මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/1/10

නීනුට සතුටුයි

මට ලියන්න ගොඩක් දේවල් තියෙනවා...කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ...ඒත් ඉස්සෙල්ලම මේ ටික කියන්නම්...මම ඉස්සෙල්ලම කොම්පියුටරය කියන දේ දැක්කෙ ඇලෙක් මාමලාගේ ගෙදරදි...ටිකක් අමුතු බඩුවක්...කියලා විටරයි මට හිතුණෙ..එතකොට මං හත වසරේ...ගොඩක් අය ඒ කාලෙ ටෙක් ශිෂ්‍යත්ව හම්බෙලා කොම් පන්ති ගියා...ඒත් මම ගියෙ නෑ...අම්මා යැවුවෙ නෑ...මටම කියලා මැෂින් එකක් හම්බුනේ එකොළහ පන්තියෙදි....අඩුම තරමේ දාන්න වහන්නවත් දන්නෙ නෑ මම එතකොටත්...ඉස්කොලේ ලැබ් එකේ අපිට කියලා දුන්නේ නැති එකේ පාඩුව තමයි...කොහොම හරි ඕලෙවල් ඉවර වෙලා මම පන්ති ගියා...ඒකත් එම් එස් ඔෆිස් එකක්...උසස් පෙළින් පස්සෙ මම මාස හයක් SLIIT ගියා...ඒ ගිය අවුරුද්දේ.. ඒ මාර්තු මාසෙදි තමයි....අපේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තේ..අදට අවුරුද්දක් විතර...ඉස්සෙල්ලම ගියෙ ෆේස් බුක්...2200ක් යාළුවො හිටියා..එපා වුණු නිසා පොඩි එකක් හැදුවා...අදටත් තියෙන්නේ ඒකා...බ්ලොග් ගැන ඉස්සෙල්ලම කිවේ මෆාස් කියලා මහනුවර යාලුවෙක්...එයා තමයි..යුනිකොඩ ගැන කීවෙ...නමුත් බ්ලොග් කියන්නේ මේ තරම් බලවත් දෙයක් බව මට කියලා දුන්නේ පුෂ්පා රම්ලිනී නැන්දා...මගේ කවි ලස්සනයි කියලා මාව දිරිමත් කළේ පුශ්පා නැන්දා...වෙඩී අයියා (මංජුල වෙඩිවර්ධන අයියා ) තමයි...මට බ්ලොග් වල තියෙන අලුත් කෑලි ගැන හොයන හැටි කීවෙ....ඒත් ඉන්පස්සේ මට ගොඩක් අය උදව් කළා....ඇත්තටම මම ඒ හැමෙගෙන්ම දැනුම හිඟා කෑවා..,කණිශ්ක අයියා ,රජරට අයියා,ගෙහාන් අයියා මට ගොඩක් උදව් කළා...බ්ලොග් එක ලස්සන කරන්න...ඒත් එයාලා කරපු දේවල් මට මැජික් වාගේ ..කිසිම දෙයක් තේරුණේ නෑ...ඒත්...පහු කාලීනව සිංහල බ්ලොග් කරුවන්ගේ සමූහයේදි..එක එක්කෙනා නගන ප්‍රශ්න වලට උත්තර දෙන කාලිංග අයියා, ඉන්දරේ අයියාලාගෙ පොදු පණිවිඩ වලින් ම්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා... ඒත් මම ගොඩක් දේ ඉගෙන ගත්තේ මා විසින්ම බලහත්කාරයෙන් බ්ලොග් ගැන ඔලුවට ඔබ්බලා බ්ලොග් ලියන්න පොලඹවපු උෂන් ගෙන්...ඉතින් ...මට දැන් බ්ලොග් ගැන තනිවම ඕනෙ දෙයක් කරන්න පුළුවන්...මට පරිගණක විධිමත් දැනුමක් නැතත්...මම ටිකක් හොඳයි කියලා...පුංචි ආඩම්බරයක් දැනෙනවා...ඉතින් හැමෝටම ස්තූතියි...හැමදාම මා එක්කම ඉන්න...තාම මට විස්සයි... හැබැයි ඉගෙන ගන්නේ ජනමාධ්‍ය..ඒ වුණත් හැමදාමත් ගෙහාන් අයියා හැමදාම කියනවා වගේ තාම මම අඹ ඇටයක්...

