මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/16/10

ඔබ රෝස රෝස මල...



















වැල නොකැඩී වැලන්ටයින් දා ගත් රෝස මල් පරව යන්නට පෙර රෝස මල ගැන කුඩා සඳහනක් කරන්න හිතුණා..ඇත්තටම රෝස මල මිනිස්සුන්ගේ ජීවිතයට මේ තරම් සමීප වුණු එක නම් හරිම පුදුමයක්...අනික් මල් අතර රෝස මට මේ තරම් ඉහලට ආවේ..රෝසමලේ ලස්සන නිසාද?ලස්සන සාපේක්ශයි...මම නම් කැමති ලිලී මලට.....රෝස මලට අකමැත්තක් නෑ..ඒත් රෝස මල් ජනප්‍රිය වැඩීයි...කොයි පාටින් පිපුණත් රෝස මලට රෝස පාටින් මිදෙන්න බෑ..එක අතකට පව්!!..ඒත් රෝසමල තරම් ඕපා දූපා දන්න වෙන කිසිම මලක් මේ ලෝකෙ නෑ...මල ගෙවල්, මගුල් ගෙවල්, ආදර පල හිලව්,උත්සව කොයි තරම්ද?....

රතු පැහැය පෙරට ගෙන
ලවන් යුග යා කරන
ආදරය ගෙන වඩින..
ඔබයි රතු රෝස මල.....

කඳුළු සාගරය මැද
කිමිදෙනා නේක දන
හද මඳක් සනසමින්
සුසානය සරසනා
ඔබයි සුදු රෝස මල

රුදුරු ඉසි ගිනි දවන
ලොවක් තුළ...රැවටෙන්න
එකිනෙකා ළඟ පුදා
වෙස් මුහුණු තිර කරන
මිතුරන්ට තෑගි දෙන
ඔබයි කහ රෝස මල

සදා කල් මල් ලොවේ
අග රැජින කිරුළ ලන
පෙති සුමුදු මුත් නිතින
කටු මාළිගේ ලගින
ඔබ රෝස රෝස මල........

5 comments:

  1. මොකද නංගි නිනුගෙ නිශාව අයින් කළෙ.. මම එ පැත්තෙ ගියා ටික දවසකට කලින්... කමක් නැහැ කොහොම උනත් නියමයි රොස මල් ගැන ඔන ඔපදුපයක් දන්නවා ඇත්ත තමයි.

    ReplyDelete
  2. rose..u are beautiful..so much...

    ReplyDelete
  3. THANKS....I REMOVE IT!!...THIS IS NEW ONE..

    ReplyDelete
  4. ඔයාගෙ රෝස මල් ගැන තිබුණ නිසැඳැස නම් හොඳයි ... හොඳ අගේට ගලපල තිබෙනව.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.