මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/23/10

විඳින්නට වඩිනු මැන ජීවිතය








වඩින්නට අවසරයි
සුළං රැල්ලක් වගේ

නීනුගේ නිශාවේ
තරු එක්ක පිපෙනා
රෝස පැහැසර
වලාකුළු වල
ආදරය සොයනා

ඔබෙන් ඉපදෙන
සිනා කඳුලින් ජීවිතය දකිනා
සදා කාලික සිහින සිතිජය
අසල මල් නෙලනා
මතක පොදි බඳිනා

ගතවෙනා අතීතේ
කඳුලු හා බැදුණූ
ජීවිතෙන් සොයාගෙත්
සතුට මත රැකුණූ
නේක අවමන් විඳ දරා
මිනිසත් බවින් තැනුණූ

මම සදාදර නීනු

10 comments:

  1. කඳුළු අතීතයක් ගොඩක් දෙනෙකුට තියෙනව. එක එක්කෙනාට ඒ අතීතය බලපෑම් කරන්නෙ එක එක විදියට...
    දිගටම ලියන්න සුබ පතනව...

    ReplyDelete
  2. +1
    ලස්සන කවියක් :)

    ReplyDelete
  3. නීනු... ගොඩක් සංවේදී කෙනෙක් කියල නං දැනෙනවා... ඊට වඩා මොනව කියන්නද?
    ආදරය කියන මාතෘකාවට සම්බන්ධයෙන් නම් මම නියුට්‍රල්..

    මේ වගේ තවත් නිර්මාණ කරන්න... ජය!

    ReplyDelete
  4. ninuu me pic eke inne kauda attatama???

    ReplyDelete
  5. ඇත්තටම නීනුගෙ කවි කියවන කොට පරණ අතීතෙ මතක් වෙනවා. සමහර දෙවල් සුන්දරයි. ඒ වගේම හිත අස්සෙ තෙරපිලා වද දෙන හැගීම් එහෙමත් නැතුව නෙමෙයි. දරාගන්න බැරි හැගීමි ගොඩක් වෙලාවට කවි විදිහට ලියවෙනවලු. කොහොම උනත් නීනුට හොදට ලියන්න පුලුවන්. මගේ සුභපැතුම්....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.