මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/26/10

අද දවස

ශිලා යුගයේ සිට ඉලෙක්ට්‍රෝනික යුගය දක්වා යුගයෙන් යුගය සමතික්‍රමණය කරමින් පැමිණි ගමන් මග,මිනිසාට ලැබුණු වටිනාම දේ....තමන් පාලනය වන ක්‍රම වේදයට දායක විය හැකි....ප්‍රජාතන්ත්‍රවාදයයි...උපතේ සිට මරණය දක්වා එකිනෙකා සමග ගැටෙමින් සාමූහික සත්වයෙකු ලෙස ජීවත් වන මිනිසා ආර්ථිකය තුළ...ආර්ථික සත්වයෙකු ලෙසද, සමාජය තුළ සාමූහික සත්වයෙකු ලෙසද එමෙන්ම දේශපාලනය තුළ , දේශපාලන සත්වයකු ලෙසද ක්‍රියා කරයි!!..මිනිසා විසින් මිනිසුන් උදෙසා මිනිසාට ක්‍රියාත්මක වන මේ ප්‍රජාතන්ත්‍ර වාදයේ...පරමාධිපත්‍යයේ බලය සුළුවට තැකිය නොහැක...එය කොටුවක් මත කතිරයක් ගැසීමක් පමණක් නේදැයි..සමහරවිට ඔබ මගෙන් අසනු ඇත..නමුත් ඔබත් මමත් තවත් බොහෝ අයත් ගසන කතිර මත..ඔබේත් මගේත් අප රටේත් අනාගතය තීරණය වනු ඇත...ඔබ නිවැරදි පුද්ගලයකු සොයා වෙහෙසෙනු ඇත..ඔබේ කතිරය ගැසීමට සුදුස්සකු ඔබ සොයනවා විය හැක....ඔබට නිවැරදි පුද්ගලයකු සොයා ගත නොහැක..මන්ද, ඔබද මමද වැරදි කර ඇත්තෙමු!! ඒසේ නම් වෙනත් කෙනෙක් නිවැරදි වේ යැයි අපට සිතිය හැකිද? කළ හැක්කේ වැරදි අඩු පුද්ගලයෙකුට ඔබේ ඡන්දය භාවිතා කිරීම පමණි.ඔබේ ඡන්ද අයිතිය ඔබ භාවිතා කරන්න...රට වෙනුවෙන් ඔබ හොර ඡන්ද දමන්නන්ට ඉඩ නොදෙන්න...අද ශ්‍රී ලාංකිකයකු ලෙස ඡන්ද පොළට ගොස් ඔබේ ඡන්දය රටේ ජය උදෙසා නිවැරදිව භාවිතා කරන්න........


6 comments:

  1. කාටවත් නිදහ සාඩාරණ් මැතිවරණයක් එපා ද?

    ReplyDelete
  2. ලස්සන පොස්ට් එකක් නීනු

    ReplyDelete
  3. well done nanga.keep it up :)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.