මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/3/12

වසරක් වෙහෙසී මෙවන් අගනා උපහාරයක් ලබන්න ඔබත් කැමතිද?


 වසරක් අවසාන වුණා.. ඉතින් මට හිතුණා වසර අවසානය හා සම්බන්ධ වූ ලස්සන පුංචි පාසල්  මතකයක් සිහිපත් කරන්න.කථික හා විවාද සංගමය කියන්නෙ අපේ පාසලේ තියෙන විශිෂ්ටතම සංගමය කියලා කීවොත් පාසලේ කවුරුත් මා එක්ක අමනාප වෙන එකක් නෑ...

කොහොමත් ඉස්කොලෙ හොඳටම වැඩ කරපු සංගම් ටික (අපි ඉන්න කාලයෙ)

  • කථික හා විවාද සංගමය
  • නාට්‍ය සංගමය
  • මාධ්‍ය කවය
  • සිංහල සාහිත්‍ය සංගමය
  • විද්‍යා සංගමය

තව නා නා විධ සංගම් තිබ්බා... මේවාට අමතරව මමයි යාළුවොයි තව ඒවායෙත් හිටියා...අපි බොක්කෙන් බැහැලා හිටිය සංගම් හතර පහ තමා ඔය මම උඩ කිව්වෙ....

 කලින් කීවානෙ ඔය සංගම් වල නිල තල එහෙම අපි දරපු පිළිවෙල. ඔය සංගමි වල නිලධාරී රැස්වීම් බොහෝමයක් තියෙන්නෙ කැන්ටිමේ,ටොයිලට් එකේ, බත් කොලේ උඩ .....

සාමාජික රැස්වීම් නම් සෝමා ප්‍රේමරත්න අනුස්මරණ ශාලාවෙ තමා තියන්නෙ...ඒකෙ පිරිස වැඩියි.. අහ් දැන් මගේ පාසල් පම්පෝරිය නිකං පොරී සෙට් එකක් වෙන්න යනවා කියලා ඔයාලා හිතයි...දැං ටිකක් ලැජ්ජා බයට හිටියා වුණාට,ඒකාලෙ එහෙම දේවල් අපි දන්නෙවත් නෑ...

මම අද කියන්න යන්නෙ අපේ කථික හා විවාද සංගමය ගැන පුංචි සොඳුරු කතාවක්.

අපි හැම වසරෙම සංගමෙන් සංවිධානය කරනවා සුනේත්‍රා තල්දෙන අභියෝග ශූරතා කුසලානය... අපේ ඉස්කෝලෙ ඇතුලෙමයි ඕක තියන්නෙ.. ඉන්විටේෂන් දෙන විදිහ ඉතින් හරිම කාර්යාලීයයි...  ආනන්දෙටයි ,නාලන්දෙටයි විතරක් එන්න ඕනෙ ගනන දාන්නෙ නෑ.. අසල් වැස්සන් නෙ... සංග්‍රහ කරන එක ඉතින් අඩු පාඩුවක් නැතිව කරන්න...කවදාත් අපේ කෙවිනි දක්ෂයි. ඒ නිසා කට්ටිය කොයි තරම් වැඩි වුණත් කෑම පාර්සල් ටික ගාණට යවලා...මහන්සි වෙලා අන්තිමට එන අපේ සෙට් එකට කන්නත් හොඳවයින් පංඟුව කෙවිනි හංගලා තියන්නෙ හරියට අම්මා කෙනෙක් වගේ..

ඒ විතරක්ද, එක එකා ගෙනාපු පිඟන් ගැට්ටක්වත් නොකැඩෙන්න කෙවිනි පරෙස්සම් කළා වගේම, ඉස්කෝලෙ ඕනෙම ඔය වාගෙ දිනයක් තියෙන දාට කෙවිනිලැයි ගෙදර ඇත්තෙ කන්න ගන්න පිඟන් ටික විතරයි කියන එක,ඉස්කෝලෙම දන්න දෙයක්.

