මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/18/11

කවි නොලියන ළමයින්ගෙන්...ටයි මාමාට කවි කුසුමක්....

බොහෝ දේ බොහෝ දෙනා අතින් ලියවිණි... යමක් නොලියා බැරි හෙයින් ලිවිය යුතුමය... ළමා කාලයක් නැතිව හිර කරපු ජීවිත බාර ගත්තාට පරිකල්පනය හදවතට දීලා අපිව හුස්ම වැටෙන මිනිස්සු කළාට ස්තූතියි මාමේ... මට ඔබතුමාව මතකයි...හුඟාක් පුංචි කාලෙ එක් වරක් දැකලා තියෙනවා... ඒත් ඔබතුමාගෙ කාර්ටූන්... කටපාඩම්... මට විතරක් නෙවී.. හැමෝටම.. අද තරුණ වයසෙ ඉන්න.. බොහෝ අය...ඔබගෙ කාර්ටූන් බැලූ ළමයි... ඒකයි ඔබ ගැන හැමෝම ලියන්නෙ... ටයි මාමාව නොදන්න අපේ වයස් පරාසෙ කෙනෙක් මේ දූපතෙන් හොයන්න හරි අමාරුයි ටයි මාමෙ..ඒ නිසාම මුහුණු පොතම පිරිලා ගිහින්.. මටත් හිතුණා ටයි මාමාට ලියන්න... පුංචි කවියක් ... අපිට කවිලියන්න බැහැයි කියලා තමා ගොඩ දෙනා කියනවා තමා... බැහැයි කියන්න එපා කියලා මාමා කියපු නිසා මෙන්න ලිව්වා!!!

බැහැයි කියලා බැහැයි කියලා
බැරි බව ලොවටම කියලා.....
අපි හැඳුණේ රට වෙනුවෙන්
කියා අපට පහදවලා.....

උඩට නගින හැමකෙනාම
නිති පහළට ඇද දමනා
මිනිස් කැළට ඔවදන් දී
බෘම් ව තනියට තියලා....

කළ කළ දේ පළ දෙන වග
පුංචි අපට කියාදෙමින්..
අවි ගත් අය අවියෙන්
වැනසෙන බව තේරුම් කරමින්

ලිලිපුට්ලා මැද ගලිවරයකු
නොවෙනට දී  ඔවදන්..
නිතරම ළඟ සිටියා අපේ
සෝරෝ යුක්තිය රකිමින්

දිරියෙන් ලොව ජය ලබනා
ඔෂීන් සේ  සතුට ගෙනා
විරුවෙක් දුටුයේ නම් අප
රොබින් හුඩ්ට සම කෙරුවා

දියරකුස්ලා බුරුතු පිටින්
අල්ලා ගෙන ගෙනවිල්ලා
පිස්සු වුණත් පූස් ගොල්ලො
සාජන් හට බාර කළා..

උදේ සුරංගනා කතා
හවසට කුස්සියේ කතා
බඩගින්නට මෙන්න ඇවිත්
ඥාන කතා මලණ්ඩියා

ඉඳගෙන කන කාලා හැඳෙන
ඉඟුරු පාන් පාන් මල්ලි
අද බොහෝම විස්සෝපෙන්
සද්ද බද්ද නැහැ හෙල්ලිලි

ඔබේ පුංචි ගම්බිරිස්සො
තවමත් අපි ටයි මාමේ...
හාරලක්ෂයක් දුන්නත්
මරුවා නපුරුයි මාමේ...

දොස්තර හොඳ හිතටත් බැරි
සසර චක්‍රෙ වලක්වන්න
කැස්පර් හොඳ වුණත් කෙතෙක්
ඒ ලෝකෙට එපා යන්න.....

අනාගතේ මතු දවසක
අපි එනතුරු ඔබ බලන්න..
හීන නොමැති සුව නින්දක
තව ඩිංගක් නිදාගන්න...


15 comments:

  1. ආදරනීය ටයි මාමේ ඔබට නිවන් සුව අත්වේවා !!!
    අපේ නිනූ නංගිගේ මේ කවි ටික ඔබට උපහාරයක්ම වේවා !!!

    ReplyDelete
  2. ස්තූතියි මධුරංග...

    ReplyDelete
  3. මම් ආස නෑ මට ස්තූති කරනවට. ඔය ඔක්කොම අර පොත හින්දා වෙන්ටෑ. :)

    ස්තූති කරන්නේ ආයේ එන්න කියලා කියන්න නේ. ඉතින් මම් ස්තූති කලත් නොකලත් එනවනේ. :)

    ReplyDelete
  4. මම වැඩ කොරන්නෙ පොතට අනුවමය....... :)

    ReplyDelete
  5. හම්....පුංචි කාලේ ආයේ එන්නේ නැ.....අනාගත පරපුර වෙනුවෙන් මේ වගේ උසස් නිර්මාණ බිහිවෙයිද?
    ටය් මාමගෙන් ඒ ඇතිවුන හිස්තැන මකන්න කාට පුළුවන් වෙයිද?

    ආදරණීය ටයි මාමේ...ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  6. ඔයා හරි සීනී අක්කෙ

    ReplyDelete
  7. අන්තිම කෑල්ල සුපිරි! :)

    ReplyDelete
  8. ඔයා අපේ තමීරයියා නේ.... ස්තූතියි ස්තූතියි!

    ReplyDelete
  9. නිනූ නංගිගේ මේ කවි පෙල එතුමාට උපහාරයක්ම වේවා!!!!

    ReplyDelete
  10. දිනේශ්...අයියා ස්තූතියි

    ReplyDelete
  11. බෑ බෑ කිව්වට ඔය යස අපූරුවට ලියලා තියෙන්නෙ කවි.

    ටයි මාමාට නිවන් සුව...

    ReplyDelete
  12. යුතුකම් ඇත ඉටු කරන්න බෑය් කියල බෑ
    අයුක්තියට ඉඩ නැතේ යුක්තිය ලොව රජ වෙතේ
    වය්රෙන් වයරය නොවේ මයිත්රියෙන් ජය ලැබේ http://www.youtube.com/watch?v=J5Bj4a4vh_U
    මීය කටට වැටුණු වහා සිල්ගත් සේ මා http://www.youtube.com/watch?v=GAdFiYq9O5k&feature=related..

    ReplyDelete
  13. ස්තූතියි නිසූ ලස්සනයි කීවාට.. පිට අයට වගේ සතූතියි තරන්න එපා කියලා මධුරංග කියනවානෙ

    ReplyDelete
  14. හරි ලස්සන ගීත නේද තරිඳු

    ReplyDelete
  15. මාත් එකක් ලිව්වා: http://nikamata.blogspot.com/2011/10/blog-post.html

    අදයි මේ බ්ලොග් එක දැක්කේ. ඉතිරි ටිකත් කියවන්න ඕනේ.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.