මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/24/12

2012 පොත් ප්‍රදර්ශනයේ මගේ පංගුව



ඉතින් ඊයෙ උදේම මම ලෑස්ති වෙලා ගියා 2012 BMICH පොත් ප්‍රදර්ශනය බලන්න.  මාරයා අයියා ලෝබි කියලා කීව නිසාම! දොර ළඟින් ටිකට් එකක් අර ගත්තා... ටික දුරත් ඇතුළට යනකොට මාධව හබරකඩ හමුවුණා.. තව යාලුවෙක් එක්ක.. එයාලාත් එක්ක ටිකක් කතා කරලා, නිසුපා ව හම්බවෙලා, එයාට ඩීවීඩී දුන්නා (චිත්‍රපටි 4ක්) නිසුපා ට ඒවා ඇතුළට විකුණුවා නම් 1000ක් හම්බ කරගන්න තිබ්බා... මම නම් එයාට 100% ක වට්ටමක් දුන්නා...

ඔන්න ඉන්පස්සෙ උදිත සේනාරත්න හම්බුණා... කට්ටියම එකතු වෙලා.... ඇවිද්දා... ඉස්සරහට Gold Fish හම්බ වුණාද මන්දා!! මට මීටර් නැහැ....
මේ වෙලාවෙ, තාරක අයියා ආවා.... ඉන් පස්සෙ ඉතින්, මට අනික් කට්ටිය ගැන හොයන්න බැරි වුණා... නිසුපාව නම් තැන් දෙක තුනකදි දැක්කා!! 
ඉතිං මම පොත් අරගත්තා. අරගෙන ඉවර වුණාම තමා දන්නෙ, 10000+ පොත් අර ගෙන, වියදම ගියෙ 8000 ටත් අඩුවෙන්... මට ලැබිලා තියෙන සම්පූර්ණ වට්ටම 2600 ට වඩා වැඩියි. ඒක ලොකු ලාබයක්.

විදර්ශන එකෙන්, හමෝටම 20% වුණාට, මට නම් 30%ක් හමුවුණා... මම සාමාජිකනෙ. අනික් ඒවාගෙන්, 20%යි. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය නම් මොන දෙයක් වත් නොබලා එන හැමෝටම 30%ක් වට්ටම් දුන්නා.....විදර්ශන ඒකේ 3000ට වැඩිය පොත් ගන්න අයට, ලස්සන බෑග් එකක්! ආසාවෙ බෑ... අපිට ගන්න බැරි වුණා!

මට ගුරුගීතය රුපියල් 80ට හමුවුණා. නැතිවුණ පොත 100ක්! විදර්ශන පොත් හලේ, ගන්න හිතාගෙනම ගිය පොත් වලින් සියක් වසක හුදකලාව සහ අක්ෂර සෙනඟ තිබුණෙ නෑ... ඒ ලොකු දුකක්.ඒත් නුදුරෙදිම සියක් වසක හුදකලාව පොත ගහපු ගමන් දන්වනවා කියලා ඒ අක්කා කිව්වා!!.

කෑමට ගණන් බැලුවාම 600ක් පමණ වියදම් වෙලා!!..අයියාට කන්න දීලා මම නොකා හිටියා නම්, 300 ට ලස්සන පොතක් ගන්නවා.. ඒත් බඩගින්නෙ ඉන්න බෑනෙ.. තාරක අයියා නැත්තම් මේ තරම් පොත් ලැබෙන්නෙ නෑ...  එයාට මගෙ ආදරය වගේම, පොත් කාවෙක්ට පොත් අරන් දීමට සහය වීමේ පිනත් මහ ඉහලින් අනුමෝදන් වෙන්න ඕනෙ...

මම කැටපත් පවුරෙ කවි දෙකක්ම ලිව්වා!! බලමු... ලබන අවුරුද්දෙ පොත් එකක් හරි පල වෙයිද කියලා ... මගේ කවියක් තියෙන පොතක් විකුණන්න තියෙනවා නම් දැක්කා..


