
හරි හරියට ඔප දමාපු
එක ගැට්ටක් වත් නොකැඩුණු
සුදු පිරුවට රැක බලාපු
අපේ ගෙදර සුදු බිත්තිය
හැම දෙනාගේ ඇස් වහලා
උසට බැඳපු වැට කඩලා
බලුරෑනක් ඇවිදිල්ලා
පදාසයක් කිළිටි කළා
පිරුවට යළි ඔප දැමුවා
පුසුඹත් තව නැත මැකිලා
මා වවුලෝ රෑ මැද්දේ
බිත්තිය උඩ වසුරු කළා
පිළිකුළ හංගා ගන්නට
පිල් වහලේ උදව් උණා
ඔප සූරාලා පාමුල
කුඹි ගඟක් යළි ඇදුණා
කරදර මදි කියා සිතූ
එහා ගෙදර රතු නැන්දා
බුලත් විඩක් හප කරලා
අලි කෙළ තලියක් ගහලා
සුදු පිරුවට හිනා වෙවී
හැඩට දිලුණු සුදු බිත්තිය
හිතා ගන්ට බැරි තරමට
ජරා වෙච්චි සුදු බිත්තිය....
ආයෙත් පිරියම් කරන්න
කොතැනින් නම් පටන් ගම්ද?
යට ලීයේ සිට යටටද?
අත්තිවාරමෙන් උඩටද?
නියමයි ...වෙනස්ම අදහසක්.......
ReplyDeleteහරිම වෙනස් සිතුවිල්ලක්..
ReplyDeleteදිගටම ලියන්න නීනු..ඔයා ලියන ඒවා හරිම ලස්සනයි
ReplyDeletesthuuthiyi!!!
ReplyDelete