මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/26/12

සිංහල බ්ලොග් කෙරුවාව සහ සුහද හමු / උත්සව


 මම මේ කතාව ලිව්වෙ මල්ලි කෙනෙක් මගෙන් පුද්ගලිකව අහපු දේකට.. කවුරුත් තම තමන් දන්න දේ කියන්න. සටහන් කරන්න.

මල්ලි මේක ටිකක් දිග කතාවක්.

මීට කාලෙකට ඉස්සර facebook එක ලංකාවෙ අයට ටිකක් දුර අත්දැකීමක්. මම ඔය මුහුණු පොතට ආවෙ 2009 වසර පටන් ගද්දි වගේ.

ඒ වෙනකොටත් සිංහල යුනිකේතකරණය ආරම්භ වෙලා තිබුණ මුල් අවධිය. එතකොට තමයි සිංහල බසින් අපට අන්තර්ජාලෙ පෙනී ඉන්න හැකියාවක් ලැබුණෙ. බ්ලොග්කරණය ආරම්භවෙන්නෙ ඉන් පස්සෙ.ප්‍රොෆයිල් බැජ් කියලා අදටත් ඔය මුහුණු පොතේ තියෙන උපාංගය හරහා තමයි මුල් කාලීන ව හිටිය කට්ටිය යමක් ලීවේ. නමුත් සිංහල යුනිකේත තරමක් ජනප්‍රිය වීමත් එක්ක බ්ලොග් හෙවත් වෙබ් + ලොග් කියන මේ ක්‍රමය බ්ලොග්කරණය නමින් නව කලාවක් බවට පත් වුණා.

පළමුව තාක්ෂණික ලිපි විතරක් ගිය මේ බ්ලොග් කලාව ඇතුළෙ තාක්ෂණික අය කලාව දකින විදිහ දැකගන්නත් අපිට හැකියාව ලැබුණා. දන්න කියන සිංහල බ්ලොග් ප්‍රමාණෙ සීයක් විතර වෙද්දි, පළවන පිරිසිදු සිංහල සින්ඩිකේටරය (සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය) විදියට කාලිංග ඇතුලත්මුදලි අයියලා, දසුන් සමීර අයියා ගේ ඩෝමේන් එකක මලින්ත මල්ලි , ඉන්දරේ අයියා (පසුව සම්බන්ධ වූ පට්ට ඩයල් එකකි) ,සුදාරක මල්ලිලා පටන් ගත්තා. මම අනෙක් අයගෙ නම් දන්නෙ නෑ.

මමත් මුල් කාලෙ බ්ලොග් කරුවන් අතර හිටිය තාක්ෂණය නොදන්න කෙනෙක්. බ්ලොග් කලාව ටික ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මුල් බ්ලොග් කරුවන්ට තිබ්බෙ සිංහල ව්‍යාප්ත කිරීම, මයික්‍රසොෆ්ට්  සමාගටම කියලා සිංහල ජාත්‍යන්තර කිරීමට බල කිරීම වගේ ගැටලු,මේ ගැන සාකච්චා කරන්න සහ කට්ටිය හඳුන ගන්න පුංචි හමුවක් තිබ්බා. (මම යන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒත් අසනීප වුණා)

මේ හමුවෙදි සිංහල බ්ලොග් කරණය ගැන කතා වුණා. 2009 දෙසැම්බර් 19 (එදා සහභාගි වුණ හැමෝම ඇඩ්මින්වරු කලා.. එතනදි ඔක්කොම කැඳ හැලියක් වුණා. දේශපාලන ලිපි සින්ඩියෙන් වෙනම ෆිල්ටර් කළා. ගැටලු ආවම ඇඩ්මින්වරු ගණන 6 ට බැස්සුවා.