ජීවිතය කියන්නෙ, ආත්මයේ පුංචි ලැඟුම් හලක්. මම ඒක තේරුම් ගත්තෙ, හොඳටම අසනීප වුණ දවසක. කොහොම වුණත් කවදා හරි දවසක, අපිට ඉතිරි වෙන්නෙ.. අපි ජීවිතේට එකතු කරගත්ත වටිනාකම් විතරයි. රසය විතරයි.. සතුට සහ දුක විතරයි.. ඒ දේ තේරුම් ගන්න ඕනෙ..මට දැනෙන දේ තමයි, පොත් වලින් ජීවිතයට ආත්මයක් දෙන්න පුලුවන්. පොතක් කියවනවා කියන්නෙ, හරියට තව ආත්මයක් ලැබුණා වාගේ. ඒත් හුඟක් පොත් අතට අරන් කියවන්න ආස හිතුණාට, පොතක පසුපිටේ තියෙන ඉලක්කම් ඒකට මහ හුඟක් හරස් වෙනවා... හුඟක් අය ප්‍රදර්ශනයට එන්නෙ, පොත් අතර ජීවත් වෙන්න.. ගන්න සල්ලි ඇතත් නැතත්, පොතට පතට ආදරය කරන අය, ඒ අතර ඉඳීමෙන් මහ විශාල සතුටක් ලබනවා ඇති කියලා මට හිතෙනවා..
මම මේ පාර පොත් ගත්තා!! තාරක අයියාගෙ සහයත් නොඅඩුව ලැබුණා!! ඇත්තටම, පොත් ප්‍රදර්ශනයෙදි, පොත් වලට ලොකු වට්ටමක් ලැබෙන එක නම් ලොකුම දෙයක්. 30% 20% තමා ලැබෙන වට්ටම්! සමහර තැන් වල 40%ත් දෙනවා මම දැක්කා... පොත් ප්‍රදර්ශනය තව දින දෙකක් ඉදිරියට තියෙන නිසා...පුංචි දෙයක් කියන්නම්, පොත් ගනිද්දි, හැම වෙලාවෙම, පරණ මුදණයෙන් ඉතිරි වුණ පොත් තෝරා ගන්න...

උදාහරණයක් - සුමිත්‍රා රාහුබද්ධ ගෙ ඉටිපහන් අලුත් මුද්‍රණය 500 ක්. ඒත් පරණ මුද්‍රණය 200ක්.
මම අතේ තිබුණ මුදලට මට ඕනෙම කියලා හිතුණ පොත් ටික ගත්තා... ආසාවෙන්ම හිටපු පොතක් හමුවුණේ නැහැ... ගර්ෂියා මාර්කේෂ් ගෙ හුදකලාවේ සියක්වසරක්! අනික් ඒවා නම් හමුවුණා...
මම ගත්ත පොත් ලැයිස්තුව අද මම හිතුවා බ්ලොග් එකේ පල කරන්න...
  1. කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ද
  2. රාවණ මෙහෙයුම -සුසිත රුවන්
  3. ස්වයංජාත - සමරවීර විජයසිංහ
  4. සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක
  5. ඉටිපහන් - සුමිත්‍රා රාහුබද්ධ
  6. වෛරයේ මිදි ඵල - ජෝන් ස්ටෙන්බක්
  7. ගුරු ගීතය - චිංගීස් අයිත්මාතොව්
  8. ජමිලා - චිංගීස් අයිත්මාතොව්
  9. අම්මා සහ මිහිකත - චිංගීස් අයිත්මාතොව්
  10. සියවසක් පවත්නා දවස - චිංගීස් අයිත්මාතොව්
  11. සමුගනිමි ගුල්සාරි - චිංගිස් අයිත්මාතොව්
  12. සන්තියාගෝ නම් සැරිසරන්නා - පාව්ලෝ කොයියෝ
  13. තෝල්යා සහ යහලුවන්ගේ හපන්කම් - නිකොලයි නොසව්
  14.  පොලියානා - එලීනර් හොජ්මන් පෝටර්
  15. ජිම් සහ පොලියානා - එලීනර් හොජ්මන් පෝටර්
  16. කපිතාන්ගේ දියණියෝ - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
  17. හිමකබාය - නිකොලායි ගොගොල්
  18. පාට වේල්පට - විලියම් සොමර්සෙට් මෝම්
  19. සරු පස - ක්නුට් හැම්සුන්
  20. මයාඩා - ජීන් සැසන්
  21. බල්ලෙකුගේ හදවත -මිකායෙල්  බුල්ගාකොව්
  22. මා දිවියේ  වසත් සමය- රොවෙනා ෆා
  23. මැටිල්ඩා -රෝල්ඩ් ඩාල්
  24. එපුරවර සහ මෙපුරවර - චාල්ස් ඩිකන්ස්
  25. කඳුකර රෝසමල් - යොහානා ස්පියර්
  26. ඇහැල ඇමතුමකට ඇහැරෙමි - මංජුල වෙඩිවර්ධන
  27. මාතෘකාවක් නැති මාතෘ භූමිය -මංජුල වෙඩි වර්ධන
  28. මේ නිහඬ වෙරළට එන්න - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
  29. තනි තටුවෙන් පියාඹන්න -අශෝක හඳගම
  30. ග්ලැඩියේටර් ප්‍රේමය - නාමල් ජයසිංහ
  31. සෙසේ - ප්‍රසාද් සමරසේකර

ඉතිං මේ පොත් වල තියෙන දේවල්, නුදුරෙදිම දවසක ටිකෙන් ටික ඔබට කියන්න මම පොරොන්දු වෙනවා...ජීවිතේ කියන්නෙ පොතක්!! බොහොම සුන්දරයි.. අපිත් කියවමු.. මේ හැම පොතක්ම... මුලු ජීවිතයම සුන්දර වෙන්න..



