මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/4/10

සැට දෙවසරක කඳුළු

















අනගාරික ධර්මපාලතුමා මෙන්න මෙහෙම කියලා තියෙනවා.එතුමා ගේ අප්‍රකට ලිපිවල, "කවදාහරි සුද්දො මේ රට දාලා යනවා.හැබැයි උන් යන්නේ ඒ වගේම කළු සුද්දො පිරිසක් මේ රටේ බෝ කලාට පස්සෙයි කියලා."මීට අවුරුදු හැට දෙකකට මත්තෙන් අපිට නිදහස ලැබුණා.එදා හැමෝම හුඟක් සතුටු වුණා සදාතනික නිදහස ලක් මාතාවට ලැබුණා කියලා.ඒත් අද එහෙම වෙලාතියෙනවා කියලා ඔබට හිතෙනවාද? අපේ අම්ම මට උගන්නලා තියෙනවා..අම්ම පුංචි කාලේ ඉගෙන ගත්ත ගීයක්!

"විසි දෙවසරකට පෙර ලැබූ
නිදහස් සුව වළඳවා
ලංකා මව සැනැහේ
තොල් පෙති මත
හසරැල් මවා....."

ඒ විසි දෙක...අද හැට දෙක!!1948 අවුරුද්දෙදි අපි නීත්‍යානුකූල නිදහසක් ලැබුවා වුණත් අපි ආධ්‍යාත්මික නිදහසක් ලබා තියේද?නැහැ නේද?1948 වසරේ ඉඳන් 1983 වනතුරු අපේ නීත්‍යානුකූල නිදහසවත් තිබ්බ...ගිය අවුරුදු තිහටම ඒකත් නැති වුණා වගේ වුණා නේද? කාටවත් හිතූ විදියෙන් නිදහසේ රට පුරා යන්නවත් බැරි වුණා.ත්‍රස්තවාදයෙන් රට මිදුණා.නීත්‍යානුකූලව නම් අපි දැන් ඕනාවටත් වඩා නිදහස්!!ඒත් තවමත් අපේ පරාදීන කම එතනමයි!! ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගෙ කවියක් නවය වසර පොතේ මෙන්න මෙහෙම තිබ්බ.

සාදු සිරිත් සිය දේසෙ
ඇතත් කැත වානරයන්ගෙ විලාසෙන්
මූදු තෙරින් එන නීච භයංකර
සංකර වූ හැම දේවල්
සාදු නදින් පිළි ගත්ත නිසා වුණු
ජාතික හානිය අයියෝ
මීදුමකින් කඳු සේ අප ආරිය
සැම සිරිත් යටපත් වී...

මෙ කවිය එදාට වඩා අදට වලංගුයි!!මම වැරදිද?අපිට තියෙන්නේ අපේ දේ අගයනවා අඩු සමාජයක්!පෙරහැරටයි,ඉස්කෝලෙටයි විතරක් දේශියත්වය සීමා නොකර අපි අපේ රටේ අය වෙමු!අල්මාරියේ රෙදි ගොඩෙන් නිදහස් දවසට ඇදලා ගන්න ජාතික කොඩිය, රෙද්දක් වැලේ වනන්නැහේ ගේට්ටු ඉස්සරහ එල්ලල දාපු පළියට අපිට ශ්‍රී ලංකිකයො වෙන්න පුලුවන්ද? ඔබම හිතා බලන්න.අපි තාමත් ප්‍රමාද නෑ...ස්‍රි ලංකාවේ නිශ්පාදිතයක් ගන්න...ශ්‍රී ලංකාවේ කෙනෙක් කියල කියන්න ලැජ්ජා වෙන අය අපි කොයි තරම් දැකලා තියේද?අපි ලැජ්ජ වෙන්න ඕනෙ අපි ගැන. පරාදීන ගති වලින් ඉක්මනනින් නොමිදුණොත්
අපි කවදා හරි අවසානෙට නිදියන මේ මව් බිමේ හතර රියනට අපි ණයයි!!
අන්න ඒක හොදින් මතක තියා ගන්න.

