පොළට ඉහළින් වලේ පන්තිය
අකීකරු දරුවන් සිටිය ඒ
මකුළු වියමන් මිහිරි කළ බිම
අපේ සිංහල පන්තියයි මේ.........
හිරු කිරණ හිස තවන මොහොතක
තහඩු වහලය පෙරා ඇවිදින්
හීතලට තොල් පට ගැටෙන කළ
අහස් වැහි හිරිකඩ දුමාරෙන්...........
ලියු රචනා,කෙරූ වියරණ,
ගැයූ කවි පද කොයි තරම්
උදේ සිට ගොම්මන් වැටෙන තුරු
සිනසී සිත් ඉස්තරම්......
හෝඩියේ සිට ඉගෙන ගත් බස
රස සොයන්නට එළිය කොට ගෙන
මුළු ලොවක දුක නිවලන්නට
අහස තරමට ආදරය ගෙන....
රිද්මයක් නැති ලෝකයක් අස
තාලයක් මැවු පන්තියයි අපි
කටු අකුල් උඩ ඇවිද යන්නට
කියා දුන් යහ පරපුරයි අපි.....
දහස් අයිරා දිලෙන අසිපත්
අරන් සිරිලක් අම්මා ඉන්නේ
තොසින් යන්මන් කියන් ගිරවුනි
මන් බියයි අද වන් මෙ අරණේ....
ඉගෙනගන්නට ආස "මැණිකා"
කොළඹ ඉස්කොලෙට යවන්නට....
'සුගුණවතියට' මගුල් මුදුවක්
පළදවා හැඩ වැඩ බලන්නට......
"කියත් කොට "නිශ්ශබ්දතාවය"
ව්ඩිනවා අපි අනාගතයට
"අතීරණ" ලොව තනන්නට නොව
නැවුම් යුගයක් ගොඩ නගන්නට...
යුගාරම්භය අරුණ සොයනා
පැරණි ලොව අවසන් පුරුක් වෙමු...
සිත ඉතිරි කර 'මතක වස්තුව'
ගිහින් එන්නම් කියා කියනෙමු.
පුංචි නංගියෙ,පුංචි මල්ලියෙ
වාඩි වෙන මේ අසුන් මත්තේ...
චමරි, මාලින්, අරවින්දලා
සිටී තනියට ඔබ දෙපැත්තේ..
මමත් උ පෙළ සිංහල කරා.. සතුටුයි කවි පංතිය ගැන.. :)
ReplyDeleteස්තූතියි..මිතුරු
ReplyDeleteකලෙකට පස්සේ. ඉස්සර ආසාවෙන්ම කියවන බ්ලොග් එකක් තමයි මෙක.
ReplyDeleteඑලම එල දිගටම ලියන්න
දැන් ඉතින් ඒ අපේ ඩෙස් බංකු
ReplyDeleteඅපේ උණුසුම නැතුව
හීතලට ගුලිවෙලා...........
ඔයා රෝස වලාකුළු කියවන්නේ නැද්ද?...ඒක ලියන්න ගිය නිසා..මේක ලියන්න වෙලා හිඟ උනා.....උෂාන් ඔයාට මතකද?..අපේ නෙස්කැෆේ රවුම....ඔයාගෙ උපන් දිනය දවසෙ අපි පටන් ගත්ත....එතකොට ධර්ම චින්තාව..
ReplyDeleteහරිම ලස්සනයි !
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.