1/20/12

හායි....ඩූ යූ නෝ සිංහල ?? ¿¿¿¿

මම සිංහල ගැන ලියාගෙන ගිය සරළ පුංචි ලිපිය දැන් ඔබට අමතක ඇති.ඒත් එය ඉවරයක් කළ යුතු නිසා මම අද එහි දෙවන කොටස ලියන්නට හිතුවා. පළවෙනි එක කියෙව්වෙ නැත්තම් කියවලාම එන්න. නැත්තම් සමහරවිට නොතේරෙන්න පුළුවන් නොදන්නම කෙනෙකුට ටිකක් නොතේරෙන්න පුළුවන්.

අපි අපේ කථාව අවසාන කළේ ද්වීතීක හෝඩියෙන්.හෝඩිය හෝඩිය  වශයෙන් වෙන් කළොත් අපට තව හෝඩි හතක් ගැන කතා කරන්න තියෙනවානෙ...උත්සාහ කරමුද ඉතුරු හතම අදම දැන කියාගෙන නිම කරන්න..


ඉතිරි හත
  • සිදත් සඟරා හෝඩිය
  • ශුද්ධ සිංහල හෝඩිය
  • මිශ‍්‍ර සිංහල හෝඩිය
  • ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය
  • සමකාලීන සිංහල හෝඩිය
  • ජාත්‍යන්තර සිංහල හෝඩිය
  • නව සිංහල හෝඩිය

සිදත් සඟරා හෝඩිය


සිංහල භාෂාවේ බොහෝ විමසා බැලීම් වලදී අපගේ අවධානය වැඩියෙන්ම යොමු වෙන්නෙ සිදත් සඟරාවට......  හෝඩිය ගැන  උගනිද්දිත් ඒ නිසා සිදතට අපෙන් මුල් ආසනයක් හමුවෙනවා.

“මහඳ ගඳ කිළි කැරැ
සව්නේ ගෙවා දත්හට
දුහුනන් දැනුම් සඳහි
කරනෙම් සිදත් සඟරා“

මෙය රචනා කරන ලද්දේ හුදෙක්ම කවි පබඳිනා දුහුනන් හෙවත් ආධුනියකන් වෙනුවෙනි. මෙහි කතුවරයාට අවැසි වූයේ අපට ආවේණික බසක් සෑදීම බව බොහෝ වියතුන්ගෙ මතය වෙලා තියෙනවා. පාලි සංස්කෘත වැනි භාෂාවන්ගෙන් මිදුණු අපේ ශුද්ධ සිංහල භාෂාව එබැවින් සිදත හෝඩියේ අඩංගු වෙනවා.  මේ සඳහා හෙළු බස, සියබස යන ව්‍යවහාර යොදන්නේ ඒ නිසාම විය යුතුය..  මේ හෝඩිය පද්‍යකරණය සඳහා සකස් කළ එකක් බවද කා අතරත් ප්‍රසිද්ධය. සිදතෙහි සම්පූර්ණ අකුරු සංඛ්‍යාව 30 ක් ලෙස අපට ගත හැකි ය.

        පණකුරු පසකි එද
        ලූහු ගරු බෙයින් දස වේ
        ගතකුරු ද වේ විස්සෙක්
        වහරට යුහු සියබසැ

