මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/26/12

විචාරය ට පෙර | මම හා අනිත් අය


මම බ්ලොග් එකේ කවි ගොඩට නිර්මාණ 37  ක් විතර ලියා තියෙනවා.. (මම කවියැයි කියා සිතන නිර්මාණ 37ක් තියෙනවා.) ඒවාට කමෙන්ටුත් තියෙනවා.මම කවදාටත් ලොකුවට හිට් ලබපු කෙනෙක් නෙවෙයි.ලිපි ලියා තියෙන්නෙ 129 යි.මට ෆලෝවර්ස් ලා ඉන්නෙ 241 යි. කමෙන්ට් 1362 යි. එයින් 500ක් පමණ මගේ කියමුකො. ඒ කියන්නෙ මම අසාර්ථකයි..වසර තුනක් අහවර වෙද්දි ලිපි 129 ක් කියන්නෙ අද ඉන්න බ්ලොග් කරුවන්ගෙ හැටියට පොඩ්ඩක්.

මගේ බ්ලොග් එකට අනුව නම් මේ අසාර්ථකත්වයට පැහැදිළි හේතු තියෙනවා. නිරන්තරයෙන් බ්ලොග් එක විකෘති කිරීම,යූ ආර් එල් මාරු කිරීම, ආර් එස් එස් ෆීඩ් සංඛ්‍යාත වෙනස් කිරීම.බැලීමට අපහසු හා වැඩි වෙලා ලෝඩ් වෙන ටෙම්ප්ලේට් දැමීම..මේවාට බලපාපු සමහර හේතු කියලා කෙනෙක් ට හිතන්න පුළුවන්.ඒත් මම හිතන්නෙ නම්  මම හරියට නොලියපු එකයි මට බ්ලොග් තරුවක් වෙන්න බැරි වුණ ප්‍රධාන හේතුව..(ඒ කියන්නෙ අනික් අය තරු)

මම කවදාටත් හිට්ස් බලාගෙන ලිව්වෙ නැහැ. ඒත් මම ලිපියකට ප්‍රතිචාර 6ක් තරම් බලාපොරොත්තු වුණා.ඒ ගණන ලැබුණා. පස්සෙ මම හෙමින් ඊළඟ ලිපිය දමනවා.ඒ හැර කිසිම විදිහකින් කමෙන්ට් මතම පදනම් වූ ලිවිල්ලක් මම කවදාවත් කරන්නෙ නැහැ.

පහුකාලීනව බ්ලොග් එක එහෙම්මම තියෙද්දි මම මුහුණු පොතටම සීමා වුණේ බ්ලොග් එකට වඩා මුහුණු පොතේ කමෙන්ට් දැමීම වේගෙන් සිදු වීමත්, අඳුනන බොහෝ අය බ්ලොග් කලාවෙන් මිදීමත් නිසයි.ඒත් මම එහෙමයි කියලා බ්ලොග් ලියන එක අත ඇරියේ ම  නැහැ....  හැම මසකටම අනිවාර්යයෙයෙන් මොනම මට්ටමේ හෝ ලිපියක් දෙකක්.. මගෙ අතින් පල වෙලා තියෙනවා. මම රෝස වලාකුල පටන් ගත් දා ඉඳන්.( 2009 සැප්තැම්බර් ඉඳන්.)

මගේ බ්ලොග් කරණය පටන් ගත්තෙ 2009 අප්‍රේල් වල .ඉන්පස්සෙ මම මාස හතරක් පමණ මේ ගැන හොයා බැලුවා...පුංචි බ්ලොග් හැදුවා...බ්ලොග් විසන්ධි කළා.. අන්තිමට තවමත් රෝස වලාකුළ පටන් ගත්ත තැන මම ඉන්නවා කියලා මට හිතෙනවා..මේක සිම්පල් තමා...කොහොමත් මට මේ බ්ලොග් එක හරහා සමාජ විප්ලවයක් කරන්න ඕනෙ වුණේ නෑනෙ..