2010 අප්‍රේල් මසේ බ්ලොග් මැරතන් එකක් තිබ්බා. ඒක කළේ සිංහල පෝස්ට් දැමීම එකම කාලයක් තුළ වැඩි කරන්න.ලාංකීය සිතුවිලි සින්ඩිය ආවෙ ඔය කාලෙ.

ඒක සාර්ථක වුණා. වසර අග වෙද්දි සිංහල බ්ලොග් ගණනින් 1500ත් ඉක්මවා තිබුණා.දෙවනි හමුව සංවිධානය කළේ මයික්‍රෙසාෆ්ට් ආයතනය අනුග්‍රහයෙන්මයි. ඒ 2011 12 19 . එදා ඒක සුහද හමුවකට වඩා යම් ඔෆිසියල් ගතියක් තිබ්බා.. ඒක ඒ වෙනකොට වැඩි වෙලා හිටිය සාහිත්‍ය, දේශපාලන බ්ලොග් කරුවන්ගෙ ප්‍රවාහයට ඉහිලුම් දුන්නෙ නෑ. හරියට මඩ වැටුණා.

කොහොම හරි ඔය අතරෙ අභීත කියලා අයියා කෙනෙක් හීනයක් දැක්කා. එයාලා සයිබර් අවුරුදු උත්සවයක් පැවැත්තුවා. ඒ 2011 අප්‍රේල් මාසෙ. ඒක කොයිතරම් සාර්ථක වුණාද කියනවා නම් මේ අවුරුදුදෙ 2012 දි ඒ උළෙල අප්‍රේල් 22 පැවැත්වෙන්නට නියමිත කාල පරාසෙ ඇතුළත, ඒ කියන්නෙ පසුගිය අවුරුද් ඇතුළත සිදුවුණ ප්‍රාදේශීය බ්ලොග් හමුවීම් ගණන 10කට වැඩි ඇති.

කොහොමත් මේ පාර එක නම් කරන්නෙ අලුත් අය. ඒකට අපිත් එනවා.. කොහොම වුණත් බ්ලොග් නිසාම එක් වුණු අය BUZZ නිසා පටන් ගත්ත අපේ රේඩියෝ එකට සිහින යා මල්ලිගෙ ඉල්ලීමට මම වොයිස් කට් ටික හදනවා.. ඕකයි මම දන්න සයිබර් ඉතිහාසය හා වර්තමානය.

මේ අතරෙ දිලුම් කියලා කෙනෙක් ගැන කතාවක් තියෙනවා. කාටත් දුක. පුද්ගලයාව අමතක නොකර,ඔහු කොහෙද ගියෙ කියලා අමතක කරන්න ඔවුන් උත්සාහ කරනවා.මේ බොහෝ දේ මෙහෙම වුණේ ඔහු නිසා කියලා බොහෝ අය වගේම මමත් තදින් විශ්වාස කරනවා.

තවත් තොරතුරු හොයා ගන්න.. මේ මම දන්න දේ. හිතෙන දේ.. ඒවායෙ වැරැද්දක් තියේ නම් මට නොබැන ඇත්ත පහදන්න.

66 comments:

  1. ඇයි අර බ්ලොග් නිසා එකතු වෙලා ට්‍රිප් යන කට්ටිය :) බ්ලොග් නිසා එකතුවෙලා ගෙවල් හදන අය, බ්ලොග් නිසා අදුනගෙන , පෙම්වතුන් වෙලා විවාහ වෙලා ඉන්න අය ගැන...ඒවත් එකතු කරමු මේකටම

    ReplyDelete
    Replies
    1. බොටත් මොක නැතත් මේවා නම් පේනවා නේද? ඩීප්ස් ඔයා 1989 ට වඩා කලින්ද උපන්නෙ. අක්කා නේ? :D

      Delete
    2. ඇයි බ්ලොග් නිසා අඳුනගෙන සෙට් වෙලා බොන අය :-D

      Delete
    3. ඔය ඉන්නේ ඩීපිස් අක්කා....මම දන්න පරණම බ්ලොග්කාරිය....අයෙ අපේ මකරා අයියා.....