ස්වර (පණකුරු )     -  
 අ, ඉ, උ, එ, ඔ - ලඝු
 ආ,ඊ, ඌ, ඒ,  ඕ - ගුරු

ව්‍යඤ්ජන (ගතකුරු)    -   
ක, ග, ජ
ට, ඩ, ණ
ත, ද,න
ප, බ, ම
ය, ර, ල, ව
ස, හ, ළ, අං

දීර්ඝ අක්ෂර භාවිතය ද,ලඝු ගුරු විභේදනයද, පණකුරු හා ගතකුරු ලෙසට ස්වර හා ව්‍යඤ්ජන දැක්වීම ඇ, ඈ යන අක්‍ෂර දෙක ඉවත් කිරීම ද මෙම හෝඩියේ  විශේෂම ලක්ෂණ වෙයි.සඤ්ඤක අකුරු ඉවත් කිරීම, අනුස්වාරය ඇතුළත් කිරීම තුළ සිංහල භාෂා ව පාලි සංස්කෘතයෙන් ස්වීය කරණයට ගත් උත්සාහයක් ලෙස සැලකිය හැක.මෙහි ප්‍රධානම ලක්ෂණය නම් අල්පප‍්‍රාණ ච අක්‍ෂරය ඉවත් කිරීමයි.
ච කාරය ජ කාරයෙන් හා ද කාරයෙන් නියෝජනය කරවිය හැකි බව මෙමගින් හඳුන්වා දුනි.

උදා - වචන - වජන හෝ වදන

ච කාරය ස අකුරෙන් පෙන්වීම ද ඇරඹි අතර ඒ තුළ බොහෝ පාලි වදන් සිංහල කරණයට මග සැලසුණි.

උදා -
චිත්ත - සිත
චන්ද - සඳ
චම්ම -සම
චේතිය - සෑය
චත්ත - සත
චෝල - සොලී

සිදත් සඟරා හෝඩිය නිසා භාවිතා වූ වචන අදටත් සමාජය විසින් උකහාගෙන ඇතත් ඉන් පසුව භාෂාව තවත් ඉදිරියට ආවේය.


 ශුද්ධ සිංහල හෝඩිය    (අමිශ‍්‍ර සිංහල හෝඩිය)

    සිදත් සඟරාවේ අක්‍ෂර 30 වර්ණ මාලාව සම්බන්ධයෙන් නොයෙක් සංශෝධන කළ  පසුකාලින වියරණ උගත්තෝ  පාලි සංස්කෘත අක්‍ෂරයන්ගෙන් වියුක්ත වූ ශුද්ධ සිංහල හෝඩියක් නිර්මාණය  කරන්නට පෙළඹීම සිංල හෝඩිය විකාශනයේ ඊළඟ පියවර ලෙස අපට පෙන්වන්නට පුළුවන්.  මේ හෝඩිය හැදීමේ  අරමුණ වුණේ  සිදත් සඟරා හෝඩියෙන් ඉවත් කළ අනෙක් අකුරු එහෙම්මම ඉවතම තියලා “ඇ“ කාරය සහ “ඈ“ කාරය ඇතුළත් කරලා මෙම හෝඩිය සකසා ගැනීම තමයි.ඇත්තටම එය අපේ හෝඩියේ කළ හොඳම දෙයක් කියලා කියන්ට පුළුවන් .අපේ බසේ විතරයි නෙ ඔය ඇ කාරය තියෙනවා කියන්නෙ.ඒ අනුව මෙම හෝඩියෙහි ඇතුළත් අක්‍ෂර සංඛ්‍යාව සිදත හෝඩියට වඩා දෙකක් වැඩියි. ඒ කියන්නෙ 32 යි.
   
ස්වර - 12
                අ, ආ, ඇ, ඈ, ඉ, ඊ,
                උ, ඌ, එ, ඒ, ඔ,  ඕ,

ව්‍යඤ්ජන - 20
                ක, ග, ජ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම
                ය, ර, ල, ව, ස, හ, ළ, අං


මේ ආකාරයෙන් කල් ගත වීමේ දි නැවත ගැදි පැදි රචනා වද්දී බස මදි වීමට පටන් ගත්තා. මහප්‍රාණ අකුරුවල උවමනාව තදින්ම රටට දැනෙන්න ගත්තා.