දවසක් කෙවිනි පිඟන් බෑග් එකට දාන කොට තාත්තා කන පිඟානත් ගෙනත් බෑග් එකට දාලා

“ අනේ පුතේ...මේ හතර විතරක් ගෙදර තියන් මක් කරන්නද? මේකත් අරන් යන්න කියලා“

ඒකි ට ලැජ්ජා හිතිලා.....පස්සෙ අපි කට්ටියම ට්ක ට්ක බඩු ගෙනත් හෝම් සයන්ස් කාමරේ තියලා තිබ්බා...ඩේ ඔක්කොම ඉවර වුණාම අරන් යන්න.... මගේ මතකෙ හැටියට අම්මාගෙ කොළ මපාය ජොග්ගුවයි ,ලස්සන වීදුරු 6 යි..බී බී 6 යි තාම ඉස්කෝලෙ.....අවුරුද්දකට සැරයක් වීදුරු අල්මාරි අස් කරනකොට අම්මා තාම බනිනවා....දැනට තුන් වතාවයි..... තව ඉස්සරහට..........මට බැරියෝ....

ඒ කතාව ඉවරයි...තවම නියම එක කීවෙ නෑ..ඔන්න බලන්න මම කියන්න ගත්තාම වැඩියෙන් කියන්නෙ වල් පල් ...ඒත් මේවා වල් නෑ නේද?

ඔන්න දැන් තමා කතාව... හැම අවුරුද්දෙම සියලුම වැඩ කටයුතු ඉවරවුණාම අපි ඉතිරි වන සල්ලි වලින් පුංචි උපහාර උත්සවයක් තියෙනවා...ඒක විශේෂ වෙන්නෙ ඒක දෙන්නෙ ගුරු වරුන්ට නෙවී....ළමයින්ට නිසා...හැම වසරකම අය අපට උදව් කරනවා..6 වසරෙ ඉඳන් 13 වසර වෙනකන් ම එක වගේ.... අපිට සමරුවට ඕනෙ කරන වෙළඳ දන්වීම්, ශ්‍රම සහය හුඟක් අයගෙන් ලැබෙනවා..එයින් ලොකුම කැපවීම් කළ අය තමා උපහාර ලබන්නේ....

උපහාර උත්සව කතාවත් වැදගත් -

ගුරුමැණිවරුනි, ඔබේ අතින් මේ ආශිර්වාදාත්මක උපහාර ලබන්නෙ අපේම සොයුරියො, මේ සඳුනි නංගි වැඩ කරද්දි අපට හිතුණෙ නැහැ...එයා හය වසරෙ කියලා...ඒ තරම් අප සමඟ උරෙන් උර ගැටෙමින් වැඩ කළා...රු 9000 ක වෙළඳ දැන්වීම් අපට හොයලා දීලා...අපේ කථක සංගමයට ලබා දුන්නෙ සුළු පටු උපකාරයක් නොවෙයි... ආදරණීය නංගියේ ඔබට ගොඩක් ස්තූතියි...ඔබේ මේ උනන්දුව මේ විදිහටම ඉදිරියට ගෙන යන්න..මේ වගේ අනාගත පරපුරක් සිටිද්දී පාසලේ අනාගතය ගැන අපි බිය විය යුතු නැහැ ගුරු මැණීවරුනි...
අද මේ උපහාර ලබන සියලු දෙනාම...සෙසු ඔබට ආදර්ශයක්....ඔවුන් මේ වටිනා ලෙස පිදුම් ලබන්නේ ....මේ අනගි තෑගි ලබන්නේ...ඔවුන් වසරක් පුරා කළ ඒ අපූර්ව මෙහෙයට ලබන ධෛර්යක් ලෙසයි...වැඩ කරන්න නංගියේ...සතුට ලබන්න....මෙසේ පිදුම් ලබන්න ඔබත් වැඩ කරන්න..