ලක් අම්මට සිනා ගෙනෙන
ලක් අම්මා ඉහල තබන
ලක් අම්මට ආල වඩන
දරු පැටියෝ හොයා දියව්!

පිට දෙස්සගෙ බසට යටව
ලක් අම්මට කඳුළු නොදෙන
ලක් අම්මා අගේ කරන
දැරියක් ම්ට හොයා දියව්!

ලක් අම්මගෙ කුසේ ඉපිද
ඇගෙන් දිරිය නුවණ ලබා
පිට දෙස්සගෙ රට නොපතන
දරුවෙකු මට හොයා දියව්!

ලොවේම නැණ විරිය එඩිය
ලක් අම්මා තුළට හොවා
ඈ තුරුළෙම සැනැහිය හැකි
දරු දැරියනි ඉපිද වරෙව්!




8 comments:

  1. හේ නියමයි අදට නියමෙට ගැලපෙනවා. එවගේම අර කියපු කලු සුද්දෝ දැන් හැම තැනම ඉන්නවා... අපිට උන් තොරා බේරාගන්නත් හරිම අමාරැයි... මොකද අපේ කම පොරවාගත්තු හිවල්ලු රැලක් උන්. ... හි හි ටිකක් වචන තද වැඩිද මන්දා ...

    ReplyDelete
  2. රටට ආදරය අය කෙතරම් ඉන්නවාද? හරිම අපූරු ලිපියක්

    ReplyDelete
  3. රටට ආදරය කරන අය ඉන්නවා. හැබැයි එවගෙම රටට ආදරය නොකරන පිරිසකුත් ඉන්නවා. කොහොම උනත් නිදහස ගැන කියන්න දෙයක් නැහැ. සුද්දො දුන්නා සුද්දන්ට දුන්නු එවුන්ට, තාම රට පාලනය එතන. මිනිස්සුත එතන. එ වරායන් ටිකමයි, එ දුම්රිය මාර්ග ටිකමයි, එ මහාමර්ග ටිකමයි. එ නිති රිති මයි, මම මෙ කියන්නෙ සැකිල්ල ගැන යි. පොඩ්ඩක් බලුප් වැල් අල්ලලා ගත්තට එ ගහ මයි. එ අතු මයි. දැනෙන්න දෙයක් කරලා නම්, විදුලි බලයයි, විතරයි, නමුත් එක ලොකෙ හැම තැනම සිදුවුන දෙයක්.

    ReplyDelete
  4. ඔබගේ මේ ලිපියත් පසුගිය ලිපිත් මම ආසාවෙන් කියෙවුවා. ඒ ලිපි වලින් ඔබගේ මානසික පසුබිම ගැන යම්කිසි අදහසක් ලබාගන්නට පුලුවන් වුනා. මමත් ඉන්නෙ පිටරටක උනත්, මට මෙහෙම එන්න වුනු හේතුව වෙනස් එකක්. වසරක් පමන මම අසනීපව සිටි නිසා මට ලඟදී සංසදයට සටහන් තබන්න බැරි වුනා. පහත සඳහන් පුරුක් ඔස්සේ බලන්න, මගේ සටහන් ටිකක්.
    http://sgunatunga.blogspot.com/2009/02/blog-post.html?zx=e0a43de025936dbb
    http://sgunatunga.blogspot.com/2009/02/blog-post_08.html
    http://sgunatunga.blogspot.com/2008/12/2550.html
    http://sgunatunga.blogspot.com/2008/12/blog-post_31.html