40 comments:

  1. හපො ්ජනප්‍රිය පොත් වැඩියි නේ....

    ReplyDelete
  2. ඇයි........මේවා හොඳ නැද්ද?

    ReplyDelete
  3. මම කැමතිම පොත් එකතුවක්‌

    ReplyDelete
  4. ඇයි අප්ප මාවත් කීප පාරක්ම හම්බුනෙ. :)
    පොත් සෙට් එකක්ම තියෙන්නෙ. :) මගෙ පොත් සෙට් එකත් ඔය දිගම වගේ ඇති. වියදම 10500ක් වගේ. ඒ කියන්නෙ 12500ක වගේ පොත් වෙන්නැති.
    මේ පොත් වලින් සමහරක් නම් මගෙ ලඟත් තියෙනව. පොලියාආ එහෙම ගන්න හිතල කවුද කිව්ව වැඩක් නෑ කියල ඉතින් ගත්තෙ නෑ.
    මම සමහරක් ජනප්‍රිය ප්ඔත් ගන්නෙ කියවන්නම නෙමෙයි, තියාගන්නනෙ. එහෙම පොත් ටිකකුත් මේ පාරත් ගත්ත. ගිය අවුරුද්දෙත් එහෙමයි. චින්ගීස්ගේ හා පවුලෝගේ පොත් සෙට් එකක්ම ගත්තෙ එකතු කරන්න මිසක් කියවන්නම කියල නෙමෙයි. :)

    ReplyDelete
  5. නියමයි හොඳ තෝරාගැනීමක් කරලා තියනවා

    ReplyDelete
  6. හී හී....මාධව,උදිත,මම එකම සෙට් එකනෙ. :)))) ෆිල්ම් ටිකටනම් පිං නීනුවො.ගිය පාර දැක්කට පස්සෙ දැක්කෙ මේ පාර වුනත් එක පාර සෙට් වෙන හොද පොරියක් බව තේරුනා. :D

    මටනම් 40% වට්ටම් දෙන තැන් අහු වුනේ නෑ.30% විජේසූරිය එකෙන් තමා ලැබුනෙ.වෙන පාරවල් වලට වඩා මේ පාර වට්ටම් අඩුද මන්දා කියලත් හිතුනා.

    අපිටනම් දවල් කෑමට ගියේ රුපියල් 555.මේ අටදෙනෙකුට හොදේ. :))

    ReplyDelete
  7. අපි කිව්වෙ දවසෙම කෑම ගැන!! හොඳඳ

    ReplyDelete
  8. //මගේ කවියක් තියෙන පොතක් විකුණන්න තියෙනවා නම් දැක්කා..//

    ඒ පොත ගත්තේ නෑ...? මං නං ගන්නවා මගේ කවියක් තිබ්බනං.... හි හි

    ඔය ලිස්ට් එක මගේ නං දැන් ගොඩක් සම්පූරණයි.... ඔතනින් මගේ ආසම පොත මැටිල්ඩා.... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් කලින්, ලැබිලානෙ තිබුණෙ

      Delete
  9. මාත් ගත්තා.. ඔච්චරම නම් නෙවෙයි.. පොත් 17ක් විතර.. :)
    මයාඩා මගෙ ලඟත් තියෙනවා.. ලස්සන පොතක්.. අක්කාගේ ලිස්ට් එකේ පොත් 10ක් විතර මන් කලින් කියවලා තියෙනවා.. ඉතුරුවා හොයාගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මම මේ ඒවා සමහරක් කියවලා තියෙනවා!! ඒත් කලෙක්ෂමට තියෙන්න ඕනෙ!!

      Delete
  10. හ්ම්ම් පොත් ගොඩායි.. ආසාවේ බෑ අප්පා.. :(

    ReplyDelete
  11. එච්චර පොත් අරං ඇවිත්ද? මාරයි..

    ReplyDelete
  12. මං පනුච්චි වගේ පොත් කාවෝ ඉන්නවා කියල දැනගන්න ලැබීමත් සතුටක් අප්පා.. :)

    ReplyDelete
    Replies
    1. මං....නෙරංජිත් පොත් පිස්සියක්!!

