මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/30/12

මෙව්වා කවිද මන්දා....

|||ජෝන් ද සිල්වා රඟහල නෙළුම් පොකුණට කී කවිය|||

මිතුර මම වෙමි
වසර ගණනක්
රජකළේ මේ
කලා උල්පත

නොයෙක් නළු කැළ
දන මනස් කඳ
නොබා පොබ කළ
අඩි තුනක් උඩ

මකුණු කරදර
මදුරු හිරිහැර
වුණු කලක් වූ
පෙර අතීතෙද

අඩු නොවිණි
කිසි දොසක්
නොනැගිණිනි
සෙනඟ ඉතිරිනි
අසුන් පිට පිට

නුඹ විභූෂිත
වී දිලෙන සඳ
වීදියේ අද
සපිරිවර මැද

සිනා නැඟුනා
මගේ හද තුළ
සකිය සුන්දර
මගේ හෙට ගැන

නුඹට නොතරම්
මට තරම් වන
මිනිස් කැළ මට
ඉතිරි කරමින

අර්ථ දනු ඇති
කලාපති හා
නැරඹියන්
ඔබ වෙත
ඇදෙනු ඇත...


|||ඔබ සහ බැම්ම |||
 

බෝගම්බර වැව ළඟ
වලාකුළු බැම්ම උඩ
අනෙක් ඉවුරේ රඟදෙන
හංස පන්තියෙ සිරිය විඳ විඳ

හුදකලාවේ නලියන
මඳ පවන හා සමඟින
ගයන්නෙමි මම ගීතය
සිහිකොට ඔබේ දෙනයන.....

එති යැයි මඟ බලාගෙන
සිටියෙමි මවෙත දවසක
අවසන නිමා කෙරුවෙමි
ඔබ සහ ඔබේ සිහිනය


||| පුංචි කවියක් |||

දකින කොට
පාත්තයො
වලාකුළු
බැම්ම ළඟ
උහුලන්ට බෑ
සත්තයි....

දැනෙනවා
ඔබෙ සුවඳ
ගුඩ් ෂෙඩ්
එක පුරාම...........


||| සිසිරය කියන්නේ මෙයමදැයි? |||

හිරු උණුසුම් කබාය ගලවන
වලා පවුරක පොරවන..
මිහිමත සැතපෙන
හිම සළුවක දැවටෙන
හෙමි හෙමින් හෙමින්
ගිනියම දුරලන
වෙහෙස නිවාලන....
සැනහෙන හැන්දෑවක්...
ඔබ දුටුවද
හිම තැවරණ
මගෙ
කරත්තයේ.....
 

පාවෙනා සුළං කෝඩයට
හොරෙන්
හීතලම හීතලම
හිම කැටි
දෝතක් අරන්
පාවී යන්නට
හදනවා
අර ගිනි උඳුනට
ටිකක් විතර ඉහළින්..
හෙට හිවුඩු පිපෙන
නිල්පාට හිමිදිරියේ‍
සුදුපාට තවරනු පිණිසද
කොළ පාට කඳු මුදුනේ.....
මට කියන්න
හිම තැවරුණ
කරත්තයේ....



------------------------------------------------

මේක  නම් අනුන්ගෙ කවි මම කියපුවා.............ගොඩාක්ම චූටි කාලෙ අවුරුදු දෙකහමාරෙදි විතර

14 comments:

  1. හ්ම්ම් ලස්සනයි

    ReplyDelete
  2. ලස්සන චූටි කවි ටිකක්. කියවන්නත් ලේසියි.
    තේරුමත් නිකන්ම හිතාගන්ඩ පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මධුරංග මගෙ පොඩි කාලෙ කටහඬ වීඩියෝ ව බැලුවද?

      Delete
    2. මට වීඩියෝ ලෝඩ් කරගන්න බෑ. කනෙක්ශන් එක ස්පීඩ් නෑ. :(
      වැඩට ගියහම ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නම්. :)

      Delete
  3. නෙළුම් කුළුන ජෝන්ද සිල්වා රඟහලට කී කවිය..

    කාලය ගෙවුනා මගෙ මිතුරේ
    නුඹ දැන් වියපත් තුරුණුව මම මේ උදයේ
    පිබිදුන නෙළුම මම හෙල කලා විල්තෙරේ
    නව යුගයකට අපි යන මාවතේ..

    ReplyDelete
  4. නියමයි!!
    ඒත් ඔක්කොම ටික එකම පොස්ට් එකකට දැම්මේ අපරාදේ අක්කෝ... :))

    ReplyDelete
    Replies
    1. ඔය පහුගිය කාලෙ මුහුණු පොතේ ගිය කවි...බ්ලොග් එකට ඇදලා දැම්මෙ ආරක්ෂාවට!!! ඔයාලාට හැකි දාක කියවන්න දරුවො...කමෙන්ට් නැතත් තරහක් නෑ...මම 89 ළමයෙක්නෙ

      Delete
  5. හරිම ලස්සනයි අක්කෙ.. මටත් හිතුනා අයිස්ගෙ අදහසම.. ඔක්කොම එකසැරේ දැම්මෙ අපරාදෙ...:( වෙන වෙනම විස්තරයක් එක්කම දාන්නත් තිබ්බා. කොහොම වුනත් ලස්සනයි අක්කෙ..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.