මිශ්‍ර සිංහල හෝඩිය

වචනයක් විදිහට ගත්තත් මිශ්‍ර කියන නාමයෙන් හඳුන්වන්නෙ කුමන හො අයුරකින් නොයෙක් පාර්ශව වලින් සංයුක්ත වී හැඳුන දෙයක්. එය ඕනෑම භාෂාවකට අනුව සොයා බලන එක හැබෑවටම වැදගත්. අපටත් තියෙනවා මිශ්‍ර හෝඩියක්. ඒ මිශ්‍ර සිංහල හෝඩියේ ස්වර 18 කුත් ව්‍යංජන 36කුත් දක්නට ලැබෙනවා.

ස්වර 18       
අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ
සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ
ඔ,  ඕ, ඖ

ව්‍යඤ්ජන 42   
අං අඃ
ක,  ඛ,     ග,     ඝ, ඩ,      ඟ
ච,     ඡ,     ජ,    ඣ, ඤ, `ජ
ට,     ඨ,     ඩ, ඪ, ණ,     `ඩ
ත,     ථ,     ද, ධ, න,     ඳ
ප,     ඵ,     බ, භ, ම,     ඹ
ය, ර, ල, ව
ශ, ෂ, ස, හ, ළ, ෆ



ජාතික අධ්‍යපාන ආයතන හෝඩිය

මිශ්‍ර සිංහල හෝඩිය පුරාණයේ සිට සිංහල භාෂාවේ අවශ්‍යතා ඉටු කරමින් කාලයක් ගතවී තියෙනවා. ඒ සමග භාෂාවේ ජීව ගුණය රැකීමට සංශෝධන කළයුතු කාළය එළඹූණා.ඒක එහෙම සිදු නොවුණා නම් අපේ බස මල බසක් වීම වලකන්න බෑ... එයට අත ගැසුවේ අපේ ජාතික අධ්‍යාපන ආයතනයයි. ගද්‍ය පද්‍ය වල යෙදෙන සඥ්ඥක හෝඩියේ භාවිතයට ගැනීම,අනුස්වාරය හා විසර්ගය බලාත්මක කිරීම,හා උපධිමානී (උපත්මානී) සංකල්පය නිර්මාණය කිරීම මෙමගින් සිදු විය. ප යන්න සමඟ ඉංග්‍රීසි එෆ් අක්ෂරය භාවිතය එමගින් වලකා “ෆ“ අකුර භාවිතයට පටන් ගැනීම තමයි උපධිමානය ලෙස හඳුන්වන්නෙ.

මේ අනුව ජාතික අධ්‍යාපන හෝඩියේ අක්‍ෂර මාලාව 60 කි.

ස්වර 18       
අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ
සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ
ඔ,  ඕ, ඖ

ව්‍යඤ්ජන 36   
අං අඃ
ක,  ඛ,     ග,     ඝ, ඩ,     
ච,     ඡු,     ජ,    ඣ, ඤ,
ට,     ඨ,     ඩ, ඪ, ණ,    
ත,     ථ,     ද, ධ, න,   
ප,     ඵ,     බ, භ, ම,    
ය, ර, ල, ව
ශ, ෂ, ස, හ, ළ,

සමකාලීන සිංහල හෝඩිය

තවත් කල්ගත වන විට භාවිතයට නුවමනා අකුරු හෝඩියට අනවශ්‍ය බව නිරන්තරයෙන් කථිකා වූණ අතර ඏ, ඐ, අයින් කර දැමීමට එමගින් සාකච්ඡා වුණා. කෙසේ වෙතත් සියලු අවැසි කම් වන ඇතුළත් කිරීම් ඉවත් කිරීම් කරලා තවත්  අකුරු 60ක්  අපි සමකාලීන හෝඩිය ලෙස පිළි ගෙන තියෙනවා.

