මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/8/12

හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු


අද මම කතා කරන්න යන්නෙ, මම සාමාන්‍යයෙන් කතා නොකරනම දෙයක්. ගැහැණු අපි කවදත් උයන පිහන වැඩ කරනවා. ඒත් විදුලි වැඩ කරනවා අඩුයි. ඉතින් මම කතා කරන්න හදන්නෙ ඒ ගැන. පොඩි විද්‍යුතය සම්බන්ධ වැඩක් ගැන

ගෙදර කුස්සියෙ වැඩ කරන අක්කලාට නංගිලාට නැන්දලාට සමහර වෙලාවට තමන්ගෙ කුස්සියෙ ප්ලග්ස් කීයක් තිබුණත් මදි කියන එක සාමාන්‍ය කරුණක්. පරිපූර්ණ කුස්සියක අවන් එකක්, හීටරයක්, හොට් ප්ලේට් එකක්, රයිස්කුකර් එකක්, ටෝස්ටරයක්, බීටරයක්,බ්ලෙන්ඩරයක් සහ සමහර වෙලාවට විදුලි කේතල් එහෙමත් තියෙනවා. මම දන්න ටික විතරයි මේ. (අපේ ගෙදර මෙයින් බාගයක්වත් නෑ.) හරි දැන් මේ හැම එකටම වෙන් වෙන් වශයෙන් අපිට ප්ලග් එක ගණනෙ නැති නිසා  අපිට මල්ටි ප්ලග් එකක් උවමනා කරනවා. කුස්සියට විතරක් නෙවෙයි පරිගණකය තියෙන තැනකට, ෆෝන් චාජර් ගහන්න, බෆල් වලට, ඩෙක් වලට මේ හැම දේටම අපේ ගෙවල් වල වැඩි වශයෙන් භාවිතා වෙන්නෙ මල්ටි ප්ලග්.

නමුත් අද තියෙන මල්ටි ප්ලග් වලින් බොහෝමයක් වැඩ කරන්නෙ කෙටි කාලයයි. අනික් ඒවත් පුංචි කාලයක් යනකොට ස්පාක් වෙන්න ගන්නවා ඒකට ප්‍රධාන හේතුව විදිහට අපිට වැරදි භාවිතය පෙන්වා දෙන්න බැරි කමකුත් නෑ.



දැන් බලන්න මේ ප්ලග් කිරීම දිහා. ස්පාක් නෙවී චට පට ගාලා පුපුරන්නත් ඉඩ තියෙනවා. මේ වගේ අනාරක්ෂිත නොවී අපිට ඇතිවෙන්න ලයිෆ් ටයිම් ප්ලග් බේස් එකක් හදන හැටි මම කියා දෙනවා. දැන් කෙනෙක් කියයි...
කෙලින්ම බිත්තියට ප්ලග්
වයර් දිගේ ප්ලග්





දැන් ඉතින් කෑ ගහන්ට එපා අපිට මේවා ගන්ට පුලුවන් අක්කෙ. හොඳම එකත් රුපියල් 2000 යි කියලා. ඒකත් බොහොම ඉක්මනට ස්පාර්ක් වෙනවා. කරන්ට් වදිනවා. සමහර ප්ලග් වැඩ කරන්නෙ නෑ.. ලෙඩ ගොඩයි. ඉතින් නියමාකාරයෙක් කොහොමද මල්ටි ප්ලග් එකක් අපි හදන්නෙ. කියලා දැන් බලමු.

හෝම් මේඩ් මල්ටි ප්ලග් එක සෑදීම සඳහා මොනවද ඕනෙ කරන්නෙ?




මෙන්න මේ බඩු ටික තිබ්බා නම්  සිම්පල් ලස්සන මල්ටි ප්ලග් එකක් හදන්න අපිට පුළුවන්.

මොනවද මේ බඩු -



1 . ප්ලග් බොක්ස් එකක්. (තමන්ට අවශ්‍ය පරිදි තෝරාගන්න
2 . ප්ලග් බේස් (රවුම් පින්, කොටු පින් ගහන්න පුළුවන් කැමති විදියට තෝරාගන්න.)
3 . 4 .  පින්තූර වල පෙනෙන පරිදි 3 core වයර් අවශ්‍ය දිග ප්‍රමාණය අරගන්න.
5 . අලු පාට පොඩි වයර් නම් ගෙවල් වල ඕනෙ තරම් තියෙනවා. කඩෙන් ගන්න ඉස්සර පොඩ්ඩක් ලයිට් බඩු පෙට්ටි අස්සෙත් හොයලා බලන්න. )
6 . ප්ලග් ටොප් එකක් (කූරු 3ක් තිබීම ආරක්ෂිතයි)
7. 8 . දැක්වෙන්නේ  ප්ලග් බේස් සවිකරන ඇණ  සහ ඇණ වසන ටොප්ස්.( මේවා වැඩේ අවසාන වනතුරු  නැති කරගන්න නම් එපා.
9. ටෙස්ටරයක්, කුඩා පිහියක්, මල් ඉස්කුරුප්පුවක් තිබ්බා නම් මේ වැඩේට හොඳටම ඇති. 

