1/9/10

අම්මා...




ගගනත දිලිහෙන මනරම් සඳවත
පරදී ඔබ රූ දුටු සැණෙකින්
හදවත පිරි ලතැවුල් දියවී යයි
පුරා සවන් ඔබ මුදු වදනින්

අම්මා....

කඳුලක මියැදෙන මැලවුණු ලෝකය
සතපා හසරැළි සයුරු තෙරේ..
කතරක වල්මත් වියළි දෙතොල් පෙති
තෙමලා සිහිලෙන් කුළුණු දියේ

අම්මා...

බිළිඳු හඬක් දෙසවන පත් මොහොතේ
ගත රැඳි ලේ බිඳු
කිටට පෙරා.......
මන්දාරම බිඳ
හිරු ලෙස ආ සඳ
ලොවක සා පිපාසා නිවනා

අම්මා....
2 වන ස්ථානය (අනොතත්ත විල 2007)




4 comments:

  1. හරිම ලස්සනයි.
    අම්ම ගැන නම් ඉතින් කියලා නිම කරන්න බෑ නිනූ

    /බිඟුවා...!

    ReplyDelete
  2. ෂා ලස්සනයි.

    ReplyDelete
  3. ලස්සනයි නංගි...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.