මම රෝස වලාකුළ ටික කලක් ලියද්දි ඒක මට ම එපා වුණේ...දන්න හඳුනන අය ඇරෙන්න මෙහි කිසිවෙක් නොපැමිණීමත්...මම මුහුණු පොතේ නිර්මාණ බෙදා හදාගැනීමෙන් සතුටට පත්වීමත් නිසා..කවුරු හරි බැලුවා කීවාම සතුටක් ඇත්තට දැනෙනවා...(බලන්න කියලා හිතන් යමක් ලීවොත්)

දැන් සමහරු කියයි.. මුහුණු පොතේ ප්‍රසිද්ධම වචන ටික (පට්ට. මරු.සුපිරියි.අපූරුයි. ලස්සනයි.අගනා නිර්මාණයක්.) කමෙන්ට් විදිහට වැටෙද්දි, මම පට්ට කෑල්ලක් කියලා මම විහින්ම හිතාගෙන මම මුහුණුපොතට වෙලා හිටියා කියලා.. එහෙම දෙයක් බොහෝ අයට සිදු වුණත් මට සිදු වුණේ නෑ... මට ගුරුකුලයක් නැති වුණත් හොඳ ගුරුවරයෙක් ඉන්නවා.මම ලියන කරන ඕනෙම දෙයක වරදක් වෙතොත් අනිවාර්යයෙන් පෙන්වා දෙන....

නමුත් මම අදහන විදිහට නිර්මාණ වල ඇත්තටම වැරදි කියලා දෙයක් නෑ...(එය කල්පිතය සත්‍යය අතර දෝලනය වන නිසා.) පොඩ්ඩක් නිවි හැනහිල්ලෙ කල්පනා කරලා බැලුවොත් ඔබට තේරෙයි.නිර්මාණයක් විචාරයෙදි අපි පාදක කරගන්න සමහර දේවල් වල ඇත්තටම අවුලක් තියෙනවා කියලා..අපි ගොඩක් නිර්මාණ දිහා බලන්නෙ වටපිට බහුබූත ඔක්කොම ඔළුවට අරගෙන. ඒක සමහර විට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ආපු පුරුද්දක් වෙන්න ඇති...උන් තමයි ඔක්කොම බහු බූත ඔලුවට ගන්නෙ. පේන්නෙ නැද්ද? (උන්ගෙ මෙගා නාට්‍යක් එක දවසක් බැලුවා නම් තේරෙයි)

හරි වට පිට කතා වලට නොගිහින් මගේ කතාවට ආවොත් මම ඇත්තටම බ්ලොග් ලියන එක අතෑරියා.(ලියන්නං වාලෙ ලිව්වා)..නමුත් මම පොඩි පරීක්ෂණයකට වෙන නමකින් ලියන්න පටන් ගත්තා පළවෙනි ලිපියට නොහිතූ තරම් ප්‍රතිචාර ලැබුණා. මෙතනදි මට දැනුනා බ්ලොග් එකකට නම බලපානවා වැඩියි කියලා. මම හිතුවා නම වෙනස් කරන්න. හැබෑවටම නම වෙනස් කිරීමෙන් පස්සෙ මම අලුත් වුණා..පරණ පාඨකයො හැලුණා..අල්ත් අය ආවා..සදාකාලික උන් සියල්ල බලා හිටියා.. ඒත් ඇත්තටම ගොඩක් බ්ලොග් කරුවන් වෙත තියෙන්නෙ ලිපියක වටිනාකමක් නොව පුද්ගලික වටිනාකමක් බවයි මගේ පෞද්ගලික හැඟීම.

උදා- අහ් මාරයා මොනා ලීවාද දන්නෙ නැහැ. ගිහින් බලන්න ඕනෙ...
        දිල් මේ දවස්වල දිය වෙලා වගේ ඇයි ද මන්දා
        සඳරුගෙ පෝස්ට් අඩු වෙයි ද බං..ඌ 7 බස්සනවාලු
        වත් දැන් වැඩියෙන් එන්නෙ එෆ් බී....සොඳරු ලියලාද?

