාව ටිකක් ආකර්ෂණීය වේවි. ඒත් ඇත්තටම කතාවෙ හොඳම හරිය පටන් ගන්නෙ ෂේන්යාගෙ කසාදෙන්. ඒ කියන්නෙ මගේ විවාහයෙන්. ඒක සිද්ධ වෙන්න නියමිත හෙට.

මම විවාහ වෙන්නෙ කතන්දර පොත් වල ඉන්න ෂේන්යාගෙ සුලබ පෙම්වතා පාවෙල් එක්ක නොවුණත් එයාගෙ නම ඊට ටිකක් විතර සමානයි. එයා සැමුවෙල්. සැමුවෙල් ගෙ නම මේ පැත්තට සුලබ නැතත් මට හිතෙන්නෙ එයා සලඹයෙක් කියලා. අර පුංචි ලංතෑරුම් එළියකට පිස්සුවෙන් ඇදීගෙන ගිහින් විනාස වෙන මෝඩ සතෙක් කියලා. කොහොම නමුත් කතාව මම මුල ඉඳන් පටන් ගන්නම්. කතාව මැදින් පටන්ගත්තොත් සැමුවෙල්ගෙ හමුවීම කියන එක මඟ හැරෙන්න පුළුවන්. ඒ වගේ ම මයිකල්ට මොකද වුණේ කියලා ඔයාලාට අපැහැදිළි වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් මම ඔයාලාට කතාව කියන්නම්. ඔයාලාට ඕනෙ නම් මගේ නම කැමති විදියකට වෙනස් කරගන්ඩ.මගේ රූපෙ ආසා විදියකට මවා ගන්ඩ ඔයාලාට නිදහස තියෙනවා. නමුත් මම කියන්ඩ ඕනෙ..සැමුවෙල් ගෙ චරිතය ඔයාලා මවා ගනිද්දි එයාට ලොකු බඩක් දමන්න එපා. මොකද මම කසාඳ බිඳින මිනිහට ලොකු බඩක් තියෙනවාට මම කැමති නෑ.

මේ කතාව සිද්ධ වුණේ රුසියාවෙ කියලා හිතනවා නම් ඒක වැරදියි කියලා කියන්න බැහැ වගේම හරිය කියලා කියන්නත් මට ඕනෙ කරන්නෙ නැහැ. මොකද ඕනෙම රටක ඕනෙම තැනක ඕනෙම විදියක අය, ඕනෙම කාලෙක දී ඉන්න පුළුවන්. ඒකයි...අපි කාගෙ කාගෙත් ජීවිත පිස්සුවක් කියලා අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. හෙට විවාහ වෙනවා කියන එක ඇත්තටම බය නැතත් අම්මා කෙනෙක් වීම නම් ටිකක් භයානකයි. බැඳපු දවසෙම අම්මා කෙනෙක් වීම ඊට වඩා හුඟක් භයානකයි.

46 comments:

  1. අළුත් කතාවක්....

    ආරම්භය ලස්සනයි, අළුත්...කියවන්න ආස හිතෙනවා.....

    ඉක්මණට එහෙනම් ලියමු බලන්න....

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියන්න අමාරුයි. බලමුකො තව සුමානෙකින් කියවන්න.

      Delete
  2. මට දැනෙන ෂේන්යාට ලොකු රවුම් ඇස් දෙකක් තියනවා.ඒ ඇස් වලින් මට මෙහෙම කියනවා.අහන්න අහන්න මෙගේ කතාව.මගේ ආදරය හොයන්න.ප්‍රස්න අහනෙපා.ඇයි මිනිස්සුන්ට ප්‍රස්න අහනැතිව කතාවක් අහන් ඉන්න බැරි?ප්‍රස්න අහන්නෙ යමක් ඉගන ගන්න.තෙරෙනැතිවෙයි කියා හිතෙන තැන් පැහැදිලි කරගන්න.මං බොහොම සරලව කියන්නම්.මගේ කතාව අහන් ඉන්න.

    ReplyDelete
  3. ලස්සන දිගහැරුමක්.. ආස හිතෙනවා ඉතිරිය කියවන්න. ලියනකල් බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔයා...ඒවා මෙතන දාන්න ඉස්සර දැන ගන්නවානෙ

      Delete
    2. එයා සැමුවෙල්. සැමුවෙල් ගෙ නම මේ පැත්තට සුලබ නැතත් මට හිතෙන්නෙ එයා සලඹයෙක් කියලා.

      Delete
  4. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්නකෝ අපට කියවන්න

    ReplyDelete
  5. ම්ම්ම් බලමුකෝ එහෙනම් කතාව ඉස්සරහට මොනා වේවිද කියල නීනු අක්කේ.. හැබැයි අවසානේ ලස්සන කොරන්න.. නැත්තම් මම තරහ වෙනෝ.. :D

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ කොල්ලා....අර ගොං පූස් තඩියා බලලත් කමෙන්ට් කළේ නෑ මලේ..

