මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/15/10

කිසාගෝතමී ගේ වර්තමාන කතා වස්තුව


ගිනි පුලිඟු වන්
හිරේ තද චණ්ඩ රැස් කඳින්
පිළිස්සි ගිය සිරුර
වසාගෙන පාට ගිය
දුහුල් වැරහැලි කඩින්

දොරෙන් දොර බස් රියේ
ඇදෙන්නී ඈ මෙසේ..

මළ කඳක් නොවී මුත්
කරපිනා හොවා ගත්
බිලිඳියක් වේ අතේ
ටිකින් ටික මියැදෙනා..

යදින්නේ අබැට අහුරක්
නොවේ ඈ ඔබෙන්..
වේල පිරිමහගන්ට ගන්ට
තවත් එක රුපියලක්
?



7 comments:

  1. හිනැහෙන්නට එපා මේ අසරණිය ගැ න
    යම් කිසි පවක් පලදී සිඟමන් යදි න
    අනුකම්පාව පුරවා හද තුල නිති න
    හැකි පමනින් වෙනු මැන දිවියට සර න

    ReplyDelete
  2. හරිම ලස්සනයි.....

    ReplyDelete
  3. ane . .. duka hitenawa . . harima lassanayi . .

    ReplyDelete
  4. බස් වල නගින කාන්තාවන් ගැන නේද මේ

    ReplyDelete
  5. තිළිණ2/16/10, 4:14 PM

    එදා ඈ සෙවුව අබ ඇට හමු උනා
    බුදු හිමිගෙ සුව තිබු නිසා
    මෙදා ඇගේ දුක්
    මා අසන්නම්
    රුපියලක් නොව
    බත් පතක් ලඟ ඇති නිසා

    ReplyDelete
  6. උනා තම උර පට
    තබා තන පුඩුව
    බිළිඳුගේ දෙතොලතර
    උරන්නට දී
    සිගමනින් පිරි
    ශිරා ලෙය
    ඇය තවත් නගන්නී
    සිගමන් විලාපය
    තම පුතුගෙ
    හෙට වේල පිරිමහන්නට...........

    ReplyDelete
  7. ඵදා මෙන් අදත්
    අද මෙන්ම හෙටත්
    මට ඔබට හමුවේවි කිසාගෝතමී ලදුන්
    බලන් ඵ් ලදුන් දෙස
    පිහිට වන්නට බුදුන් නැත අද
    බලා ඉන්නවා හැර අප
    කුමක් කරමුද
    කියන් අපහට

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.