මිතුර මම වෙමි
වසර ගණනක්
රජකළේ මේ
කලා උල්පත
නොයෙක් නළු කැළ
දන මනස් කඳ
නොබා පොබ කළ
අඩි තුනක් උඩ
මකුණු කරදර
මදුරු හිරිහැර
වුණු කලක් වූ
පෙර අතීතෙද
අඩු නොවිණි
කිසි දොසක්
නොනැගිණිනි
සෙනඟ ඉතිරිනි
අසුන් පිට පිට
නුඹ විභූෂිත
වී දිලෙන සඳ
වීදියේ අද
සපිරිවර මැද
සිනා නැඟුනා
මගේ හද තුළ
සකිය සුන්දර
මගේ හෙට ගැන
නුඹට නොතරම්
මට තරම් වන
මිනිස් කැළ මට
ඉතිරි කරමින
අර්ථ දනු ඇති
කලාපති හා
නැරඹියන්
ඔබ වෙත
ඇදෙනු ඇත...
|||ඔබ සහ බැම්ම |||
බෝගම්බර වැව ළඟ
වලාකුළු බැම්ම උඩ
අනෙක් ඉවුරේ රඟදෙන
හංස පන්තියෙ සිරිය විඳ විඳ
හුදකලාවේ නලියන
මඳ පවන හා සමඟින
ගයන්නෙමි මම ගීතය
සිහිකොට ඔබේ දෙනයන.....
එති යැයි මඟ බලාගෙන
සිටියෙමි මවෙත දවසක
අවසන නිමා කෙරුවෙමි
ඔබ සහ ඔබේ සිහිනය
දකින කොට
පාත්තයො
වලාකුළු
බැම්ම ළඟ
උහුලන්ට බෑ
සත්තයි....
දැනෙනවා
ඔබෙ සුවඳ
ගුඩ් ෂෙඩ්
එක පුරාම...........
||| සිසිරය කියන්නේ මෙයමදැයි? |||
හිරු උණුසුම් කබාය ගලවන
වලා පවුරක පොරවන..
මිහිමත සැතපෙන
හිම සළුවක දැවටෙන
හෙමි හෙමින් හෙමින්
ගිනියම දුරලන
වෙහෙස නිවාලන....
සැනහෙන හැන්දෑවක්...
ඔබ දුටුවද
හිම තැවරණ
මගෙ
කරත්තයේ.....
පාවෙනා සුළං කෝඩයට
හොරෙන්
හීතලම හීතලම
හිම කැටි
දෝතක් අරන්
පාවී යන්නට
හදනවා
අර ගිනි උඳුනට
ටිකක් විතර ඉහළින්..
හෙට හිවුඩු පිපෙන
නිල්පාට හිමිදිරියේ
සුදුපාට තවරනු පිණිසද
කොළ පාට කඳු මුදුනේ.....
මට කියන්න
හිම තැවරුණ
කරත්තයේ....
------------------------------------------------
මේක නම් අනුන්ගෙ කවි මම කියපුවා.............ගොඩාක්ම චූටි කාලෙ අවුරුදු දෙකහමාරෙදි විතර
හ්ම්ම් ලස්සනයි
ReplyDeleteස්තූතියි නගෝ
Deleteලස්සන චූටි කවි ටිකක්. කියවන්නත් ලේසියි.
ReplyDeleteතේරුමත් නිකන්ම හිතාගන්ඩ පුලුවන්.
මධුරංග මගෙ පොඩි කාලෙ කටහඬ වීඩියෝ ව බැලුවද?
Deleteමට වීඩියෝ ලෝඩ් කරගන්න බෑ. කනෙක්ශන් එක ස්පීඩ් නෑ. :(
Deleteවැඩට ගියහම ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නම්. :)
නෙළුම් කුළුන ජෝන්ද සිල්වා රඟහලට කී කවිය..
ReplyDeleteකාලය ගෙවුනා මගෙ මිතුරේ
නුඹ දැන් වියපත් තුරුණුව මම මේ උදයේ
පිබිදුන නෙළුම මම හෙල කලා විල්තෙරේ
නව යුගයකට අපි යන මාවතේ..
ෂා මරු...........කවිය
Deleteලස්සනයි....
ReplyDeleteස්තූතියි
Deleteනියමයි!!
ReplyDeleteඒත් ඔක්කොම ටික එකම පොස්ට් එකකට දැම්මේ අපරාදේ අක්කෝ... :))
ඔය පහුගිය කාලෙ මුහුණු පොතේ ගිය කවි...බ්ලොග් එකට ඇදලා දැම්මෙ ආරක්ෂාවට!!! ඔයාලාට හැකි දාක කියවන්න දරුවො...කමෙන්ට් නැතත් තරහක් නෑ...මම 89 ළමයෙක්නෙ
Deleteලස්සනයි නඟා....
ReplyDeleteගොඩක් ස්තූතියි අක්කා
Deleteහරිම ලස්සනයි අක්කෙ.. මටත් හිතුනා අයිස්ගෙ අදහසම.. ඔක්කොම එකසැරේ දැම්මෙ අපරාදෙ...:( වෙන වෙනම විස්තරයක් එක්කම දාන්නත් තිබ්බා. කොහොම වුනත් ලස්සනයි අක්කෙ..
ReplyDelete