      Delete
    4. ඩීප්ස් පටන්ගත්කෙ කොයි කාලෙද? මම 2009 අප්‍රේල් 24
      ඒ බ්ලොග් එක තවම තියෙනවා....ඒත් ඒක ලියන්නෙ නෑ.

      Delete
    5. @මකුළුවා මන් නම් දන්න පරණම සිංහල බ්ලොග් එක මේක
      තාමත් ඉඳලා හිටලා ලියවෙනවා
      http://biththiya.blogspot.com/

      Delete
    6. බොහොම සරල බ්ලොග් එකක් විදියට තියෙන තවමත් කිළිට් නොවුණු බ්ලොග් එකක්

      Delete
  2. බොහොම ස්තුතියි අක්කේ.. බ්ලොග් ලීවට අද තමා ගොඩාක් කරුනු දැනගත්තේ

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒකියන්නෙ මම උඹට වඩා හොඳයි.

      Delete
  3. නිවැරදි කිරීමක්: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරය පටන් ගැනීමට මම දායක වුනේ නැහැ. මම ඊට පසුව සම්බන්ධ වූ අයෙක්.

    ReplyDelete
    Replies
    1. මොකෙක් වුණත් අයියෙ උඹ දුන්නෙ පට්ට දායකත්වයක්...

      Delete
    2. ප්‍රවීන් තව නිවැරදි කිරීමක් තියෙනවා. මේ අක්කා ලියලා තියෙන්නෙ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය කියලා. ඒක සංසදය විය යුතුයි නේද? බොට වත් ඒක පෙනුනෙ නැති හැටි.

      ...........
      නේරංජි,
      බ්ලොග් ලියන්ඩ මම මුලින්ම යොමු උනේ ඔය ඩයල් එක හංදා. ඒ කාලේ මං පොරට සැලකුවෙ දෙයියෙකුට වගේ....

      Delete
    3. එහෙමද? උඹ සම්මානයක් ගත්ත එකේ..මූට එහෙනං කිරි ටොපියක්වත් දියං මල්ලියෙ

      Delete
  4. මෙන්න මගෙ නමත් තියෙනවා! :O

    ReplyDelete
  5. මගෙ නමත් තියනව නෙ.. හි හී... ඇත්තටම බස් රේඩියෝ එකට ඔයාගෙ කටහඬින් එදා මෙදා තුර කරල දුන්න වොයිස් කට් ටිකට අපි ගොඩක් ආදරෙයි නීනු අක්කෙ.ඉස්සරහටත් අපි ඔයාව හොයාගෙන එනව කරදර කරන්න, අක්කෙ පොඩි වැඩක් තියනව වොයිස් එකක් හදල දෙන්ඩෝ කියාගෙන.... :D

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ මල්ලි... කට තියෙනකං මම බස් රේඩියෝ එකට වොයිස් හදනවා.. ඔයාලා ඒවා දැම්මත් නැතත්

      Delete
  6. මාත් අද තමා පරණ විස්තර දැනගත්තේ.

    ReplyDelete
  7. ඒ කාලේ අපි හිටියට අපෙන් කිසිම දායකත්වයක් නෑ වගේනේ කතාව.

    බ්ලොග් වලි නොගියමත් නෙවෙයි..

    සමහරු නම් බ්ලොග් වහල ගියා..
    සමහරු තීම් හොය හොය තමීරට කරදර කලා..

    ඔය බෙස්ට්මන් කාරයා.. මොකක්දෝ හරුපයක් කරල සම්මාන දුන්නා..
    එයින් එකක් ගත්තේ ශාකුන්තලයා..