මේ බලන්න...මට වුණත් මේ චරිත ඇයි සට සට ගාලා මතක් වුණේ ..අපි බ්ලොග් බලන්නෙ ලිපියේ වටිනාකමට නෙවී. පුද්ගල වටිනා කමට...මට නොවරදවා එන කමෙන්ටු වලින් මම දැන ගත්ත දේ...ඒ අයට ත් මේ විදියටම මගේත් යම්  පුද්ගල වටිනාකමක් තියෙනවා. ඒ නිසා මම කොයි තරම් කසඩ ලිපියක් ලීවත් මොනාම හරි කමෙන්ට් දානවා....ඒත් මම කොයි තරම් හොඳට ලීවත් අර තමන්ගෙ හීන බ්ලොග් කරුවන්ට කමෙන්ට් දාන අය මෙහෙ එන්නෙ නෑ.( මම මේ මාව උදාහරණයට ගන්නෙ...අත්තානං උපමං කත්වා වඩා හොඳ නිසයි.)

මම එක බ්ලොග් එකක් වත් අඩුවෙන් තකන්නෙ නෑ... මම උඩ සඳහන් කළේ මම නිතරම බලන බ්ලොග් ටික.හැම බ්ලොග් එකකම ගත යුත්තක් තියෙනවා.ඒ හැම දේකින්ම යමක් හදවතට එකතු වෙනවා..නැහැ කියලා කියන්න පුළුවන්ද? මෙගා නාට්‍යක් බලද්දි එන කලකිරීම වුණත් හදවතට යමක් ඇඩ් වීම කීවොත් නිවැරදියි නේද?

හරියට ලියන්න කියලා මම කියන්නෙ නැහැ.ඔබ කැමති විදිහට ලියන්න. හරසුන් කියලා දේවල් ලෝකෙ විරලයි.හරයක් තියෙනවා..හොයාගන්න ඕනේ.ඕනෙම නරක දෙයක් කෙළවර හොඳක් තියෙනවා.ඔබ යම් නිර්මාණයකින් අතෘප්තිමත් නම් ඒක පවසන්න...ඔහුට හෝ ඇයට.. නමුත් ඔබේ බාල්දිය ඇතුළෙ බැහැලා නෙවෙයි.ඒ ඒ අයගෙ සාක්කු දිහා බලලා... බලන කෙනෙක් බලන්න නොබලන අය නොබලන්න.. අනේ කවි ලියන්නෙ කාට බඩේ පාර ගහන්නද? ඉර අල්ලන්නද? නෑ.... අපි මේ හිතුවිල්ලක් දෙකක් ලියනවා... පොඩි ආතල් එකට...ඔය අතරෙ වෙනවානං සමාජයටත් වැඩක් වෙයි... ඔබේ නිර්මාණයෙන් ඔබ සතුටු වුණා නම්..ඔබේ නිර්මාණය අති සාර්ථකයි..

නිර්දය විචාර පහසු තරමටම සහෘද විචාර අමාරුයි...ඒත් ඔය එක නිර්ධය විචාරයකින් පුළුවන් මිනිහෙක් කලාව එතනම බිඳලා දමන්න..හොඳ කලා කරුවෙක් වෙන්න තියෙන අංකුරයක් මරලා දාන්න..මොකද එක එකාට විචාර දිරවන්නෙ එක එක විදිහට.මෙතනදි වැදගත් වෙන්නෙ සන්නිවේදන භාවිතාවෙ දක්ෂතාවය..බොහොම සෙනෙහසින් පහදලා දුන්නා නම්..මේ මුළු ලොකෙ සිදුවුණු බොහෝ වැරදි කණපිට ගහන්න පුළුවන්...ඒ වගේ තමයි නිර්මාණ කරුවාගේ අනාගතය මරන්නත් උපදවන්නත් පුළුවන් විචාරකයාට... විචාරකයා පළමුවෙන් හොඳ රසවින්දකයෙක් විය යුතුයි. හොඳ රසවින්දකයා හොඳ මනුස්සයෙක් විය යුතුයි... කැත දේ ඇතුළත ලස්සන දකින....ධනාත්මක පරම්පරාවේ අලුත් තේරුම් මවන්නෙක් විය යුතුයි..
ලෝකය රසවින්දන භාවිතාවෙ සිදු කරපු ලොකුම වරද මොකද්ද? කියලා මම ඔබෙන් අහන්නද?

මේ සිතුවම් කාගෙද ?

