මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/13/12

මෙවර සයිබර් යෝගට් කිරුළ කාටද?

ලිෂාන් අයියාගෙන් කළ ඡායාරූප මං කොල්ලයකි.
දැන් සයිබර් යාළු යෙහෙළි කවුරු කවුරුත් සූදානම් වෙන්නෙ ළඟ එන බක් මහ උළෙලට නේද? ඔයාලා හැමෝගෙම හිතේ ඇත්තෙ මේ තරඟ වලට සහභාගි වෙන්න. සහභාගි වෙන හැමෝගෙම හිතේ දිනන්න ආසාවක් තියෙනවා.තරඟයකට සහභාගි වීම අගය කළ යුතුයි වගේ පඬි ටෝක් දෙන්නෙ පරාද වුණාමනෙ.

ඉතින් මමත් හිතුවා මගෙ යාළුවන්ට පොඩි උදව්වක් කරන්න.ඒ තමයි අවුරුදු උළෙල වල විතරක් තියෙන විශේෂ තරඟ ජය ගන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් කියා දෙන්න. හැම විභාගෙට ම පාස් පේපර්ස් පොත් තියෙන මේ කාලෙ හැම තරඟයකටම පෙරහුරු තියෙනවා. ක්‍රමවත් පෙරහුරුවක් නැත්තෙ අවුරුදු තරඟ වලට විතරයි. ඒ නිසාම බොහොම සද් සිතින් මම මේ කාර්යභාරය කරනවා.

යෝගට් කැවීමේ තරඟය දිනන්නේ කොහොමද?

ගියවර යෝගට් කැවීමේ තරඟයෙන් දින්නේ උෂාන් (අන්තිමයා) සහ මම. වාර්තාවකුත් එක්ක මම හිතන විදියට අපි දින්නෙ. අපි තරඟ අවසාන කරලා විනාඩියක් විතර යනකං දෙවනියො ආවෙත් නෑ.කොහොමද ඒ තරඟය දිනන්නෙ. ඒක පුංචි ක්‍රමයක්.දැන් අපි පිළිවෙලින් ඉගෙනගනිමු.

යෝගට් කැවීමේ තරඟ ස්වාභාවය

පිරිමි ළමයා අත් බැඳ සිටී
ගැහැණු ළමයා දෑස් බැඳ සිටී
ගැහැණු ළමයා අත යෝගට් එක වෙයි.
පිරිමි ළමයා සඥාවෙන් පසු පැමිණ, ගැහැණු ළමයා ලවා යෝගට් එක කවාගෙන, හිස් කෝප්පය අතැතිව ගැහැණු ළමයා සමඟ නැවත තරඟ ආරම්භයට යා යුතුයි.

තරඟ නීති

යෝගට් එක සම්පූර්ණයෙන් කවා තිබීම.
අත් අවසානයේ ලෙහෙන තෙක් බැඳ තිබීම
යෝගට් කවා අවසාන වී දුවන තුරුම ගැහැණු ළමයා දෑස බැඳ සිටීම.

හරි. දැන් මේ තරඟය අපි දිනන්නෙ කොහොමද? ගොඩක් පිරිමි ළමයි තරඟයට එන්නෙ යෝගට් එකට තියෙන ආසාවට හා කෙල්ලෙක් සොයා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්. ඒත් තරඟයකදි ආදරය කියන සාධකය ජයග්‍රහණයට බාධාවක්.හැම තරඟයකදිම. පෙම්වතුන් වී සිටින අය හෝ ආදරයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන අයට මේ තරඟය ජය ගන්ඩ ටිකක් විතර අමාරුයි. හේතුව තමයි ලතා කෑමක් මේ තරඟයට නොගැළපීම.