    ඔය තාක්ෂණිකයි කිවුව එවුනුත් තවමත් එකිනෙකාට උදව්කරගෙන පරණ විදියටම ඉන්නෙ.
    මං නං උන්ගෙ වෙනසක් දකින්නෙ නැහැ. ලියන්න වෙලාව අඩු වෙච්චි කම මිසක්ක

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ නම ලියන්න ලැජ්ජයින මගෙ තාරක අයියෙ.. මෙයාලා එතකොට මාව බයිට් එකට ගන්නවා...

      Delete
    2. අනේ....හරී ස්වීට්......

      Delete
    3. තාරකයත් ඒ කාලේ කෙහෙල්කොටුවට නොවරදවාම එනවා. ඒක නෙමේ මොකද්ද තාරකයත් එක්කලා ඔයාගෙ තියෙන හුටපටේ..... මගේ තාරක අයියේ කියලා තියෙන්නෙ....:)

      Delete
    4. දෙයියනේ... ඒ මගෙ වෙන්ට මනුස්සයා

      Delete
  8. මමත් මේ අහම්බෙන් බ්ලොග් වලට වැටිල බ්ලොග් ගැන ඉගෙන ගන්න ගමන්ම බ්ලොග් එකක් ලියනවා..ගොඩක් බ්ලොග් වල තියෙන පරන පොස්ට් කියවනකොට ඇත්තටම ලොකු ආසවක් ඇවිල්ල තිබුනෙ ඉතිහාසය ගැන දැන ගන්න මේකෙ..

    ReplyDelete
    Replies
    1. මේක හරි එකමද දන්නෙ නෑ... මහාවංශෙ වගේ මේක මත ඉන්න එපා....මේක මම දන්න ඉතිහාසය

      Delete
  9. රේඩියෝවට ආපු මුල්ම සුයිට් කාන්තා කටහඩ කාගෙද හොයන්න අපි සෑහෙන්න ගේමක් දුන්නා අප්පා... මොන තරම් කාලෙකට පස්සෙද ඒක කාගෙද කියලා අහු උනේ,,, බය වෙන්න එපා තාමත් ඒවා රේඩියෝවේ යනවා,,,මම ලග සුරක්ශිතව තියනවා....මමත් 2010 ඉදන් බ්ලොග් අවකාශයේ,,,බස් එක්ක ඔයාලත් එක්ක හිටියා 2010 අන්තිම කාලේ ඉදන්...ඒ මතකයන් ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒක මගේ වෙන්ඩ මහත්තයාගෙ වැඩක්...එයාට විතරයි මම මුලින් වොයිස් හදා දුන්නෙ. එයා හරහා ඒක බස් රේඩියෝවටම අයිති වුණා.දැන් කොහොමත් ඒවා මගේ නෙවී...වගේ..

      Delete
    2. වෙන්ඩ මහත්තයගෙනුත් අහ ගන්න බැරි උනා නේ කවුද මේක කලේ කියලා

      Delete
    3. එහෙමද? එයා කීවෙ නැහැනෙ

      Delete
  10. මේ තියෙන්නේ නංගි මට මතක සයිබර් ඉතිහාසය......

    http://tikakhinawenna.blogspot.com/2012/01/blog-post_09.html

    ReplyDelete
    Replies
    1. අහ්...මම ඔයා දැකපු හීනය ගැනත් ලිව්වා

      Delete
  11. 22 ආවාම තව අළුත් අය ගොඩාාාාාාක් හම්බ වෙන්න පුළුවන් වෙයි....

    ReplyDelete
  12. මට මතක විදියට 2008 විතර මුලින්ම අප්‍රියෙල් මාසේ බ්ලොග් මැරතන් එකක් තිබ්බා. ඒ අවුරුද්දේම බ්ලොග් හමුවකුත් තිබ්බා . ඊටත් පස්සේ මිනි බ්ලොග් මැරතන් එකකුත් තිබ්බා. ආපහු 2010 ත් එහෙම එකක් තිබ්බා කියලා මතකයි.