ධෂිකාගේ හඬ සභාව පුරා නින්නාද වෙද්දී අරුණි රූප රාජිණියක පරිදි ත්‍යාග බහාලු මංජුසා රැගෙන ශ්‍රීමති මිස් පසෙක සිට ගෙන සිටී. තෝරාගත්තෝ ත්‍යාග ලබති...සෙස්සෝ ඉරිසියාවෙන අත්පොලසන් දෙති.ලබන වර තෑග්ග ලබන්නෙමයැයි ප්‍රතිඥා දෙති....අවසන සභාපතිතුමිය තෙක්ම මිස්ගෙන් මැඩම්ලා ඉදිරියේ වැඩ්ඩෝ උපහාර ලබා අවසන...අරුණීද උපහාර ලබති....

සියලු දෙනා නිවෙස් වලට ගොස් ත්‍යාගය දිග හරිති....



තේ බොන මග් රාජයා



කිසිවෙක් මෙතෙක් දොස් නගා නැත. වැඩ නොකර සිටියේද නැත..උනන්දුව අඩු වූයේ නැත...වසර ගණනකට මෙම තෑග්ග වෙනස් වූයේද නැත.මෙය කිසිඳු විහිලුවකට ලක් වූයේද නැත...අපගේ සතුට අඩුවූයේ ද නැත... අපේ ගෙදරත් මේ වන විට මට ලැබුණ 10ක් පමණ ඇත...


ප.ලි - දැනට නිවසේ සියලු දෙනා තේ බොන්නේ මම වසරක් වෙහෙසී ගෙන ආ උපහාර වලය

ප.ප.ලි - තවත් උපහාර කිහිපයක් වීදුරු අල්මාරියේ තිබේ.

ප.ප.ප ලි - උපහාර සියල්ලම බොරැල්ල පේමන්ට් එකෙන් ගත් ඒවා නිසා වසරකට තවත් මේවා 11 ක් ගත් ඕනෑම අයෙකුට දුසිමක්  නිර්මාණය කරගත හැක..


අපි අපූරු නොවේද?

23 comments:

  1. he he he.... api a kale mugs dunne salli nathiwa ehema nemei harira?? eka kathika sangame sampradaya.. a dawas wala judge board invite kalama law faculty eke aiyalath ahanawa "nangi me parath mug eka denawa neda kiala?? " anyway thanks for the post

    ReplyDelete
  2. හෆ්ෆෝච්චි‍යේ... දන්න කියන අක්ක කෙනෙක්නෙ.. දැකලා පුරුදු පාටවල් 3ක් නිසා එකසැරේම බැලුවා.ඊටත් පස්සෙ ඉස්කෝලෙ විත්ති කියෙව්වාමනෙ දන්නෙ...:D ගෝතමියේ අක්කා කෙනෙක්නෙ..:)පින්තූර බලලා තවත් තහවුරු කරගත්තා.සංතෝසේ බෑ..:)
    // සුනේත්‍රා තල්දෙන අභියෝග ශූරතා කුසලානය..// නියමම වැඩක් .. අද වගේ මතකයි...

    ReplyDelete
  3. @දෂා- I know man.only for joke with past memories...what do you think about that memory called ayya enna...... ayya yanna....

    ReplyDelete
  4. @ හිතූ- අපිව දන්නවාද??? මල සේක...එහෙනම් නොදන්නවා වගේ හිටු

    ReplyDelete
  5. me post eka kiyawaddi mata nethata kadulak awa..a dukata neme sathutata...api pothema hityanam ada me wage soduru mathaka tiyeda?mm Dash,Nera,Sama,Fihamz,Lash,Kv...mm sahenna nam thogayk tynewa.
    Nera dannawada Science eke ape cls lamai kattiyata kamini mis kiwe Bahira kriyakamkarayo kiyala..parents meeting waladi kiyanne,me lami hodai narakata tyenne panthiye nathi eka kiyala..mm me hamadema oba nisa amme..we lv u mother Gothami<3

