මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/16/12

නෙරංජිගෙ අවුරුදු සුබපැතුම


ඉතින් ආදරණීය මගේ යාළුවනේ, කොහොමද? ඔයාලාගෙ අවුරුද්ද ජයද? අවුරුද්දෙ මට ඇති වුණ හුඟක් හැඟීම් කෙටියෙන් බෙදා ගන්ඩ තමයි මම මේ ලිපිය ලියන්ඩ හිතුවෙ.

ඇත්තටම දැන් අවුරුද්ද ටිකක් ඉවරයි. මේ රිප්ලයි පිඟන් බෙදන කාලෙ. ඒ කියන්නෙ ගෙදරට ආපු පිගන්, හිස්කරලා තෑගි එකක් ගිහින් දෙන කාලෙ. ඒත් තාම ජන ජීවිතය සමාන්‍යකරණය වෙලා නෑ. මොකද තවම පාන් මාමා ආවෙ නෑ. තරිඳු අයියලාගෙ අම්මා සරත් මාමලාගෙ කඩේට ඉඳිආප්ප දාලාත් නෑ..

මම මේ ලිපිය ලියන එක අරමුණක් තමයි කට්ටියටම සුබ පැතීම. පින්තූර ටැග් කරපු අයට, එස් එම් එස් එවපු අයට, වෝල්පෝස්ට් දාපු අයට, මම දාපූ පොස්ට් එකට කොමෙන්ට් කළ අයට, ලයික් දාපු අයට, 3500ක් විතර වෙන ෆේස්බුක් එකේ යාලුවන්ට, 283ක් විතර ඉන්න බ්ලොග් යාලුවන්ට, මට වෙන් වෙන්ව සුබ පතන්න බැරි වුණා. ඇත්තම කියනවා නම් හිතේ හැටියට සුබ පැතුවෙ තාරක අයියාට (මගෙ අරයානෙ ) විතරයි.

තාරක අයියා මට අවුරුද්දට රස (කැන්ඩොස් සප්‍රයිස්) චොක්ලට් එකකුයි, ආසා ඕනෙ එකක් ගන්න එයා එක්ක යමුයි කියලා අඥාත වවුචරයකුයි, මම කන්ඩ ආසම රසම රස ක්‍රිස්කො බිස්කට් තියන ටින් එකකුයි තෑගි දුන්නා.




හෙට ඒ පිහිටෙන් මට බම්බලපිටියෙ අයියා එක්ක රවුමක් ගහන්න ගෙදරින් පර්මිෂන් ඒ සමඟම ලබාගත්තා.....ඒ විතරක් නෙවෙයි.. මට හෝම් මේඩ් බයි තාරක මල්ටි ප්ලග් එකක් හදා දුන්නා. මම 3 core වයර් එකට වරද්දලා 2 core ගෙනත් නිසා ගෙදර තිබ්බ වයර් එකකින් කරලා ඒක ෆිනිෂ් එක ටිකක් දැනට අවුල්. ඒකත් සුදු පාටින් දාලාම ඒක ගැන පෝස්ට් එකක් පස්සෙ ලියනවා.


අපේ අම්මා අවුරුද්ට හදපු අලුවා සහ කොකිස් දැන් බෙදලා ඉවරයි. දැන් තමයි මට කන්ඩ ලැබෙන්නෙ. ඇත්තටම මට අවුරුදු ලැබුවෙ දැන්. තව ගෙදර කෑම ගොඩක් තියෙනවා. බිත්තර දාපු නිසා කොකිස් වල පුමිතිය බැහැපු බවයි කලු පුංචි ආච්චි සඳහන් කළේ. ඒත් ඉතින් හැඩේ අවුල් වුණාට කොකිස් ටික රහයි. සුවරූපෙන් පපඩම් වලට ටිකක් හුරුයි. අලුවා නම් ටොප්. අලුවා වලට පිටි බැදලා පදම බලන්ඩ පිටි ගින්දරට විසිකරන එක නම් හිනා යනවා... (ඔක්කොම ටික ලිපට දැමිමා නම් නිකම්ම අලුවා නෙ)

හරි හරි ඉතින් දැන් මම සුබ පතන්න බැරි වෙච්ච දහස් ගණනක මිතුරන්ට සුබ පතන්න මම මේ පෝස්ට් එක ලිව්වා.. මගෙ කම්මැලි කම නොවෙන්න මට මේක මීට වඩා හොඳට කරන්ඩ තිබ්බා. ඒත් මට ඔය වගේ වැඩවලට පින්තූර හදන්ඩ, එක එක්කෙනාට විශ් කරන්ඩ මම හරීම කම්මැලියි. ඉතින් බ්ලොග් ලෝකෙ මා එක්ක කවුරු හරි තරහින් හිටියා නම් සමා අවසර. ඒ විතරක් නෙවී.. මම සුබපැතුවා කියලා හිතන් රිප්ලයි එවපු අයටත් ගොඩාක් ස්තූතියි. මේක වුවමනාවක් නැති කමට වඩා පුරුද්දක් නැති කම.

