මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/26/12

සුබ උපන්දිනයක් නෙරංජිගෙ සිංහල බ්ලොග්ස්ලා


අද මට හදිස්සියෙම මතක තියන් හිටපු දෙයක් මතක් වුණා. අද මගේ සිංහල බ්ලොග් කෙරුවාවට හරියටම වසර තුනයි. හරියටම 2009 අප්‍රේල් 26 වෙනිදා අද වගේ දවසක තමයි මම කිසිවක් නොදැන හදාගත් පුංචි බ්ලොග් එකට සිංහල පෝස්ට් එකක් දැම්මෙ. අද ඒ බ්ලොග් එක නොලිව්වත්, වරද්ද ඉන් අනතුරුව වරද්දා මේවන විට බ්ලොග් 20ක් පමණ හැදුවත්, නීනුගේ නිශාව නැමති බ්ලොග් එක මාස කිහිපයකින් ඩිසෙබල් කරලා දැමුවත්, අද වන විට රෝස වලාකුළු නමින් පටන් ගත් "ඉර ඇහැරෙන ඉසව්ව" පමණක් නෙරංජි හා නීනු කියන නමින් ක්‍රියාකාරී මට්ටමේ පැවතුනත්, මගේ බ්ලොග් ගමන කවදාවත් කැඩුණෙ නැහැ. අන්න ඒ නොකැඩුණු බ්ලොග් ගමනට හරියටම වසර තුනයි...

බ්ලොග් ලෝකයේ ජීවිත් වීමෙන් මා හඳුනාගත් බොහෝ අය ඉන්නවා. නෑදෑයන්ටත් වඩා ඔවුන් මට සමීප වූ බව සැබැවක්. සමහරුන්ගේ ඇත්ත නම ගම නම් මම අදටත් දන්නෙ නැහැ. ඒ වගේම බොහෝ අය සැබෑ ලෙසම මම දන්නවා. මේ බ්ලොග් ගමනට උදව් වූණ අය හුඟක් ඉන්නවා. ඒ සියලු දෙනාම ආදරය පෙරදැරිව මේ අවස්ථාවෙ සිහිපත් කරන්න ඕනෙ. ඒ වගේම සියලුම සින්ඩි වලට Facebook groups වලට මම ස්තූති කරනවා.



නම් ගම් වලින් කාවවත් මතක් නොකරන්නෙ, හිතේ හෝදිසියට කියලා කාව හරි අමතක වුණොත් ඒක වස වැරැද්දක් නිසා. මේ බ්ලොග් එක බලන හැම කෙනෙක්ම මට එක වගේ වටිනවා. තර්ජනය කළාම වගේ හොයාගෙන ඇවිල්ලා කමෙන්ට් දමන හැම දෙනාටම ස්තූතියි. විශේෂයෙන්ම මේ වෙලාවෙ තාරක අයියාව සිහිපත් කරන්ඩ ඕනෙ. එයා තමයි මගෙ කොල්ලා. එයා මට හම්බුණෙත් බ්ලොගේ නිසා.


මට බ්ලොග් කලාව නවත්තන්න හිතුණෙ එකම එක වතාවයි. මම කියන දේ මේ යක්කුන්ට තේරුම් ගන්න බැරුව පොර ටෝක් දෙන්න පටන් ගද්දි එහෙම හිතෙන එක වැරදි නෑනෙ. කොහොම නම්ත් ඉර ඇහැරෙන ඉසව්වට ප්‍රාරම්භය වැටුණෙ එතනින්.
 

හැකි තරම් කාලයක් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. හොඳින් බැරිනං, නරකින් හරි මම මගේ යාළුවන්ට මම ලියන ඒවා කියවෝනවා. කියන දේ නාහන ළමයින්ට වෙන දේ දැනගන්ඩ පුළුවන් කට්ටිය තාරු බබාගෙන් ඇහුවොත්. නෙරංජි ටීච කොයි තරම සැරද? කියලා එයා කියයි.


එහෙනම් දැන් කට්ටියම මට සුබ පතන්ඩ. මේකට ඉක්මනට කමෙන්ට් දැම්මොත් අදම නවකතාව දානවා.

75 comments:

  1. සුබ පැතුම් අක්කේ.... දිගටම ලියන්න...

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් වේවා!!!!

