මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/8/11

අනේ මටත් අයියා කෙනෙක් හිටියා නම්!!


මම තව දුරටත් ලියන්න හිතුවා.... ලිවීමෙන් හිතේ තියන සතුට වැඩිවෙනවා වගේම ...බර අඩු වෙනවා.. සඳරු තමන්ගෙ නංගි ගැන ලියපු ලිපිය, දුකා අයියා තමන්ගෙ නංගි ගැන ලියපු ලිපිය දකිද්දි මට මහ ඉරිසියාවක් දැනෙනවා. මටත් අයියා කෙනෙක් හිටියා නම්, මා ගැනත් අනිවාර්යයෙන්ම ලියයි කියලා හිතෙනවා. ඇත්තටම එහෙම වුණා නම් අද මම කොයි තරම් ප්‍රීතිමත් කෙනෙක් වෙයිද?
මට අයියා කෙනෙක් හිටියා නම් කියලා මුලින්ම හිතුණෙ අප්පච්චි නැති රෑ වල අහස ගොරවන කොට. ­­­ඉස්සල්ලාම පාසලේ දී මාව නිතර බය කරපු අමාලිට මම “ මම අයියාට කියලා ගස්සනවා“ කියලා කොයිතරම් කියන්න ඇත්ද? පාසලේ පවුල ගැන ලියන්න දුන් හැම රචනාවකටම මම නිතරම මනංකල්පිත සොහොයුරෙක්ව එක් කළා.
ප්‍රාථමික වසර වල අම්මා නිතර පාසලට එන යන නිසා මගේ සහෝදර සිහිනයට එල්ල වුණේ දරුණු බාධාවක්.. අමාලි මට ගැහැව්වා... මට අයියා කෙනෙක් නැති වග අම්මාගෙන් දැනගෙන. එදා මම ඇඬුවා..
ඒත් ගෝතමියට ගියදා ඉඳන් මගේ හීනයට ඉඩ තිබ්බා.. රස රස කෑම ජාති ඔක්කොමල්ලා එකතු වෙලා...හදලා තම තමන්ගෙ පංගු ගෙදර ගෙනියනවා.. මේක නංගිට , මේ ටික මල්ලිට , අක්කාට නම් ඕනෙ නැහැ....මේ ටික අයියාට “ ඔය වගේ දෙබස් වලට සම්බන්ධ වෙන්න ඕනෑවට මමත් අයියා කෙනෙක් හදාගෙන උන්නා ... මගේ අයියාට මම නමක් තිබ්බා.. “විමුක්ති“ කියලා... හතේ අටේ පන්ති වලින් පස්සෙ නවයට එනකොට යාබද මිතුරියො තම මිතුරියන්ගෙ අයියලා ගැන හරි උන්නදුයි. ඒ නිසා ඒ සිහිනයත් යටපත් වුණා.
මගේ හිතේ තිබුණු සහෝදරයාට තිබුණෙ සාමාන්‍ය රූපයක්... මම කලු නිසා... අයියත් කලු වෙන්න ඕනේ.. මට වඩා අඟල් දෙක තුනක් උස වෙන්න ඕනේ....( මම කැමතියි මගේ අයියාගෙ මුහුණ, මට පෙනෙන නමුත් මට වඩා ඉහලින් තිබෙනවාට) ඔහුට තිබෙන්නට ඕනේ ලෝකෙ වෙනස් විදියට දකින්න පුළුවන් ඇහැක්..ඕනෙම දෙයක් සැහැල්ලුවෙන් බාර ගන්න සිනාවක් හා විශ්වාසවන්ත ඇස් දෙකක්. මම එහෙමයි මගේ සොයුරාව හදවතේ මැව්වෙ..
මට අයියා කෙනෙක් හිටියා නම්, අනිවාර්යයෙන් ආනන්දෙ හරි නාලන්දෙ හරි වෙන්න ඕනේ..නැත්තම් මා එක්ක ඉස්කෝලෙ එක්ක යන්න බැහැ. අපි නිතරම එක එක වැඩ වලට ආනන්දෙට ගියාම උන් අපිට දාන සමහර සවුත්තු, අයියලා ඉන්න එවුන්ට දාන්නෙ නැහැ...
මම දවසක් කොල්ලෙක් මට අනං මනං කියලා... උගෙන් ඇහුවා... “ වැඩියෙන් ගුටිකන්න කැමති 13 වසරෙන්ද? 11 වසරෙන්ද කියලා?“ එතකොට අයියායි, මල්ලියි දෙදෙනෙක් ඉන්නවා වගේ...නැද්ද?
තවම මම ළඟ තියෙනවා... මම අයියාටත් එක්ක එකතු කළ බොහෝ දේ... එදාට වඩා මට අද අයියා කෙනෙක්ගෙ වටිනා කම හොඳින් දැනෙනවා. .. නොයෙක් ආකාරයේ අවමාන, දුක් ගැහැට, නොසැලකීම් එනකොට අම්මාට ,අප්පච්චිට වඩා රැකවරණයක් සොයුරෙකුගෙන් ලැබෙනවා....ඒක මිල කරන්න බැහැ... පෙම්වතෙක්ට වත් ස්වාමිපුරුෂයෙක් වත් සොයුරෙකුට ළං වෙන්න වත් බැහැ. .... එහෙම කරන්න හැකි නම් එය අභියෝගයක්.. එයට හේතුව හැඟීමේ වෙනස හා සෙනෙහසේ වෙනස....සහෝදර සිහිනය ගැන මම දිගටම ලියනවා... හිතෙන හිතෙන වෙලාවට... මතක් වන මතක් වන වෙලාවට...එය මගේ හිතට සතුටක්....