මේ චිත්‍ර එදා ලස්සන සිතුවම් විදිහට පිළි ගැනුණා නම්, මුලු ලෝකෙම වෙනස් වෙන්න තිබුණා... මුලු ලෝකයම.. දැන් මේවා කැලැන්ඩර් වල ගහලා නම් වැඩක් නෑ....එදා ඒ වරද නොහදා...මේ චිත්‍ර ඇඳපු කොල්ලාව කැම්පස් එකට ගත්තා නම් ඌ අද නමක් තියල මිය ගිය කලා කරුවෙක් වෙන්නත් ඉඩ තිබ්බා...ඒත් අද.... ශත වර්ෂ ගණනාවක් යන තුරුත් ඇවිදින මල ගිය සෙවැනැළි වල සාපයක් හිමි කෙනෙක්...







ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්.............

53 comments:

  1. සෑහෙන කාලයක ඉදන් බ්ලොග් ලියන කෙනෙක් !!
    දැන් නම් තමිරගෙයි මෙයාගෙයි වලිය නෑ වගේ.
    මට මතකයි එක පෝස්ට් එකක තිබ්බා තමීර, මෙයාගේ බ්ලොග් එකට හූනියමක් කරලයි කියලා. :)

    ReplyDelete
    Replies
    1. හම්..........ඔව් මධුරංග....තමීරත් ලියනවා අඩුයිනෙ දැන්

      Delete
  2. Isuru Anjula Perera1/26/12, 9:15 PM

    ඇත්තටම මේ පිටුවේ පහලට ආවම මම දැක්කේ හීනෙකින්වත් නොහිතන නමක් .. එතනින් එහාට දැනෙන දේවල් කියන්ඩ මට වචන නෑ..

    ReplyDelete
    Replies
    1. මිනිසුන් වෙනස් කළ මිනිසෙකුගේ දෛවය

      Delete
  3. හිතන්න සෑහෙන්න දෙයක් ඉතුරු කරපු බ්ලොග් ලිපියක්...මම ගොඩක් අගේ කරනවා මේක...මම මේ පැත්තේ ආපු පලවෙනි වතාව...

    ReplyDelete
    Replies
    1. දිගට එන නොඑන එක ඔබේ වැඩක්

      Delete
    2. හලෝ චූටි ටීචර් !!!
      කාලෙකින් දැක්කේ

      Delete
  4. ම්ම්.. කලින් ආවා කියල මතකෙකුත් නැ..
    එත් ලිපිය කියල තියෙන දේ නම් ඇත්ත.. ගොඩ දෙනෙක් තමන්ගේ පොරත්වේ පෙන්නන්න හදන්නේ ලියපු එකාව බලු බිදියට විවේචනේ කරලා..
    එකෙන් ලියපු කෙනා අධ්යිරයට පත් වීම විතරයි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මම වැරදි වෙන්නත් පුළුවන්

      Delete
  5. ප්‍රවීන බ්ලොග් කාරිණියකට අනන් මනන් කියන එක හරිද මන්ද ඒත් අර විවේචනයන් ගැන යමක් කියන්න තියනවා . විවේචනයක දිග පලල සම්බන්ධයෙන් සිමාවක් කියන්න හැකියාවක් නැ . ඒක විවේචකයාගේ ස්වාභාවය අනුව වෙනස් වෙනවා . නියම කලාකාරයෙක් නම් මොන වීවේචනයක් හමුවේවත් නොසැලී ඉන්න හැකියාවක් තියෙන්න ඕනි , නිර්මාණයක තාක්ෂනික දෝෂ (කවියක නම් භාෂා භාවිතාවා ..වැනි ) සම්බන්ධයෙන් අඩුපාඩුවක් කිව්වොත් ඒක පිලිගන්නත් , මොන විවේචනයක් ආවත් තමන්ගේ නිර්මාණයේ හරය වෙනුවෙන් පෙනි ඉන්නත් නියම කලාකරුවෙකුට හැකියාවක් තියෙන්න ඕනිය කියලයි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මම ප්‍රවීණ නෑ
      මම කලා කරුවෙක් නොවෙන්නත් පුළුවන්
      පුවීණ කෙනෙක්ට මේවා ගැටලුත් නෙවී
      ඒත් අංකුර දුර්මුඛ වීම දුකක් මට...

      Delete
  6. ලස්සනයි,මට ඉරිසියා හිතෙනවා.මොකද මගේ බ්ලොග් එක ගන්න දෙයක් නැති නිසා.හික්ස්.

