3/6/10

පිනි මල් කඳුළක් ( පළවෙනි කඳුළ )














නිල් පාට මල් වැටුණු සුදුපාට ගවුමක් ඇඳගෙන ගේ ඉස්සරහ ලී බංකුව උඩ මම ඉඳන් හිටියා...පොතක් බල බල....ඈතින් අපේ අයියාගෙ වයසෙ කොල්ලෙක් අපේ ගේ දිහාවට හැරුණා..ලොකු අයියාගේ හරි පොඩි අයියාගෙ හරි යාලුවෙක් වෙන්න ඇති කියලා නිකමට හිතුණා....ඒ හින්දා ටිකක් අන්දන්න ඕනෙ කියන හුරතල් හිතිවිල්ලෙන් මම ගේ ඇතුළට දිවුවා...

අර අයියා ගේ දොරකඩට ආව...නම මොකක්ද කියලා එතකොට නම් මම දැනගෙන හිටියෙ නෑ...වට පිට දෙපාරක් විතර බලලා....ඉස්සරහ කුරුලු සීනුව ගහන්න පටන් ගත්තා...හරියට පන්සලට ගිය පොඩි එකෙකුට ඝාන්ඨාරෙ අහුවුණා වගේ...

මම ඒක කඩන්න කලින් එළියට දිවුවා....අප්පේ ලස්සන හිනාව මට තාම මතකයි..

"කාව හම්බවෙන්නද?" හිනාවට උත්තර දෙමින් මම ඇහුවා.."ගෙදර කවුරුත් නැද්ද?" එයා ඇහුවෙ ටිකක් හොල්මන් වෙලා වගේ...
"අම්මයි පොඩි අයියයි පොළට ගියා,
තත්තා වැඩට ගිහින්,
ඇයි?"කියලා ඇහුවාම,
මා දිහා එයා ඇමුතු විදිහට බැලුව...ඉන්පස්සේ සැරෙන් වගේ කතා කළා..
"නොදන්න මිනිහෙකුට ඔහොම විස්තර කියලා
මොකද්ද කරගන්න හදන්නෙ?"
කියලා මගෙන් ඇහුවා...
"මට තේරුණා එයාට හිතුණු දේ...මම වචන මොකෙක්ට හරි මේ විදිහට කිවොත් උන් මාව කයි කියලා එයාට හිතෙන්න ඇති...මට ඇත්තටම පුංචි හිනාවක් ගියා...
ඒ අතරම මම කිවුවා
"ඒ අය නැති වුණාට ලොකු අයියා ගෙදර ඉන්නවා"කියලා..
අපේ ගෙදරට ඒ ආපු අමුත්තා...දෙනෙත් සුරවීර....එයා මට වාසනාව අරන් ආවා..ඒත් අපේ ලොකු අයියාට එදා ඉඳන් හුඟාක් කාලයක් යනකල් අවාසනාවේ පාර කැපුණා...ඒ දවසෙන් පස්සේ අද වෙනකන් අපේ ගෙදර සිදුවුණු දේවල් වලින් සතුටට වඩා දුක වැඩියි....

ලොකු අයියා කාමරෙන් එළියට ආවා..."උඹ ඇයි මේ පැත්තේ" කියන් එළියෙ පුටුව දෙනෙත්ට පෙන්නුවා....
"බට්ටො තේකක්" අයියා මා දිහා බලලා කිවුවා...මම තේ හදන්න කුස්සියට ගියා...මට ඉස්තෝප්පුවෙ කතාව ඇහුණේ නෑ..ඒත් පස්සේ අයියා කාමරේට ආවා දෙනෙත් එක්ක.....කාමරේ තියෙන්නේ කුස්සියට කිට්ටුව...ඔවුන් කියපු දේ මට ඇහුණා...

ඔවුන් කතා කළේ......?

ඉතිරියට ඊළඟ මොහොත ඉඩ දෙන්න...

අහස ළඟ
තරු ගොඩක් හැඬුවලු
අහසෙ අයිතිය නෑ කියා......
පුංචි කොල්ලෙක්
පොළවෙ හැඬුවලු
ඔහුගේ සමනළි නෑ කියා......






8 comments:

  1. සීත අඳුරේ හඬන
    පුංචි අයියාගේ
    දුක කියන්නට
    ඔයා ඉන්නවා වගේ
    මටත් උන්නා නම්,
    එකම එක නංගියෙක්
    ....

    ReplyDelete
  2. කවියත් ආරම්භයත් වගේම මේ කොටසේ අවසානයත් ලස්සනයි ..කියවගෙන යන්න හිතෙනවා..සුබ පැතුම්!!

    ReplyDelete
  3. මේක දුක එක්කම පුංචි හින්නවකුත් යන කතාවක් නිසා මම නම් ආසයි!!!

    ReplyDelete
  4. කියවන්න ආසයි..දිගටම ලියන්න.
    දෙවෙනි කදුලත්..පිසලන්න එන්නම්.

    ReplyDelete
  5. අනේ ඔයා හරි නරක වෙඩක්නෙ කරන්නෙ. මොකද වෙලා තියෙන්නෙ කියල දැන ගන්න මට හදිස්සි. ඒත් එහෙම කතා ලියන්න බැහැනෙ නේද? මම ඉවස ගෙන ඉන්නම්කො.

    ReplyDelete
  6. මේක ඇත්ත කතාවක් කිව්ව නිසා මං කියවන්න හිතා ගත්ත. ‍මොකද මම පුද්ගලිකව ප්‍රබන්ධ වලට කැමැති නෑ. මට ඒ තරම් එපා වුනේ දහස් ගණනක් ප්‍රබන්ධ කියවල ඒ කිසිවක් ජීවිතයට ගැලපෙන අවස්ථාවක් මට හමු නොවුණු නිසයි.
    ගොඩක් ඈත අතීතයක මමත් කවියෙක් වෙලා හිටිය. ඒත් මම කලේ ජීවිතය තුළ ඉටු නොවුණු එහෙත් සිදුවීමේ ආශාවක් හිතෙහි දරගෙන සිටි මගේම සංවේදනාවන් වචන තුලට ඔබ්බවා මාවම නිදහස් කිරීමක් බව මට දැණුන. මම ඒකත් නැවැත්තුවෙ ඒකයි. ඒත් මම අද පාඨකයෙක් විදියට අනුන්ගෙ දේවල් රස විඳිනව. සිතෙන් විවේචනයක යෙදෙනව.
    මේ හැම ප්‍රයත්නයක් තුලින්ම අප සොයා යන්නේ එක දෙයක් පමණක් බව මා අද සිතනව. ඒත් ඒ පූර්ණත්වයේ හැඩරුව නොදැන එය සොයා යන්න සිදුවී තිබෙනව.
    ඔයාගෙ වචන වල සෞන්දර්යක් මට දැනෙනව. දිගටම ලියන්න මම සුභ පතනව.

    ReplyDelete
  7. ස්තූතියි....හදිස්සි වෙන්න එපා..ඊළඟ කොටස බදාදාට

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.