මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/30/09

අපේ සිංහල පන්තිය



පොළට ඉහළින් වලේ පන්තිය
අකීකරු දරුවන් සිටිය ඒ
මකුළු වියමන් මිහිරි කළ බිම
අපේ සිංහල පන්තියයි මේ.........

හිරු කිරණ හිස තවන මොහොතක
තහඩු වහලය පෙරා ඇවිදින්
හීතලට තොල් පට ගැටෙන කළ
අහස් වැහි හිරිකඩ දුමාරෙන්...........

ලියු රචනා,කෙරූ වියරණ,
ගැයූ කවි පද කොයි තරම්
උදේ සිට ගොම්මන් වැටෙන තුරු
සිනසී සිත් ඉස්තරම්......

හෝඩියේ සිට ඉගෙන ගත් බස
රස සොයන්නට එළිය කොට ගෙන
මුළු ලොවක දුක නිවලන්නට
අහස තරමට ආදරය ගෙන....

රිද්මයක් නැති ලෝකයක් අස
තාලයක් මැවු පන්තියයි අපි
කටු අකුල් උඩ ඇවිද යන්නට
කියා දුන් යහ පරපුරයි අපි.....

දහස් අයිරා දිලෙන අසිපත්
අරන් සිරිලක් අම්මා ඉන්නේ
තොසින් යන්මන් කියන් ගිරවුනි
මන් බියයි අද වන් මෙ අරණේ....

ඉගෙනගන්නට ආස "මැණිකා"
කොළඹ ඉස්කොලෙට යවන්නට....
'සුගුණවතියට' මගුල් මුදුවක්
පළදවා හැඩ වැඩ බලන්නට......

"කියත් කොට "නිශ්ශබ්දතාවය"
ව්ඩිනවා අපි අනාගතයට
"අතීරණ" ලොව තනන්නට නොව
නැවුම් යුගයක් ගොඩ නගන්නට...

යුගාරම්භය අරුණ සොයනා
පැරණි ලොව අවසන් පුරුක් වෙමු...
සිත ඉතිරි කර 'මතක වස්තුව'
ගිහින් එන්නම් කියා කියනෙමු.

පුංචි නංගියෙ,පුංචි මල්ලියෙ
වාඩි වෙන මේ අසුන් මත්තේ...
චමරි, මාලින්, අරවින්දලා


සිටී තනියට ඔබ දෙපැත්තේ..


සිටී තනියට ඔබ දෙපැත්තේ..




7 comments:

  1. මමත් උ පෙළ සිංහල කරා.. සතුටුයි කවි පංතිය ගැන.. :)

    ReplyDelete
  2. ස්තූතියි..මිතුරු

    ReplyDelete
  3. කලෙකට පස්සේ. ඉස්සර ආසාවෙන්ම කියවන බ්ලොග් එකක් තමයි මෙක.

    එලම එල දිගටම ලියන්න

    ReplyDelete
  4. දැන් ඉතින් ඒ අපේ ඩෙස් බංකු
    අපේ උණුසුම නැතුව
    හීතලට ගුලිවෙලා...........

    ReplyDelete
  5. ඔයා රෝස වලාකුළු කියවන්නේ නැද්ද?...ඒක ලියන්න ගිය නිසා..මේක ලියන්න වෙලා හිඟ උනා.....උෂාන් ඔයාට මතකද?..අපේ නෙස්කැෆේ රවුම....ඔයාගෙ උපන් දිනය දවසෙ අපි පටන් ගත්ත....එතකොට ධර්ම චින්තාව..

    ReplyDelete
  6. හරිම ලස්සනයි !

    ReplyDelete
  7. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.