මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/9/12

මගේ හිත කලබලයි

මොනා හෝ දෙයක් ලිවිය යුතු යැයි සිත බල කරන නිසාවෙන්, යමක් ලියා තබන්නට යතුරු පුවරුව මත ඇඟිලි තුඩු මෙහෙයවූවද හදවත තුළ තෙරපෙන මහා දුකක් ලියන්නට එන හැඟීම නවතාලයි..

මේ මොහොත වන විට මම සිටින්නේ මා සිටිය යුතු තැන හෝ සිටීමට සිතා සිටි තැන නොවේ. එක් පාර්ශවයකින් මා දිරිමත් වෙද්දී අනෙක් පාර්ශවයෙන් මම අන්ත අඩියකට වැටී සිටින්නෙමි. මගේ හීනය වූ කෙටි චිත්‍රපටය මට වුවමනා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බැරිවෙන අයුරක් මට පෙනෙයි. මේ අවස්ථා වලදී කාලය පිළිබඳව මට මතුවන තරහ පාලනය කර ගැනීමට නොහැකි තරම්.

මා ළඟ බ්ලොග් ප්‍රවණතා සම්බන්ධයෙන් සහභාගී පරීක්ෂණ තුළින් ලත් අත්දැකීම් හා තොරතුරු බොහෝමයක් වේ.ඒවා ප්‍රයෝජනයට ගතහොත් වචන 5000 ක නිබන්ධනයක් ලිවීම මහා කජ්ජක් නොවේ.

එහෙත් මම එවැන්නක් පළමුවෙන් බලාපොරොත්තු වූයේ නැහැ. මට තවත් අධ්‍යනයට කාලය අවශ්‍යයි. පද්‍ය සංග්‍රහයක් හෝ කෙටි කතා සංග්‍රහයක් ඉදිරිපත් කළ හැකි නමුත් මට වුවමනා ලකුණ මට එයින් ලැබිය හැකි වේවිදැයි යන්න සැක සහිතය.

බැජ් ටොප් වීමට සිහිනයක් නැතත්, මම ආශා කරන්නේ ඉතාම හොඳින් ලකුණු ලැබීමටය. නිබන්ධනය සඳහා වන පීඩනය මේ වන විට විෂයානුබද්ධ ක්‍රියාකාරකම් වලටත් බලපාලා. මම මනසින් ටිකක් දුර්වල වෙලා.

මට මේ වෙලාවෙ කළ යුතු හොඳම දේ ගැන උපදෙසක් ඕනේ..මගේ ගැටළුව ඔබට තේරෙනවාද කියාවත් මම දන්නෙ නැහැ. ඒක් මෙය සටහන් කරනවා විනා මට වෙන කළ හැකි දේකුත් පෙනෙන්නට නැහැ. දින පොතකට වඩා මට සමීප බ්ලොයේ මම මගේ ගැටලුව ලියා තබන්නේ..හැකි කෙනෙක් මට කළ යුතු හොඳම දෙය ගැන උපදෙසක් දෙයි කියන බලාපොරොත්තුවෙන්.

අන්ත අසාධාරණයකට මුහුණ පෑ හැකි නිබන්ධන ක්‍රමයක් ඇස් පනාපිට පෙනෙද්දි, මගේ හිතේ තියෙන්නෙ සුන් වුණ හැඟීමක්...කියන්නත් බෑ..නමුත් දැනෙනවා..

වෙනදාට නිතරම අහන සිංදුවෙන්වත් මේකට මට උත්තරයක් හොයාගන්න බැරි වුණා.

බිම්මල් යට පිපුණු පැතුම් පෑගී යන විට
කඳු මුදුනට නැග බලන්න ජීවිතයක උස

16 comments:

  1. කෙටි චිත්‍රපටියක් හදන්න
    බිලොග් ලියන්නියක්
    ඔබ ගැන කාලය හරස් නොවේවි
    චරිතය පුටුවක් මත සිට්න
    ඇඟිලි තුඩුමතට ජීවිතය බර කල අයෙකු ගැන

    ReplyDelete
  2. විනාඩි 25ක්........අමාරුයිනෙ

    ReplyDelete
    Replies
    1. අප්පේ ලේසියි 25ක් නමි
      එක පැහැදිලි අරමුණක්
      අරමුණ කරා යන චරිතයක්
      හරියට කෙටි කථාවක් වගේ
      පුටුවක ඉඳගෙන
      ජිවිතයම විඳින හැටි
      හිතලා බලන්න අමාරුද කියලා

      Delete
    2. මට ලකුණු දෙන එකක් නෑ අනේ?

      Delete
    3. චැහ් එහෙනමි වැඩක් නෑ

      Delete
  3. අර බ්ලොග් ප්‍රවණතා ගැන දැන ගත්ත කරුණු ගැන ලිවුවනම් මොකද??

    ReplyDelete
    Replies
    1. ඒක තමා...ඒක නං ප්‍රයෝජනවත් වෙයි වගේ

      Delete
    2. ඔය යක්කු ඒවා ගැන දන්නවාද කියලා දන්නෙ නෑනෙ දිනේශ් අයියෙ

      Delete
    3. ප්‍රෙයා්ජනවත් නම් තමයි අඩවි රජෝ...අපිට... උන්ට ඕක ප්‍රෙයා්ජනවත් ද කියලා අපි කොහොමද දන්නෙ?

      Delete
  4. අර මං කිවුව විදියට කයි පොතක් ලියන්න මැණික.

    ReplyDelete
    Replies
    1. හාකො හාකො ඒමවත් කරමු ........ මගෙ දෙයියො

      Delete
  5. හයියෝ ළමයෝ , ළකුණු නොදෙයි කියා ඔයා උපකල්පනය කරගෙන ඉන්නවනෙ. අලියාගේ තරම අලියා දන්නෙ නැහැලු. අපි ඔක්කෝම එකතු වෙලා හදමු මොකක් හරි

    ReplyDelete
    Replies
    1. උප කල්පනය වෙලා අයියො තීන්නෙ.

      Delete
  6. ලව් ස්ටොරියක් ගැන ගහමු කෙටි චිත්‍රපටියක් ලකුණු හම්බෙයි.

    ReplyDelete
  7. මම හිතුවා කවි පොතක් ලියන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.