    දිග......ටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    ReplyDelete
  3. සුබ පැතුම් මැණික. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි..

    අපොයි ඔවු. මේ චීට නම් හරිම සැරයි.. කමෙන්ට් නොකර හිටියොත් බලාගෙනයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ..මගෙ කුක්කු මැණික පැටියො.... හම්බුණාම උම්මා එකක් දෙන්නම්..

      Delete
    2. ඊඊඊඊඊයායා..... :D

      Delete
  4. හප්පට සිරි.. සුබ තුන වන බ්ලොග් උපන්දිනයක් වෙවෝ නීනු අක්කේ.. වසර තුන වසර 30 වත් වේවි කියලා හිතනවා.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. පික්සුද 50ක් ලියනවා...තැන්කූ

      Delete
  5. සුභ පැතුම් නගේ දිගටම ලියන්ඩ....

    ReplyDelete
  6. තවත් අවුරුදු 27කට පස්සෙත් (එතකොට මේකට 30යිනෙ..!) මේ බ්ලොගය කියවන්නට හේතු වාසනා වේවා..!!
    එහෙම ප්‍රාර්ථනා කරන්නෙ මටත් ඇද ඇද හරි එච්චර කල් ඉන්න පුලුවන් වේය කියල හිතාගෙනයි..!!

    ReplyDelete
    Replies
    1. අපෝ තේනු මාමා...තේනු මාමා තව 50කට මැරෙන්නෙ නෑ..තව 40කට කැමරාව බිම තියන්න වෙන්නෙත් නෑ.

      Delete
  7. සුබ ඇනිවසරි එකෙන් පස්සේ ආයේ චොකෝ කන්න චාන්ස් එකක් ඇවිල්ලෝ

    ReplyDelete
    Replies
    1. අහ්... දෙකටම තමා ඒ දුන්නෙ.

      Delete
  8. අපිට බෑ සුබ පතන්න අපිට වෙන වැඩ තියෙනවා...බායි...

    ReplyDelete
  9. සුබ පැතුම් අක්කෝ....

    දිගටම ලියමූ.... ජය!!!!

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා... නැතිව බෑනෙ රජෝ

      Delete
  10. සුභපැතුම් නංගියෝ....

    ReplyDelete
  11. ආ මග කෙටියි යායුතු මග දුරයි. ඉතිං ලබපු අත්දැකීම් එකතු කරගෙන බ්ලොග් ලෝකයේ සාර්ථක දුර ගමනක් යන්නට නේරංජිට ශක්තිය දහිරිය වාසනාව නොඅඩුව ලැබ්වායි ප්‍රාර්ථනා කරනව.
    (උපන්දින කේක් තැපෑලෙන්වත් එවයි නේද?)

    ReplyDelete
    Replies
    1. මම පේරේතයා... තනියම කන්ඩ හිතුවෙ

      Delete
  12. හොදයි නන්ගියො.....

    ReplyDelete
  13. ලගදි ඉදම් ඔයාගෙ බ්ලොග් එක බලන්න ගත්තේ . සුභ පැතුම්. දිගටම ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම්හානි

      Delete
  14. සුභ පැතුම්. කමෙන්ට් කරන්න කියලා බැනපු විදියට කේ ටයිප් කර ගන්නත් බෑ අත් දෙක වේවලනවා.:D
    අම්මෝ සමහර දවසට හොරෙන් ඇවිත් පලෝපාරක් දාන්නැතුව ගියා කියලා දැන ගත්තොත් නම් අම්මෝ ඉන්න හම්බවෙන්නා. :D :D

    ReplyDelete
    Replies
    1. දන්නවනෙ මගෙ හැටි... අපි සැරයි

      Delete
  15. හලේ හලේ....සුබම සුබපැතුම් මගෙ අක්කියෝ......
    දිගටම ලියන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා.....!