    ReplyDelete
  7. http://real-ano.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  8. අවසානයේ තිබුන නම මම කිසිම වෙලාවක බලාපොරොත්තු නොවුන නමක්.. මම ආයෙම ගිහින් චිත්‍ර ටික බැලුවා..

    කොහොම උනත් නංගී මේකේ කියන්න හදපු දේ ඇත්තක් තියෙනවා.. කෙනෙක් හොද විචාරරයක් කලත් නිර්මානකාරුවා ඒක සමහරවිට වැරදි පැත්තට භාර ගන්නවා.. එතකොට ප්‍රශ්ණ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි.........එතනදි තමා අපට සන්නිවේදනයේ...පුද්ගලාන්තර දැනුම වැදගත් වෙන්නෙ

      Delete
  9. ඔයා ෆේස්බුකියෙ නම් දකිනවා ... මමත් ඔයා වගේ තමයි , හිට්ස් ඔනේ නෑ .. නිකන් හිතට එනවට ලියනවා ... ඔහොම යමුකෝ ...

    ReplyDelete
    Replies
    1. යමු.......යමු......... වෙන දෙයක් වෙන්නෙ නැතෑ

      Delete
  10. ඔබේ නිර්මාණ කියවල ගියත් බොහෝ දවසකට කොමෙන්ට් දමන්නේ නෑ.. ඉදිරියටත් කරගෙන යන්න සුභ පතනව...

    හිට්ස් ගැන කියල තියන හන්ද ලියන්න හිතුනේ... මම පහුගිය කාලෙටම ලියුව කිසිම පලක් නැති ලිපියට තමයි මට මෑත කාලයේ වැඩිම හිට්ස් සහ කොමෙන්ට්ස් ලැබුනේ.. ඒ මගේ බ්ලොග් එකේ 6 වැනි සංවත්සරය වෙනුවෙන් ලියපු ලිපිය.. ඒ ලිපියේ ගන්න කිසිම දෙයක් නෑ... එහෙම වෙන්න හේතුව මම තවමත් හොයනව...

    ReplyDelete
    Replies
    1. ඒක වෙනමම රිසච් එකක් කරන්න පුළුවන් මාතෘකාවත්.. නඳුන්

      Delete
  11. මම නම් මිට කලින් මෙහෙ ආවා (බොහොම මෑත කාලයේ)...

    ඔයා ලියල තියන ගොඩක් දේවල් වලට මම එකඟයි..."ලිපි වලට වඩා පුද්ගලික වටිනාකම ඉස්මතු වී ඇත". මේ කතාව ඇත්ත..හැබැයි ඒක වෙන්නේ බ්ලොග් එක පටන් ගත්ත අලුත ලියවෙන ලිපි වල වටිනාකම අනුව කියලා මම හිතනවා...ඒ ලිපි හොඳනම් ඒ බ්ලොග් එක වටා ගොඩ නැගෙන කමියුනිටි එක දිගටම ඒ බ්ලොග් එකත් එක්ක ඉන්නවා..ඊට පස්සේ ඉතින් කොච්චර කසඩ ලිපියක් ලිව්වත් "හොඳයි" කියලා කමෙන්ට් කරනවා...එහෙම වෙන්නේ ඒ වෙද්දී "පුද්ගලික වටිනාකම" කියන එක නිර්මාණය වෙලා ඉවර නිසා.

    පස්සේ කාලෙක උනත් හොඳ ලිපි දැක්කොත් ඒ බ්ලොග් එකට එකතු වෙන රසිකයින් අතළොස්සකුත් ඉන්නවා.

    ඔයා සඳහන් කරලා තිබුන චරිත, එයාලගේ පුද්ගලික වටිනාකම නිර්මාණය කරගෙන තියෙන්නේ එයාලා ලියපු ලිපි වල (මුල් කාලයේ ලියපු ලිපි මේ සඳහා වඩාත් දායක වෙනවා ඇති) වටිනා කම හරහා කියලා මම විශ්වාස කරනවා..

