මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/2/12

2011 සහ මම


2010 වසර නිමා වූයේත් 2011 වසර උදා වූයේත්, අවසන 2011 වසර අවසන්ව 2012 ලැබූවේත් ඉතාම ඒකාකාරීවය..යන්න මගේ අනුවය...2010 නිමා වද්දී මම රාවයෙන් වැඩ ඇරඹි අතර එහි 2011 සැප්තැම්බර් මස තෙක් සේවය කළෙමි.පසුව කැමිලස් ආයතනයට සම්බන්ධ වූයෙමි..... දැන් මම එහි සේවය කරමි.කාර්ටූන් නිර්මාණය කිරීමටම දැන් දවසේ වැඩි හරියක් ගතවේ.

පසුගිය වසර තුළ යාපනයට විනෝද චාරිකාවක් ගියෙමි.එය විනෝද චාරිකාවකට වඩා දිගු බස් ගමනක් සේ හැඳින්වීම ගැළපෙයි.මන්ද යත් බොහෝ තැන් දැක බලාගන්නට වූයේ බස් එකේදීය. එය වැඩිහිටියන්ගේ විනෝදය පිණිස හේතු වූවක් මිස...දැන ඉගෙනීමට,අපේ ක්‍රමයට වූ එකක් නොවිණි... බසයෙන් බහින මොහොත තෙක් මා බලා සිටියේ එක දිගට මහ හඬින් වාදනය වූ රේඩියෝ සංගීතයෙන් මිදීමටය.එය වැදගත් ට්‍රිප් එකක් නොවේ...මම ජීවිතයේ ට්‍රිප් ගොස් ඇත්තේ අතක ඇඟිලි තරමට අඩුවෙනි...ඉන් එකක්වත් මට ආසා විදිහේ ඒවා නොවිණි...අනවශ්‍ය රැකවරණය මාව පීඩාවට පත් කිරීම මේ වසරේදීත් සිදු වී ඇත.

පොත් කියවීම අඩුවී ඇති වසරක් ලෙස 2011 හැඳින්විය හැක.නමුත් සිතිවිලි උත්පාදනය වැඩියෙන් සිදුවිය...සැලකිය යුතු බ්ලොග් පෝස්ට් ගණන සෑහෙන්න අඩු වූවත් මම මුහුණුපොතේ සෑහෙන්න කවි, කතා, සිතිවිලි,නිර්මාණ,ඡායාරූප ,චිත්‍ර ඉදිරිපත් කළෙමි.

පසුගිය වසරේ මට වසර විසි එකකට පසු මා සිතූ ආකාරයේ ගුරුවරයෙක් ලැබිණි. ඒ ගුරුවරයා නිසාම අදටත් මම තනිව ඉගෙන ගනිමින් සිටිමි.

2011 වසරේ අධ්‍යාපනික අවශ්‍යතා මත මට කෙටි චිත්‍රපට තුනක් හා වැඩසටහනක් කිරීමට දායක වීමට අවස්ථාව ලැබිණි.ඒ හතරේම තිරපිටපත් හා අධ්‍යක්ෂණයට දායක වීමට මට අවස්ථාවක් ලැබිණි.රඟපෑවෙමි.

මට මගේ අනාගත සැමියා මුණගැසිනි..(පෙම්වතා යැයි කිව නොහැක්කේ ප්‍රේමය කිරීමට තරම් කාලයත් ....අවකාශයත්...භූමියත් මේ වනතෙක් . ලෝකය විසින් අපට ලබා නොදෙන බැවිනි..සැම අතින්ම අධ්‍යාපනය,රුකියාව,ප්‍රදේශය හා පවුල විසින් සිරකොට ඇති බැවිනි..)

මම ගිය වසරේ ගත කළ ප්‍රීතියෙන් ගතකළ දිනක් වේද...ඒ සියලු දින වල තාරක අයියා මා අසල විය.