      Delete
    2. කොයි ගොන් පූස් තඩියද? හික්

      Delete
    3. ඕකා තමා උසානයාට පාර වරද්දලා තියෙන්නෙ.. ඒ මදිවාට තර්ජනය කළා..කොටස් හතරකට වඩා ලීවොත් මේක බලන්නෙ නෑලු

      Delete
  6. ආ.. කියන්න අමතක උනා.. නම නම් මාර ලස්සනයි.. කතාවටත් ගැලපේ යැයි සිතමි..

    ReplyDelete
    Replies
    1. මල්ලි මාව ගොඩක් දිරිමත් කළා...තැන්කූ

      Delete
  7. බලමුකො බලමුකෝ........

    ReplyDelete
  8. මරණ තර්ජන හා චොකලට් පගාව හමුවේ කමෙන්ට‍ කලෙමි :D :D

    "කතාව එළැය"

    ReplyDelete
  9. Replies
    1. බලමු බලමු ඉංග්‍රීසියෙන් බනින හැටි..

      Delete
  10. හැම ආදර කතාවක්ම එක වගේ ලු..ඒත් මේක ටිකක් වෙනස් කරන්න..මේ ලියලා තියෙන කෙටි හැඳින්වීමෙන් ම මට මොකද්දෝ ආසාවක් ඇති උනා මේක ඉදිරියටත් කියවන්න.ලියන්නකෝ බලන්න එහෙනම් අපි වෙනුවෙන්.අනේ තව දෙයක්.අර සුජීව ප්‍රසන්නාරච්චිගේ වගේ කෑම වට්ටෝරු නවකතාවක් නම් ලියන්න එපා හොඳේ...??ඔන්න කලින්ම කිව්ව.

    ReplyDelete
    Replies
    1. හක හක....ඒකෙත් දෙයක් නැතුවා නෙවී

      Delete
  11. පාඨකයා ට වැඩිය හිරිහැර කරන්නෙ නැතිව ඉතිරි කොටස් ලියන්න බලන්න...

    :)

    ReplyDelete
    Replies
    1. බලමු...ඉතින්... මම ටිකක් දරුණුයි

      Delete
  12. ඔන්න මමත් ආවා කතාව කියවන්න.. ඉතින් ලියමුකෝ බලන්න.. ඔන්න චරිත මවා ගත්තා.. හැබැයි ඊළග කොටස දාද්දි අමතක වෙයිද දන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියා නම් කියවලා පල පුරුද්දෙන් නගා ගැන දන්නවා වගේ

      Delete
  13. ඉදිරියත් කියවන්න එනවා අක්කා ලියන්නකෝ.හැබැයි මෙගා සීරියල් නම් එපා ඈ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං...මම ඔය ආත බූත ලියන්නෙ නෑ... උපරිම කතාව කොටස් 10යි.

      Delete
  14. කීමට ඇත්තේ වැල්ලවතේදී සලබයා එක්ක ඉන්න විට කී දේය...

    "නියමයි"

    ReplyDelete
    Replies
    1. හි හී......මගෙ කොල්ලාට සලබයා කීවා නේද තෝ? අයියෙ

      Delete
  15. සෑහෙන කාලෙකට පස්සේ නංගි ගේ පෝස්ට් එකක් කියවන්නේ !!
    එදා වැල්ලවත්තේ දි නංගි "මේ ඉන්නේ තාරක" කියලා කිව්වම මට පස්සේ තමා ක්ලික් උනේ තාරක කියන්නේ කවුද කියලා. :)

    ReplyDelete
    Replies
    1. දැන් මේ අහිංසක සැමුවෙලාට තාරක පටල ගන්නවා නෙවී

      Delete
  16. ෂේන්යා! මට ඔයාව තාමත් මගේ ඇස් ඉස්සරහා මැවිලා පේනවා! හීනි තොල්පෙති වලින් දත් නොපෙනන තරම් ලාවට හිනා වෙලා ඔයාගේ නිල්පාට ඇස් වලින් මාව ගිලින්න ඇඳ ළඟට එන හැටි මට තාමත් මැවිලා පේනවා.....

    කෝ බං කතාව? ඒක අපිද ලියන්න ඕනේ? :D

    ReplyDelete
  17. Wikararoopi Kathawak wagey,

    ReplyDelete
  18. Lassanata kathawa galaagena yai wage. Ithuru tikath ikmana ta liyannooo.......

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
  19. හැම තැනම නැති ජාතියක කතාවක්.ලියන්න නගේ දිගටම..

    ReplyDelete
  20. ලස්සනට ලියනවා නංගි.දිගටම ලියන්න

    ReplyDelete
  21. ලියන්න අක්කෙ රම්පෙට පොරි හැලෙන්න අපි ඉන්නව කියවන්න...........

    ReplyDelete
  22. දෙවෑනි කොටස කියවලා නෙ පලවෙනි කොටස කියෙව්වෙ.මම එනවා අක්කේ දිගටම කියවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.