පියවර 1


මුලින්ම  ඇණයක් රත් කරලා ප්ලග් ටොප් එකේ අවශ්‍ය කෙලවර හිල් කර ගන්න ඕනෙ. 3 core වයර් එක බස්සන්න පුළුවන් තරමට ඒක කරගන්න. ලොකු හිල් වත් පොඩි හිල් වත් හදාගෙන කැත වුණා කියන්ඩ එපා.

පියවර 2


අලුපාට වයර් වල අග්ගිස්ස සුද්ද කරලා මේ විදියට ප්ලග් බේස් වලට තියලා සෙට් කරගන්ට ඕනෙ. විදුලියට සම්බන්ධ කරගෙන කිසිම දෙයක් කරන්න එපා. ඔක්කොම සවි කළාම මෙන්න මෙහෙමයි පෙනෙන්නෙ. උඩ තියෙන ප්ලග් බේස් දෙකෙන් එකකට තමයි අපි විද්‍යුත් ධාරාව සම්බන්ධ කළ යුත්තේ.  හොඳට බලා ගන්න ..


පියවර 3

 අර මුල්න්ම පෙන්වපු ප්ලග් බොක්ස් එකේ අපි ඇති කරගත්තු සිදුරෙන් හෙමිහිට හූරන්නෙ නැතිව 3 core වයර් එක ඇතුළු කරන්න. ඉන්පස්සෙ වයර් එකට ඇතුළෙන් ගැටයක් දමන්න. ආයෙ ඇදපු ගමන් එළියට එන්නෙ නැති වෙන්න. ඉන්පස්සෙ වයර් එකේ කෙලවරවල් දෙකම සුද්ද කරන්න. ප්ලග් බොක්ස් එක ඇතුළෙ තියෙන කෙළවර මේ විදිහට ප්ලග් බේස් හතරෙන් එකකට (මම කලින් කී විදිහට ) සම්බන්ධ කරගන්න.





පියවර 4

මම සුද්ද කරගන්න කීවානෙ 3 core වයර් එකේ අනික් කෙළවර, දැන් ඒ කෙලවර තුන අපි සම්බන්ධ කරගන්න ඕනෙ ප්ලග් ටොප් එකට. කොහොමද සම්බන්ධ කරන්නෙ කියලා දැන් අපි බලමු.




පියවර 5

දැන් අමාරුයි කියලා හිතෙන වැඩ සියල්ලම ඉවරයි. දැන් තියෙන්නෙ ප්ලග් බොක්ස් එකයි ප්ලග් බේස් හතරයි, අමුණපු වයර් කෑලි නොගැලවෙන්න, ප්‍රෙව්සමෙන් පිළිවෙලට අපි අරන් තියා ගත්ත ඇණ දමලා තද කරන එක. ටිකක් පරිස්සමට කරන්න ඕනෙ වැඩක්. ත්‍රෙඩ් පැන්නොත් හරි නෑනෙ. 



පියවර 6

විදුලියට සම්බන්ධ කරලා ටෙස්ටරය ආධාරයෙන් පමණක් පරීක්ෂා කරලා බලන්න. ආරක්ෂිතව, නියම ආකාරයෙන් හදාගෙන ඉවරයි කියලා සහතික නම් අර අරන් තියා ගත්ත ප්ලග් බේස් එකේ සුදු පැහැ ඇණ ටොප් ටික අරන් සවි කරගන්න.  දැන් ඔබට ලැබෙයි හොඳ නිමාවකින් යුතු මල්ටි ප්ලග් එක්. කිසි දේකට බය වෙන්න එපා.. ඕනෑම ප්ලග් ප්‍රමාණයකින් ඕනෑම දිග ප්‍රමාණයකින් නිවසේදීම හදාගත් මේ මල්ටි ප්ලග් එකෙන් ඔබට ආඩම්බරයෙන් වැඩ කළ හැකියි. විදුලියෙන් හැම විටම පරෙස්සමට මෙවන් අත්හදා බැලීම් කරන්න මතක තියා ගන්න. 