    ReplyDelete
    Replies
    1. 2008 මැරතන් එක ගැන මම දන්නෙ නෑ.. එතකොට මට ඉන්ටර් නෙට් වත් නෑ.. ඇත්තටම ඇයි ලංකාවෙ නිවරදි සිංහල බ්ලොග් ඉතිහාසෙ අපි නිවැරදිව අලුත් අයට කියා නොදෙන්නෙ.

      Delete
    2. මට මතක කාලේ නම් 2008 ජනවාරි විතර චාමර ආනන්දවර්ධන,ටිරෝන්. මලින්ත, සුදාරක සු හා බෝ ඇතුලු අයගෙන් තමයි ව්‍යාප්තිය පටන් ගත්තේ. ඔය අස්සෙ ඩනිශ්ක නවීන් කාලින්ග ශ්‍රීශානු, නිලක්ශ දසුන් සමීර වගේ අයත් එකතු උනා. කොහොම හරි 2008 අප්‍රියෙල් මැරතන් එක අස්සේ ලොකු ව්‍යාප්තියක් සිදු වුනා කියලයි මගේ නම් අදහස. මොකද ඊට කලින් තනි තනියෙන් කවුරුත් ලීවට සිංහල බ්ලොග් කරුවෝ එලියට එන්නේ එතනින් නිසා.

      (http://suonline.blogspot.it/2008/04/blog-post_6534.html)

      හැබැයි එක වෙනසක් තියෙනවා ඔය මුලින්ම ලියපු අය හෝ බ්ලොග් වෙනුවෙන් යම්කිසි කැපවීමක් කල අය අදටත් මම දැකලා නෑ අපි තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ වංශ කතාව ගෙනාවේ කියලා කෑගහනවා නම්.

      Delete
    3. ඔයා හරි.ඒත් අපිත් ආසයි අතීතය ගැන දැනගන්න. ඒ නිසා අපි දන්න අතීතය අපි ලියනවා. ඔය තරම් විස්තර දන්න ඔයාලාගෙ යුතුකමක් අපට ඒ අතීතය කියා දෙන එක. ඒකට අපි ඔයාලාට ගොඩාක් ගරු කරනවා.එදා බස් රේඩියෝ එකේ කතාවකදි දැනුනෙ..ඩොමේන් එක දීපු දසුන් සමීර කියන කෙනාව කවුරුත් දන්නෙ නැති වග..අනේ එහෙම වෙන එක හොඳ නෑ....අපි අපිට මේ තැනට එන්න පාර හදලා දීපු අය ගැන සටහනක් තියන්න ඕනෙ..

      සමහර විට මම වැරදි ඇති.

      Delete
  13. 2010 අවුරුද්දේ ඉඳන් තමා මම නම් බ්ලොග් ගැන දන්නේ.. තව ටික කාලයක් යද්දි බ්ලොග් කලාවටත් හොඳ ඉතිහාසයක් ගොඩ නැගේවි.. වටින ලිපියක් නිනූ අක්කේ.. අපි හැමෝම ආදරය කරන බ්ලොග් කලාව ගැන නොදන්න දේවල් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. මලා...ප්‍රාර්ථනා නීනුට අක්කා කියලා කියන්නේ නීනුට වඩා බාලයිද?
      එතකොට මන් මෙච්චර දවසක් ප්‍රාර්ථනාට අක්කේ කීවේ.....? හයියෝ....

      Delete
    2. මම ප්‍රාර්ථනාට එදා ඉඳන් නංගි කීවා..ඒත් මම එයාගෙ වයසක් නම් දන්නෙ නෑ... 1989 නොවැම්බර් 01 මම. අනික් අය ඒ ඇසුරින් හොයාගන්ඩ.. මම අක්කාද නංගිද කියලා

      Delete
  14. හැබෑට දන්න දන්න කට්ටිය තව විස්තර දාමුකෝ. චුට්ටක් විතර මෙතන තියෙන ඒවා දැනගෙන හිටියෙ මගෙ හොදම යාලුවො වෙච්ච උදිතයි,මාධවයි සෑහෙන කාලෙක ඉදලා බ්ලොග් ලියන නිසා.ඒත් තව විස්තර කියනවානම් ආසයි.

