මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/11/11

නීනුගේ පොඩි අයියා

මම අද ඉඳන් පුළුවන් පුළුවන් වෙලාට බ්ලොග් ලෝකෙ මගේ හිතට අල්ලලා හිටපු චරිත ගැන ලියන්න හිතා ඉන්නෙ... ඉතින් මම ඒක ලියන්න පටන් ගන්නෙ... අපේ ගෙහාන් චන්දික අයියාගෙන්.. කවුරුත් ආදරේට ඔහු අමතන්නේ කෝච්චියා කියලා.. අපේ ගෙදර අය නම් ඔහු හඳුන්වන්නෙ  හොරණ දරුවා කියලා..මම මුලින්ම ගෙහාන් අයියා ගැන ලියන්න හේතු වෙන කරුණු කීපයක් තියෙනවා.  

  • මට බ්ලොග් කලාවේ හමුවුණ ප්‍රථම සිත් ගත් චරිතය වීම.
  •  සරළ සැහැල්ලු, සිනාමුසු මුහුණින් සියලු දේ දිහා බලන , නමුත් සෑහෙන්න සංකීර්ණ චරිතයක් වීම.
  • මම ජීවිතයේ වැඩිම කලක් ආශ්‍රය කළ අදටත් ආශ්‍රය කරන හොඳම සොහොයුරන් තිදෙනා ගෙන් කෙනෙක් වීම.
  • මට ගුරුහරුකම් ලබා දෙන අයෙක් වීම.
  • සුන්දර පුද්ගලයෙකු වීම.( නමුත් මගේ අයියාට තියෙන්න ට ඕනෙ ශරීර ලක්ෂණ නියම ආකාරෙන් අපේ කෝච්චයියා ට නැහැ... මට ටොකු අනින්න පුළුවන් මට්ටමට අයියණ්ඩියා උසයි.... ලැබෙන සෑම අවස්ථාවකම මට ටොක්කක් ඇනීමට එකල සිට කෝච්චි අයියා ප්‍රිය කළේය..)
  • බොහොම සුන්දර පෙම්වතියක් ඔහුට සිටී.... එය ගැන මුලින්ම දැනගත්තේ ද මමයි... (නමුත් තාරක අයියා ගැන මුලින්ම දැන ගත්තේ දිලු අක්කායි.... ඒ වගේ වැඩ වලදී කෝච්චි අයියාට වඩා අයියාගේ කෙල්ල අක්කාට මම ඉතා සමීපය.) 

දිනක් ඒ කියන්නේ එකෝමත් එක කාලෙක මම මුහුණු පොතට එන විට එහි poke බොත්තම ගැන දැන සිටියේ නැත... දිනක් හදිසියේ මොකද්ද එකෙක් මට පොක් කර නෝෆිකේසමක් එවා තිබිණි.. මම වහාම මධුර ශබ්ද කෝසය පෙරලා එහි තේරුම ගෙන මට අනින එකා හොයා බැලීමට ගියෙමි. ඔහු නමින් ගෙහාන් චන්දික වික්ස් ( සම්පූර්ණ සර් නේම් එකට අකමැති හෙයින් එය නොදාන්නට සිදුවිය.) විය. මම ද පෙරළා ඇන්නෙමි... මේ පෝක් සෙල්ලම මාසයක් විතර ගිය පසු ගෙහාන් අයියා චැටට සෙට් විය... ඉන්පසු බුදු ෆිට්ටෝ වුණු අතර ගෙහාන් අයියා ඒ දිනවල කැම්පස් ගිය අලුතය.

නිරන්තරයෙන් කෙණෙහිලි කම් දරාගෙන සංවේදී චරිතයට හිනාවුණු දහසක් වුන් ගෙන් සැඟවෙමින්...පරිගණකය තම ආත්මය කරගැනීමට ඔහු සැරසිණ... ගෙහාන් අයියා ගේ මල්ලි අයියා ගේ වියෝව එකල ගෙහාන් අයියාගේ ජීවිතයට ඇති කළේ මහා කාන්සියකි..දුකකි... එයින් ඔහු මුදවා ගැනීමට ඔහුට මා එකල ඔහුගේම සොයුරියක් විය...