හැදුවාම ලස්සන බලද්දි මෙන්න මේ වගේ...


දැන් තියෙන්නෙ මේකෙන් වැඩ ගන්න.

(අධික්ෂණය - මගෙ එකම එක තාරක අයියාගෙනි.)

69 comments:

  1. ස්තූතියි.. ලීවට අවසාන මතක සැමරුම විදියට මේක ඔයාළග හැමදාම තියේවි

    ReplyDelete
    Replies
    1. අවසානයක් නෑ...ඔයා එක හිතින් හිටියොත් මම වෙනස් වෙන්නෙ නෑ..

      Delete
  2. ඇත්තටම ගොඩක් හොද ලිපියක්.....
    ඕක බොහොමත්ම ප්‍රයෝජනවත්....අපේ ගෙදරත් තාත්ත ඔය වගේ මල්ටි ප්ලග් හදල තියනවා...විශේෂයෙන්ම කුස්සියේ විද්යුතයෙන් ක්‍රියා කරන උපකරණ වලටයි,සාලයේ විද්‍යුත් උපකරණ වලටයි....ඕකට තව පුංචි දෙයක් අපේ ගෙදර නම් එකතු කරලා තියනවා .....ඔය මල්ටි ප්ලග් සෙට් එකට පොඩි ෆියුස් එකකුත් දල තියනවා....

    ReplyDelete
  3. please mention the maximum load for this ditributor board.I think 5 amp wall plug cah only handle 230Vx 5amp= 1150watts.

    ReplyDelete
  4. ඉතාම හොඳ උත්සහයක් නංගී. කරුණු කීපයක් එකතු කරන්න කැමතියි. මම හිතන විදියට ගතපු 3 core wire එක 15A වලට විතර ඇති වේවි. ඒත් එක පාර ලොකු කරන්ට් එකක් ගන්න උපකරණ කීපයක් plug කරොත් නිවසේ ප්‍රධාන විදුලි සැපයුමට හානි විය හැකියි( wire පිළිස්සීම හෝ breaker off වීම වැනි. ). ඒ නිසා 6A හෝ 10A වගේ MCB එකක් ශ්‍රේණි ගතව සවි කර ගත්තොත් ආරක්ෂාවත් උපරිමයි.

    ReplyDelete
  5. ශා මරු වැඩ කැල්ල... ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම ඇනෝ 1 හා 2 දෙන්න ගේම කතා ඇත්ත. ඒ ගැන උපකරණ සම්බන්ද කරන්න කලින් හිතන්න ඕන.

    ReplyDelete
  6. අක්කේ...... අපේ ගෙදර වයරින් කරලා දෙන්න බැරිද?

    ReplyDelete
  7. hoda lipiyak akke...

    ReplyDelete
  8. මම ඕකටම ඉන්ඩිකේටර හතරකුත් සවි කළා .... [ ඒ වෙනුවට දැන් LED වුණත් යොදන්න පුලුවන්]
    ප.ලි.
    කෙල්ලෙක් මේවගේ එකක් කළා කියන්නෙ ලොකු දෙයක් .. ඇත්තටම ඉදිරිපත් කරල තියෙන විදිහත් බොහොම හොඳයි.

    ReplyDelete
  9. fatta pata pata. eeth ida tikak wadipura yana eka thama aula.

    eeth maru

    ReplyDelete
  10. මරු වැඩේ........

    ReplyDelete
  11. ඔබ අනුගමනය කළ ක්‍රමය නිවැරදිය.. නිවැරදි තාක්ෂනය අනුගමනය කර ඇත!!

    ReplyDelete
  12. කිව්වා වගේ ගැනු ළමයෙක් මෙහෙම දෙයක් කරපු එක ලොකුදෙයක්.....පස්ටයි අක්කේ....

    ReplyDelete
  13. නියමයි. මාත් එකක් හදල තියනව. සාමාන්‍යයෙන් තියන ඒවට වඩා කල් පවතින බව කියන්නම ඕන.

    ReplyDelete
  14. මම මගේ මුල්ම කොම්පීටරේ ගත්තේ 2000දි.. ඒ දවස්වලම තාත්ත මට අපේ අයියා කෙනෙකුට කියල ඔය විදියේ එකක් හදල දුන්නා.. අද වෙනකම් කිසිම අවුලක් නැතුව වැඩ... මේක ඔයා ම හදපු එකනම් සිරා.. අන්න එහෙම තමා ඉන්න ඕනේ..

