මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/24/10

හීන ලෝකයේ යතාර්ථය

හැම වෙලාවෙම හැම මොහොතේදිම ලියන දේවල් ඇත්ත කියලා හිතන්න එපා..මම ලියන්නේ මට හිතෙන දේ....මගේ ලෝකෙ හිතන විදිහට....පුංචි කාලේ ඉඳන් තනියම හැදුණු කෙනෙක් මම....යාළුවො පවා මට ගොඩක් දුරයි....හැමෝම මං ලවා තම තමන්ගෙ වැඩ කරවගෙන එයාලාට ලකුණු දාගත්තා....එහෙම කරලා..මාව බැනලා පැත්තකට කලා...පල් කලා....මට බැරි පුංචි පුංචි දේ සිහි කරලා ඔච්චම් කලා...මට නැති දේ ගැන කියලා මාව දුකට පත් කලා....එකේ පංතියෙ ඉඳන් අද වෙනකන්...මම ලබන විධිමත් අධ්‍යාපනය තුළ මට මේ මේ දේවල් අනන්ත සිද්ද උනා...මම අනුන්ගේ වැරදි වලට කොයි තරම් බැනුම් අහලා තියෙනවාද?මේ ලෝකෙ මොකක් හරි බලයක් සොබා දහමට ඇත්තටම තියෙනවා නම්...කවදා හරි..මට සැනසීමක් ලැබෙයි!!!.ඒ වගේ කැත බියකරු ලෝකෙක ජීවත් වෙලා එපා වෙන්නෙ නැද්ද?ඒකයි..මම හීන ලෝකෙ ජීවත් වෙන්නෙ!ඒ ලෝකෙ කවුරුත් නරක නෑ...හැමෝම මට ආදරෙයි...ඒ අය මට මගේ ආසාවලට ආදරෙයි...ම්ට මොනස් හරි බැරි නම් කියා දෙනවා...මට අඬන්න දෙන්නෙ නෑ..මට දුක හිතෙනා දේවල් කරන අයට ගිහින් එයාලා ගහලා එනවා....මට හැමදාමට එහාට වෙලා ඉන්න හිතෙනවා....මම කාගෙන් වත් කිසිම දෙයක් අහන් නැතිව...පේන විදිහට ඉගෙන ගන්න තීරණය කලා...අපේ නොදන්න කම කාටවත් ප්‍රශ්නයක් වෙන්න ඕනෙ නැනෙ!!!මම මට පුරුදු විදිහට මේකෙම ඉන්නව.....අළුත් ඒව ඕනේ නෑ....පරණ දේවල්ම ටික ටික අළුත් කරනවා...

14 comments:

  1. මොකද වලියක්වත්ද? :P

    ReplyDelete
  2. U need a change nanga... so Try to be change.. in a 180 degree way... everything will be all right... Say "Aal Izz Well" :)

    ReplyDelete
  3. මමත් සිහින දකිනව.....

    ReplyDelete
  4. CHANGE made Obama the President. So why don't you?

    ReplyDelete
  5. සමහරු අපෙනුත් වැඩ අරගෙන ඊට පස්සෙ ජීවිතේකට දැක්කෙ නෑ වගේ ඉඳල තියේ. ආයෙ ඉතින් මොනව හරි කරගන්න ඕන උනාම තමයි මතක් වෙන්නෙ..

    ReplyDelete
  6. ayyo.........mn vadayak veyi kiyala nokiya hitiye!..brrima thena thama kiwe ayye!!!...oyage fb ekatath prathicharayak ne ne....ekayi

    ReplyDelete
  7. ගොඩක් දෙනකුට තමන්ගෙම කියල හීන ලෝකයක් තියෙනව. ඒවගේම කාටවත් කියගන්න බැරි හිතේ සැඟවිලා තියෙන ප්‍රශ්නත් ගොඩක් දෙනෙකුට තියෙනව. ඒත් එක එක්කෙනා ඒවට ප්‍රතිචාර දක්වන විදිය තමයි වෙනස්. අපි හිතන විදිහ වෙනස් කරගත්තනම් ගොඩක් ප්‍රශ්න නිකම්ම විසඳිලා යයි. නගාට සුබ පතනව...

    ReplyDelete
  8. හැමෝම ජීවත්වෙන්නෙ ඉතින් හීන ලෝකවල තමයි. හැබැයි කැත බියකරු ලෝකෙන් ටිකක් හරි ගැලවෙන්න නම් ඒක විතරක් මදි. කලින් (කවුරුවත්) ඔබට කී ඇත්ත හා හීන ගැන ගණන් ගන්න එපා.(එහෙම නැතුව ඇති).
    ඔබේ හොඳ හිතට ඔබ පතන සැනසීම ලැබේවා!!

    ReplyDelete
  9. නීනු..
    ඔයගෙ හීන ලෝකෙ සැබෑවක් කරගන්න කැපවෙන්න..
    අදිශ්ටානයක් අතිව කරන කැපවීම ඔයාව
    හිතන්නවත් බැරි තැනකට ගෙනියනව..

    ReplyDelete
  10. නිනු .....

    හීනයකින් හරි හිත සැනසෙනව නම් හීන දකින්න....හීන දකින අයගෙලු හීන හැබැ වෙන්නේ ..

    ReplyDelete
  11. හරිම ලස්සනයි!!!

    ReplyDelete
  12. අපි හැ‍ෙ කෙනෙකුටම මවාගත්තු සිහින ලෝක වල ජීවත් වෙන ගමන් අපි ඒ හීන හැබැ වෙයි කියලා බලා පොරොත්තු වෙනවා. ඒ සිහින බොද වෙලා ගිය දවසට අන්තිමට ඉතිරි වෙන්නෙ දුකයි කදුලයි විතරයි. අපි අපේ කියලා හිතාගෙන ඉන්න ගොඩක් දේවල් අපිව දාලා දුර ගිය දාට තනියට ඉන්නේ ඒ දුක සහ කදුල.
    නීනු නගාට සුභ පැතුම්.........

    ReplyDelete
  13. හ්ම්ම්.. ලස්සනට ලියල තියෙනව.. සිහින වලම ජීවත් වෙන්නත් එපා..එත්කොට ඒවයින් අවදිවුනාම අපිට ගොඩාක් දුක හිතෙනවා..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.