මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/15/12

වර්තමාන ආත්තම්මලා ට,

අගෞරව කිරීමේ අදහසකින් තොරව යොදා ගත්තකි
 මේ සියල්ල මගේම අත්දැකීම්. මගේ අත්තම්මා නැහැ. නමුත් ගෙදර අවට සිදුවන සිදුවීම් දැක්කාම මෙහෙම කවියක් ලියවුණා. බනින්නෙ නැති ව කෙරෙන හොඳ තර්ක ඕනෙ දෙයක් පිළිගන්නවා.

ආත්තම්මා වඳිනවා
දොහොත් තියා වඳිනවා
ඔසරි පොටේ රැළි හද හද
ආත්තම්මා වඳිනවා
එහා ගෙදර ඩල්සි මම්මා
එක්ක කාර් එකේ ගිහින්
ටයිල් පොළවෙ නළල ඔබා
ආත්තම්මා වඳිනවා..
ගමේ පුංචි බුදු ගේ තුළ
සුදු හුණු ගෑ බුදු පිළිමය
තුන් හිතින්ම අමතක කර
ආත්තම්මා වඳිනවා 
අඩි ගාණක් උසට හදපු
රනින් පැහැයෙන් ඔප දමාපූ
ගව් ගාණක් දුරින් හිඳින
බුදු කෙනෙකුන් සොයනවා..
පන්සල් වැට අද්දර හිඳ
ගමේ හැමට හිනා බෙදන
හාමුදුරුවො සිල්වත් නැති
බව කිය කිය වඳිනවා

අසපුවෙ සිට පැජරෝවෙන්
ඉවත වඩින හාමුදුරුවො
දිහා බලා ඈත සිටන්
පැජරෝවට වඳිනවා
ආත්තම්මා වඳිනවා
ගමේ කාට කාටත් පෙර
නිවන් පුරේ දෝර දකින්ඩ
හොර රහසින් මුමුණ මුමුණ
අත්තම්මා වඳිනවා..

 
 

 

14 comments:

  1. ගොඩක් මිනිසුන්ට ජීවිතේ අවසාන භාගෙ තමයි පින් කරන්න මතක් වෙන්නෙ.....ඒක අපිටත් එහෙම වේවිද දන්නෙ නෑ......

    ReplyDelete
  2. මමත් මේ ගැන ලිපියක් ලිව්වා දැන් මාස කීපෙකට කලින්! අපේ ආච්චිලා සීයලා(විතරක් නෙමෙයි බහුතර බෞද්ධයින් කිව්වොත් තමයි හර්) හිතං ඉන්නේ පෝය දවසට සිල් සමාදන් උනාම, පන්සල් ගියාම උසම උස සිමින්ති ගොඩවල් වලට වැන්දාම නිවං යන්න පුළුවන් කියලා! ලබන ආත්මේ හොඳ තැනක උපදින්න පුළුවන් කියලා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඒත් ශ්‍රද්ධාවෙන් යමක් කළොත්..

      Delete
  3. ලස්සනයි අක්කා මටත් අපේ කිරිඅම්මව මතක් උනා

    ReplyDelete
  4. කවි පෙල ඇත්තටම ලස්ස්නයි නිනූ.. ඒත් මෙහෙම මතක් කරන්නවත් කෙනෙක් මට නොලැබීම ගැන දුකයි.. ඒ ගැනම තමයි මම අද මගේ බ්ලොග් එකේ ලිවුවෙත්..

    ReplyDelete
  5. ලගදි අපේ ගමේත්, කවදාවත් සිල් ගන්නෙ නැති අත්තම්මල ටිකක්(අත්තම්මල කිව්වට එච්චරම වයස නෑ) සිල්ගන්න ගියා බස්එකක, කොහේදෝ පන්සලකට ප්‍රසිද්ධ හාමුදුරුකෙනෙක් බණ කියන්න එනව කියල.

    ReplyDelete
  6. හුගක් ආත්තම්මලා ඔය වගේ තමා.මොනවා කරන්නද??

    මගෙත් දැන් ආත්තම්මලා දෙන්නම දැන් නෑ.

    ReplyDelete
  7. රත්න ශ්‍රීගේ -මේරි අම්මා- කියවලා තියෙනවද නීනු අක්කෙ.මට ඒකෙ රිද්මය මතක් වුණා.කවිය ගොඩක් ලස්සනයි.මේ ආත්තම්මලාට ඉක්මණට නිවන් දකින්න ලැබෙන්නෙ නැති එක ගැන හරිම කණගාටුයි.එයාලා ළග ආකාරවතී ශ්‍රද්ධාවක් ගෑවිලාවත් නැහැ.

    ReplyDelete
  8. අත්තම්මා හදන කෑම ගොඩක් රසයි නේද නන්ගො.
    Tharu ayya

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.