    ReplyDelete
  15. ෂා. නංගි. ඔයා මුළු කාන්තා සංහතියටම ආදර්ශයක්. ඔයාගේ අධ්‍යපන පසුබිම දන්නේ නැතිවයි මෙහෙම කියන්නේ. තොටිල්ල පදවන අත එහෙනම් ඉලෙක්ට්‍රික් වැඩ වලට කියල අර කියමන නිවැරදි කරන්න වෙනවා. සිහින උළෙලේදී ඔයත් එක්ක කථා නොකලේ හරියටම අඳුරගන්න බැරි වීම නිසා. ඒක මහ වස වැරැද්දක්.

    ReplyDelete
  16. ඇත්ත ඇත්ත..

    ReplyDelete
    Replies
    1. බනි ඔයාගෙ පොෆයිල් පින්තූරෙ දැක්කම ලැජ්ජයි බං

      Delete
  17. ස්තූතියි නෙරංජි.. ලොක්කිට පෙන්නන්න ඕනි.. දැනටමත් මට වඩා නම් එය ගැන ඉදිරියෙන්..

    ReplyDelete
  18. ගුඩ් වර්ක් අක්කෝ.... මාත් මේවගේ එකක් හැදුව මීට මාසෙකට විත්‍ර ඉස්සෙල්ල...

    ReplyDelete
  19. ලෝඩ් එක වැඩි වීමේ අවදානමක් ඇත..
    අනිත් එක වියදම අධිකයි..
    අනිත් එක ඕක යන්න් යන ඉඩ ප්‍රමාණය සාපේකෂව වැඩියි..

    හැකියාව දියුණු කරගන්න නම් එල..
    ඒත් කඩෙන් ගන්න එක ලාභයි..

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉඳලා හිටලා ඉන්නවා

      Delete
  20. අපේක්ෂිත තත්වය ඉක්මවා ඇත. ඔබ ජයග්‍රහණය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝච්චි අයියෙ.

      Delete
  21. akke oya elakiri eka innawada....??? ma post 1 nath horen arn elakiriyata kawuru hari dalada????

    ReplyDelete
    Replies
    1. මම එළකිරි එකේ නැහැ මල්ලි... ඒක එහෙම කරලාද? කමක් නෑ..ඔන්නොහෙ.. නිතර වෙන දෙයක්නෙ ඕක.

      Delete
    2. ahema koheda akke onna mama gamea adda, aragaththa source 1 dammanam kamak na issuwata

      http://www.elakiri.com/forum/showthread.php?t=1427751&page=4

      Delete
    3. ගොඩක් ස්තූතියි මල්ලියි

      Delete
  22. ඔය කඩවල තියන බොහෝ මල්ටි වල පින් 3 පිටට තිබුනත් අතුලෙ අර්ත් වයර් එකක් ඇත්තටම නෑ.. කඩේ තියන එවන් බාල වර්ගයේ මල්ටි වලට වඩා මේ විදියට හදා ගන්න මල්ටිය ආරක්ශාව අතිනුත් හොදයි....

    ReplyDelete
  23. නි‍යමයි නංගි ලිපිය. මාලග තියනවා මීටර්5ක් දිග එකක් වයස අවුරැදු 11යි. තව එකක් තියනවා මීටර් 17ක් විතර එකටත් අවුරැදු 5ක් විතර.මුලික වියදම වැඩිඋනත් පාඩුවක් නැ.සමහරක් අඩනවා කම්පියුටරයේ කරන්ට් එක වදිනවා කියලා.එකට හේතූව තමයි කඩෙන් ගත්ත මල්ටි ප්ලග් එකේ අර්ත් එකක් නොමැති වීම.අවශ්‍ය නම් ප්ලග් 6 8 10 12 හයිකරන්නත් බොක්ස් තියනවා.
    වැදගත්ම දේ තමයි භාවිතා කරන වයර් එක.ඔයා ඔය ඉහලින්ම කියලා තියන බඩුවලට හොද වයර් එකක් භාවිතා කරන්න ඔන.(අඩුම තරමෙ ඇම්පියර් 16කටවත් ) ඔරොත්තූ ‍දෙන වයර් එකක්.මීටර් එකක් රැපියල් 125ක් විතර වෙනවා.ඔයා පෙන්නලා තියන වයර් එක 3amp හරි 5amp වයර් එකක්. එය වයර් එකට හොට් ප්ලේට් එකයි අවන් එකයි එකවර ගහන්න බැ.
    කොහොම හරි අපේ ඇස් පාදන්න උත්සහ කලාට ස්තුතියි.කයිය ගැහුවට අපිට ඔක ලියන්න මතක් උනේ නැනේ.ජයෙන් ජය.
    කිදෙනෙක් කරයිද කියන එක තමයි ගැටලුව දන්න දන්න හැමොටම මම කියලා තියනවා.හැබැයි දෙන්නෙක්ට තූන් දෙනෙක්ට වඩා කෙරැවෙ නැ.අපේ රටට වෙලා තියන නස්පැත්තිය ඔක තමයි

