1/5/10

මකුළුවා සහ මනුස්සයා


වියනවා වියනවා
අපි මෙන්ම
සාදනා ඔබද
නිම නොදකිනා
කටේ කෙළ හිඳෙන තුරු
වියනවා වියනවා
මේ තරම් වෙහෙස වී
ලස්සනට හැඩ මවා
වියන දැල් මාළිගේ
එකම කොසු පහරකින්
බිමට ඇද දමනවා...
ඔබත් බිම වැටෙනවා...
මිනිස්සුත් ඔබ වගේ...
අහස් මාළිගාවෙන්
බොහෝ විට
බිම ඇදන් වැටෙනවා
ඔවුන් යළි නැගිටින්න හදනවා
ආයෙමත් පෙළක් අය වැටෙනවා...
වැටුණු කළ නැගිටින්න
බොහෝ වෙර දරන මුත්
ඔබ වෙහෙස නොදරාම
වියනවා...
නිමක් නොදකිනා දැල
වියනවා....
යළි යළිත් යළි යළිත්
වියනවා.....
බිච්චියේ කොනක හිඳ
වියනවා.....

4 comments:

  1. වියු කවිය නෙට් එකේ මුලුලකට වි කියෙව්වෙමි මම.

    හි හි

    ReplyDelete
  2. ඔයා දන්නවද ලොකේ තියෙන හයියම ස්වාභාවික තන්තුව මොකද්ද කියලා....

    /බිඟුවා...!

    ReplyDelete
  3. එක නම් දන්නෙ නෑ.....

    ReplyDelete
  4. කවිය ගැන නම් කියන්න දන්නෙ නෑ....
    ඒත් මමත් දවසක් මකුලුවෙක් දැලක් වියන හැටි බලාගෙන හිටියා මම දන්නෙමත් නැතුව පැය 2ක් විත‍ර ගිහින් ඌ දැල වියල ඉව‍ර වෙනකොට.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.