දැන් අපි බලමු මුල ඉඳන් දිනන හැටි. එක උස ඇති ගැහැණු ළමයි හා පිරිමි ළමයි දෙන්නෙක් වීම මෙතනදී අනිවාර්ය සාධකයක්. අපේ පිරිමි ළමයි විවාහ වෙනන කැමති තමන්ගෙ උසය වඩා ටිකක් අඩු අයට නිසා මෙතනදි තමන් ආස කරන ගැහැණු ළමයි එක්ක තරඟය හිඳීම තුළන් ජයග්‍රහණයට බාධා වෙනවා. ගැහැණු ළමයා තරඟයට පෙර හොඳින් අත සෝදා හැන්ද වෙනුවට අත යෝගට් කැවීමට භාවිතා කිරීම මඟින් කාලය ඉතිරි කැ ගත හැකියි. දිව එන පිරිමි ළමයා ගේ කට තමාගේ කට මට්ටමට ඇති බව ඇස් පෙනෙන විටදි දැන ගන්න නිසා තරඟය පටන් ගත් වහාම සූදාන් ව ඉන්න ඕනේ. දුවගෙන එන පිරිමි ළමයා ගේ කට පළමුව සොයාගෙන යෝගට් කෝප්පය එතැනට කිට්ටු කර ඇඟිල්ල හෝ අත ආධාරයෙන්  යෝගට් ටික පිරිමි ළමයාගෙ කටට තල්ලු කරන්න. අවසන් වූ බව හැඟුණු වහාම පිරිමි ළමයා ඇයව ඇදදෙන දුවන්න.

කුඩා අත් ඇති ගැහැණු ළමයින්ට සහ, ලොකු උගුරක් ඇති පිරිමි ළමයින්ට මේ තරඟය ෆුඩ් සිට්යෙ කජු කනවා වගේ.

ප. ලි
 දැන් ඉතින් තමන්ගෙ කෙල්ල දාලා අනික් කෙල්ලන්ට යෝගට් කවන්න ගිහිං අමාරුවෙ වැටෙනවා නෙවී. කොහොමත් පෙම්වතුන්ට මේ තරඟෙ දිනන්න අමාරුයි. හැබැයි ඔකකොම පෙම්වතුන් නම් මොකෙක් හරි දිනයි. තරඟයක් කියන්නෙ මොකෙක් හරි දිනනවාටනෙ.

බි.පෙ.සි

වෙලාවට තාරක අයියාගෙ උසට කෙල්ලො නෑ.

ප.ප.ලි

මේ පාර තරඟ වෙලාවෙදිත් මම උපදෙස් දෙන්න ඒ අසලම ඉන්නවා. ගිය වර ජයග්‍රහණය සමරමින්.

34 comments:

  1. අරූට මෝය කටක් වගේ කටක් තියෙන හන්දා හොඳයි! :D

    ReplyDelete
    Replies
    1. හොරු අහුවෙන්ඩ අවුරුද්දක් ගියා. හරිනං යෝගට් කවන්ඩ ඕනැ හැන්දෙන්.....අපි හැඳි වලින් කවා ගන්ඩ ගිහිං අපරාදෙ පැරදුනා

      Delete
  2. අඩි 5.6 ගෑල් ළමයි එහේම ඉන්නවද දන්නෑ නේ?????
    මුල්ම කමේන්ට් එක අක්කේ......

    ReplyDelete
    Replies
    1. අයියෝ ඉන්නවා..ඕනෙ උසකට ගෑල්ලමයි ඉන්නවා.

      Delete
  3. සයිබරෙන් කෑල්ලක් හොයා ගන්න
    අමිමෝ ඊලඟට අන්තර් ජාල බිල් දෙකකට කර ගහපල්ලකෝ

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ඔයා දැන්ම ඒ ගැන හිතුවාද?