    ස්තූතියි නෙරංජි...... :)))

    ReplyDelete
    Replies
    1. මම උත්සාහ කරන්නම් ඉතිහාසය සංවිධානාත්මකව රචනා කරන්න..මම ඒ ගැන හිතලයි තියෙන්නෙ

      Delete
  15. අහා....මමත් නොදන්න ටිකක් දැනගත්තා...ඇයි සෝරෝ අයියාත් ඔය බ්ලොග් මැරතන් ගැන ටිකක් ලියලා තිබුණනේ....මමනම් සම්බන්ධ වුණේ 2011/03/25...අවුරුදු උත්සවේටත් ගියානේ...ඒත් මේකේ තාක්ෂණේ පැත්ත නම් වැඩිය දන්නේ නැ තාමත්....

    ReplyDelete
    Replies
    1. ඇයි තාක්ෂණ බ්ලොග් ටික කියවන්න

      1.මලින්ත
      2.තිළිණ‍
      3.ගයන්ත
      4.තාරක
      5.ඉන්ද්‍රනාම
      6.සුදාරක

      මුල් කාලේ තාක්ෂණය ලිව්වා..දැන් අය ඊට වඩා තරමක් වින්දනාත්මකව තාක්ෂණය ලියනවා..
      කැමති විදිහට බ්ලොග් හොයාගන්න පුළුවන් තාක්ෂණික පැත්තෙන්

      Delete
  16. මමත් නොදන්න දේවල් ටිකක් දැන ගත්තනේ :) විශේෂයෙන්ම අර වොයිස් කට් ගැන සිද්දීය.ඒ කාලේ ඇහුවට කාගෙද මේ හඩ කියලා දැනගත්තේ අද තමා ඔන්න.

    ඉලං ගැන කියලා තියෙන කතාව නම් මමත් 100%ක් විශ්වාස කරනවා.ඒ වගේම තමයි කවදාවත් "බ්ලොග් මහා වංශෙන්" උගේ නම මැකෙන්නේ නැතිවෙයි..

    අභියා දැකපු හීනේ නිසා කොච්චර දෙයක් වුනාද නේ..??

    ReplyDelete
    Replies
    1. අභියාගෙ හීන ලස්සනයි... හැබැයි නාකියො ඒවා ටිකක් ගණං අවුරුද්දටම පුළුවං එකයි..

      Delete
  17. මං දන්න විදියට සිංහල යුනිකේත වලට හා සිංඩිකේටර් සංකල්පයට ලොකුවටම උදව් කලේ දසුන් සමීර හා
    ආනන්දවර්දන කියන දෙන්නා.. :)

    ReplyDelete
    Replies
    1. මමත් ආනන්දවර්ධන කියලා නමක් අහලා තියෙනවා... අපි ධනිෂ්ක අයියාවත් සිහි කරමු නේද? බනිෂ්ක මල්ලි

      Delete
  18. ගිය සතියෙ බස් රේඩියෝ එකේ ප්‍රියා අයියයි ගිම් අක්කයි කරන නිශාන්තය අතර තුර වොයිස් කට් එකක් ගියා, මම ප්‍රියා අයියගෙන් ඇහුව කවුද අයියෙ ඒ ගෑණු ළමය කියල. ප්‍රියා අයිය කිව්ව ඒ නීනු කියල.