    ReplyDelete
  5. හො‍ද‍ post එ‍ක‍ක්‍. අ‍පි‍ අ‍පේ‍ ක‍ම‍ නැ‍ති‍ ක‍ර‍ග‍න්‍න‍ හො‍ද‍ නැ‍. ඒ‍ එ‍ක්‍ක‍ම‍ මෙ‍හෙ‍ම‍ දෙ‍ය‍ක්‍ ති‍යෙ‍න‍වා‍ ස‍ම‍හ‍ර‍ දේ‍ව‍ල්‍ ති‍යෙ‍න‍වා‍ අ‍ප‍ට‍ සු‍ද්‍දා‍ගෙ‍න්‍ ඉ‍ගෙ‍න‍ ග‍න්‍න‍. ඒ‍ දේ‍ව‍ල්‍ අ‍පි‍ ග‍ත්‍ත‍ට‍ ක‍ම‍ක්‍ නැ‍හැ‍ කි‍ය‍න‍ එ‍ක‍ ත‍මා‍ ම‍ගේ‍ ම‍ත‍ය‍. ඒ‍ මො‍න‍වා‍ උ‍න‍ත්‍ අ‍පි‍, අ‍පේ‍, කි‍ය‍න‍ දේ‍ව‍ල්‍ මො‍න‍ සු‍ද්‍දා‍ නි‍සා‍ ව‍ත්‍ වෙ‍න‍ස්‍ ක‍ල‍ යු‍තු‍ නැ‍. හැ‍ම‍ පි‍ට‍ රැටි‍යෙ‍ක්‍ම‍ බලන්නේ ඒ‍ අ‍ය‍ගෙ‍ අ‍දි‍ප‍ත්‍ය‍ ප‍තු‍ර‍න්‍න‍. අ‍ද‍ට‍ත්‍ ඒ‍ ටි‍ක‍ම‍යි‍. ඒ‍ නි‍සා‍ ක‍ර‍න‍ හැ‍ම‍ දේ‍ම‍ දෙ‍පා‍ර‍ක්‍ හි‍ත‍ලා‍ ක‍ර‍න්‍න‍ ඕ‍නෙ‍.

    ReplyDelete
  6. සතුටුයි. ‍ඒ ලෝකය විවෘත මනසකින් දකින්නට හැකි දෑසක් උරුමව තිබීම පිළිබඳව.

    හැබැයි මෙය මේ විදිහට දිකින්න බැරිවුණු කට්ටියකුත් ලංකාවේ ඉන්නවා.

    මේ සමහරු ඒක කරන්නේ නොදැනුවත්වම. සමහරු ඒක කරන්නේ ජීවත් වෙන්න.

    ඔබට ඒ බව තේරුම් ගන්න ටැබූගේ (http://taboosubjects.wordpress.com) නිදහසේ බයිලාව හා beyondframe.wordpress.com කියවීම පමණක් වුවත් ප්‍රමාණවත් වනු ඇති.


    තේජාන් රත්නායක

    http://lankanthoughts.blogspot.com

    ප.ලි. :

    සරත් ගුණතුංගගේ blog එක අපට බලන්න බෑ වගේ නේ. ඒකට ආරාධනාවක් නැතිව. !!!

    ReplyDelete
  7. කලු සුද්දො දීලා ගිය ඇටකටු ලෙවකන පරාධීන පාලකයො ටික නැතිවෙනකම් මේරට සිංගප්පූරැවක් තියා මොකක්වත් කරන්න හම්බවෙන්නේ නෑ.කොයි පක්ෂෙ ආවත් හැමදාම උඩ පැනපැන කියවන්නෙ කොහෙහරි පාරකට තාර පොඩ්ඩක් ගාපු එකයි තව මොනවහරි ලදරු වැඩ දෙකතුනක් ගැනයි තමයි..

    මේ රට කරවන අය හැමදාම හිතුවෙ එයාලගේ වාසිය විතරයි................

    ReplyDelete
  8. මට හරි සතුටුයි....මේවා දකිද්දි. ඔයාලාට ස්තූතියි!!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.