ඒකාකාරී බවක් ගත්තද, එය බොහෝ දේ සිදුවූ වසරකි..... කෙටියෙන් අනුපිලිවෙලින් ගත් කළ

  1. රාවයෙන් සේවය ඇරඹීම
  2. රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණ ඩිප්ලෝමාවක් නිම කිරීම (අධි සම්මාන ලැබීමි...විශිෂ්ට ගැනීමට ලකුණු පහක් මදි විය.)
  3. කෙටි චිත්‍රපට 3ක පිටපත් ලිවීම.අධ්‍යක්ෂණය [නාමිකව 1 යි -නිර්නාමිකව 2 යි {වෙන අයගෙ නම් දැම්මා..කණ්ඩායම් වැඩ නිසා}
  4. බහු මාධ්‍ය කුසලතා ඩිප්ලෝමාවක් ලැබීම.
  5. ජයවර්ධනපුර සරසවියේ ජනසන්නිවේදනය හදාරමින් සිටින මේ මොහොතේ මගේ අවසාන නිබන්ධනයට කෙටි චිත්‍රපටයක් කිරීමට  සූදානම් වීම ඇරඹීම
  6. කවි නිර්මාණ කිරීම ඇරඹීම.
  7. චිත්‍ර ඇඳීම ඇරඹීම
  8. කෙටිකතා හතරක් පමණ රචනා කිරීම
  9. පළමු නවකතාවට නිමිති එක් කිරීම ඇරඹීම
  10. බ්ලොග් පෝස්ට් 37ක් රචනා කිරීම
  11. සිංහල භාෂා පර්යේෂණ විධිමත්ව ඇරඹීම.
  12. පළමු ගී පද රචනාව ගායනයට සම්පාදිත වීම.
  13. මගේ අනාගතය පිළිබඳ විශේෂම තීරණය වැඩිහිටියන් විසින් ගැනීම
  14. මම කාර්ටූන් නිර්මාණය මගේ මෙකල වෘත්තිය ලෙස තෝරාගැනීම.
  15. මම ඉරට ආදරය කිරීමට පටන් ගැනීම.
  16. මට මගේ නොවූවත් මගේ යැයි සිතිය හැකි සොයුරන් දෙදෙනෙක් හමුවීම.

ඒකාකාරී වුණාට හුඟක් දේ වෙලා නේද?

කොහොම වුණත් පෙර කළ වැරදි නැවත නොකර යහපත් දේ කරන්න හිතා ගන්නට දැන් කාලය එළඹ තිබේ.

2011 ලොවට මෙන්ම මට ද බොහෝ දේ සිදු වූ, බොහෝ දේ ලැබුණු, බොහෝ දේ අහිමි වූ වසරක් විය.

[මේ ලිපිය ලියන්නට සිටියේ 31 වනදා වුවද නොසිතු පරිද්දෙන් අන්තර්ජාල හා දුරකථන සබඳතාද බිඳ වැටුනු නිසා සියල්ල ඇණ හිටිණි. තවමත් නිවසේ දුරකථන හා අන්තර්ජාල වැඩ නොකරන අතර එය යථා තත්වයට පත්වන තෙක් ලිපියක් ලිවීම පමා කළ නොහැකි බැවින් අලුත් අවුරුදු වැඩ කටයුතු අස්සේ ලිවීම ආරම්භ කළෙමි.]

2011 වසර මට මහා පුදුම වසරක් විය. සිතූ බොහෝ දේට සාපේක්ෂව සිදුවූ නොපැතූ දේ සංඛ්‍යාව සැබවින්ම වැඩිය. එහෙත් ඉන් සමහර දේ නරකටද, සමහර දේ හොඳටද ,සමහර දේ දෙපැත්තටමද බලපෑව බව මතකයේ ඇත...( ඒ සාමාන්‍යයෙන් කෙනෙක් සිතන ආකාරයට අනුව ය.)

මම අදහන ආකාරය අනුව, සියලුම දේ සිදුවන්නේ විය යුතු හොඳම පිළිවෙලටය. අපි යමක් එසේ සිදුවීම ගැන වරෙක දුක් වුවද, එයම අපේ සතුටට මතු දිනක බලපවත්වන වග මගේ ප්‍රබල විශ්වාසයයි.

වැඩ කරන ආයතනයේ සිටියත්, කැම්පස් එකේ හිටියත්, වෙනත් පන්තියක සිටියත්,මම රෝහලේ හිටියත් , සිතන්නේ ඒ ලෙසයි.

කිසිම මිනිසෙකු ගැන ඒ ඒ මොහොතේ මගේ හිත තුළ යම් තරහක් හෝ ඉරිසියාවක් හෝ පළිගැනීමක් ඇතිවිය හැකිය. එහෙත් එය වහාම නැති වී යාම ඊට ඉක්මනින් සිදු වන දෙයකි.මම වගේ ක්‍රියා කිරීමට අනෙක් පාර්ශවය බොහෝවිට කැමති විය හැක. එමෙන් අකමැති විය හැක. එය මට කොයිතරම් අදාළ වුවද, මම එය දණහිසින් පහලට ගණන් නොගන්නේ, මගේ හා මා තදින් ළබැඳියන්ගේ ගැටළු හදවතට ගත යුතු බැවිනි.... ඉන් උඩට කිසි ගැටළුවක් ගෙන යෑමට මගේ සූදානමක් නැතිවා මෙන්ම, මතු මතුත් එයම අනුගමනය කිරීමට කැමැත්තෙමි.