    ReplyDelete
    Replies
    1. ඇයි මට විතරක්.. ඔයත් ලබන්ඩ

      Delete
    2. සුබ උපන්දිනයක් මගෙ නංගි පැටියො බ්ලොග් එකට.උඹ මට නමෙන් කොමෙන්ට් දාන්න කියා දුන්නැහැනෙ.ඉතින් මෙහෙම තමා දාන්ඩ් ව්න්නෙ.ඒකට මං පස්සෙ බනින්නම්කො.දැන් ඉතින් මගේ ආදරයත් එක්ක ආශිර්වාදය මගෙ නංගිට.චිරාත් කාලයක් වැජඹේවා කලා ලොවේ.උඹ ලස්සන හිතක් තියන හොඳ කලාකාරියක්.ජයෙන් ජය.(තිශාරා අක්කා)

      Delete
    3. ගොඩක් ස්තූතියි මගෙ අක්කෙ

      Delete
  16. කේක් කපන්නේ කීයටදෝ? සුබ පැතුම් ඔන්න මගෙනුත් අක්කේ

    ReplyDelete
  17. ප්‍රසාන්...4/26/12, 4:53 PM

    මගෙනුත් උනුසුම් සුභ පැතුම් ...:)

    ReplyDelete
  18. බිම්මල් පිපි පාර දිගේ
    උල්පත් පසුකොට
    මමත් ආවා
    ඉර ඇහැරෙන ඉසව්වට..
    සුභ පැතුම් ගොන්නක් එක්ක..

    ReplyDelete
  19. සුභපැතුම්. මේ බ්ලොගේට වැඩිය ඇවිල්ල නෑ. කියවල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අපෝ ආපු ටික ඇතිනෙ... ස්තූතියි

      Delete
  20. තුන් වෙනි උපන් දිනය සමරන පුංචිම පුංචි බ්ලොග් පැංචාට මගේ සුභම සුභ පැතුම්.
    චිරාත් කාලයක් ලියන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
    ඇත්තටම සැරයිද අක්කේ ඔයා :ඔ ?

    ReplyDelete
    Replies
    1. මම කොයි තරම් සැරද කියනවා නම්... ඒ තරම්ම සැරයි මලේ

      Delete
  21. දිගු ගමනකට නිබද ධෛර්යය ශක්තිය ලැබ තව තවත් නිර්මාණ වටින සටහන් අප අතරේ තබන්නට..
    සුබ පැතුම් නංගියෝ හදවතින්ම..!!! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නන්දු අක්කෙ

      Delete
  22. බෑවුම් තැනිත්ලා ගල් මුල් නැති ගඟක හැඩ අපි බලන්නෙ නෑනෙ අක්කෙ,අක්කට තව චිරාත් කාලයක් බ්ලොග් ලොයන්නට ශක්තිය ලැබේවායි කලා කාරයා ප්‍රාර්තනා කරනව ඔන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි කලාකාරයො...

      Delete
  23. සුබපැතුම් මගෙනුත් :D

    ReplyDelete
  24. සුබ පැතුම් අක්කා සුබ උපන්දිනයක් වේවා බ්ලොගේට

    ReplyDelete
  25. සුභ පැතුම අක්කේ

    ReplyDelete
  26. සුභ උපන්දිනයක් වේවා....

    ReplyDelete
  27. සුබ පැතුම් මගෙ අක්කි බබා.. නොදැවී ඉදිරියට යන්න.

    ReplyDelete
  28. පලවෙනි අවුරුද්දේ ඇනිවසරි එක විතරයි මිස් උනේ !! කොහොමහරි අවුරුදු දෙකක් විතර නංගිගේ බ්ලොග් එකත් එක්ක හිටියා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මධුරංග අයියෙ...

      Delete
  29. සුභ බ්ලොග් සංවත්සරයක් වේවා නීනුවෝ !!!

    ReplyDelete
  30. සුබ පැතුම් !!!

    ReplyDelete
  31. තව අම්බානෙක කාලයක් ලිවීමට හැකිවේවා....ජයෙන් ජය පතමි.....!!!

    ReplyDelete
  32. මගෙනුත් සුබ පැතුම් අක්කි

    ReplyDelete
  33. ටිකක් පරක්කු උනා.. ඒත් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.. තව සෑහෙන කාලයක් ලියන්න හැකි වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....දිනේෂ් අයියා..

      Delete
  34. සමහර පොස්ට් කියවලා තියෙනවා...
    කියවපු පොස්ට් ටිකට නම් හිත ගියා.
    සුභ පතනවා. ජය !!

    - මම තමයි "එයා"

    ReplyDelete
    Replies
    1. එයා කියලා කෙනෙක් මම දන්නෙ නෑ... කොහොම නමුත් ඔබ ඔහු හෝ ඇය විය යුතුයි. ස්තූතියි....

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.