නමුත් මට අමතක නොවෙනම රසවත් සිදුවීම හෙට ලියන්නම්.. 176 බසයකදි 6 වසරෙ සිදුවුණු සොඳුරු සිදුවීමක්...

26 comments:

  1. some thing is better than nothing

    ReplyDelete
  2. ඇත්ත අක්කේ..සහෝදරයෙක්ගෙන් සහෝදරියෙක්ට ලැබෙන ආදරයට සමාන කරන්න පුළුවන් තවත් දෙයක් නෑ..මම ඒක හොඳට ම දන්නේ මටත් නංගියෙක් ඉන්න හින්දා...දිගටම ලියන්න...

    ReplyDelete
  3. ස්තූතියි........... තරිඳු

    ReplyDelete
  4. ඔව්.... NJ_A ස්තූතියි!

    ReplyDelete
  5. ඔය විදියටම මාත් ඉස්සර ඉඳන්ම හිතුව නීනු අක්ක.කොල්ලෙක්ගේ පැත්තෙනුත්.සමහර විට ඔයත් කියවල ඇති.කාලෙකට කලින් ලියපු ලිපියක් මම.අපේ ජීවිත වලට සමහර දේවල් උරුම නැතුව ඇති.ඕක තමයි මම අන්තිමට තේරුම් ගත්තේ.පහල තියන්නේ මම ලියපු පොස්ට් එක.

    මටත් නංගියෙක් හිටියනම්……

    ReplyDelete
  6. හ්ම්....මටත් නංගියෙක් ඉන්නවා.ඒ නිසා තනියක් නම් නෑ තමයි.ඒත් මාත් හරි කැමතියි මට මල්ලි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි හිටියානම්.ඒ වැඩේට මං කරේ මගේම මල්ලි කියලා හිතාගෙන මල්ලි කෙනෙක්ට ආදරේ කරපු එක. අදටත් එයාව කාට හරි අදුන්නලා දෙනකොට මං කියනවා මේ මං අරන් හදා ගන්න මල්ලි කියලා.කට්ටිය පුඩුමෙන් වගේ බලනව එතකොට...:)))))

    ReplyDelete
  7. අපි ඉතින් වැඩිය තැවෙන්නේ අපිට නැති දේවල් ගැන නේද ?

    මම වඩා කැමතියි මට අක්කන්ඩියෙක් උන්නා නම් !!

    ReplyDelete
  8. හ්ම්ම්ම්...

    මට ඉතින් කවදත් මල්ලිල නංගිල පිස්සුව...
    ඒකනෙ අර පණුවාව මල්ලිකමට හදාගන්නෙ. හැබැයි අපරාදෙ කියන්න බෑ, පනු මල්ලිත් කොහෙ ගියත් ආයෙ දෙහිතක් නෑ මාව අඳුන්වල දෙන්නේ , මේ මගෙ අක්කා කියලා. :)

    මගෙ අයිය මීට වඩා මට 'ෆිට්' අයියෙක් උනා නම් මන් ගොඩක් ආසයි. ඒත් එකා ගොඩක් ඈත රටක සහ අවුරුදු 10ක් ඈත ඉඳලම ඒකා හිතෙනුත් ගොඩාක් ඈත් වෙලාද මන්දා... :(

    ReplyDelete
  9. මගේ නෙතට කඳුලක් එක් කල ලිපියක්.ශහෝදරයෙක්ගෙ වටිනාකම කියා නිම කරන්න බෑ.

    ReplyDelete
  10. ස්තූතියි....සිහින... ඒක හැමෝටම දැනෙනවා.. කාත් කවුරුත් නැතිව ගැටලුවක හිර වුණාම වැඩියෙන් දැනෙනවා!!

    ReplyDelete
  11. මමත් ... එහෙම වැඩ කරනවා.... ඒත් ඉක්මනින් අහු වෙනවා නිසුපා!!ස්තූතියි....

    ReplyDelete
  12. ලබන ආත්මෙ පින් කරලා අපි වගේ අක්කා කෙනෙක් පතන්න සඳරු!!!