    අද තමයි දැනගත්තෙ ලස්සන වොයිස් එකක් තියන නීනු කියන්නෙ නෙරංජි කියල. :D

    ReplyDelete
  19. අනේ එහෙමද? ඉස්සර නීනු බ්ලොග් ලිව්වා... දැන් එයා ලියන්නෙ නෑ..දැන් ලියන්නෙ නෙරංජි

    ReplyDelete
  20. පරණ බ්ලොග්කාරයෝ අතරින් දැනට ඉතුරුවෙලා ඉන්නේ කීපදෙනෙක්...මකරා,සුදාරක,මලින්ත,කාලිංග අයියා...ඩීප්ස්...ඔය වගේ අය සඳහන් කරන්න පුළුවන්...ඇත්තටම කිව්වොත් බුකියට වඩා බ්ලොග් හොඳයි...දාහෙන් සම්පතයි....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.අනික් අයට මුකුත් වෙලා නෑ..ඒ අයත් ඔය ඉන්නෙ.

      Delete
  21. මලා..... මෙච්චර කාලයක් මම හිතාන උනෙත් නිනු කියන්නේ අක්කෙක් කියලනේ.. බලාන යනකොට අවුරුද්දකටත් වඩා බාලයිනේ...

    අපි නම් බ්ලොග් වලට ඒ තරම් පරන අය නෙමේ මම මුලින්ම බ්ලොග් පොස්ට් එකක් මගේ පරණ බ්ලොග් එකක දාලා තිබුනේ 2010-මාර්තු 15.. ඒ කියන්නේ බ්ලොග් ලොකෙට ඇවිත් අවුරුදු 2කට පොඩ්ඩක් විතර වැඩියි...

    බ්ලොග් ලොකේ මේ කාලේ ගොඩාක් දේවල් වුනා... බ්ලොග් වංශය ලියන දාට අපි මොනවා හරි ලියන්නම්කෝ...
    දන්න කියන දෙයක්..... කොහොමත් මට බ්ලොග් අකුරු කියලා දුන්නේ නම් ජිවිතේ මල් සංසරේ අපි ලියන දිල් අක්කා තමයි..

    ReplyDelete
    Replies
    1. මම හරි ලොකු ළමයෙක්... වයස තමා ටිකක් අඩු

      Delete
  22. කාලිංග අයියා ආරම්බයේදී සම්බන්ද උනේ නැහැ. ආන්දවර්ධනට මඩ ගහලා පන්නලා සිංහල බ්ලොග් කාලිංග අයියා අයිතිකරගත්තෙ තමාගෙ හොස්ටින් බිස්නස් එකට උදව්වක් විදිහට.

    ReplyDelete
    Replies
    1. මම හරියටම එහෙම දෙයක් ගැන නම් දන්නෙ නෑ. ඇනොනිමස් විදියට එන නිසා  ඔයා කියන දේ හරියටඉ විශ්වාස කරන්න අමාරුයි නේද?

      Delete
  23. මේ ලිපිය සහ කමෙන්ට් වලින් සෑහෙන දෙයක් දැන ගත්තා..ස්තූතියි ඒකට..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනී ලිපිය ලියන මමත් එහෙමයි

      Delete
  24. මොනා උනත් බ්ලොග් ඉතිහාසේ මුල්ම කාලේ මාර සුන්දරයි මටනං.

    මේ වෙනම කතාවක්. අපේ නංගිගෙ මුල් නම සුලේකා, මගේ මුල් නම ලක්ඛණ :)

    ReplyDelete
  25. මේක නිකං මහාවංසෙ කියෙව්ව වගේ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට වඩා දේ කොමෙන්ට් වල තියෙනවා

      Delete
  26. මේ පෝස්ට් එක මේ ලඟ දි දවසක දැකපු වෙලාවේ හිතුණා 2006 ඉඳන් සිංහල යුනිකේතය සහ බ්ලොග් ලිවීම ගැන මම දන්න දේවල් ටිකත් ලියල දාන්න.. වෙලාවක ගිහින් බලන්න..

    http://biththiya.blogspot.com/2012/04/blog-post_04.html

    ReplyDelete
  27. අදමයි මේ පැත්තට ආවේ අක්කෝ...මමත් නොදන්න විස්තර ටිකක් දැනගත්තා
    ජය!!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.