මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/9/10

සත්සරේ සිත්තරී


දෙසවන් පිනන
සත්සර නදට
හඬ මුසු කරන
කිඳුරිය ඔබයි...
ජීවන මඟට
රිද්මය ගෙනෙන
ගීයට උපත දුන්
මව ඔබයි....
අහසක් තරම්
නවනළු රසින්
හඳ පොබ කරන
මිතුරිය ඔබයි......
හඳ ළඟ රැදී
තනියට හිඳින
සොහොයුරියක වන් වූ
ළඳ ඔබයි....



8 comments:

  1. නියමයි.

    පොඩි දෙයක්
    රෝස වලාකුලු හා තිනු ගේ නිශාව අතර සම්බන්දයක් ඇද්ද? [මට ඔනේ නැති දෙයක් නැහැ]

    ReplyDelete
  2. ලස්සනයි නංගි දිගටම ලියන්න.. වප් තියන්නෙ මාර ප්‍රශ්නනෙ... මටත් පුදුමයි බ්ලොග් දෙකක අන්තර්ගත දෙකක්... එකම කතෘ...

    ReplyDelete
  3. ඒ දෙක අතරේ සබඳකමක් තියෙනවා...දෙකම මගේ නිසා....මම......ඉස්සෙල්ලම පටන ගත්ත නීනුගේ නිශාව..ඒත් මට අසා හිතුනා වෙනම කවි බ්ලොග් එකක් කරන්න... ඉතින් රෝස වලාකුළු හැදුව..නීනුගෙ නිශාවට වඩා වැඩිය රෝස වලාකුළු ඉදිරියට ගියා( කට්ටිය කියෙවුවා.....මම කවි එක්ක රචනාත් ලියනවා..ඒ මගෙ හැටිනෙ!!පස්සෙ මම රෝස වලාකුළු වලට.......ඔක්කොම පොස්ට් ටික පේස්ට් කරල නීනුගේ නිශාව අයින් කලා......ඒත් ඒ වෙනකොට සින්ඩිකේටරේ..නීනුගෙ නිශාව තිබ්බ....මට අපරාදේ කියලා හිතුනා.....මම දැන් දෙකටම පෝස්ට්දානව....මේකට විසදුමක් දෙන්න පුලුවන් නම් හොඳයි..... අනෙ!!!..නීනුගේ නිශාවේ පොස්ට් ටික කමෙන්ට්ස් එක්කම රෝස වලාකුළට ගන්න පුළුවන් නම්....නීනුගේ නිශාව....සින්ඩියෙන් අයින් කරව ගන්න පුලුවන්.....අනෙ මට ඕව දන්නෙ නෑ ....දන්නෙ නෑ හලෝ

    ReplyDelete
  4. ලස්සනයි.හැබැයි මම හිතන්නේ ඔයාට මෙකට තව ලස්සන වචන දාන්න පුලුවන් ..... මොනව උනත් වැඩේ හොදයි.

    ReplyDelete
  5. අනේ මේක හුඟක් පරණයි!!!...වෙනස් නොකරම දැම්මෙ!!!

    ReplyDelete
  6. ලස්සන කවිය!
    අර බ්ලොග් එක කොමෙන්ටුත් එක්කම මේකට import කරන්න පුළුවන්. මේක බලන්න: http://www.google.com/support/blogger/bin/answer.py?hl=en&answer=97416

    ReplyDelete
  7. ලස්සන කවි පෙල. මේව දැක්කහම මටත් කවි ලියන්න හිතෙනව ඔක්කොම පැත්තකට දාලා!

    ReplyDelete
  8. thanks thameera oyaa hari honndhayi!!!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.