ස්වර - 18
           අ, අ, අ, ආ, ඇ, ඈ, ඉ, ඊ
            උ, ඌ, සෘ, සෲ, එ, ඒ
            ඓ, ඔ,  ඕ, ඖ,
ව්‍යඤ්ජන - 42
            ක, ඛ, ග, ඝ, ඩ,   ඟ
            ච, ඡ, ජ, ඣ, ඤ, ඥ
            ට, ඨ, ඩ, ඪ, ණ,  `ඩ
            ත, ථ, ද, ධ, න,   ඳ
            ප, ඵ, බ, භ, ම,   ඹ
            ය, ර, ල, ව
            ශ, ෂ, ස, හ, ළ, ෆ, අං, අඃ

දැන් ඔබට ස්වර වල ඇති අයනු තුන සැබවින්ම ගැටලුවක් ඇති. එය කී බෝ(ර්)ඩයෙන් ටයිප් කළ නොහැකි අකුරක් නිසයි මා එළෙස දැක් වූවේ..

පළමු අ = සාමාන්‍ය අ = (ලියන ආකාරය -දැනට ලියන සාමාන්‍ය අ)
උදා -
අම්මා, අවට

දෙවන අ = සංවෘත කෙටි අ= (ලියන ආකාරය- අ අකුරට කෙටි ඉස්පිල්ල)
උදා-
අබවුට්,අවේ, වැනි වචන සඳහා භාවිතා වන්නේ මේ සංවෘත කෙටි අ අකුරයි

තෙවන අ = සංවෘත දිග අ= (ලියන ආකාරය- අ අකුරට දිග ඉස්පිල්ල)
උදා-
අර්නස්ට්, අර්ලි, අර්ජන්ට් වැනි වචන සඳහා යෙදෙන්නේ මේ සංවෘත දිග අ අකුරයි.

ජාත්‍යන්තර සිංහල හෝඩිය

ජාත්‍යන්තර ප‍්‍රමිති සංවිධානය විසින් සම්මත කරන ලද සිංහල අක්‍ෂර මාලාව ජාත්‍යන්තර සිංහල හෝඩිය වෙයි.  ක‍්‍රි.ව. 2000 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ The Unicode Consortium විසින් පළ කරන ලද The Unicode standard version 3.0 කෘතියේ මේ හෝඩිය දක්වා ඇති අතර  එහි මූලික අක්‍ෂර 61 ක්ද පිළි 19 ක්ද ඇතුළත්ය.අද ලොව පුරා සිංහල යුනිකේත ව්‍යාප්ත වී තිබෙන අතර  මේ ඔබ දකින්නේ ඒ යුනිකෝඩ් හෝඩියයි.අද ඔබ කියවන සියලු පරිගණික සිංහල අකුරු මෙම හෝඩියට අනුව සැකසී තිබෙනවා.

ස්වර -    18
            අ, අ ,අ, ආ, ඇ, ඈ, ඉ, ඊ
            උ, ඌ, සෘ, සෲ, එ, ඒ
            ඓ, ඔ,  ඕ, ඖ
ව්‍යඤ්ජන - 43
            ක, ඛ, ග, ඝ, ඩ, ඟ
            ච, ඡ, ජ, ඣ, ඤ, ඦ, ඥ
            ට, ඨ, ඩ, ඪ, ණ, ඬ
            ත, ථ, ද, ධ, න, ඳ
            ප, ඵ, බ, භ, ම, ඹ
            ය, ර, ල, ව
            ශ, ෂ, ස, හ, ළ, ෆ, අං, අඃ

    යුනිකේත ක්‍රමය විසින් සංවෘත දිග අ හා කෙටි අ පිළිගෙන ඇති නමුත් යුනිකේත මඟින් ඒවා තවම එම අක්ෂර පළ නොකෙරේ. මන්ද ලංකාවේ බහුතරයක් ලිවීමේ දී ඒ ද්විත්වයද සාමාන්‍ය අ සංකේතය ඇසුරෙන්ම ලිවීම පහසුවක් කොටගෙන ඇති හෙයිනි.