මම අවුරුදු කුමරිය ගැන කවියක් ලීවා. ඒකට කමෙන්ට් කළ අයටත් ස්තූතියි. ඒක මෙතන මම පල කරන්නෙ නෑ. මුහුණු පොතේ ගොඩක් අය ඒක බැලුව නිසා.

මම බස් රේඩියෝ එක නිසා කට්ටියටම සුබ පැතුවා.. ඒකට ඔවුන්ට ස්තූති කරන්ඩ ඕනෙ. අලුත් අවුරුද්දෙ මම කරන්න හිතා ඉන්න දේවල් මම කියන්නම්කො. ඉස්සරහට
එහෙනම් ඔයාලා කාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!

කඳුලු පිපිරෙන ඇස් අගිස් මත හීනා පිපිරී විසිරියන්
හිනා ඉතිරෙන මුවක උණුහුම තවත් මුවකට පැතිරියන්
හදවතින් මෙත් ගුණ මුදුන්පත් සිහිලසෙන් සිත් තෙරපියන්
හැමට සිංහල අලුත් අවුරුදු මුට්ටියෙන් කිරි ඉතිරියන්..

ලොවේ දස දෙස නැගුණු රුපු යුද  නිවී ගිනිඅවි ඇවිලියන්
දැවුණු  අවි අලු මතින් සුවඳට නැවුම් මල් වැල් පිබිදියන්
සගිනි බලවත් වෙච්ච කුස් දැක බත් පිඟන් බෝ ඉදීයන්
එ සුවඳින් නැහැයම පුරා හද තොසින්  අපෙ ඇස් තෙමීයන්

අපේ දෙස බස රැස පුරා ඔද වැඩුණු කොල්ලන් පිරීයන්
අහස මිහිකුස සයුර විනිවිද නිවහල්ව හිස් නැගීයන්
රටක් දුලවන පුතුන් සදනා අම්මලට කිරි එරීයන්
උන්ගෙ නැළවිලි ගී සරෙන් නූඹ සැනසියන් ලක සැනසියන්.

සිංහල අවුරුද්ද සිතු පැතු යහපත් දෙයින් ඉතිරේවා!!!




23 comments:

  1. එසේම වේවෝ...!!! :-)

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දකු වේවා!

      Delete
  2. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. හා හා තවදවසක් ගෙන්න ගන්න ඕන කමට මේ කෙල්ල 2 core ගෙනාවද කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩේමයි මෙයාව තව දවසක් ගෙන්න ගන්ඩ... වෙන වැඩ නෑනෙ අපිට

      Delete
    2. වෙන වැඩ නෑ තමයි.. ඒකනේ මට කෝල් කලේ

      Delete
    3. බ්ලෑ බ්ලෑ..............බොබ් බොබ්....බූ

      Delete
  4. Replies
    1. අනේ පල පල.....කෝ මලිලි පතිවත ප්‍රදර්ශනේ...? මාතෘතා කීවොත් චිත්‍රයක් එවත හැකි

      Delete
  5. සේම් ටූ යූ ඈ....

    ReplyDelete
  6. එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  7. I think this is irrelevant to the post. sorry to put here

    ඔක්කොටම කලින් කුරේ පිට්ටනිය තියෙන තැනට ගාලු පාරෙන්, කො‍ටුවෙන්, 120 පාරෙන්, 138 පාරෙන් එන හැටි ගැන පැහැදිලිව විස්තර කරලා පෝස්ට් එකක් දාපන් මචන්ලා!

    ගූගල් මැප් එකෙන් නම් ලොවෙත් හොයාගන්න බෑ.

    බස් එකේ එන හැටි, වාහනේකින් එන හැටි එහෙමත් දාන්න.

    තියෙන තැන ගැන හරිහැටි දන්නෙ නැති නිසා ගොඩක් අය එන්නෙ නැති ප්‍රවණතාවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...........ඇත්තටම..තාරක අයියා දන්න නිසා යනවා මිසක්.මම දන්නෙත් නෑ

      Delete
  8. එසේම වේවා... ක්‍රිස්කෝ නම් එපා......!!

    ReplyDelete
    Replies
    1. දෙන්නෙත් නෑ...දැනුත් කෑවා.. පස්සෙ පෙටිටියත් මට

      Delete
  9. අක්කිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. අක්කි????

      Delete
    2. 1989 නොවැම්බර් 01 මම . ඒ අනුව අක්කා නංගී භාවය තීරණය කරගන්ඩ

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.