    ReplyDelete
  6. හික්...........අපේ වාසනා මිසුත් ඔය ටිකම කීවා

    ReplyDelete
  7. //..ආනන්දෙටයි ,නාලන්දෙටයි විතරක් එන්න ඕනෙ ගනන දාන්නෙ නෑ.. අසල් වැස්සන් නෙ...//

    යකෝ එහෙනං අපිත් ඇවිල්ලා ඇති.., :)

    ReplyDelete
  8. ඔව්....... ඔව්...ඇවිත් ඇති!!! අපි නැති කාලෙ..අපි ඉන්ඩ අවුරුදු 10කට විතර ඉස්සර

    ReplyDelete
  9. ඔව් මීට අවුරුදු හත අට කට ඉස්සර.., 2002 - 2003 කාලේ දිමන්තිකා HP වෙලා ඉන්න දවස් වල..,

    ReplyDelete
  10. අපේ ගෙදර මග් එකකට කියලා තියෙන්නේ අපේ අප්පච්චිට වැඩපොලෙන් තෑගි ලැබුන මග් දෙක විතරයි. එවුවා නම් කටවත් අල්ලන්න දෙන්නේ නෑ. තේ බොන්න දෙන්නෙත් නෑ. :)

    ReplyDelete
  11. එතකොට මම හත වසරෙ ලිෂාන් අයියෙ......

    අපේ අප්පච්චිට නම් ලැබුණෙම පිගන්

    ReplyDelete
  12. දන්නවා.. දන්නවා.. බැජ් එකක් ගහගෙන උජාරුවට අපිට සැර දාලත් තියෙනවා වගේ...;) හලි හලි.. මම කටවහගෙන ඉන්නම්.. හැබැයි පගාව ඕනෙ..

    ReplyDelete
  13. ඉස්කෝලෙ කාලෙ සුන්දර මතක නේද නංගි...

    ReplyDelete
  14. මාත් ශි‍ෂ්‍ය නායක සංගමේට බැඳූනු අලුත රුපියල් 12 000ක විතර ඇඩ් හොයන් ගෙනිහිත් දුන්නා යාලුවත් එක්ක එකතු වෙලා..ඔවායින් 1500ක් විතර බොල් ණය උනා..අන්තිමට අරුන් ඉතුරු10 500ම පැත්තක තියලා දකින දකින වාරයක් පාසා කෝ යකෝ අරවයෙ සල්ලි කිය කිය මරං කන්න හැදුවා..ඔන්න කොල්ලොන්ගේ ඉස්කෝලවලයි කෙල්ලොන්ගේ ඒවයි අතර වෙනස

    ReplyDelete
  15. සමිත් - අපි.....නම් වැඩේ පියවිලා... අතින් කයිට් වුණේ නැත්තං පස්සෙ අයිස්ක්‍රීම් මුත් කනවා...අනේ...

    ඔව් නිසූ සුන්දර මතක

    අලේ.........ඔයා එෆ බී සිටීද???? හිතූ

    ReplyDelete
  16. මට නම් පොල්කට්ටක තරමටවත් දෙයක් ලැබිලා නෑ ඔයි වගේ තෑග්ගකට කියලා

    ඉරිසියාවේ බැරුවා !!

    ReplyDelete
  17. තමීර...........අපුරුදත් අහනවා

    ඉරිසියා කරන්නට එපා එපා සඳරුවෝ............දැන් ඔබ ලැබෙන උපහාර මදැයි ඔයාට

    ReplyDelete
  18. අප්පටසිරි... මාරයිනේ...!!!

    ReplyDelete
  19. මටත් දැන් ඔයවැයින් එකක්ද ලැබෙන්නේ නෙරංජි.

    ReplyDelete
  20. හ්ම්ම්. මටත් පොඩි කාලෙ නම් වැඩිම ලකුණු ගත්තට එහෙම නම් තෑගි හම්බෙලා තියෙනව. පංතියෙ 1,2,3 උනු වාර වල තෑගි හම්බෙලා තියෙනව. නමුත් තරඟ වලින් නම් නෑ. :(

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.