නව සිංහල හෝඩිය

    මෑත කාලය වනතෙක්ම සිංහල භාෂාවේ අක්‍ෂර මාලාව පිළිබඳ ගැටළු පවතී.  එහිදී ජාත්‍යන්තර රීතීන්ට අනුකූලව කවර ශබ්දයක් වුව නියෝජනය කිරීමට එක් සංකේතයක් යෙදිය යුතුය යන නිගමනය මත මෙම ගැටළුව විසඳීම සඳහා මහාචාර්ය විමල් ජේ. බලගල්ල, මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය ජේ.බී. සේනානායක, සිරි තිලකසිරි යන විද්වත්හු නව සිංහල හෝඩියක් සම්පාදනය කළහ.

ස්වර           අ, අ, අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ,
            සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ,
            ඔ,  ඕ, ඖ
ව්‍යඤ්ජන    - ක, ඛ, ග, ඝ, ඞ, ඟ
            ච, ඡ, ජ, ඣ, ඤ, ජ,
            ට, ඨ, ඩ, ඪ, ණ, ඬ,
            ත, ථ, ද, ධ, න, ඳ,
            ප, ඵ, බ, භ, ම, ඹ,
            ය, ර, ල, ව
            ශ,ෂ,ස,හ,ළ,ෆ
            අං අඃ
            ක්‍ෂ, ඥ,ළු

දැනටත් ඏ, ඐ මෙම අක්ෂර ද්විත්වය ඉවත් කිරීම කළයුතුය යන්න ගැන විවාද පවතී.එහෙත් තවම ඒවා සිංහල හෝඩියේ රැඳී තිබේ.

දැනට අධ්‍යාපනය විසින් හා බස් ඔස්තාර්වරු විසින් වර්ග කර ඇති හෝඩි පිළිබඳ විග්‍රහය මෙපමණයි..මේ ඔබ දකින්නෙ අති සරල (කියවන බසින් රචිත) සාරාංශකරණයක් වුණත් ඔබේ දැනුමට මේ මගින් යමක් එක් වුණායැයි මම සිතනවා...ඔබට දැන් හෝඩියේ අකුරු කීයද කියලා කෙනෙක්  ඇහුවොත් අහන එකා කැරකිලා වාඩි වෙන්න මේ හෝඩි සෙට් එකේ වෙනස් කම් සාරංශ ගතව මතක තබා ගන්න...එතකොට ආයෙ කවදාවත් කවුරුත් අපේ බස නොදන්නවා කියලා හිනාවෙන එකක් නෑ...අපි සිංහල දන්නෙ නැහැ කියලා කියන එකකුත් නෑ...අපේ බසට අපි නිරායාසයෙන්ම ගරු කරන්න මේ දැනුම ඇත්තටම අවශ්‍යයි... මොකද අපි දැනගන්න ඕනෙමයි නේද අපි කතා කරන ලියන මේ අකුරු කොහොම මේ කොටු පේළි ඇතුළෙ ගැළපුනාද කියලා...

වැදගත්ම අනාගත පරපුරට මේවා කියා දෙන්න අපි ඒවා ගැන දැනගන්න ඉන්නම ඕනේ....නැත්තම් අපටත් කියන්න වෙන්නෙ..

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් කියූ
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ


ර රට අර බල
න්තරාවක
දී ඇදී යත
තින් ඈතට
හමොළ මද නැති
ළඟ පරපුර
න්ගේ ලෝකය
රන් වූ හැටි

ක ග ජ ට ද න ත ද
පැන පැන යන විට
ය ර ල ව
පරලොව යන රඟ

උන් ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ

ගුරු තරුව වේදිකා නාටකයේ ගීයකි (මෙම වීඩියෝවේ මැද මෙම ගීය ඇත...නාට්‍යම යු ටියුබයෙන් කොටස් ලෙස නැරඹිය හැක. අධ්‍යාපනය තුළ භාෂාව හා සාහිත්‍ය, කලාව හා සෞන්දර්ය ගැන නිර්වචනය වන ලංකාවේ අධ්‍යාපනයට හිනාවෙන සුන්දරම රඟනළුවකි.