    මම වැරදි වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔයා හරි........වැරදි නැහැ.. මම මේ ඒ අය උදාහරණෙට ගත්තෙ ඇත්තටම යමක් පහදා දීමේ සත් චේතනාවෙන් මිසක් කිසිම මහ ගැහීමකට හෝ අවතක්සේරුවකට නම් නොවේ...මොකද ඒ අය හැමෝම මම දන්න යාළුවො... දැන් මට වුණත් මේ කට්ටිය ඉන්නෙ..මමත් මුල කාලෙ හොඳට ලිව්වා.... ;)

      Delete
  12. පැහැදිලි යථාර්තය ඒ විදියටම පෙන්නලා තියෙනවා! නිනු අක්ක කසාද බැන්දා කියලා බොලොක්කෙ එහෙම නවත්තන්ට එපා ඔන්න..

    අක්කිට මතකනම් මං ඉස්සෙල්ලම මේ බ්ලොග් එකට ආවේ අක්කි සින්ඩිකේටර් ගැන ලියපු ලිපිය කියවන්න. අපි ෆේස්බුක් ගෲප් එකේ කොච්චර තර්ක කලාද.. හිකිස්.. දැන් නම් මතක් වෙනකොටත් හිනා! මේ බ්ලොග් එකේ සමහර ලිපි මං ගොඩක් ආසාවෙන් කියවපුවා! ඉස්සරහටත් අපිට රසවිදින්න යමක් දේවි කියලා හිතනවා!

    අති සාර්ථක විවාහ දිවියකට සුබ පැතුම් නිනු අක්කේ!

    ReplyDelete
    Replies
    1. මූ මඟුලක් කියනවා..........මම .න සෑහෙන කාලෙකට බඳින්නෙ නෑ...

      Delete
    2. හිකිස්.. මම හිතන් හිටියෙ අපිට වෙඩින් කේක් ලගදිම හම්බ වේවි කියලනෙ. බලහල්ලකො එකෙත් හැටි!

      Delete
    3. සොරි මලේ.........හැකි විගස දෙන්නම්

      Delete
  13. කසුන් මනෝරම1/27/12, 9:37 AM

    මුල හෑල්ල මට එපා වුණා
    නමුත්..අන්තිම සුට්ට නියමයි නංගි....

    ReplyDelete
    Replies
    1. එපා වීම වැදගත් ඕනෑ වීමට වඩා

      Delete
  14. මම අක්කගෙ බ්ලොග් එකට ආවෙ අර පොත් ගැන දාලා තිබුන පෝස්ට් එක බලන්න.එදා ඉදන් මට නෝටිෆිකේශන් එකක් ආවම මම ආවා මේ පැත්තේ.ඒත් කමෙන්ටුවක් දාලා යන්න බැරි උනා නම් සොරි අක්කේ.අක්කගෙ බ්ලූමැන්ඩල් හීන කවි ටිකට මම හුගක් ආසයි.දිගටම ලියන්න අක්කේ.ජය. .

    ReplyDelete
  15. මාත් කාලයක් නොලිය ඉන්න හැදුවා කමෙන්ට්ස් නැහැ කියල.. ඒත් ලියපුව මටම ප්‍රයෝජනවත් උණ නිසා දැනුත් ඉදල හිටල ලියනවා.. තාම මේ මාසෙට පෝස්ට් එකක් දැම්මෙත් නැද්ද කොහේ.. විභාගේ ඉවර වෙලා ටිකක් ලියන්න අවසරයි නේද?

    ReplyDelete
    Replies
    1. ලියන්න...හැබැයි විභාගෙ ඉවර වෙලා....ඊට කලින් ගියොත් දෙල් බැදලා දෙන්නෙත් නෑ..අල බැදලා දෙන්නෙත් නෑ...

      Delete
  16. හැමෝම ඕනම දෙයක් කරන්නෙ තමන්ගෙ දෘෂ්ටිකෝණය නිවැරදිය කියන තැන ඉඳගෙන. ඉතින් එහෙම වටපිටාවක් තුළ කාටහරි බඩට ගහන්න, නැත්නම් අර නංගි කියන විදිහට අංකුර දුර්මුඛ කරන්න කුහක විදිහට කරන අය තමා බහුතරයක් ඉන්නෙ. නමුත් සැබෑවටම කිව යුතු දෙය ඒ ලෙසින්ම කිසිඳු කුහකත්වයකින් තොරව ප්‍රකාශවන විටදිත් ඒ මතය කුහකකමකින් ප්‍රකාශකල එකක් නොවන වග දැනගන්නෙත් දන්නෙත් පලකල පුද්ගලයාම පමණයි. කොහොම නමුත් මොන පදනමක හිටියත් හොඳට හෝ නරකට එවැනි ප්‍රකාශ ඉදිරිපත්වන එක හොඳයි කියන තැන තමා මම නම් ඉන්නෙ.