ගෙහාන් අයියා බොහෝම සරළ ජීවිතයක් ගත කළේය. නිතරම සිනාසුනේය.. රහසින් හැඬුවේය. කැම්පස් ගිය මුල් කාලේ ඔහු සිටියේ ගෙදර එන තදියමේය.  දැන් එය වෙනස් වී ඇත.

අද වන විට සතුටේ මුදුනටම ඇයගේ ජීවිතය රැගෙන යාමට අහම්බෙන් හමුවූ මලිතිගේ බ්ලොග් සිත්තම ලියන දිලු අක්කිට හැකි විය... මම මුලින්ම මම තාරක අයියා ගැන කීවේද දිලු අක්කා සමඟය... ඇය එයට ආශිර්වාද කළා සේම...ගෙඩි පිටින් අයියාට කියාද නැත.. පසුව ද දැන්ද මා සමඟ මේ වන විට කොච්චයියා ඔරෝප්පුව සිටින්නේ එය නොකී නිසාය..ඔහු මට බැන්නේ... වෙඩිං එකම කීවා නම් ඇති කියාය...

නොකීවේ ලැජ්ජාවට මිස, වෙන මක්කටවත් නොවන වග පසු දිනෙක අයියා  දැනගන්නවා ඇත.

නිතරම සවාරි යන කෝච්චයියා නිතර ඔහු ගන්නා ඡායා රූප අප හමුවට ගෙනෙයි... දැන් බ්ලොග් ලෝකයේ විසාල චරිතයක් බව පෙනෙන්නට තිබෙන අතර... ඔහු මගේ සොයුරෙකු වීම ගැන මම ආඩම්බර වෙමි.. කෝච්චි මස්සිනා  පිළිබඳ තාරු අයියාද නිතර මතක් කරන අතර... කෝච්චයියාගේ වෙඩිමට කේක් ඇල්ලීම සඳහා ...හෝම් කමිමේ දී ඉඩ ලබා දෙන බවට ත් පසුව  කේක් කෑලි පහක් ගෙදර ගෙනයාමට දෙන බවටත් මා කුඩා කළ කෝච්චයියා පොරොන්දු විය...


මම අපේ පොඩි අයියාට  සහ අක්කාටද සුබ අනාගතයක් පතමි....කෝච්චයියා ලබන ආත්මයේ මගේම පොඩි අයියා වේවා යැයි ද, මම පොඩි අයියාට ටොකු ඇනීමට නොහැකි මට්ටමට ටිකක් උස වේවා යැයිද ප්‍රාර්ථනා කරමි...



30 comments:

  1. අනේ මන්ද මොනවා ලියන්නද කියල... හැබැයි මට හිතෙන්නේ මේකත් හොඳයි අක්කේ...

    ReplyDelete
  2. ඇයි බං මට මේම කලේ? :( මං කරපු වරද? දැං මේ මුරුංගා අත්ත කඩා වැටුනොත් බේත් බඳින්නෙ කවුද? :'(

    ReplyDelete
  3. ස්තූතියි!!!!... මල්ලි

    ReplyDelete
  4. අනේ.... අයියෙ....ඔයා ට මම කවද්ද එහෙම කළේ

    ReplyDelete
  5. චන්දිකගේ බ්ලොග් එක මමත් ගොඩක් ආසාවෙන් බලන බ්ලොග් එකක්...

    ReplyDelete
  6. හපොයි කෝච්චියා කම්මුතුයි...