    ReplyDelete
  13. අනේ මාත් කාව හරි මල්ලි කමට හදා ගන්නවා.... අයියා කමට කාවවත් හදාගන්න බැහැ... තාරක අයියා පව්නෙ....ස්තූතියි දිල්ෂ් අක්කෙ

    ReplyDelete
  14. ස්තූතියි ගිම්හානි.... එයඔබට සංවේදී වුවා නම්...

    ReplyDelete
  15. ඇත්තට අක්කා මට නම් වෙන කවුරුත් ඉන්න ඕන කියලා කවදාවත් හිතිලා නෑ.
    ඒත් මට මාවතේ ගීතය කියවනකොට දුර්ගා හම්බවෙන කොට එහෙම හිතෙනවා,
    ඇත්තටම මම ඒ කතාවෙ වැඩියෙන්ම ආදරය කරන චරිතයක් ඒක.
    මං හිතන්නෙ ඔය කිය්වල ඇතිනෙ ඒක.
    ඒත් මගේ පෙම්වතියත් ඒ වගේම බොළඳ දඟකාර ආදරණීය කෙනෙක්.
    ඒ ගැන සතුටුයි.
    මට ඉන්නෙ අයියා කෙනෙක් ඒත් අපි දෙන්නා අතර මහා ෆිට් එකක් නෑ,
    ඒත් මං හිතන්නෙ අයියා කවදවත් මගේ කරදර වලදි මගාරින්නෙ නැථි වෙයි.
    හොඳම වැඩේ මගේ සොන්දුරියට අයියා කෙනෙක් නැති නිසා අපෙ අයියාගෙන් ආදරය බලාපොරොත්තු වීම.
    ඒත් අපෙ අයියා ආඩම්බරයි මං වගේම.
    ඒ නිසා ඒ කෙල්ලට ගණන් උස්සනවා.
    හෝ වෙන හේතුවක් ඇථි.
    අයියා හොඳ මනුස්සයෙක් කොහොම වුනත්.
    ස්තූතියි.

    ReplyDelete
  16. මට අක්කා කෙනෙක් ඉන්නවා අයියා කෙනෙක් ඉන්නවා.. මම අන්තිමයා.. මටත් ඒ දවස් වල හිතේ ඔය වගේ බලාපොරොත්තුවක් තිබුනා.. මටත් නංගී කෙනෙක් හරි මල්ලී කෙනෙක් හරි හිටියනම් කියලා....

    ReplyDelete
  17. ස්තූතියි ගොර්ඩෝනියා ඔබේ අදහසට

    ReplyDelete
  18. ස්තූතියි දිනේෂ් ඔබේ අදහසට.....

    ReplyDelete
  19. අනේ මටත් නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕනි.....

    ReplyDelete
  20. අනේ පව් ..... ඔජායෙ

    ReplyDelete
  21. හෆොයි.. මටත් අක්කා උණක් තිබ්බා ඉස්කෝලේ යන කාලේ,, අක්කගේ නම තමයි යසෝදරා... හික් හික්.. අක්ක ගැනමයි කතාව.. ඒත් අපේ ගෙදර උන්නේ මම විතරයි.. නැන්දගේ දුවට අයියා කෙනෙක් උනා,, ආදරණීය පාරමී... මෙකි හින්ද මම නුවර ටවුන් එකේ මරා ගත්තා.. නංගිලට අයියලා මාරම ආදරෙයි,, එ‍ක තේරුම කරන්න බෑ,, මගේ සමහර යාළුවො තාමත් හිතන්නේ එ මම මැරී කරන්න ඉන්න කෙල්ල කියල... හික් .. මොකෝ අපි දෙන්නගේ නම් දෙක වෙනස් නේ,,

    ජය,,

    ReplyDelete
  22. පිස්සු හැදෙනවා.......... සුන්දර කතාවක්

    ReplyDelete
  23. නැති දේවල් වලට දුක් වෙලා වැඩක් නෑ නංගි.

    ReplyDelete
  24. අපි හැමදාමත් කරන්නේ නැති දේවල් ගැන හිතලා තැවෙන එකයි, මට නම් හිතෙන හැටියට. ඒ කොහොම උනත් අපිට ලැබිලා තියෙන දේ අගය කරන්න පුලුවන් නම්, ඒවට වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඔය වගේ ගැටළු ඇති වෙන එකක් නෑ. හොයලා බැලුවොත් අයියලා ව වදයක් වෙන කෙල්ලොත් ඕන තරම් ඇති. ඒක එක එක්කෙනාට සාපේක්ෂ දෙයක්!!!

    ReplyDelete
  25. ඔබ හරි මධුරංග අයියෙ

    ReplyDelete
  26. ලහිරු කියන්නෙ අත්දැකීමෙන්වත් ද? :)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.