මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/31/12

ලොකූ| පාට‍ | රහස

මගේ නොවූ මගේ ලොකු අයියාට.....

ඇත්ත ලෝකෙ කුරිරු හින්දා
හීන ඇතුළෙ පිය මැන්නට
අඩමානෙට ජීවිතයේ
නොයෙක් ඉසව් ගැළපුවාට.....

උඹෙ අම්මාගෙ කුසේ නැතිව
අපෙ අම්මාට ඉපදුණාට
උඹෙ වගෙ රතු ලේ නොවයිද?
දුවන්නෙ මගෙ සිරුර පුරා!!

එකම හිනාවක දිව යන
සුන්දර මග දිග හරහට
පුංචි කටුක මග වලවල්
තියෙන නමුත් ලොව හෑරුව
 

දහසක් උන් හිනා වුණත්
හදවත් නැති මුහුණු වලින්
මමයි උඹේ ලොකු නංගි.......
උඹයි මගේ ලොකු අයියා!!!!


ඉතින්.....

ලොකු අයියේ ගෙදර එන්න...
මිනී රකුස් ඇහෙන් මිදී
අම්මා දොරකඩ ඉන්නවා
අප්පච්චී තවම නිදී...


රහස............
කොමන් කැන්ටිම වෙත
පිය නගන හැම දිනකම
දකින්නෙම් ඔබේ රුව
මඳ හිනාවක දැවටුන

ඔබේ ඇස් මත දුටුවෙමි
කියන්නට ප්‍රිය කළ
වැරෙන් හංගල ලද
පුංචි රහසක් ඇති බව

දල්වා තබමි පහනක්
කඩදාසියක් සමඟින්
විසි දෙවෙනි වසරෙත්
පෙර කළ පුරුදු විලසින්

ලියා යනවානම්
මේ අවුරුද්දදි වත්
හැමදාම නොකියන
ඒ රහස එක සැරයක්...!!

(ජ ‘පුර කොමන් කැන්ටිමට යන හැම දිනකම මම දකින .... මා සසල කරවන අඳුරු යුගයේ මරා දැමූ ගැමුණු යසස් සොහොයුරා ගේ සේයා රුවේ මන්දස්මිතයට පුංචි උපහාරයක්.... )
 
මේ කවිය රචනා කළ දින සිට දින කිහිපයක් ගතවීමට මත්තෙන් ශිෂ්‍ය කලහකාරී හැසීරීම් නිසා එය ඇතුළු සියලු සිසු විරු සේයා රෑ ගලවා දැමුණි... 
හැම පාටම එක වගේද? ..........
සඳ රෑට
තරු සාදයට
අඳින
නිල්පාට
සාරියට
ඉර දුන්න
මැණික් නුලෙන් මනා ...

නේක ගෙත්තම් දමා
පිළිවෙලින් රැළි තබයි...
සුමට කර සීරුවට
සුළං සන්නාලියා....

අත හැරී ඇදී ආ
සුදු පාට බෝඩරෙන්
එක සිප්පි කැටිත්තක්
කඩා ගත්තා කියා....

පුංචි දැරිවියකගේ
අහිංසක සුදු ගවුම
අඹරවා..ඇය සැණෙන්
සීතලෙන් තෙත් කළා...

ඉර දුකින් ඈ වැළඳ
උණුහුමින් තුරුළු කොට
වැලි පොඩිත්තෝ එක්ක
ගෙදර ගොස් ඇරලුවා....
 
 


12 comments:

  1. මෙන්න ඔබට අනගි අවස්ථාවක්..

    වෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...

    ReplyDelete
    Replies
    1. මම ඔය දේවල් පස්සෙ දුවන කෙනෙක් නෙවී..

      Delete
  2. ලස්සන කවි සිතුවිලි ටිකක් !!
    නිනූ ලියන්නේ නැද්ද කොමන් කැන්ටිම ගාව තියෙන බෝඩ් එකට දාන්න.
    අපෙත් කොමන් කැන්ටින් එක ගාව කලා කවයේ නෝටිස් බෝඩ් එකේ කවි යනවා. මාත් හැමදාකම වගේ කියෝනවා.

    ReplyDelete
    Replies
    1. භාෂණයේ නිදහස සීරෝ මධූ අයියෙ

      Delete
  3. හ්ම්.....සරල තේරුම් ගන්න ලෙහෙසි පද පේලි.......ලස්සනයි නඟා

    ReplyDelete
  4. mata lobai oya gana...ubata wage nidahase sarisaranna matath piyapath tibuna nam...!

    ReplyDelete
    Replies
    1. මම හිර වෙලා බන්.............ඒත් හිතට ඉගිලෙන්න දුන්නා...

      Delete
  5. මට කමෙන්ට් කරන්න බැරි ප්‍රශ්ණයක් තියනවා නංගි...මගේ ගුගල් එකවුන්ට් එක ඕපන් වෙන්නේ නැහැ ඒකෙන්... බොහොම සරළ නමුත් මහා බර කවිපෙලක්.....

    රතු කමිසේ ඇඳන් සිටි... නුඹේ ඔය ලොකු අයියා... කොල පාටින් ආ රියසකින්.. ආ එවුන් රැගෙන ගොස්... දැන් වැඩක් නැහැ නගේ... බලා සිටියත් නුඹ කොයි තරම්... උඹට මිස අන් අයට.... නැහැ කිසිම මතකයක්.... අත නොදැරුවත් අවිය... කට හඬම අවිය විය... අයුත්තිය දුර ලන්න... එරෙහිව අසාධරණයට... අවි දැරෑ උන් සැවොම.... අද පමනක්ය... අප්‍රේල් විරුවන්....

    ජනක බස්නායක

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අයියෙ....

      Delete
  6. ලස්සන නංගි.කලින් ඔයා ලියපු ටිකක් වගේ මතකයක් තියෙනවා.....

    ReplyDelete
  7. බොහොම සරළ නමුත් මහා බර කවිපෙලක්.....

    රතු කමිසේ ඇඳන් සිටි...
    නුඹේ ඔය ලොකු අයියා...
    කොල පාටින් ආ රියසකින්..
    ආ එවුන් රැගෙන ගොස්...
    දැන් වැඩක් නැහැ නගේ...
    බලා සිටියත් නුඹ කොයි තරම්...
    උඹට මිස අන් අයට....
    නැහැ කිසිම මතකයක්....
    අත නොදැරුවත් අවිය...
    කට හඬම අවිය විය...
    අයුක්තිය දුර ලන්න...
    එරෙහිව අසාධරණයට...
    අවි දැරෑ උන් සැවොම....
    අද පමනක්ය...
    අප්‍රේල් විරුවන්..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.