ගිනි පුලිඟු වන්
හිරේ තද චණ්ඩ රැස් කඳින්
පිළිස්සි ගිය සිරුර
වසාගෙන පාට ගිය
දුහුල් වැරහැලි කඩින්
දොරෙන් දොර බස් රියේ
ඇදෙන්නී ඈ මෙසේ..
මළ කඳක් නොවී මුත්
කරපිනා හොවා ගත්
බිලිඳියක් වේ අතේ
ටිකින් ටික මියැදෙනා..
යදින්නේ අබැට අහුරක්
නොවේ ඈ ඔබෙන්..
වේල පිරිමහගන්ට ගන්ට
තවත් එක රුපියලක්
?
හිනැහෙන්නට එපා මේ අසරණිය ගැ න
ReplyDeleteයම් කිසි පවක් පලදී සිඟමන් යදි න
අනුකම්පාව පුරවා හද තුල නිති න
හැකි පමනින් වෙනු මැන දිවියට සර න
හරිම ලස්සනයි.....
ReplyDeleteane . .. duka hitenawa . . harima lassanayi . .
ReplyDeleteබස් වල නගින කාන්තාවන් ගැන නේද මේ
ReplyDeleteඑදා ඈ සෙවුව අබ ඇට හමු උනා
ReplyDeleteබුදු හිමිගෙ සුව තිබු නිසා
මෙදා ඇගේ දුක්
මා අසන්නම්
රුපියලක් නොව
බත් පතක් ලඟ ඇති නිසා
උනා තම උර පට
ReplyDeleteතබා තන පුඩුව
බිළිඳුගේ දෙතොලතර
උරන්නට දී
සිගමනින් පිරි
ශිරා ලෙය
ඇය තවත් නගන්නී
සිගමන් විලාපය
තම පුතුගෙ
හෙට වේල පිරිමහන්නට...........
ඵදා මෙන් අදත්
ReplyDeleteඅද මෙන්ම හෙටත්
මට ඔබට හමුවේවි කිසාගෝතමී ලදුන්
බලන් ඵ් ලදුන් දෙස
පිහිට වන්නට බුදුන් නැත අද
බලා ඉන්නවා හැර අප
කුමක් කරමුද
කියන් අපහට