34 comments:

  1. බ්ලොග් එකක කමෙන්ට් එකක් විදිහට දාලා තිබ්බා මේ ලින්ක් එක. පොඩ්ඩක් ගිහින් බලන්න.
    http://webalochana.blogspot.com/2007/08/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පූස් හොඳ ලිපියක්... මම බලන්නම්

      Delete
  2. නෙරංජි, මේක නම් හරිම වටිනවා..ඔයා සිංහල ඉගන ගන්න කෙනෙක්ද ? පැහැදිලිව ලියලා තියනවා. බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට..

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි....මම සිංහල හදාරමින් සිටිනවා

      Delete
  3. කාලීන ලිපියක්, නොදත් යමක් දැනගත්තා. තුති !!!

    ReplyDelete
  4. හැ මරු.. අර චැට් එකෙ කියලා තියෙන්නෙ එකක්.. මෙතැනට ආවාම තව එකක්..
    මරු පබ්ලිසිටි මේකිගෙ :D

    ReplyDelete
    Replies
    1. මම කරන්නෙ ඇඩ්වටයිසිං තමානෙ

      Delete
  5. ස්තුතියි නංගි, දැනුම දෙනවා කියන එක මිල කරන්න බැහැ...

    අනුරාධා අක්කා...

    ReplyDelete
  6. හරි එක මොකක්ද?

    ReplyDelete
  7. අප්පද බොල.. සිංහල හෝඩිය මට බැරිම එක..

    ReplyDelete
  8. සිංහල නං දන්නවා හැබැයි සුද්ද සිංහල.......

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔයා ඒක භාවිතා කරන්න.

      Delete
  9. yasalalaka thissa1/21/12, 1:13 AM

    ඉතා අගනා ලිපියකි

    ReplyDelete
  10. මේක පට්ට වැදගත් ලිපියක් නෙරංජි. ඔයා සෑහෙන්න දේවල් හොයලා තියෙනවා. ඇත්තටම අපි මේවයින් හතරෙන් එකක් වත් දන්නේ නෑ...

    නියමයි... සුපිරි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි....අපි පිල්ලම් ගැන ඊළඟට කතා කරමු

      Delete
  11. bookmark කරගන්න ඕන පිටුවක්

    ReplyDelete
  12. niyama post eka!Go ahead..
    mage blog ekatath oluva dala yanna enavada?

    ReplyDelete
    Replies
    1. මම නිතර එනවා...දරැවො... කමෙන්ට් දානවා....පැත්තකට වෙලා...නිවාඩු දාක

      Delete
  13. ගොඩක් වටින ලිපියක් නංගි !!!
    මේ වගේ පලවෙනි ලිපියක් කාලයකට කලින් ඔයාම ලිව්වා මතකයි.
    දිගටම මේ වගේ ලිපි ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒකෙම ඉතිරිය තමයි අයියෙ.. මේ...මට වෙලාව ටිකක් මදි.. දිගටම ලියන්න තමා උත්සාහ කරන්නෙ

      Delete
  14. අම්මෝ සිංහල මෙච්චර අමාරුද

    ReplyDelete
    Replies
    1. අනේ.....පට්ට අමාරුයි නංගි...

      Delete
  15. වටිනා ලිපියක් අක්කා..හුඟාක් දේවල් ඉගනගත්තා

    ReplyDelete
  16. ෙබාෙහාම ස්තූතියි නංගා

    ReplyDelete
  17. ගොඩක් වටින ලිපියක් අක්කේ.. ඉස්සර අපේ සිංහල සර් අක්‍ෂර මාලාව මතක හිටින්න අඹයාළුවෝ ගීතයට හදලා කියලා දුන්නා..
    ගොඩක් ස්තූතියි.. :)

    ReplyDelete
  18. එහෙමද?...ඒක මතක නම් කියන්න

    ReplyDelete
  19. අපේ භාෂාව සිංහල උනාට අපි කොයිතරම් ස්වල්පයිද එකෙන් දන්නේ...ස්තුතියි නඟා මේවා කියලා දෙනවට

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.