    ගිහාන් වික්‍රමසිංහ

    ReplyDelete
    Replies
    1. නැවතිල්ලෙ කල්පනා කළාම ඔයා කියන ඒවා නම් කවදත් හරි අයියෙ...!!!

      Delete
  17. ඔයත් එක්ක මං එකඟයි..ලියල තියන දේ බලන්නේ නැතුව ලියල තියන කෙනාව අගය කිරීම හරවත්/හොඳ දේවල් ලියන අයට කරන බලවත් අසාධාරනයක්! ඒ වගේම බ්ලොග් අවකාශයේ යහ පැවැත්මට නරක පූර්වාදර්ශයක්! අවාසනාවට සිදුවෙන්නෙත් ඒක!

    ReplyDelete
    Replies
    1. සයුරි කියන කතාවත් එක්ක ගැළපුවොත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්..ඇයි ඒ අය ජනප්‍රිය වුණේ..ඔවුන් යමක් කළ නිසා...ඒ කුමක්ද? එය ජනප්‍රිය වූ පමණට හරවත්ද? ඔය ප්‍රශ්න හැම එකම තියේ සාබිත් හැබැයි...ඔවාට උත්තර හෙවිල්ල ලේසියි..ක්‍රියාත්මක කිරීම අමාරුයි.

      Delete
  18. නෙරංජි මම හිතන දෙයක් තමා අපි හැමෝටම දෙවැනි අවස්ථාවක් අවශ්‍යයි එහෙම නැතිනම් අපි විසින් අනික් අයට දෙවැනි අවස්ථාවක් ලබා දිය යුතුයි... ප්‍රස්නෙ තියෙන්නෙ ගොඩක් දෙනෙක් අපිට දෙවැනි අවස්ථාවක් ලබා නේනෙ නැති එක එහෙම නැතිනම් අපි නොදෙන එක...
    ඒකයි හංදියෙ කොල‍්ලො ටික එකතු වෙලා දන්සලක් කරන්න සලිල එකතු කරනකොට බනින්නෙ..
    ඕකුන් බොක්කු ගානෙ බීල වැටිල සිගරට් උර උර ඉන්න උන් කියල...
    හැබැයි අපිම ගිහින් කුඩු මුදලාලියෙ අනුග්‍රහයෙන් දෙන දන්සලෙන් කනව එහෙම නැතිනම් කියනව මේ පාර දන්සල් අඩුයි නේද කියල...
    අනේ හිට්ලර්ටත් දෙවැනි අවස්ථාවක් දුන්නනම්.. කියල මට හිතෙනව..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් පට්ට සත්‍යක් කුරුලු...........

      Delete
  19. ඕන් ඉතින් බොරු කියන්න ඕනි නැහැ..කොයිතරම් දන්න අදුරණ වුනත් අද තමයි ආවෙ මම... ලිපිය කියෙවුවා... කියවගෙන යනකොට අන්තිමට මම හොල්මන් වුනා....
    හ්ම්... මොන දෙයක් වුනත් දිගටම ඔහොම යමු නංගා... සුභ ගමන්....

    ReplyDelete
    Replies
    1. මම ඔයාට කියලා නෑනෙ මම ලියන වග...........නේද අක්කා!!

      Delete
  20. ඒකත් හැබෑව..බ්ලොග් එකක් ලියන වග දන්නෙ මම මුහුණු පොතේ දාලා තිබුණ එක නිසානෙ....