      Delete
  13. Nangi, හිමකබාය - නිකොලායි ගොගොල් kiyawala ithiri poth tika kiyawanta patan ganta

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි?......ඔයාගෙ නම මොකක්ද

      Delete
  14. පොලියානා 1යි 3යි නේ අරගෙන තියෙන්නේ.දෙවෙනි පොත සතුට බෙදන පොලියානා.ඒක කියවන්නැතුව 3 වැනි එක තේරුම්ගන්න නම් ටිකක් අමාරු වෙයි.ඒකයි චින්ගීස් අයිත්මාතව්ගෙ පොත් ටික ලොකු ලේන්සුවක් ලග තියාගෙනම කියවන්න පටන් ගන්න.තව දෙයක් සුමිත්‍රා රාහුබද්ධ මිස් ඉගෙනගෙන තියෙන්නේ අපේ ඉස්කෝලේ.හිහ් ඔයා එයාගේ පොත් ගත්තාම කාටද ආඩම්බරේ?තව ඔයා අරගෙන තිබුණ කදුකර රෝසමල් එකේ ලස්සනම ට්‍රාන්ස්ලේෂන් එක කළේ සේනානි ධර්මරත්න.හීඩි කියලා.ඒත් මං හිතන්නේ දැන් ඒ පොත හොයාගන්න නෑ.

    මැටිල්ඩා,
    සෙසේ,
    තෝල්යා..
    නියම පොත්!

    ප.ලි
    මේ සැරේ වෙනදා වගේ තාත්තත් එක්ක මුළු දවසක්ම රෝන්දෙ ගහලා එයාට බිලක් දාන්න බැරි වුණා.ඒ නිසා මේ සමග මගේ බලවත් ඊර්ෂ්‍යාව!

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම දන්නවා!!! මට පොත් කියවද්දි ඇඬෙන්නෙ නෑ...

      Delete
  15. මෙතන තියෙන පොත් වලින්

    පොලියාන (ඔක්කොම ටික )
    ගුරු ගෙදර
    සිටුවර පුවත
    ඉටිපහන්
    ජමිලා
    කපිතාන්ගේ දියණියෝ
    මයාඩා

    පොත් ටික කියවලා තියෙනවා. අනිත් ඒවා නම් තාම නෑ :)

    ReplyDelete
    Replies
    1. මමත් කියෙව්වා.. එහෙත්, හිතුවා... රාක්කයට මේවා තිබිය යුතුයි. කියලා....

      Delete
  16. මේ සැරේ තාම යන්න බැරි වුණා නේ... :( .. හෙටවත් ඔපිස් එකෙන් කලින් පැනල යන්න ඕනේ..

    ReplyDelete
  17. ලංකාවේ හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

    ReplyDelete
  18. නියමයි අක්කෝ :)
    ජය!

    ReplyDelete
  19. Apparently, it's international book week. The rules: Grab the closest book to you, turn to page 52, post the 5th sentence as your status. Don't mention the title. Copy the rules as part of your status.

    "ඒ අනුව 1928 නොවැම්බරයේ 'ඉන්දියානු ලීගයේ ස්වාධීනත්වය' ජවහර්ලාල් සහ සුභාෂ් චන්ද්‍රාගේ නායකත්වයෙන් දිල්ලියේදී ආරම්භ කෙරිණි"

    ReplyDelete
  20. මමත් කට්ටියට හොරෙන් ගිහින් පොත් ගත්තා.
    මගේ ඉන්ටරෙස්ටින් එක ඔයිට වෙනස් !

    ReplyDelete
  21. මගේ ලඟ ඔය පොත් වලින් කිහිපයක්ම තියෙනවා, මේ පාර වැඩිය පොත් ගන්න ලැබුනේ නෑ, අම්මා සල්ලි දුන්නේ නෑ! :'(

    ReplyDelete
  22. අයියෝ රාවන මෙහෙයුම කොහිද විකුණන්න තිබ්බේ????????????
    මං දැක්කේ නෑනේ..

    ReplyDelete
  23. සන්තියාගෝ නම් සැරිසරන්නා කියවූ ලස්සනම පොතක්.. ඔය පොතෙන් පස්සේ පුවුලෝ කොයිලිට මම වහ වැටුනා එයාගේ ඔෆීෂියල් බ්ලොග් එකේ පොඩි පොඩි කතා ගොඩක් පල වෙනවා..

    මම ගුරු ගීතය ගත්තේ 160ට..

    ReplyDelete
  24. මගේ ලිස්ට් එකත් දාන්න ඕන. කොහෙද ඒකටවත් වෙලාවක් නෑනෙ මේ දවස්වල. ගියපාර නම් දැම්ම: http://vidula-sinhala.blogspot.com/2011/09/blog-post_27.html අපි ඉතින් පොඩි බජට් වලින් නෙ දුවන්නෙ. පොත් ටිකයි ඉතින්...

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.