මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/2/09

වෙසඟනගේ නිර්මල දියණියට,


ලොවේ ඇති සොඳුරුතම

ආදරය තුරුළු කොට

නීතියෙන් අවමාන කන්දරාවක් ලබා

නමුදු ඒ පිහිටෙන්ම

හුස්ම පොදරැක වැරෙන්...

ලොවේ ඇති දරුණුතම

වියරුවෙන් පණ ලබා

සදාතනිකව ලබන නින්දාව

පසෙක ලා

සියලු දෙන යනෙන මඟ

වැටී ඇති කහල කැටි

උරුමයෙන් අයිති සේ

ගිජු ලෙසින් ගිල දමා

අනික් හැමටම ඉහල

ජීවිතය හොයා ගත්

සියල් සක්වල තලේ

දියණියේ!!!!නාඬන්න........

නුඹට ඇත නුඹ වගේ

අක්කලා .......

නුඹට ඇත නුඹ වගේ

නංගිලා .....

5 comments:

  1. ලස්සනයි..
    මිනිස්සු හෑම දෙම කරන්නෙ ජීවත් වෙන්නනෙ..

    ReplyDelete
  2. නුපුරුදු තේමාවක් ගෑන ලියවුනු සාර්ථක නිර්මානයක්, හෑබෑට මේ වගේ දෙයක් ලියන්න හිතුනේ ඈයී ?

    ReplyDelete
  3. නිකමට වගේ හිතුන...ආසවක්!!!

    ReplyDelete
  4. වැඩි දෙනෙක් නොබලන කෙනෙකුගේ හදවතකට එබී බැලීමට දැරූ හොඳ උත්සාහයක්

    ReplyDelete
  5. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.