මා තේරුම් ගත නොහැකි ලෝකය මට සිනාවෙන තාක් මම ලෝකයට සිනාසෙමින් සිටිමි.....නමුත් මියෙන තුරු මම ලොවට ආදරය කරමි...අඩු වැඩි වශයෙන් මිනිසුන්ට බොහෝ සේ ආදරය කරමි...ඒ මනුෂ්‍යත්වය යනු ලොව ප්‍රබලම බැඳීම බව මගේ ගුරුවරයා මට උගන්වා  ඇති හෙයිනි...



සයිබර් සැණකෙළියෙදී.......


 මම ෂෝර්ටි ෆිල්ම් එකේදී..........



 කෝච්චියෙ මම ගිය දවස......



දැන් ඉතින් 2012 වසර පැමිණිලා....බලාපොරොත්තු ප්ලෑන් කරන්න සතියක් ඕනේ..!!!

14 comments:

  1. සතුට සොයන සමීකරණය ඔයාගාවනේ
    අපි දෙන්නම එකතුවෙලා ප්‍ලෑන් කරමුකෝ..

    හැමදේම සිදුවෙන්නේ අපේ හොදටයි..
    ඉදිරියේදීත් සතුටත් එක්කලම ඉන්න ලැබේවා!!!

    ReplyDelete
  2. වසරක් ඇතුලත බොහොමයක් දේවල් සිද්ද වෙලා තියෙනවා.... ජය

    ReplyDelete
  3. අක්කාට ජයෙන් ජයම වේවා...

    ReplyDelete
  4. බොහොම සාර්ථක වසරක් හැඩයි... ජයෙන් ජයම වේවා !!!!

    ReplyDelete
  5. 2012ත් මේ වගේම ජයග්‍රහණ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අර ගී පද රචනාව ගැන පොඩ්ඩක් කිවුවනම්.. මම ඒ ගැන දන්නේ නෑනේ...

    ReplyDelete
  6. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා නංගි. හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා.

    ReplyDelete
  7. ගයාන් - මගෙ සතුට තියෙන්නෙ කා අතේද කියලා ඔයා දන්නවානෙ

    පොඩි මෑන් - හම් හම්

    කසුන් පුතා- බොහෝ ම දේ..... හැබෑව කසුන්...ලැබුණු දේ නැති වූණා....නොහිතපු දේ ලැබුණා... මාරයි

    වර්ණා- මට විතරක් නෙවී නංගිටත් ජය...ඔයාගෙ බ්ලොග් එක අද කියවන්න හිතා ඉන්නවා.

    බස්සා- අසාර්ථක වුණු ස්ථානත් තියෙනවා...නැත්තෙම නෑ..

    දිනේෂ් - ඒක අලුත් ගී පටයකට තෑගි කළා...මගේ හොඳම මිතුරෙක් වනඅන්තිමයාගෙ මිමි තමා මගෙන් ගීයක් ඉල්ලුවෙ.. තව කෙනෙක් ගීයක් ඉල්ලා තියෙනවා.... එයා ඉල්ලන තරම් සරලව මට ලියන්ඩ තේරෙන්නෙ නෑ... අනේ!! එයා ඉල්ලන්නෙ දිගු දෑස වගේ සින්දු :(

    නිසු - ස්තූතියි නිසූ අක්කෙ... මගෙ විතරක් නෙවී..ඔයාගෙ බලාපොරොත්තුත් ඉටු වේවී

    ReplyDelete
  8. ජයෙන් ජයම වේවා අක්කේ!!!

    ReplyDelete
  9. ඉන්දරේ අයියගේ කැමරා ඇහැ නම් මරු !!
    ඒ ෆොටෝ එක ගති.
    අර කිව්වත් වගේ ගිය අවුරුද්දේ ගොඩක් දේවල් සිද්ධ වෙලා නේ.
    නංගිට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  10. මධුරංග අයියාටත් එසේම වේවා!!!!

    ReplyDelete
  11. oyata vediya lassanakonde medin bedalai.lassanata liyala thiyenava.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.