    ReplyDelete
  7. හික්ස්....හොද වැඩක් නීනු නගා කරන්නෙ.අපිට කට්ටියගෙ හැටි දැන ගන්න පුලුවන් නොවැ මේකෙන්...:D

    ReplyDelete
  8. ස්තූතියි.... දිනේශ්

    ReplyDelete
  9. මම වගේ නංගි කෙනෙක් හිටියොත් කම්මුතුයි තමා

    ReplyDelete
  10. පුළුවන් පුළුවන්......බලන්නකො ඉස්සරහට

    ReplyDelete
  11. හෆොයි.. දැන්නම් කෝචිචි මස්සිනා දැන ගෙන ඇති හොදටම

    ReplyDelete
  12. දැන ගෙන ඇති....දැන ගෙන ඇති තාරු අයියෙ

    ReplyDelete
  13. කෝච්චි අයියා මරු කොල්ලෙකි.

    ReplyDelete
  14. කවිරැවත් කරන්නැති ලස්සන වැඩක්

    ReplyDelete
  15. මගෙ නම් ජීවිතේට දැකල නැහ මෙහෙම කෝච්චි ලවර් කෙනෙක්.... චන්දිකයව ෆිට් උනේ සයිබර් උලෙලෙන්... එළ කොල්ලෙක් තමයි.

    මේ බලාගෙන මචන් මුරුංග අත්තෙන් වැටුනොත් උබව නාවල පිරිවට දාල තමා ගෙට ගන්න වෙන්නෙ... නොවැටිම හිටු ඒක නිසා

    ReplyDelete
  16. හම් හම්.....කෝච්චි අයියා ගොඩක් හොඳයි තමා.....:D

    බලාගෙන අයියේ...මුරුංගා අත්තේ නග්ගපු නැග්ගිල්ලට වැටුණොත් ඉවරයි.....:p

    ReplyDelete
  17. ඉස්සෙල්ලාම පොඩි අයියා ගැන ලියුවේ එම නිසයි මධ්‍රරංග

    ReplyDelete
  18. ස්තූතියි ලක්මාල්... ඉඩ ලැබෙන හැටියට...එක එක්කෙනා ගැන ලියනවා

    ReplyDelete
  19. පිස්සෝ...අපේ පොඩි අයියා මෙවන් මුරුංගා අතු වලට නග්ගනවා සේම බැස්සීමේ කලා වද අපි දනිමු..

    ReplyDelete
  20. සීනී අක්කේ.... පිස්සාට දුන් පිළිතුර ඔයාටද +++++ ය.... ස්තූතියි.. සීනි අක්කෙ

    ReplyDelete
  21. එළ එළ නියමයි ........:D

    ReplyDelete
  22. ස්තූතියි.... සිංහයා

    ReplyDelete
  23. හී හී... කෝච්චි පුන්චායි දිලූ නගායි කියන්නෙ මගෙත් ප්‍රියතම චරිත දෙකක්. සරල අහිංසක හොඳ.. ඔය ඕනෙම නිර්වචනෙකට දෙන්නාවම ඔබිනවා.

    ReplyDelete
  24. :) ඔහ් මම දැන්නේ දැක්කේ....ස්තුතියි නංගෝ.ඔයාටයි තාරකටයි සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා. මේ මට ඔයාගේ වෙඩිමට කේක් 10 ක් ඕනේ

    ReplyDelete
  25. අහ් මගේ පොඩි අයියාවයි නෑණන්ඩිවයි වර්ණනා කරනවාට ස්තූතියි...දිල් අක්කේ!!!

    ReplyDelete
  26. ආ... මගේ නෑනේ..... මම හරිම ආදරෙයි ඔයාට

    ReplyDelete
  27. ලස්සනට ලියා තියෙනවා..හැමෝටම වාගේ ඉන්නවා නේද තමන්ගේ නොවීත් තමන්ගේම කියලා දැනෙන අය්යලා..හරියට මේ මට වගේ.

    ReplyDelete
  28. නැතිව නැතිව........... හැමෝටම ඉන්නවා!!!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.