13 comments:

  1. හරිම සතුටුයි.....!
    නීනු ඔයා වගේමයි මමත්, සමනලීත් අතනින් මෙතනින් හිගා කාලා තමයි බ්ලොග් ලියන හැටි අල්ල ගත්තේ.... තාම සමනලී නීනු තරම් දියුණු නම් නෑ

    නීනුගේ රෝස වළාකුලු අතරින් ඉඩ ලැබෙන හැටියට සමනලී පියාඹන්නම්.... :-)

    ReplyDelete
  2. එහෙම තමයි නීනු නගේ අපි හැමෝම එක එක්කෙනාගෙන් දැනුම බෙදාගන්න ඕනනෙ. අන්න දෙයත් තව කාට හරි කියලා දෙන එක තරම් වටින්නෙ නෑ වෙන මොකක්වත්. හංගගෙන ඉන්න දැනුමෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑනෙ. මට තියෙන්නෙත් ඔය එහෙන් මෙහෙන් කෑලි එකතු කරලා හදාගත්ත දැනුමක් තමයි.

    දුර ගමනක් යන්න සුභ පැතුම්!!!!

    ReplyDelete
  3. නිනූ ඔයා පොත්ත මාරු කලාද?
    කලින් තිබුනේ මේක නෙවෙයි නේද?

    /බිඟුවා...!

    ReplyDelete
  4. නීනුg වගේම අපිටත් සතුටුයි.
    හිටපු තැනිං ටිකක් නෙවී,නිනූ ගොඩක් ඉස්සරහට ඇවිල්ල නේ.එහෙම තමා හොඳ.
    -ජය

    ReplyDelete
  5. ඇයි SLIIT නැවැත්තුවෙ?
    ආ... මේ ගෙහාන් මගෙ යාලුවෙක් නෙ...
    හොදා හොදා දිගටම ලියමු...
    අපි කියවන්නම්...
    ජය!!!

    ReplyDelete
  6. thanks....
    ඔයාලා හැමෝටම...
    මම මේ ඔක්කොම දැන කරලා තියෙන්නෙ තනිවම..
    @ biguwa කොහොමද හොදයි නේද?

    ReplyDelete
  7. නිනු දැන්ද අපිව මතක් උනෙ.. කො ඔයගෙ නිශාව... මම ලගදි ගියා එක ගැන හොඩුවාවක් වත් ඉතුරු කරන්නෙ නැතුව අයින් කරලා... නෙද...

    ReplyDelete
  8. ස්තූතියි . අපිත් එහෙම තමා ඉගෙන ගත්තෙ මේවා .තව කොච්චර තියෙද ඉගෙන ගන්න ..... මගෙන් සුභ....

    ReplyDelete
  9. මාත් ඔයා වගේ තමයි. ඒකනේ මමත් මුලින්ම, මගේ කුළුදුල් බ්ලොග් එක, මට බ්ලොග් ලෝකයට අවතීර්නය වෙන්න උදව් නල .. මා මිත්‍ර සහෘදයා වෙනුවෙන් වෙන් කලේ.

    සැමගේ උදව් ලබමින්, සැමට උදව් කරමින්...
    අපි මේ බ්ලොග් ලොව සිසාරා යමු..නීනු.

    ReplyDelete
  10. ස්තූතියි ඔයාලාට දිගටම රැඳී ඉන්න.

    ReplyDelete
  11. අදනෙ ඔයාගෙ බ්ලොග් එක කියවන්න ලැබුණෙ. හරි ලස්සනයි නීනු. මමත් බ්ලොග් කෙරුවාවට අලුත්. යාලුවන්ගෙ උදව්වෙන් තමයි හැමදේම කරගත්තෙ. සුබ පැතුම්!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.