      Delete
  4. ඒකද මේ දිනීමේ රහස.. වෙලාවට උසට හරියන කෙල්ලෙක් හිටියෙ නැහැ. නැත්තං බලාගන්න තිබුන 1 වෙන හැටි

    ReplyDelete
    Replies
    1. එහෙමනං. අද ඔයාට කෙල්ලෙක් නෑ.. ;)

      Delete
  5. හික් හික් බලමුකො එහෙනම් මේ පාර පිස්ස දිනාවිද කියල......:))))

    ReplyDelete
    Replies
    1. ප්‍රැක්ටිස් කරන්ඩ.නංගි එක්ක

      Delete
    2. අනේ නංගියෙක් නෑ අක්කෙ...යාලුවෙක් නම් ඉන්නව......;)

      Delete
  6. //ගොඩක් පිරිමි ළමයි තරඟයට එන්නෙ යෝගට් එකට තියෙන ආසාවට හා කෙල්ලෙක් සොයා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්//
    ඒ කියන්නෙ තනිකඩයන්ට විතරයි?

    ReplyDelete
  7. ප. ලි කෑලි ගොඩ බලපියකො මේකෙ තියෙන... හික් හික්

    ReplyDelete
    Replies
    1. හි හී.. ගොඩක් ඒවා පස්සෙ මතක් වෙන්නෙ

      Delete
  8. ඊයා කොල්ලට එතනින් එහාට යන්න වෙන්නේ නවලෝකේ තමා බඩේ අමාරුවට බෙහෙත් ගන්න..

    ReplyDelete
    Replies
    1. නවලෝකෙ යන්නෙ මොකට? ආසිරි යනඩකො.අපට ඇයි බලන්ඩ :D

      Delete
  9. අපරාදේ මටත් එන්න තිබුනනම් කෙනෙක්ව හොයා ගන්න තිබුනා.... :(

    ReplyDelete
  10. ෆුඩ් සිටියේ කජු කන ඒක ලේසිද අක්කේ O.o

    ReplyDelete
  11. සඳකිඳුරගෙ උසටත් කෙල්ලෙක් ඕනෑ කර තිබේ ( හික් හික් හික් ) මට කකුල් නැතුව වරලක් තියෙන නිසා එයාට තමා ඕන් මේ චූටි අහිංසක සඳකිඳුරු පැටියව උස්සන් දුවන්න වෙන්නෙ.වෙලාවට කැව්වොත් උම්ම එකක් ෆ්‍රී :p

    ReplyDelete
    Replies
    1. එහෙනං කොල්ලෙක්ව දෙන්නම්

      Delete
  12. අපිත් ට්‍රයි කරලා බලමු ඉතිං දිනනවා කෙසේ වෙතත් යෝගට් එකක් සෙට් වෙනවනෙ........... :-)

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්න අපට අහල ගියත් මදෑ නේ?

      Delete
  13. එන්න නම් වෙයි ද දන්නෙ නෑ..
    බැරි වෙයි මයෙ හිතේ.. :(
    කොහොම උනත් ඉතිං අඩි 6 ක් උස කෙල්ලෙක් හොයාගන්නෙපැයි.. :(
    කෙල්ලෙක්‍ගෙං උස අහන්ත් බෑ.. නොඅහත් බෑ..

    අඩි 6ක කෙල්ලෙක් ඉන්නවදෝ... (අවුරුදු 17-19) (දිව)

    ReplyDelete
  14. හොර වැඩ ඔට්ටු නෑ හර් ඊ ඊ ඊ...!!!

    ReplyDelete
    Replies
    1. මොන හොර වැඩක්ද? යෝගට් කැවීම මිසක් .. යෝගට් හැන්දෙන් කැවීම නෙවීනෙ තරඟය (දිව දොට්ට)

      Delete
  15. මම කැම්පස් එකේ ඔය තරඟෙට ගිහිල්ල පස්සේ ඇස් ඇරලා බැලුවාම, මාත් එක්ක තරඟෙට ඉදිරිපත් උණු පිරිමි ළමයාගේ කටේ ඇරෙන්න අනිත් හැම තැනම යෝගට්.
    PS : දැන් ඔය යෝගට් වලටත් ලුණු දානවද?

    ReplyDelete
    Replies
    1. කැමති නම් දා ගන්න..අපිට ප්‍රශ්නයක් නෑ..

      Delete
  16. කෙල්ලෙක්ම වෙන්න ඕනෙද අනික් කෙනා..කෙල්ලෙක් නෑනේ අප්පා.....

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.