හිම වැටෙන සීතයේ
ස්වේත පැහැ වු දියත
මත ගයමි ගීය මා
සතුට වෙනුවෙන් ඔබට......
වසන්තේ මල් වැස්ස
තෙමද්දී තණ පලස
එදින මා වෙර දරමි
එහි අරුත ගයන්නට.......
ගිම්හාන රිවි මඩල
දවයි මීදුම් පටල
ගේය පදවැල් අරුත
වැටහේවි ඇතැම් විට.....
සරත් සැඩ කුණාටුව
වැල්ල හා රඟන කළ
ලියන්නට එහි අරුමගන්න පන්හිඳ අතට......
මත ගයමි ගීය මා
සතුට වෙනුවෙන් ඔබට......
වසන්තේ මල් වැස්ස
තෙමද්දී තණ පලස
එදින මා වෙර දරමි
එහි අරුත ගයන්නට.......
ගිම්හාන රිවි මඩල
දවයි මීදුම් පටල
ගේය පදවැල් අරුත
වැටහේවි ඇතැම් විට.....
සරත් සැඩ කුණාටුව
වැල්ල හා රඟන කළ
ලියන්නට එහි අරුමගන්න පන්හිඳ අතට......
කියැවීමි; එහෙත් පෙර කියූ පරිදි ම මගේ කවි සිතුවිලි තවමත් හිරි වැටී ය.
ReplyDeleteඅන් සතුට සිය, සතුට කරන් පන්හිඳ අසල...
ReplyDeleteඔබ ගයද්දී, වනා, තුෂාරය, රිවි කිරණ...
ආසාය ලියන්නට ඔබ වෙතට ගේය පද...
චණ්ඩ බව ඍතුවෙහි පසෙකලා වාඩිගෙන...
එනමුත්...
දෑත් හිරි වැටීලා මිදුණු හිම ඉවත්කොට...
දෙපා කකියන්නෙ රැළ සමග සටනින් පසුව...
චණ්ඩ රිවි කිරණයෙන් නෑ තෙතමණයක් හිසට...
ගී ගයන ලොවක් තැනුමයි අපට නියම වුණ...
STHUUTHIYI OBATA
ReplyDeleteමරු.. ලස්සනයි..
ReplyDeleteහරිම ලස්සන කවියක් නංගී. ඔයාගේ ගොඩක් නිර්මාණ හරිම සංවේදී ඒවා. කොහොම උනත් සුභ පැතුම්. දිගටම ලියන්න.
ReplyDelete