    ReplyDelete
  24. අනෙ අම්බෝ... දැම්ම මැරෙන්නඩ බැරියෝ..

    ReplyDelete
    Replies
    1. ඒකට තමා ටෙස්ටරය තියෙන්නෙ.

      Delete
  25. වටිනා ලිපියල් නීනු....
    අපේ ගෙදරත් එකක් තියෙනවා..

    ReplyDelete
  26. අන්න එලකිරි එකේ ඔයාගේ බ්ලොග් එකේ ඇඩ් එකක් දාලා...
    නොමිලේ ප්‍රචාරණ කටයුත්තක් වගේ..
    ;)

    නම් ටික මං ගානේ

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නකං මං කාටවත් බය නෑ..

      Delete
  27. මටත් හොරේන් තව ADD එකක් දාලද...?
    නෙරංජි akka elakiri awith

    ReplyDelete
    Replies
    1. ඔවි මල්ලි... යම් තැනකට නෑවිත් එතැන මොකද වෙන්නෙ කියලා තේරුම් ගන්ඩ බෑනෙ.දැන් එහෙම දෙයක් කළොත් මට නෝට්ෆිකේෂන් එන්න ඕනෙ.

      Delete
    2. Akke me gana kiwa kiyala, elakiri eka mage rep kapala, mata banalath ekka
      meka dapu kena,

      Delete
    3. ඔයා ඇනෝ කෙනෙක්නෙ. මං වත් ඔයාව නොදැන,උන් කෝමද ඔයාව දන්නෙ.. මට හරි දුකයි මල්ලි මං නිසා ඔයාට එහෙම වුණා නම්. නමුත් ඔයාට ගොඩක් ස්තූතියි අසාධාරණයට විරුද්ධ වෙනවාට. ඔයාට ජය වේවා.

      Delete
  28. යන ගාන සැර වුනාට කොලිටි වැඩේ. බූඩිත් මේකක් හදාගෙන තමා පාවිච්චි කලේ ඉස්සර. කොමාට නම් ඔය රේටින්ග්ස් ඇති, කිසි අවුලක් නෑ. ජය වේවා !!

    ReplyDelete
  29. නියම ලිපියක්. යටට ලෑල්ලකුත් ගහගත්තනම් වැඩේ නියමෙටම සම්පූර්ණයි.
    @අටම්පහුර
    ඔයා කියනව වගේ හොට් ප්ලේට් එකයි අවන් එකයි මේවගේ එකකට ගහන එකනම් නොකලයුතු දෙයක්. ගෙවල් වල ගොඩක් තියෙන්නෙ 5A සොකට්.

    ReplyDelete
    Replies
    1. මම කීවෙ මම දන්න විදිය.. තව වැඩි දුයුණු කරගත්තා නම් හරි..

      Delete
  30. elakiri sira wadak

    ReplyDelete
  31. අන්න කෙල්ලො! මරු ඈ! අර උඩ කමෙන්ට් වල කිව්වා වගේ ඕවලෝඩ් නොවන්න පරෙස්සම් උනානම් හොඳයි. ස්තුතියි නෙරංජි! ටූත්පේස්ට් මූඩිය පොට නොයන්න තදකරගන්න තරම්වත් තාක්ෂණික දැනුමක් නැති කෙල්ලො සෑහෙන ප්‍රමානයක් (බුදු අම්මෝ ඔක්කොම නෙවෙයි බොලව්) ඉන්න සමාජෙකට නෙරංජිලා අපිට සෑහෙන වටිනවා!
    henryblogwalker the Dude

    ReplyDelete
  32. හොද ලිපියක්. මටත් ඔය ගැටලුව තිබුනට මේ වගේ දෙයක් කල්පනාවට අවේ නැනේ ...

    ReplyDelete
  33. බොහෝම ස්තුතියි අක්කේ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.