මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/5/12

Poetic Chronicle | පරපුරක කතන්දර කවියෙන්



කඳු සානූ තැනිතලා
විල් නදී වැලිතලා
මිටියාවතේ පිපෙන
මල් පිරුණු තුරුලතා

හමා පිස ඇදෙන සඳ
සුවඳ ගඳ බෙද බෙදා
අතීතෙන් පටන් සිට
“මඳ පවන“ නම් දරා

අසිපත් ද වටාපත්
තල්පත් ද දිරාපත්
අතර පිය මැන තවත්
එකතු කළ නෙක පුවත්

අනාගත ලොකයට
ගෙන ඇවිත් මඟ බලා
නිහඬ නොපෙනෙන වතින්
ගොළුව කඳුලැල් සලා

මහ මුහුද දෙසබලා
ගල් කුළක තෙරපිලා
ඉහළ යනු බැරි දුකින
හඬයි කවියෙක් සොයා....

13 comments:

  1. mama nam parana kaviyata tharam me kaviyata asa nehe akkiyo.eeka mata kata padam!

    mitiyavath pura evida depa ridena vita
    pelpath sihinaya soyanna mathaka kapolu yata,
    bimmal pipi para dige ulpath pasu kota,
    evith yanna ira eherena nil kadu mudunata....

    me photo eke oya goda...k lassanai!harima kalathmaka photo ekak.eekai,aluth venasata suba pethum!

    ReplyDelete
  2. ලස්සන කවියක්.
    මේකත් බ්ලූමැන්ඩල් හීනයක් ද ?

    ReplyDelete
  3. නැහැ අනේ................මම කවියෙන් ඉතිහාසෙ ලියන්න කියලා පොඩ්ඩක් හදන්නෙ....මේවා කමෙන්ට් බලන් කරන ඒවා නෙවීනෙ!!!

    ඇනෝ..............ඒකම දමන්නද?

    ReplyDelete
  4. අපූරු පබැඳුමක් සහෝදරී.... :))

    ReplyDelete
  5. ලස්සනායි...... සුභ පැතුම්.. ඉදිරියටත් මේ වගේ ලස්සන කවි ලියන්ට, අපි එනවා බලන්ට... :)ජය වේවා!!!

    ReplyDelete
  6. විශිෂ්ටයි....

    කවි සිතක දවටලා
    දෙන සුවඳ රස සලා
    ඒ පුවත් දැනගන්න
    ඉඳිමු අපි මග බලා

    ReplyDelete
  7. ලස්සනම පද ටික...
    "අසිපත් ද වටාපත්
    තල්පත් ද දිරාපත්
    අතර පිය මැන තවත්
    එකතු කළ නෙක පුවත්"

    ReplyDelete
  8. apoi mama ennethuva hitapu davas tikata oya godak liyalane akkio.ee tika kiyavalama ennam.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.