    ReplyDelete
  21. අන්තිමට තිබුණූ නම නිසානම් මමත් පුදුම වුනා..
    ම්ම්ම්... මමනම් මේ බ්ලොග් ලෝකෙට හොඳටම අලුත්. හැබැයි මමත් හිට්ස් බලාගෙන, කමෙන්ට්ස් බලාගෙන ලිව්වෙ නෑ..ලියන්නෙත් නෑ... මම සාහිත්‍යමය විදියට, ලොකු සංකීර්න වචන ව්අලින් ලියන්න ඩ්හන්නෙත් නෑ.. මගේ හිතට එන වචන ඔහේ ලියනවා..:) අක්කා ගැන මම දැනගත්තෙ ළඟකදි.. ඉස්කෝලෙ නිසා ;)
    දිගටම ලියන්න අක්කෙ.. ජය වේවා!!!ඔයාගෙ නිර්මාණ රසවිඳින අය දිගටම එයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයා කවුද?...........හිතුවක්කාරි නෙ

      Delete
  22. මාරයියට පෙන්නපු පාර දිගේ මමත් ආවා..

    හිට්ලර්ට ඔයතරම් අපූරුවට චිත්‍ර අඳින්න පුලුවන් බව අදයි දන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැම මනුස්සයෙක්ටම තියෙනවා හැංගුණු දක්ෂකම්

      Delete
  23. අනේ මේ..මංනං මෙහෙට එන්නේ බොට බැනලා යන්න විතරයි...නැත්තං කාටද යකුනේ අර කියලා තියෙන දේවල් තේරුං ගන්න පුළුවන්... ඔන්න දෙකක් දාගත්ත වෙලාවකනං ටිකක් තේරෙන්න තිබුනා...:D:D:D

    ඒක නෙවෙයි නීනුවෝ මං බොට දුන්න සුපියල් දහයට මීට වඩා මං ගැන ලියන්න දෙයක් තිබ්බෙම නැද්ද..සික් බලහං අතිං පාඩුයි...

    ඇත්තම කිව්වොත් මංනං ඔය විචාර දීලා කස්ටියව හලන්න යන්නේ නැහැ..මට දිරවන්නේ නැත්තං මං ආවා එච්චරයි..අද නැති උනත් පස්සේ දවසක හරි හොඳ දේවල් ලියන්නේ නැතෑ කියලා.. එහෙම නැතිව දුටු තැන ගහලා මරලා දැම්මට පස්සේ කවදා ආයේ හැදෙන්නද..? දැන් බලහං මං අර මුලින්ම දාපු වචන ටික මං උඹ මේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ දැම්මනං උඹට දුක හිතෙන්නේ නැද්ද..? ආයේ ලියයිද..? ඒත් දැන් කාලෙත් එක්ක උඹ අදුරනවා මගේ කතා රටාව... ඒ වගේම බැනුමක් අහන්න තරං උනත් පදං වෙලා තියෙනවා.. ඒ හින්දා මෙහෙම කිව්වට කවදාවත්ම අළුත් කෙනෙකුට තද විචාර දෙන්න යන්න ඕන නැහැ...අනික ප්‍රශ්නයක් තියේනං ඒක පෞද්ගලිකව පණීවිඩයක් හරහා යැවීම වඩාත්ම හොදයි එහෙම අළුත් කෙනෙකුට..ප්‍රසිද්දියේ සද්ද දාලා අපහසුතාවයකට ලක් කරනවට වඩා...

    අනික බං කවුරුවත් ලොකු විචාර දුන්නා කියලා අනිත් අය තමන්ගේ අඩුපාඩු හදා ගනීමද..? කොහොම හරි කවුරුත් දගලන්නේ තමන්ගේ මතේ දිනවන්න..එහෙම තැනක බොරුවට තර්ක කර කර ඉන්නවට වඩා හොදා නිකා ඉන්නවා...

    හා හා මේ ඇති තොට කමෙන්ට් ලියනවයි කියලා පතරංග ලියන්න මට බැහැ..

    ReplyDelete
    Replies
    1. තෑන්කූ මාරයා අයියෙ...ඔයාගෙ කමෙන්ට් එක නිසා.. හලේ මම ජනප්‍රිය වෙයි නේද?

      Delete
  24. ආයෙත් හිට්ලර්ලා බිහි නොවෙන තැනට වැඩ කරන්න මේක අපිට ලොකු පාඩමක්.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කියන්නෙ නෑ...මම කොල්ලො ඔක්කොම කැම්පස් ගන්ක කියලා!!

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.